ශාඛ බෙහෙත් කඩේ

Call Directions Contact the business

ශාඛ බෙහෙත් කඩේ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ශාඛ බෙහෙත් කඩේ, Business, avissawella Road, Colombo.

07/08/2026

තේ කෝපි වෙනුවට එදිනෙදා භාවිතයට පහසු ටී බෑග් ලෙස සකසා ඇති ඖෂධීය පාන වර්ග.....

06/08/2026
06/08/2026

Lotus lamp
පාවෙන පහන් තිර භාවිතා වන වීදුරු නෙලුම් පහන

හඳුන්කූරු පත්තුකරාට දුම මදි කූරු ගොඩාක් පත්තු කරන්න ඕනේ අනිත් අතට දුම් කබල් පොල්කටු සාම්බ්‍රාණි කුඩු හොයන් දුම් අල්ලන එක...
31/07/2026

හඳුන්කූරු පත්තුකරාට දුම මදි කූරු ගොඩාක් පත්තු කරන්න ඕනේ අනිත් අතට දුම් කබල් පොල්කටු සාම්බ්‍රාණි කුඩු හොයන් දුම් අල්ලන එකත් කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් වෙලා තියෙන අයට තියෙන විසඳුම තමා මේ.
කප් සාම්බ්‍රාණි.පත්තු කරලා පැත්තකින් තියන්න විතරයි තියෙන්නේ.දුම් ඇල්ලුවා වගේ දුම.
හඳුන්කූරු හදන ලීඩින්ග් කොම්පැණි ගොඩකින් දැන් මේ කප් සාම්බ්‍රාණි හදනවා ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි....

30/07/2026

29/07/2026

ඔබගේ ජීවිතය ධර්මයේ ආලෝකයෙන් ඒකාලෝක වේවා! පින්බර ඇසළ පුන් පොහොය දිනයක් වේවා !
𝒩𝒶𝓉𝓊𝓇𝑒'𝓈 𝑔𝒾𝒻𝓉 𝒻𝑜𝓇 𝒶 𝒽𝑒𝒶𝓁𝓉𝒽𝓎 𝓁𝒾𝒻𝑒🌿
🍀40 වසරක විශිෂ්ටත්වය
𝗕𝗲𝗮𝗺 𝗛𝗲𝗹𝗮 𝗢𝘀𝘂 𝗟𝗮𝗻𝗸𝗮 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱.
📮𝗡𝗼.𝟰𝟱𝟲, 𝗔𝘄𝗶𝘀𝘀𝗮𝘄𝗲𝗹𝗹𝗮 𝗥𝗼𝗮𝗱,
𝗠𝗶𝗿𝗶𝘀𝘄𝗮𝘁𝘁𝗮, 𝗣𝘂𝘄𝗮𝗸𝗽𝗶𝘁𝗶𝘆𝗮
☎️ +94-711-699 699

පැඟිරි තෙල් පැඟිරි කූරු වගේ දේවල් නොවී ට්‍රෙන්ඩ් හැදෙන්න ඕනේ මේ වගේ දේවල් ගැන.කාටත් කරදරේකුත් නෑ පාඩුවකුත් නෑ.සබාතොමෝ සත...
28/07/2026

පැඟිරි තෙල් පැඟිරි කූරු වගේ දේවල් නොවී ට්‍රෙන්ඩ් හැදෙන්න ඕනේ මේ වගේ දේවල් ගැන.කාටත් කරදරේකුත් නෑ පාඩුවකුත් නෑ.සබාතොමෝ සතුටු සිතින් විසිර යන්න පුලුවන්.
මට තාම ඒ වීඩියෝ එක දැක ගන්න ලැබුනෙ නෑ කවුරු හරි මේ සෝශල් මීඩියා වල නංගි බබෙක් වෙන්නැති පිණ්ඩ තෙල් වල ගුණ ගැන මොකක් හරි වීඩියෝවක් දාලා.
මන් හිතන්නේ බීම් එකේ පින්ඩ එකක් වීඩියෝ එකේ තිබිලා තියෙන්නේ.
දෙයියනේ කියලා ඒක වයිරල් වෙලා මල් හතයි…
බෙහෙත් කඩේකට මුල්ම වතාවටද කොහෙද අඩිය තියලා කටත් උල් කරලා නුහුරට පිණ්ඩ ඔයිල් තීනවද අහද්දි ආසවේ බෑ.
මං කියන්නේ කාලෙන් කාලෙට මේ වගේ දේවල් ට්‍රෙන්ඩ් වෙද්දි හිතටත් සනීපයි ඇහැටත් සනීපයි😇
කොහොමින් හරි පිණ්ඩ කියන්නෙ ආයුර්වේදයේ සඳහන් පරණම තෙලක්.මේක සාමන්‍යෙන් වැඩියෙන් පාවිච්චි කලේ කකුල් පැලෙනවට රත්‍තයා වලට ඊට අමතරව හමේ රෝග වලට කුරුලෑ වලට එහෙමත් සෑහෙන්න හොඳයි තමා.අපි කිව්වමන අහන්න බැරි දැන් ඔය හොඳටවත් අහලා තියෙන්නේ එයා කියන දේ😏
කමන් නෑ කොහොමින් හරි වැඩේ සාර්ථකයි අත්දුටූවයි ප්‍රත්‍යක්ෂයි…
ගත්තට පාඩුනන් නෑ..
ආහ් තව දේකුත් කියන්නන් පිණ්ඩ පාවිච්චි කරන අය දන්නවා ඇති සමහර විට ලේබල් වෙනස් වෙද්දි තෙලත් වෙනස් වෙන ගතියක්.
ඒක මෙහෙමයි එකක් බාලයි එකක් හොඳයි කියලා නෙමෙය ඔය හැම තෙලකම වට්ටෝරු තියෙන ආයුර්වේද සංග්‍රහයේ පිණ්ඩ තෙල් වට්ටෝරු හතරක් තියෙනවා මතක හැටියට.පිණ්ඩ 1 පිණ්ඩ 2 වගේ නම් කරලා ඒවයෙ හදන්න ගන්න අමුද්‍රව්‍ය මූලික වශයෙන් සමාන උනත් එකක බේස් එක එරඬු තෙල් එකක තල තෙල් වගේ වෙනස් කමුත් තියෙනවා හැබැයි කොයිකත් පිණ්ඩ තමා.ඒකයි ඒ එක එක විදිය වෙන්නේ එකක් බාලයි අනික හොඳයි නෙමෙයි.
හොඳ දෙයක් ගැන කට්ටිය මෙහෙම දැන ගන්න එක ඇත්තටම හිතට සතුටුයි.අපි දහයකට කියලා හතරක් අරන් ගිහින් හොඳ ප්‍රථිපල ගනිද්දි කියන්න කලින්ම අහලා අපිටත් ඒවවෙ හොඳ කියලා දීලාම යද්දි හරිම ආනන්දජනකයි….ස්තූතියී……

පිට කවරේ ඕල්ඩ් ස්කූල් ගතිය නිසා මග ඇරෙන කොලිටි ප්‍රොඩක්ට් එකක් ගැනයි කියන්න යන්නෙ.ගෑල්ලමයිනන් සමහර විට නම නොදැනම මේක පාව...
27/07/2026

පිට කවරේ ඕල්ඩ් ස්කූල් ගතිය නිසා මග ඇරෙන කොලිටි ප්‍රොඩක්ට් එකක් ගැනයි කියන්න යන්නෙ.
ගෑල්ලමයිනන් සමහර විට නම නොදැනම මේක පාවිච්චි කරලත් ඇති.
මේ තියෙන්නෙ සුවේගන්
මට මතක හැටියට පහුගිය අවුරුදු විස්ස ඇතුලත මේ පෙට්ටියේ ආට්වර්ක් එක වෙනස් උනේ නෑ ගාන ඇරෙන්න.
පෙට්ටියෙ කැටයන් දැම්මෙ නැතුවට මාකට් එකත් ඒ විදියටම අල්ලගෙන ඉන්නවා.
මේක ගොඩක් අය දන්නෙ අලුහන් හොරි දද කුෂ්ඨ වගේ සමේ ලෙඩ වලට දවස් තුනෙන් හොඳ වෙන බෙහෙත කියලා.
ඊට අමතරව මේක කුරුලෑ වලටත් හොඳටම ආන්සර් කරනවා.
සැලූන් කරන ගෑල්ලමයි මේක අරන් ගිහිල්ලා බොක්ස් එක නැතුව ගෙදර හැදුවා වගේ විකුනන අවස්තාත් නැතුව නෙමෙයි.

හිරිමල් වයසේ ඉන්න සුදාම්මියගේ මූනෙ තියෙන ලප කැලැල් වලට බායි කියන්න කියලා සුදු තාත්තිට බය නැතුව ගිහින් දෙන්න පුලුවන්.
මුහුදු මඩයි හඳේ මැටි දාලා මතුරලා හදපු රහස් බෙහෙතක් කියලා දෙන්න ගනන් කියන්න යන්න එපා.......
#

කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ් හැදෙනවා කොයි දේටත්.බෙහෙත් කඩ කරන කරන ඈයෝ මාත් එක්ක එකඟ වෙයි මේ දවස් වල ට්‍රෙන්ඩ් එකට විකිනෙ...
26/07/2026

කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ් හැදෙනවා කොයි දේටත්.
බෙහෙත් කඩ කරන කරන ඈයෝ මාත් එක්ක එකඟ වෙයි මේ දවස් වල ට්‍රෙන්ඩ් එකට විකිනෙන දේවල් ලිස්ට් එකේ උඩින්ම තියෙන අයිටම්ස් තමා මේ පින්තුරේ තියෙන්නේ.
මගේ මතේනන් මේවා ට්‍රෙන්ඩින්ග් වෙන්න ඕනේම නෑ.
මොකද අවුරුද්දේ පැඟිරි තෙල් වැඩියෙන් යන කාල වලට අඳුරන කෙනෙක්ට උණක් හැදෙනවා කියන එකත් ඔලුවට මහ බරක්.
කියන්න කනගාටුයි මේ දවස් වල එහෙම කාලයක් තමා අපි පහු කරන්නේ.
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන කියන එක වෙසක් සතිය ලෝක ලමා දිනය වගේ අවුරුද්දේ තවත් එක ප්‍රෝග්‍රෑම් එකක් විතරක් වෙලා.
ඩෙංගු මර්ධන සති තිබ්බත්
දාස් ගනන් දඩ ගැහුවත්
ශ්‍රමදාන සතිය ගානෙ තිබ්බත්
තාමත් මේ ප්‍රශ්නෙට සාධනීය පිලිතුරක් පේන තෙක්මානෙක නෑ වගේ..
මදුරුවෝ එයාලගෙ කාරියනන් තිතටම කරන බව පේනවා.

අපිත් ඉතින් ඩෙංගු,
හැදෙන්න හේතු හදන් නැතුව ඉමු...
හැදුන හේතු නැති කරමු....
හදාගන්නේ නැතුව ඉමු...
හැදුනොත් හරියට පරිස්සන් වෙලා සුවය ලබමු....
වෙන කරන්න දෙයක් නෑනෙ.

උණට මුල් කාලෙදිම හොඳට ආන්සර් කරන සිංහල බෙහෙත් නැතුව නෙමෙයි.
සුදුසුකම් තියෙන වෛද්‍යවරුන්ගෙන් ඒවා ගැන දැනුවත් වෙන්න.
ආයුර්වේදයේ තියෙන්නෙ කැස්ස හෙම්බිරිස්සාව එක්ක එන උණ ගැන විතරක් නෙමෙයි උණ වර්ගම ප්‍රධාන කොටස්ම අටක් තියෙනවා.
කොහොමින් හරි කමන් නෑ පැඟිරි අයිටම්නන් ට්‍රෙන්ඩින්ග් වෙන්න ඕනෙම නෑ....
හැමෝම පරිස්සන් වෙන්න.
සුවයට පත් වෙන්න.....

ලොකු පොඩි ඕන තුවාලෙකට පට් පට් ගාලා හොඳ වෙන්න දෙන්න පුලුවන් බෙහෙතක් තමා මේක.අත්දැකීමෙන් කියන්නේ දාස් ගනන් වියදන් කරලත් ගො...
25/07/2026

ලොකු පොඩි ඕන තුවාලෙකට පට් පට් ගාලා හොඳ වෙන්න දෙන්න පුලුවන් බෙහෙතක් තමා මේක.
අත්දැකීමෙන් කියන්නේ දාස් ගනන් වියදන් කරලත් ගොඩ දාගන්න බැරි උන තුවාලත් මේ පුංචි ඩප්පියෙන් හොඳ කරගත්තා කියලා සෑහෙන සැරයක් අහලා තීනෙවා.

පොඩි අවුලකට තියෙන්නෙ මේකෙ ගාන තමා.
ඔය සේරම ටික කියලා ගාන කීයද කියලා ඇහුවම දාස් ගනන් වලින් ගාන අහන්න බලන් ඉන්න කන් වලට රුපියල් පනහයි කියලා කිව්වම මූනත් අට කරන් මානසිකව වැටිලා ආයි තුවාල කරගන්නවා.

ඒකල්ලා අහලා එන්නන් කියලා eeeeewwww ලුක් එකක් දාලා යනවා.........

ලඟ බෙහෙත් කඩේ ඇති නම මතක තියා ගන්න පරාක්‍රම....
පාවිච්චි කරලා තීන කවුරු හරි ඉන්නවනන් දන්න විස්තරේ කියන්න....

Address

Avissawella Road
Colombo
481

Telephone

+94777284274

Website

Alerts

Be the first to know and let us send you an email when ශාඛ බෙහෙත් කඩේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ශාඛ බෙහෙත් කඩේ:

Shortcuts

Share

Category