08/04/2021
මිණිකැට මෙතරම් වටින්නේ ඇයි?
වසර මිලියන 900කට පෙර ශ්‍රී ලංකාව තිබුනේ කොතනද?
මැණික් කිව් සැනින් ඔබට මැවී පෙනෙන්නේ දිලිසෙන වර්ණවත් අලංකාර වස්තුවකි.
එහෙයින් ප්‍රධානම ලක්ෂණය වන්නේ අලංකාරය හා ඇස් පිනවීමයි.
එමෙන්ම එවැනි අලංකාර වර්ණවත් වස්තුවක් ස්වභාවික පරිසරයකදී නිර්මාණය වීම ඉතාම දුර්ලභ අවස්ථාවකි.
එමෙන්ම එම දුර්ලභ අවස්ථාවේ නිර්මාණය වූ විශ්වයේ ප්‍රධාන රසායනික සංයුතීන් කැටිවූ මිණි කැටයක් පොළොවෙන් මතු කර ගැනීම ඉතාම දුෂ්කර කාර්යයකි.
මෙම ලිපිය සමග සම්බන්ධ කර ඇති ඇමරිකාවේ මැණික් පර්යේෂණ ආයතනය(GIA) විසින් පළ කර ඇති සිතියමක අධ්‍යයනය කිරීමෙන් ලංකාවේ පිහිටීම මෙයට වසර මිලියන 900 කට පෙර තිබූ ආකාරය මෙන්ම මැණික් පිහිටීම පිළිබඳව අවබෝධයක් ලබාගත හැක.
අද නාසා ආයතනය ලොව අඩුම ගුරුත්වයක් ඇති ප්‍රදේශය ලෙස ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඇති කලාපය හඳුනාගෙන ඇත.
එය මේ සමග ඇති සිතියමේ නිල්පැහැයෙන් දැක්වේ.
ඔබ දන්නා මිණිපුරය එනම් රත්නපුරය මෙම ස්වභාවික සම්පත සදහා අතීතයේ සිටම නම් දැරූ පළාතකි.
නිල් හා රතු මැණික් (All Sapphires) , දියමන්ති,පෙරිඩොට් යන මැණික් නිර්මාණය වීමට අවශ්‍ය ප්‍රධාන රසායනික ද්‍රව්‍ය, උෂ්ණත්වය, පීඩනය හා ඉඩ ස්වභාවිකව ලැබෙන්නේ පොළෝ ගර්භයේ ඇති ලාවා නැතහොත් ලෝදිය ඇති ප්‍රදේශය හා ඒ අවටය.( Earth Mantle )
මැණික් සෑදීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය එකතුවී ඒවා ස්පඨික අවස්ථාව දක්වා පරිවර්තනය වීමට අවශ්‍ය උෂ්ණත්වය, ඉඩ, කාලය හා පීඩනය ලැබීය යුතුය.
( Igneous )
ලාවා Intrusive igneous යන ආකාරයට මතුපිට පොළොව ආසන්නයට පැමිණීමෙන් ද, Extrusive igneous ආකාරයට පොළොව පිටතට පැමිණීමෙන්ද තැන්පත් වේ.
එම මතුපිටට පැමිණි ප්‍රධාන ඛනිජ වර්ෂාව හා ස්වභාවික ව්‍යසන මගින් ගසාගෙන ගොස් ගංගා ද්‍රෝණි හා මුහුදේ තැන්පත්වේ.මෙය ඉතා සංකීර්ණ මෙන්ම විශාල කාලයක් ගතවන කාර්යයකි. එය පාෂාණ චක්‍රය නම් වේ. ( Rock Cycle )
එම ආකාරයට මෙන්ම ඛනිජ බහුල ජලය ( Mineral Rich Water) යම්කිසි ඉඩක තැන්පත්වීම නිසාද මැණික් නිර්මාණය වේ.( Example: Emerald )( Hydrothermal Method )
එමෙන්ම භූතැටි අතර ඛනිජ වර්ග අධික පීඩනයට හා තාපයට ලක් වීමෙන් ද මැණික් නිර්මාණය වේ. ( Metamorphic )
( Example : Sapphire ,Spinel ,Tanzanite )
එමෙන්ම පිටත ඇති ඛනිජ වර්ග ස්වභාවික ව්‍යසන මගින් ප්‍රවාහනයවී පොළොවේ ඇති කුහර/ඉඩකඩක තැන්පත්වී කාලයක් තිස්සේ පීඩනයට හා තාපයට ලක්වීම නිසාද මැණික් නිර්මාණය වේ. ( Sedimentary ) ( Example : Opal, Malachite, Azurite )
ඉතින් මෙහිදී අප ගතකරන මෙම කුඩා කාල වකවානුව තුළ වසර මිලියන 50 කටත් වඩා කාලයකදී නිර්මාණය වූ එම දුර්ලභ වස්තූන් අපට පරිහරණය කිරීමට ලැබීම තවත් දුර්ලභ අවස්ථාවකි.
එමෙන්ම අද වන විට මැණික් මඟින් සුව කිරීමේ හැකියාව ඇති බව ඔප්පු කරගෙන ඇත. එය යුරෝපය, ඇමරිකාව, ඕස්ට්‍රේලියා වැණි රටවල Gemstones Healing නමින් ජනප්‍රියව ප්‍රතිඵලදායකව පැතිරී ඇත.
මැණික් ගලක ඇති කම්පන මගින් දුර්වල වූ මනස හා ශරීරය ශක්තිමත් කිරීමෙන් එදිනෙදා කාර්යයන් සුබවාදී අන්දමින් සිදු කිරීමට හැකි බව ඔප්පු වී ඇත.
වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ මැණික් හා පතල් කර්මාන්තය අද වනතුරුත් සාම්ප්‍රදායිකව පරිසරය සුරකිමින් ඉතාමත් ආදර්ශමත්ව පවත්වාගෙන යයි.
නමුත් ඔබට විශාල මුදලක් ඉපයිය හැකි, ඩොලර් මිලියන ගණනක් වුවත් අතැඟිල්ලක තබාගතහැකි, රහසේම ආයෝජකයන් අතරට යන මැණික් සම්පත ගැන ඉගෙන ගැනීමට ආයෝජනය කිරීමට හා පරිහරණය කිරීමට කොපමණ අවස්ථාවක් ලැබී තිබේද?
උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව තුළ රුපියල් විසිපන්දහසක් පමණ වන නිල් මැණිකක් ඇමරිකාව වැනි රටක රුපියල් ලක්ෂ 2 කට වඩා වැඩි මුදලකට අලෙවි වේ.
ඒ එම රටවල ඇති යම්කිසි නිෂ්පාදනයක් භාණ්ඩයක් අලෙවි කිරීමේ හැකියාවයි.
අප විසින්ද අන්තර්ජාලය හරහා මේ මට්ටමට ව්‍යයාපාර කටයුතු යම්කිසි ප්‍රමාණයකින් සිදු කරමින් පවතී.
එයට තව තවත් පිරිස් දායක කිරීම අපගේ වර්තමාන කාර්යය වී ඇත.
ඉදිරියේදී ඔබව මැණික් කර්මාන්තය ගැන තවදුරටත් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.මේ වන විටත් අන්තර්ජාලය හරහා මගෙන් ඉගෙන ගන්නා පිරිසක් ඇත. එම සියලු දෙනා මෙන්ම ඔබවත් මැණික් කර්මාන්තය ගැන දැනුවත් කිරීම මාගේ යුතුකම යැයි සිතමි.
ඔබට මා විසින් ලියා ඇති ලිපි හා වීඩියෝ නරඹා ගැටලු ඇත්නම් විමසන්න.
ඔබට ජය !!!
සම්පත් සමරසේකර
Phone : +94777576897(Available in WhatsApp)
කරුණාකර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සම්බන්ධ දැනුම හා ගැටළු පමණක් විමසන්න.