Sri Lankan Buddhist

Sri Lankan Buddhist SRI LANKA BUDDHIST FAN PAGE

10/01/2024
05/04/2023

25/03/2023
කඨින චීවර පූජාව සැදැහැවත් උපාසක උපාසිකාවන්ට සිතුණු පමණින් කළ හැකි පින්කමක් නොවේ. ඒ සඳහා නියමිත කාලයක් ඇත. ඇසළ පොහෝ දිනට ...
02/11/2022

කඨින චීවර පූජාව සැදැහැවත් උපාසක උපාසිකාවන්ට සිතුණු පමණින් කළ හැකි පින්කමක් නොවේ. ඒ සඳහා නියමිත කාලයක් ඇත. ඇසළ පොහෝ දිනට පසුදින වස් සමාදන් වන උපසපන් භික්‍ෂූන් වහන්සේලා, වප් පොහොය දිනයේදී වස් පවාරණය කරති. ඉන් පසු ව වප් (ඔක්තෝබර්) පොහොය දින සිට ඉල් (නොවැම්බර්) පොහොය දින දක්වා කාලය තුළ පමණක් මෙකී කඨින චීවර පූජා සිදුකර ගත හැක. මෙම මාස දෙක අතර කාලය, චීවර මාසය, යනුවෙන් හැඳින්වේ. එම මාසයක කාලය තුළ මෙම පින්කමට සහභාගි නොවුණහොත් තවත් වසරක් බලා සිටීමට සිදු වේ. කඨිනය යනු කුමක්ද?

කඨින යන වචනයේ තේරුම තද, ශක්තිමත් යන්න යි. මහ පොළව මෙන් කම්පා නොවන, මහාමේරුව මෙන් සුළඟින් නො සෙල්වෙන, වීදුරු පරිවතයක් මෙන් නොබිඳෙන, ඉතා ශක්තිමත් වූ දෙය කඨිනය නමින් හඳුන්වයි. මෙම පින්කමින් ලබන ආනිසංස එලෙස ම ශක්තිමත් කරගැනීමට තමන්ගේ මනස ද ශක්තිමත් කරගැනීම ඉතාමත් වැදගත් වේ. කඨින චීවරයක් පූජා කරන අවස්ථාවේ පූජා කරනු ලබන ඕනෑම පූජා වස්තුවක් පුදන අයට ද මහත් ඵල මහානිසංස ලබාගත හැක. කඨින චීවරය හා එහි වැදගත්කම

සාමාන්‍ය සිවුරක් පූජාකිරීමෙන් ලැබෙන අනුසස්වලට වඩා කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන අනුසස් අති විශාල ය. එය බුද්ධ දේශනාවේ මෙසේ සඳහන් වෙයි.

ගිරිරාජ සමං රාසිං සංඝෙ දෙති තිචීවරං එකස්ස කඨින දානස්ස කලං නාග්ඝති සොළසිං

මහාමේරු පර්වතය දක්වා උසට තුන්සිවුරු (තනිපට සිවුර, දෙපට සිවුර හා අඳනය) පූජා කළත්, කඨින චීවරයක් පිදීමෙන් ලැබෙන අනුසස් එමගින් නොලැබේ යන තේරුමයි. කඨින චීවරය පූජා කිරීමෙන් ලැබෙන අනුසස් පිළිබඳ ව විමසීමේදී පූජාව සිදුකරන්නාගේ සිතිවිලි සහ පූජාව ලබන්නාගේ ගුණවත්කම ඉතා වැදගත් වේ. පූජාව සිදුකරන්නා ඉතාම සැදැහැවත් හා කර්මය හා කර්මඵල විශ්වාස කරන්නෙකු විය යුතු අතර, පූජාව ලබන භික්‍ෂුව ද ගුණවත්කමින් යුක්ත විය යුතු ය. කඨින චීවරය ලබන භික්‍ෂූන් වහන්සේට ශික්‍ෂාපද පහකින් නිදහස ලැබීම ඉතා වැදගත් ප‍්‍රතිඵලයකි.

‘අත්‍ථරිත කඨිනානං වො භික්‍ඛවෙ පඤච කප්පිස්සන්‍ති, අනාමන්‍තචාරො අසමාධානචාරො ගණභොජනං යාවදත්‍ත චීවරං යොච තත්‍ථ චීවරුප්පාදො සො නෙසං භවිස්සති’

‘මහණෙනි, කඨිනයක් පිළිගත්තා වූ කඨිනයක් ඇතිරුවා වූ භික්‍ෂූන් වහන්සේට ආනිසංස පහක් ලැබේ’

1. අනාමන්‍තචාරො භික්‍ෂූන් වහන්සේ නමක් තමන්වහන්සේ වැඩ සිටින ආවාසයෙන් පිටත වඩින විට කිසිවෙකුට හෝ කියා වැඩිය යුතු ය. කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට කිසිවෙකුට නොදන්වා ආවාසයෙන් පිටවිමෙවන් කිසිදු ඇවැතක් සිදු නොවේ.

2.අසමාධානචාරො සෑම දිනක ම අරුණු නැගෙන විට භික්‍ෂුව සමීපයෙහි තුන් සිවුර තිබිය යුතු ය. එසේ නොවුණහොත් ඇවැතක් සිදු වේ. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට තුන් සිවුර සමීපයෙහි නොතිබුණාට ඇවැතක් සිදු නොවේ.

3. ගණභොජනං සැදැහැවත් දායකයින් භික්‍ෂූන් වහන්සේලාට සිය නිවසේ දානයකට පොදුවේ ආරාධනා කළ යුතුය. පෞද්ගලිකව ආරාධනයක් පිළිගතහොත් ඇවැතක් සිදු වේ. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට දායකයාට අනුග‍්‍රහ පිණිස පෞද්ගලික ව හෝ නිවසකට වැඩම කොට දානය වැළදීමෙන් ඇවැතක් සිදු නොවේ.

4. යාවදත්‍ත චීවරං උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමකට තුන් සිවුරක් අධිෂ්ඨාන කරගෙන පරිහරණය කරන්නේ නම්, ඊට අමතර ව සිවුරු පරිහරණය කළ නොහැක. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට සිවුරු ඕනෑම ප‍්‍රමාණයක් පරිහරණය කළ හැක.

5. යො ච තත්‍ථ චීවරුප්පාදො සො නෙසං භවිස්සති අන්‍ය අවස්ථාවන්හිදී සඟ සතුකොට පූජා කළ පූජාවන් තනි ව පරිහරණය කිරීම වරදකි. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට පූජා කරන ලද සියලූ ම දේවල අයිතිය හිමිවන අතර, සියල්ල පෞද්ගලික ව වුවද පරිහරණය කළ හැක. දායකයාගේ චිත්තශක්තිය

තුන් මසක් පුරා වෙහෙසී, තුන් මසක් පුරා සිතුවිලි ගොඩ නගා, තුන් මසක් පුරා කි‍්‍රයාත්මක වී සංවිධානය කොට සිදුකරනු ලබන මෙම පින්කම ඉතා බලගතු වෙයි. මහා සංඝරත්නයට වස් විසීමට ආරාධනා කළ දින සිට මල් පින්කම්, බෝධි පූජා, පිරිත් දේශනා, ධර්ම දේශනා, අටපිරිකර පූජා, චීවර පූජා හා කප්රුක් පූජා ආදී බොහෝ අතිරේක පින්කම් රාශියකට යොමුවීමෙන් දායකයාගේ සිත තුළ ගොඩ නැගෙන්නේ අසිරිමත් කුසල චිත්ත පරම්පරාවකි.

කඨින පින්කම අතිශයින් දුර්ලභ පින්කමකි. එක් වසරකදී එක් විහාරස්ථානයක පූජා කළ හැක්කේ එක් කඨින චීවරයක් පමණි. උපසපන් භික්‍ෂුවක් වස් විසීම, වස් ආරක්‍ෂා කරගැනීම අත්‍යවශ්‍ය කරුණු වේ. මෙවන් දුර්ලභ කරුණු සම්පූර්ණ කරගැනීමෙන් සිදුකරන පින්කමක් හෙයින් දායකයාගේ සිත ඉතාමත් බලවත් වෙයි.

බුද්ධ දේශනාව තුළ සඳහන් වන පූජා අතර තෙවරක් ම පූජා සිදුකරන පින්කම ද කඨින චීවර පූජාව යි. දායකයින් විසින් වස්ත‍්‍රයක් වශයෙන් පළමුවත්, චීවරයක් වශයෙන් පොදුවේ මහසඟරුවනටත්, මහසඟරුවන විසින් විනය කර්ම වාක්‍යයක් මගින් එක් භික්‍ෂුවකටත් මෙම චීවරය පූජා කෙරේ. මෙයින් දායකයා තුළ ගොඩනැගෙනුයේ මහා කුසල චිත්ත ශක්තියකි.

සකල ක්ලේශයන් ප‍්‍රහීන කළා වූ උතුමන්ගේ එකී නික්ලේශී ගුණය වෙනුවෙන් මෙම කඨින චීවර පූජා කරනු ලැබේ. උන්වහන්සේලා කරුණා - මෛති‍්‍ර - ශ‍්‍රද්ධා - ප‍්‍රඥා ගුණයෙන් අනන්ත ය. සම්බුද්ධ ශාසනය - බුදුදහම පවිත‍්‍ර ව අප වෙත දායාද කළ උතුමන් වහන්සේලාට පූජා කරන ලද මෙම කඨින චීවරය පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස අති විශාල ය. කඨිනයේ අනුසස්

කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට ලැබෙන ප‍්‍රතිඵලය මෙන් ම, එය පූජා කළ පින්වතුන්ට ද ආනිසංස විශාල ප‍්‍රමාණයක් හිමි වේ. උපනුපන් සියලූ භවයන්හිදී දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, පරිවාර සම්පත්, ආහාරපාන, ඉඳුම්හිටුම්, වස්ත‍්‍රාභරණ මෙන් ම සියලූදෙනාගේ ගරුබුහුමන්, වැඳුම්පිදුම්, පූජාසත්කාර ආදිය හිමි වේ. සියලූ දෙසින් පැමිණෙන සියලූ උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂාව ලැබේ. සියලූ පූර්ව අකුසල කර්මයන්ගේ විපාකවල බලපෑම අඩු වේ. රජ සම්පත්, සිටු සම්පත් හිමි වේ. චක‍්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය මෙන් ම ශක‍්‍ර සම්පත්තිය ද ලැබීමට හැකි වේ. කොතැනක ඉපදුණත් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් හා ප‍්‍රඥාවෙන් ආඪ්‍ය වූ ජීවිත ම ලබයි. සියලූ ක්ලේශ බන්‍ධනයන්ගෙන් මිදී නිවන් අවබෝධ කරගැනීමටත් හේතු වාසනාව ලැබේ. කඨින චීවර පූජාවේ ආනිසංස නාගිත ථෙරාපදානය තුළින් අපට මනා ව අවබෝධ කරගත හැක. කල්ප අනූඑකකට පෙර විපස්සි බුදුරදුන් සමයෙහි මහා සංඝරත්නයට කඨින චීවරයක් පූජාකොට තමන් ලැබූ ආනිසංස, නාගිත තෙරුන් වහන්සේ විසින් ගෞතම බුදුරදුන් සමීපයෙහි අනාවරණය කරමින් ප‍්‍රකාශ කරන ලද ගාථා පෙළින් තෝරාගත් ගාථා කීපයක් මතු සදහන් වේ.

කඨිනදානං දත්‍වාන සංඝෙ ගුණවරුත්‍තමෙ ඉතොතිංසෙ මහාකප්පෙ නාභිජානාමි දුග්ගතිං ගුණයෙන් උතුම් ව මහ සඟරුවනට කඨින චීවරයක් පුදා කල්ප තිහක් තිස්සේ දුගතියක නූපන්නෙමි.

අට්ඨාරසන්‍තං කප්පානං දෙවලොකෙ රමාමහං චතත්‍තිංසක්‍ඛත්‍තුං දෙවිෙන්‍දා දෙවරජ්ජමකාරයිං කල්ප දහඅටක් දෙව්ලොව සැප වින්දෙමි. තිස්හතර වාරයක් සක්දෙව් රජව දෙව්ලොව රජ කළෙමි.

ආරපථෙ ආරපථෙ චක්‍කවත්‍ති සුඛං ලභෙ පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛ්‍යයා කඨින චීවරය මැසීමේදී ගසනු ලද ඉදිකටු පාර ගණනට චක‍්‍රවර්ති රාජ සම්පත් ලදීමි. මහත් වූ ප‍්‍රදේශ රාජ්‍යය ලැබූ වාර ගණන මෙතෙකැයි ප‍්‍රමාණ කළ නොහැක.

භොගෙ මෙ ඌණතා නත්‍ථි කඨිනදානස්සිදං ඵලං යත්‍ථ යත්‍ථුප්පජ්ජාමි ලභිත්‍වා සබ්බ සම්පදං පරිසානං උත්‍තමො හොමි කඨිනදානස්සිදං ඵලං මගේ භෝග සම්පත් කිසිදා අඩු නොවී ය. යම් යම් තැනක උපදිම් ද ඒ ඒ තැන සියලූ සම්පත් ලබා පිරිස අතර උත්‍තම තත්‍වයට පත්වීමි.

හත්‍ථි යානං අස්ස යානං සිවිකංසන්‍දමානිකං සබ්බං තං පටිලාභාමි කඨිනදානස්සිදං ඵලං ඇත් යානා අස් යානා සිවිකා යානා ආදී සියලූ යානයින් ලැබීමි.

රුක්‍ඛග්ගෙ පබ්බතග්ගේ වා අන්‍තලික්‍ඛ ච භූමියං යදා ඉච්ඡාමි දුස්සෙහි සබ්බං පටිලාභාමහං ගස් මුදුන්හිදී ද පර්වත මුදුන්හිදී ද අහසේදී හෝ භූමියේදී ද යම් වස්ත‍්‍රයක් කැමති වීම් ද ඒ සියල්ල ලැබීමි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Buddhist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share