PrimeCore

PrimeCore Real Estate | Property Management

18/09/2025

🔞Today kaduruvela train 🚆 accident 18+ only see this video 🔞⛔
copied...

🔥“තොරණක් වගේ එකක් හීයක වේගෙන් ඇවිත් හැප්පිලා නොපෙනී ගියා…” ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි…ඇල්ල වැල්ලවාය ප්...
08/09/2025

🔥“තොරණක් වගේ එකක් හීයක වේගෙන් ඇවිත් හැප්පිලා නොපෙනී ගියා…” ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි…

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී සිදු වූ මාරක විනෝද චාරිකා බස රථ අනතුර සිදුවීමට මොහොතකට පෙර එම බසය සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ අයියා මලෝ තිදෙනෙකු අනූනවයෙන් දිවි බේරා ගැනීමට සමත් වී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.

මෙසේ අනූනවයෙන් දිවි බේරා ගැනීමට සමත් වී ඇත්තේ බුත්තල නගරයේ ව්‍යාපාරික කටයුතු කරන බණ්ඩාර වෙල පූනාගල පාරේ පදිංචි එච්. එම්. චමිදු දේශාන් (22) සහ ඔහුගේ අවුරුදු 17, 19 යන වයසේ පසුවන සහෝදරයන් දෙදෙනාය.

තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ඔහුගේ පවුල්වල උදවිය සමග නුවර එළිය විනෝද චාරිකාවක ගොස් ආපසු යමින් සිටියදී එම විනෝද චාරිකා බස් රථය ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි මෙම සුඛෝපභෝගී ජිප් රථයේ ගැටී පසුව මාර්ගය අසල ආරක්ෂිතයකඩ වැටේ ගැටී අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් වූ අනතුරින් 15 ක් මියගොස් 18ක් තුවාල ලැබුහ.

එම මාරක රිය අනතුර සිදුවීමට මොහොතකට පෙර සිදු වූ සිය අත්දැකීම් විස්තර කළ වමිදු දේශාන් (22), ” මම බුත්තල ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් එහි කටයුතු කරනවා. අපි බුත්තල නතර වී ඉදල සති අන්තයේ බණ්ඩාර වෙල පූනාගල පාරේ තිබෙන ගෙදරට යනවා.

මේ ජිප් රථයෙන් තමයි අපි ගෙදර යන්නේ. නිතරම මේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ අපි ගමන් කරන නිසා මට පාර හොඳට හුරු පුරුදුයි. කඳු බෑවුම් අනතුරුදායක වංගු සහිතස්ථාන තිබෙන තැන් මම හොඳට දන්නවා.

එදින (4) අපි ව්‍යාපාරික කටයුතු අවසන් කර මම මල්ලිලා දෙන්නා සමග බුත්තල සිට බණ්ඩාර වෙල නිවසට යාමට රාත්‍රී පිටත් වුණා. මම ජිප් රථය පදවාගෙන ගියේ. ඉදිරි පස අසුනේ මගේ බාල මල්ලි හිටියා. මගේ පිටුපස අසුනේ වීදුරුව අයිනට වෙන්න දෙවන මල්ලි (19) හිටියා.

අපි රාවණා දිය ඇල්ල පසුකර ඇල්ල දෙසට කන්දේ ගමන් කරමින් සිටියදී 15 කණුව ප්‍රදේශයේ මාරක වංගුව ආසන්නයේ දී ඇල්ල පැත්ත සිට වැල්ලවාය දෙසට තොරණක් වගේ පාට, පාට විදුලි බුබුළු දල්වා ගෙන වේගයෙන් බස රථයක් එනවා දැක්කා. බස් රථය වේගයෙන් මගේ මුහුණට ආවේ. මම ඒ සමගම ජීප් රථය පාරේ වම්පස අයිනට පුළුවන් තරම් කැපුවා. එවිටම වේගයෙන් ආපු බස රථය මගේ ජිප් රථයේ දකුණු පස ගැටී ඊයක වේගයෙන් ගියා. එවිටම ජිප් රථය නැවතුනා.

මට මොනාවත් හිතාගන්න බැරි වුණා. බස් රථය කොහේටද ගියේ කියා මට හිතාගන්න බැරි වුණා. බස රථය පිටුපසින් පැමිණි කාර් එකක් මගේ ළඟ නවතා මල්ලී බස් එක වද්දගෙන නවත්වන්නේ නැතිව ගියානේද, කියා ඇසුවා. ඉන්න මල්ලි මම බස් එක මගදී අල්ලා ගන්නම් කියා ඔහු මට දුරකථන අංකයත් දීලා, මෝටර් රථය වැල්ලවාය දෙසට පදවාගෙන ගියා. හරියටම මේ අනතුර වෙනකොට රාත්‍රි 9යි. පසුව මම මල්ලිලා දෙන්නා සමග ජිප් රථයෙන් බැහැලා ජිප් රථය බැලුවා. ජීප් රථයේ දකුණු පස පැත්තට අලාභහානි වී තිබුණා. පිටුපස දකුණු පැත්තේ ජනේලය අයිනේ හිටිය මල්ලිගේ මගෙන් අනෙක් මල්ලිගෙන් ජීවිත කිසිදු අනතුරක් නොවී අනූනවයෙන් බේරුනා. මම තාත්තාට කතා කරලා විස්තරය කිව්වා.

පසුව අපිට පහළ වංගුව දෙසින් කිසිවකු අපිව බේරාගන්න කියා විලාප දෙමින් කෑ ගසන ශබ්දයක් අසුනා. කලුවර නිසා මොනවාත් පෙනුනේ නෑ. මේ වෙලාවේ බස් රථයක අංක තහඩුවක් සහ බස් රථවල සවිකර තිබෙන සුදු යකඩ කණුවක් බිම වැටී තිඛිලා හම්බවුණා.

ඒ සමගම වැල්ලවාය පැත්තේ ඉඳලා ඇල්ල දෙසට යුධ හමුදා ට්‍රක් රථයක් එනවා දැකලා අපි නවත්තලා විස්තරය කිව්වා. පසුව ඔවුන් හමුදා ට්‍රක් රථය නවතා එහි තිබූ විශාල කඹයක් අරන් ඇවිත් ඔවුන් ළඟ තිබූ විදුලි පන්දම් දල්වා ගෙන කඹයෙන් පහළට බැහැලා, ප්‍රපාතයේ සිරවී රැඳි සිටිය කුඩා දරුවන් දෙදෙනෙකු. කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු ප්‍රපාතයෙන් උඩට ගත්තා. අපි තිදෙනා ඔවුන්ට සහය වුණා. ඒ වෙලාවේ තමයි දැනගත්තේ අපේ ජිප් එකේ හැපුනු බස් රථය රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බව.

මේ අතරතුරේ බස් රථය සොයාගෙන වැල්ලවාය දෙසට ගිය මෝටර් රථයයේ සිටි අය මට කතා කරලා කිව්වා මල්ලි බස් එක නෑ. මිනිහා මාර වේගයෙන් ගිහින් කියා. පසුව මම කිව්වා අයියා ඒ බස් එක රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරළී ඇති බව.

ඒ සමගම ඇල්ල පොලිසියේ නිලධාරීන් ආවා. ඔවුන් පාර දෙපැත්තෙන් වැසුවා පාර අවහිර වන නිසා. ගිලන් රථ එන්න පටන් ගත්තා. අපි ප්‍රථමයෙන් උඩට ගත්ත පස්දෙනා ගිලන් රථයක දාලා බදුල්ල ශික්ෂණ රෝහලට යැව්වා.

ඉන්පසුව යුධ හමුදා නිලධාරින්, ප්‍රදේශ වාසීන්, පොලිස් නිලධාරීන්, වෛද්‍යවරුන් ඇවිත් ෆෝන්වල විදුලි එළියෙන්, විදුලි පන්දම් දල්වා ගෙන කඹවල ආධාරයෙන් ප්‍රපාතයට බැහැලා බස් රථයේ සිටි තුවාලකරුවන් අමාරුවෙන් කඹවල ආධාරයෙන් ප්‍රපාතයෙන් උඩට අරගෙන ගිලන් රථවල දමා රෝහල් වලට තුවාලකරුවන් යැව්වා. විශාල පිරිසක් එකතු වී සිටියා. ජෙනරේටර් ගෙනවිත් විදුලි ආලෝකය සැපයුවා. පසුව ප්‍රපාතයෙ තිබු මළසිරුරු අමාරුවෙන් ගොඩට ගත්තා.

අලුයම පොලිස් නිලධාරීන් මගේ විස්තර ඇසුවා. පසුව උදේ 6 ට පමණ ඇල්ල පොලිසියට ගියා. පසුව මගෙන් ප්‍රකාශ අරගෙන මාව බණ්ඩාර වෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මාව නිදහස් කළා. ජිප් රථයට අලාභහානි වී තිබෙනවා.

අපි තිදෙනාගේ ජීවිත අනූනවයෙන් බේරුනාට අහිංසක ජීවිත රැසක් අහිමි වී, පිරිසක් බරපතළ තුවාල ලබා සිටීම ගැන නම් අපිට හරිම දුකයි.

Copied....
Lankadeepa - ලංකාදීප

💔 ඔයාගේ Husband ට ඔයා පොඩ්ඩක්වත් ඇහුම් කන් නොදෙන කොට වෙන දේ ගැන දන්නවාද ?හැම විවාහයකම, සවන් දෙනවා කියන්නේ කියන වචන ටික අ...
08/09/2025

💔 ඔයාගේ Husband ට ඔයා පොඩ්ඩක්වත් ඇහුම් කන් නොදෙන කොට වෙන දේ ගැන දන්නවාද ?

හැම විවාහයකම, සවන් දෙනවා කියන්නේ කියන වචන ටික අහගෙන ඉන්න එක විතරක් නෙවෙයි.එය ගෞරවය, ආදරය සහ චිත්තවේගීය ආරක්ෂාව සපයනවා. නමුත් ස්වාමිපුරුෂයෙක්ට තමන්ගේ බිරිඳ තමාට ඇහුම්කන් නොදෙනවා කියලා හිතෙන කොට, නිහඬතාවය ඕනෑම තර්කයකට වඩා ඝෝෂාකාරී විනාශයක් වෙන්න පුළුවන්. 🥀

නූතන මනෝවිද්‍යාව පිළිබඳ කරපු පර්යේෂණවලින් පේන්නේ චිත්තවේගීය නොසලකා හැරීම සහ දුර්වල ලෙස සවන් දීම “කුඩා ගැටළුවක්” නොවන බවය. ඒවා පිරිමින්ගේ මානසික සෞඛ්‍යයට, ආත්ම අභිමානයට සහ විවාහයේ සතුටට සෘජුවම බලපානවා (Gottman, 2017; Liu et al., 2022). මෙහෙම වෙන්න ප්‍රධාන හේතු 3 ක් තියෙනවා.

🔴 1.Emotional Neglect: Feeling Invisible

සැමියෙක්ට වෙහෙස මහන්සි වෙළා වැඩ කරන්න පුළුවන්, වගකීම් ඉටු කරන්න පුළුවන්, සහ ඔහුගේ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්.නමුත් ඔහුගේ බිරිඳ ඔහුගේ වචන ගැන නොසලකා හැරියහොත්, ඔහුට තමාගේම නිවසේ අවතාරයක් වගේ ජීවත් වෙන්නයි සිද්ධ වෙන්නේ. 🕯️

👉 Attachment Theory එක අනුව මෙය මෙසේ පැහැදිලි කරනවා: මිනිසුන්ට චිත්තවේගීය සම්බන්ධතාවයක් සඳහා ගැඹුරු අවශ්‍යතාවයක් තියෙනවා. සහකරුවෙක් ප්‍රතිචාර දක්වන්නේ නැතිවුණාම, ඒක ප්‍රතික්ෂේප කිරීමක් විධියට දැනෙනවා. කාලයත් සමඟ මෙම චිත්තවේගීය නොසලකා හැරීම තනිකම, මානසික අවපීඩනය සහ නිහඬ වේදනාවක් ඇති කරනවා.

📌 “පිරිමියෙක්ට රැකියාවේදී දැනෙන ආතතියෙන් බේරෙන්න පුළුවන්, නමුත් නිවසේදී නිහඬතාවයෙන් බේරෙන්න බැහැ.”

🔴 2. Invalidation: His Feelings Don’t Matter

සංස්කෘතික හා පුරුෂ සම්මතයන් නිසා බොහෝ පිරිමින්ට හැඟීම් ගැන කතා කරන එක දැනටමත් දුෂ්කර දෙයක් වෙළා තියෙනවා. ඔවුන් අවසානයේ විවෘත වෙන කොට, ඔහුගේ බිරිඳ ඔහුගේ හැඟීම් නොසලකා හරින කොට හෝ ඒවාට හිනාවෙන කොට, එය ගැඹුරටම හදවත බිඳිලා වැටෙනවා. 💔

👉 Cognitive-Behavioral research පේන්නේ අවලංගු කිරීම negative thinking loops,anger outbursts සහ emotional shutdown වැඩි කරන බවය. ඔහුගේ අදහස් ගැන සැලකිලිමත් වෙන එක නවතිනවා කියලා දැනෙන තරමට, ඔහු ඔහුගේ සිතිවිලි තවදුරටත් හංගගෙන ඉන්න උත්සාහ කරනවා.

📌 “පිරිමියෙක්ගේ හැඟීම්වලට හිනාවෙන්න පටන් ගත්තාම, ඔහුගේ ඇතුළාන්තයෙන් කොටසක් හෙමිහිට හෙමිහිට මැරෙන්න පටන් ගන්නවා.”

🔴 3. Loss of Voice in the Family

නිවසක් සහයෝගීතාවය මත ගොඩනගාගන්න අවශ්‍යයි . නමුත් ස්වාමිපුරුෂයෙක්ට තමන්ගේ අදහස් සහ තීරණ වැදගත් නෑ කියලා දැනෙන කොට, ඔහු සෙමෙන් සෙමෙන් විවාහයෙන් ඉවත් වෙළා යනවා. 🚪

👉Demand–Withdraw Theory න්‍යාය අනුව පෙන්නුම් කරන්නේ එක් සහකරුවෙක් අවධානය යොමු කරනකොට සහ අනෙකාට ඒ වෙනුවෙන් ඇහුම්කන් නොදෙන බවක් දැනෙන කොට, ඔවුන් අවසානයේ කතා කිරීම නවත්වන බවය. මෙය අවසානයේදි සම්බන්ධතාවය අඩු තෘප්තිය කරා රැගෙන යාමට හේතු වෙනවා, අසරණභාවය සහ දික්කසාදය පවා පුරෝකථනය කරනවා.

📌 "වඩාත්ම භයානක නිශ්ශබ්දතාවය වෙන්නේ නිවසේදී තවදුරටත් කතා නොකරන ස්වාමිපුරුෂයෙක්."

🧠 මානසික සෞඛ්‍යමය ප්‍රතිවිපාක

නිවසේදී ඇහුම්කන් නොදෙන බවක් දැනෙන පිරිමින්ට මෙම තත්ත්වයන්ට පත් වෙන්න වැඩි අවදානමක් තියෙනවා කියලා අධ්‍යයනවලින් පෙනී යනවා:

🔹Depression & anxiety 😞
🔹Emotional loneliness & withdrawal 🥀
🔹Anger and irritability 😡
🔹Sleep problems & stress-related health issues 🛌

(Liu et al., 2022; Stanford University Couple Studies, 2021)

💡 සුව වෙන්න අනුගමනය කරන්න අවශ්‍යය උපාය මාර්ග

✅ Practice active listening: අවබෝධය පෙන්වන්න ඔයාගෙ සහකරු කියන දේ නැවත Repeat කරමින් කතා කරන්න.

✅ Schedule a 10-minute “listening time” daily - දුරකථන පාවිච්චියක් කරන්න එපා, රූපවාහිනිය බලන්න එපා, අවධානය යොමු කරන්න.

✅ Validate emotions : ඔයා එකඟ නොවුණත්, "මට ඔයාව ඇහෙනවා, ඔයාගේ හැඟීම් වැදගත්" කියලා කියන්න.

✅ නිශ්ශබ්දතාවය නිසා දැනටමත් විවාහ සම්බන්ධතාවය විනාශ වෙළා නම් උපදේශනයට යොමු වෙන්න.

🌹 ඔයාගෙ ස්වාමිපුරුෂයාට ඇත්තටම ආදරෙ කරනවා නම් සවන් දෙන්න.ඒ සවන්දීම තමා ඔයාගෙ ස්වාමිපුරුෂයා වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ . 👂❤️

📢 ඔයාගෙන් මේ ප්‍රශ්නය අහන්න : 👉 විවාහය තුළ ඔයාගේ සැමියාට හැඟීම් බෙදා ගන්න ප්‍රමාණවත් ඉඩක් දීලා කියලා ඔයා හිතනවාද? එහෙම කරනවා "ඔව්" හෝ "නෑ" කියලා පල්ලෙහායින් Comment එකක් දාන්න.ඒ වගේම ඒකට හේතුවත් පුළුවන් නම් Comment කරන්න 👇

මේ Article එක ඔයාගේ Wife කියවන්න ඕන කියලා හිතෙනවා නම් mention කරන්න අමතක කරන්නත් එපා..!

මතක තියාගන්න...!

පිරිමි කියන්නෙත් ගස් ගල් නෙවෙයි.බිරිඳක් හරියට සවන් දෙනවා නම් ඕන ස්වාමිපුරුෂයෙක් හදවත උණුවෙළා කතා කරනවා.

උපුටා ගැනීමකි..✍️✍️

මේ ගොඩ ගන්නේ මේ රටේ අහිංසක ජීවිත දහස් ගණනක් අපායක් කරන්න තිබුණ මාරකයක්.හොඳට ඉඳලා හැමදේම තිබිලත් මේවා ගහලා ජීවිත නන්නත්තා...
08/09/2025

මේ ගොඩ ගන්නේ මේ රටේ අහිංසක ජීවිත දහස් ගණනක් අපායක් කරන්න තිබුණ මාරකයක්.හොඳට ඉඳලා හැමදේම තිබිලත් මේවා ගහලා ජීවිත නන්නත්තාර කර ගත්ත යාලුවෝ මිනිස්සු අපි අනන්ත දකිනවා.පුලුවන් තරම් ඉක්මනට මේ රට මේ සාපෙන් නිදහස් වෙන්න ඕනි.
Copied...

මෙහෙම රටක් මේ ඇදගෙන යන්නෙ මෙහෙම හරි.. ❤️❤️Copied..
08/09/2025

මෙහෙම රටක් මේ ඇදගෙන යන්නෙ මෙහෙම හරි.. ❤️❤️
Copied..

19/08/2025

🔥තැපැල් සේවකයෝ finger print වලට කැමති නැ
පොලිසිය Body Cam වලට කැමති නෑ.
දුම්රිය රියදුරන් GPS වලට කැමති නෑ.
බස් රියදුරෝ නීතිය ක්රියාත්මක වෙනවට කැමති නෑ.
අස්වැසුම ගන්න උන් දියුණු වෙන්න කැමති නෑ
රාජ්ය සේවකයෝ ඩිජිටල් වෙනවට කැමති නෑ
Freelancing කරන උන් ටැක්ස් ගෙවන්න කැමති නෑ.

ඌබර් පික්මී දුවන උන් card payments ගන්න කැමති නෑ

බිස්නස් කරන උන් කෑෂ් බිස්නස් විතරයි, ඩිජිටල් වෙන්න කැමති නෑ (ටැක්ස් වලින් බේරෙන්න)

ගොවියෝ සහනාධාර කපනවට කැමති නෑ, (හැබැයි වී වලට සහතික මිලක් ඕනි කියල වැළපෙනවා 🙃)

සංස්ථා/අධිකාරි වල උන් OT අඩු කරනවට කැමති නෑ

සමහර දේශපාලන හෙංචයියෝ, අස්වැසුම කපනවට කැමති නෑ

ඒ ඔක්කොම එක්ක, ලංකාවේ එකෙක්වත් වෙලාවට වැඩ කරන්න කැමති නෑ 😂

හැබැයි ඔය හැම එකාලටම මේ රට සුපිරියට හැදෙන්න ඕනි.😂

උපුටා ගැනිමකි...

Address

Colombo
<<NOT-APPLICABLE>>

Website

Alerts

Be the first to know and let us send you an email when PrimeCore posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share