Abeygunawardhane Transportation service

Abeygunawardhane Transportation service I am helping to create a safer country

🥰
30/09/2023

🥰

🌼❤️
25/09/2023

🌼❤️

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! இனிய தமிழ், சிங்கள புத்தாண்டு வாழ்த்துகள்!Wish You a Happy Sinhala & Tamil New Year!❤...
15/04/2023

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

இனிய தமிழ், சிங்கள புத்தாண்டு வாழ்த்துகள்!

Wish You a Happy Sinhala & Tamil New Year!

❤️🙏

🚍❤️🥰
25/09/2022

🚍❤️🥰

🎈🎈ලියාපදිංචි හිමිකම් පැවරීමේ එක් දින සේවාව පිළිබඳව ගොඩක් අය අහල තිබුණා. අපි අද ඒ ගැන කතා කරමු.🎈🎈👉👉මෝටර් වාහනයක ලියාපදිංච...
20/10/2021

🎈🎈ලියාපදිංචි හිමිකම් පැවරීමේ එක් දින සේවාව පිළිබඳව ගොඩක් අය අහල තිබුණා. අපි අද ඒ ගැන කතා කරමු.🎈🎈

👉👉මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීමේදි අවශ්‍ය ලියවිලි මොනවාද?

👉එම්.ටී.ඒ. 6 බී ආකෘතිය (පැවරුම් නිවේදනය)

👉එම්.ටී.ඒ. 8 සී ආකෘතිය (අයදුම්පත)

👉පැවරුම්කරු හෝ නව අයිතිකරු සී/ස සමාගමක් නම් එහි ආකෘති පත්‍ර වල තෙරපුම් මුද්‍රාව සහිතව අත්සන් කළ යුතුය. තෙරපුම් මුද්‍රාව නොමැති නම් ඒ බවට ආයතනයේ ලිපි ශීර්ෂයක ලියු ලිපියක් සහ සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.

👉පැවරුම්කරු හවුල් ව්‍යාපාරයක් නම් අනෙකුත් හවුල් කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

👉පවරන්නා තනි පුද්ගල ව්‍යාපාරය්ක් නම් ඉහත පරිදි ව්‍යාපර හිමිකරුගේ ලිපිය සහ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය.

👉අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි, සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සාමදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය.)

👉පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්.

👉වාහනයේ ලියාපදිංචි සහතිකය
උගසක්, පරම අයිතියක් හෝ බද්දක් ලියාපදිංචි වී ඇත්නම් එය අවලංගු කළ ලිපිය.

👉වාහනයේ හිමිකම පැවරීමට විරුද්ධත්වයක් නොමැති බවට පවරන්නාගේ ලිඛිත ප්‍රකාශයක් (වර්තමාන ලියාපදිංචි හිමිකරු) හා ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් (මෙම ප්‍රකාශය හා හැඳුනුම් පතෙහි ඡායා පිටපත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රදේශයේ සාම විනිසුරු/ දිවුරුම් කොමසාරිස්, නීතීඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික නිලධාරියෙකු විසින් සනාථ කර අත්සන් කර නිල මුද්‍රාව තැබිය යුතුය.)

👉ලියාපදිංචි අයිතිකරු (පැවරුම්කරු) අත්සන් කරන ලද MTA 6 හි "A" පිටපත (මෙම පිටපත පැවරුම්කරු විසින් තැපැල් මඟින් එවා ඇත්නම් හෝ ගෙනැවිත් භාරදී ඇත්නම් අදාළ නොවේ,)

👉සුඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට්පත් වල මුල්පිටපත් සහ ඒවායේ ඡායා පිටපත්.

👉පැවරුම්ලාභියා කාන්තාවක් වන විට විවාහයෙන් පසු වෙනස් කළ නමක් සඳහන් කරන්නේ නම් විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක් අවශ්‍යවේ.

👉👉තවත් මෙවැනිම වටිනා පෝස්ට් එකකින් හමුවෙමු.

ඔය විදියට පක්කිය ඔහොම වෙන්නේ බක්කිය පිටිපස්සේ හේත්තු වෙන කෑලී දෙකක් තියනවා ඒක බක්කිය වැදිලම ගෙවෙනවා ,නැත්නම් ඒක හයි වෙලා...
20/09/2021

ඔය විදියට පක්කිය ඔහොම වෙන්නේ බක්කිය පිටිපස්සේ හේත්තු වෙන කෑලී දෙකක් තියනවා ඒක බක්කිය වැදිලම ගෙවෙනවා ,නැත්නම් ඒක හයි වෙලා තියෙන ඇන තව්වෙන් පුපුරල යනවා ඒ නිසා අනිවාර්යයෙන් නිතරම ඒක බලන්න ඕන ගෙවිලද,ඇන ලගින් පුපුරල ද කියල... අනිවාර්යයෙන් මාස 6 සැරයක් ඒ කෑලි දෙක ගලවල ගරාජ් ර්කකට දාල පුරවන්න... නැත්නම් දුක තමයි
අනිත් කාරනාව මෙහෙම උනකමන් කලබල නොවී ඒ විදියටම නතර කරගන්න හෙලවෙන්න නොදී ඉක්මනින් jcb එකකින් බක්කිය හෙලවෙන්න නොදී අල්ලගෙන බාස් කෙනෙක් ගෙන්නල්ල ඉක්මනින් ජැක් එකගලවන්න ඕන.. නැවෙන්න කලින්..
එහෙම උනොත් ගොඩ ගන්න පුළුවන්
නැත්නම් ජැක් වෙකක් තියන්නත් වෙනවා... ඉන්ශුර්න්ස් ගෙවන්නෙත් නෑ

🏳️🏳️ඊයේ පෙරේදා දවසක ටිපර් එකක් දුම් දාගෙන මොකක් හරි පුපුරලා ලග ඉන්න කෙනෙක්ගේ ඔලුවේ කෑල්ලක් වැදිලා ඒ කෙනා මැරුන වීඩියෝ එක...
05/07/2021

🏳️🏳️ඊයේ පෙරේදා දවසක ටිපර් එකක් දුම් දාගෙන මොකක් හරි පුපුරලා ලග ඉන්න කෙනෙක්ගේ ඔලුවේ කෑල්ලක් වැදිලා ඒ කෙනා මැරුන වීඩියෝ එකක් හැමතැනම ශෙයා වෙලා තිබ්බා.වීඩියෝ එක පෝස්ට් එකට ඇඩ් කරන්නම් දැක්ක නැති අයට.මොකක්ද එතන උනේ?ඒක වෙන්න හේතු මොනවද?ඔය වගේ අනතුරක් වෙන්න කලින් නවත්තගන්න කරන්න පුලුවන් දේවල් මොනවද?

#මජංකාරයෝ-09

❌❌ Diesel Engine Runaway( ඩීසල් එන්ජින් රනවේ)💨💥

ඔය සිද්ධ උනේ සාමාන්‍යයෙන් ඩීසල් එන්ජින් එකකට කලාතුරකින් සිද්ධ වෙන දෙයක්.ගොඩක් අය කියන්නේ "එන්ජින් එකක මළගම" කියලා.එහෙම කියන එකේ ටිකක් දුරට ඇත්තක් තිබ්බත් 100%ක් එහෙම නෑ.සරලවම ඔතන වෙන්නේ වාහනේ එන්ජින් එක ඩ්‍රයිවර්ට නවත්තන්න බැරි වෙන එක.ඒ කියන්නේ එන්ජින් එක පාලනයක් නැතුව ස්වංක්‍රීයව ක්‍රියා කරන එක.

📌️ මොකක්ද මෙතන වෙන්නේ?

දහනයකට අනිවාර්යයෙන් ඕන අංග තුනක් තියනවා.

ඩීසල් එන්ජින් එකකට ඒ දේවල් ගැලපුවාම,
☝ දාහ්‍ය ද්‍රව්‍යයක් ( ඩීසල් )
✌️ දහන පෝශක වායුවක් ( Air Intake එකෙන් ඇතුලට ඇදලා ගන්න ඔක්සිජන් තියන වාතය )
🤟 ජ්වලන උශ්ණත්වයක් (කම්ප්‍රෙශන් ස්ට්‍රෝක් එකෙන් ඇති කරගන්න උශ්ණත්වය )

එතකොට මේ තුන සම්පූර්ණ උනාම එන්ජින් එක ඇතුලේ දහනයක් වෙනවා වගේම මේ තුනෙන් එකක් හරි නැත්තන් දහනයක් සිද්ධ වෙන්නේ නෑ.ඒ කියන්නේ මේ තුනම තියන වෙලාවක අපිට අඩුම ගානේ එකක් හරි පාලනය කරගන්න බැරි නම් අපිට මේ දහනය නවත්තගන්න බැරි වෙනවා.ඒ කියන්නේ ඩ්‍රයිවර්ට ඕන වෙලාවට එන්ජින් එක නවත්තන්න බැරි වෙනවා.

❌❌ ඉන්ධනය විදියට ඩීසල් පාවිච්චි කරන එන්ජිමක් ස්ටාර්ට් එකේ තිබිලා එන්ජින් එක රත් වෙලා තියන වෙලාවක ඩීසල් නැවැත්තුවට පස්සෙත් ඩීසල් වෙනුවට වෙනම ඉන්ධනයක් අපිට පාලනය කරන්න බැරි විදියකින් සිලින්ඩර් ඇතුලට එනවනම් මොකක්ද වෙන්නේ?අපිට මේක ඩ්‍රයිවින් සීට් එකේ ඉදන් කන්ට්‍රෝල් කරන්න බැරි වෙනවා.මෙන්න මේක තමයි මෙතන වෙන්නේ.මොකක්ද මේ එන අමතර ඉන්ධනය? 💥එන්ජින් ඔයිල්

දැන් බලමු මේ එන්ජින් ඔයිල් වලින් මේ වැඩේ වෙන්නේ කොහොමද? ඒ ඇරුනම මේක වෙන්න පුලුවන් අනිත් විදි මොනවද කියලා.

👉 එන්ජින් එක අසාමාන්‍ය විදියට ගෙවිලා

මේ වගේ වෙලාවකදි පිස්ටන් රින්ග්ස් අස්සෙන් ක්‍රෑන්ක් කේස් එක ඇතුලට Blow by Gas එක අසාමාන්‍ය විදියට ලීක් කරනවා වගේම සම්ප් එකේ තියන එන්ජින් ඔයිල් මේ රින්ග්ස් අස්සෙන් සිලින්ඩර් එක ඇතුලට එන්නත් පුලුවන්. සම්ප් එකේ ඔයිල් රින්ග්ස් අස්සෙන් සිලින්ඩර් එකට ඇවිල්ලා පිච්චෙන්න පුලුවන්.
අනිත් විදිය ක්‍රෑන්ක් කේස් එකේ පිරෙන Blow by Gas එක PCV Valve එක හරහා ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකෙන් ඇදලා අරන් සිලින්ඩර් ඇතුලේ පිච්චෙන එක( ඔයිල් ලෙවල් එක වැඩි උනාමත් මේ Blow by Gas එක වැඩි වෙලා මේ දේ වෙන්න පුලුවන්)
(PCV වෑල්ව් එක ගැන පෝස්ට් එකක් වෙනම ලියන්නම්)
ගෙවුන එන්ජින් එකක සිලින්ඩර් ඇතුලට එන්ජින් ඔයිල් පාලනයක් නැතුව එන්න පුලුවන් තව විදියක් තමයි වෑල්ව් සීල්,වෑල්ව්,වෑල්ව් ගයිඩ් වගේ කොටස් ගෙවිලා Engine Head එකෙන් ඔයිල් සිලින්ඩර් ඇතුලට එන එක.

👉 Turbocharger එකක් තියන එන්ජින් එකක ටර්බෝ එකේ ඔයිල් සීල් ඩැමේජ් එකකින් ටර්බෝ එක හරහා ඉන්ටේක් එකෙන් එන්ජින් ඔයිල් සිලින්ඩර් ඇතුලට ඇදලා ගන්න එකෙනුත් මේ දේ වෙනවා.

📌️ එන්ජින් ඔයිල් වලට අමතරව මේ දේ ඩීසල් වලිනුත් වෙන්න පුලුවන්.ඩීසල් එන්ජින් වල වේගය පාලනය කරන්නේ ඩීසල් කන්ට්‍රෝල් කරලා.ඒ විදියට ඩීසල් කන්ට්‍රෝල් කරන්න බැරි උනොත් ඒත් මේ දේම වෙන්න පුලුවන්. Machanical Control Governor ( කේන්ද්‍රාපසාරී බලයෙන් ක්‍රියා කරන ) තියන ඩීසල් පොම්පයක මේ Governor Action එකේ දෝශයක් ආවොත් මේ ඩීසල් පාලනය ඩ්‍රයිවර්ට කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා.

ඩීසල් වලින් හරි එන්ජින් ඔයිල් වලින් හරි මේ දේ සිද්ධ වෙනකොට Turbocharger,Supercharger වගේ වායු සැපයුමටත් අමතර උදවුවක් තියන එන්ජින් එකක්නම් අසීමිතව වාතය සිලින්ඩර් වලට පිරිලා මේ වැඩේ තවත් ඉක්මන් වෙනවා.

💥 මේක කොහෙන්ද නවතින්නේ??

වෙන දෙයක් වෙද්දෙන් කියලා බලාගෙන හිටියොත් නවතින්නේ ආතල් තැනකින් නෙමෙයි.නහුතෙට කෙල වෙන තැනකින්.මොකක්ද වෙන්නේ...

❌ එන්ජින් ස්පීඩ් එක දිගට හරහට වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ
❌ එන්ජින් එකේ Cooling System එකට කරන්න පුලුවන් හරිය පහු කරලා ඉවරයි.ඒ කියන්නේ ඒකෙන් ඇති වැඩක් නෑ.රේඩියේටර්,ෆෑන් කට ඇරන් බලාන ඉදී.
❌ එන්ජින් ඔයිල් ටික අයින් කරන්න හිතන් Sump එකේ ඇණේ ගලෝ ගලෝ ඉන්නකොට කෙලවෙලා ඉවරයි.
❌ ඔයිල් ගිනිගන්න ගමන් තියන එන්ජින් එක වතුර ගහලා නිවන්න පුලුවන් ටෙම්පරේචර් එකක නෙමෙයි තියෙන්නේ
❌ බැට්‍රි වයර් ගලෝලා වැඩක් වෙන්නේ නෑ.මේකට බැට්‍රියෙන් කිසිම සපෝට් එකක් නෑ.

💥 ඒ කියන්නේ සිලින්ඩර් වලට එන්ජින් ඔයිල් එන එක අපිට නවත්තන්න බෑ ( දාහ්‍ය ද්‍රවයය)
💥 මේ වෙලාවේ තියන උශ්ණත්වය එක්ක එන්ජින් එක කූල් කරන්න විදියක් නෑ( ජ්වලන උශ්ණත්වය )

📌️ ඒ කියන්නේ දහනයකට ඕන කරන අංග තුනෙන් දෙකක්ම අපිට නවත්තන්න බෑ.පොඩිම හරි අවස්ථාවක් තියෙන්නේ දහන පෝශක වායුව.ඒ කියන්නේ ඉන්ටේක් එකෙන් එන්ජිමට ඇදලා ගන්න වාතය නවත්තන එක.මේකට මොකක්ද කරන්න පුලුවන්?

👉 CO2 ( කාබන්ඩයොක්සයිඩ් ) ගිනි නිවන උපකරණයක් අරන් එක දිගටම එන්ජින් එකේ ඉන්ටේක් එකට CO2 දෙන්න ඕනේ.හැබැයි මේක මේ වගේ වෙලාවක හොයාගන්න අමාරු වෙන්න පුලුවන්.
👉 රෙද්දක්,ගෝණියක්( තෙත නම් හොදයි) වගේ ඉන්ටේක් එක වහලා දාන්න පුලුවන් මොකක් හරි දේකින් ඉන්ටේක් කට වහලා දාන්න ඕනේ.

👉 ගොඩක් වෙලාවට Manual Transmission වාහනේකනම් ප්‍රායෝගිකව කරන්න පුලුවන් තව එක දෙයක් තමයි වාහනේ රෝදවලට අඩකොට තියලා,Parking Brake( හෑන්ඩ් බ්‍රේක් ) ඇදලා,ක්ලච් එක පාගලා,තියන ලොකුම ගියර් එකකට එන්ටර් කරලා බ්‍රේක් එක පාගගෙනම ක්ලච් එක අතාරින එක.මේකෙන් එන්ජින් එකට එන ලොකු ටෝක් එකක් නිසා එන්ජින් එක නවතිනවා.හැබැයි ක්ලච්,ප්‍රෙශර් ප්ලේට්,ගියර් බොක්ස්,ප්‍රොප්ලර් ශාෆට් වගේ ගොඩක් කොටස් මේකෙදි හානි වෙන්න පුලුවන්.ඒ නිසා අනුමත කරන්න පුලුවන් ක්‍රමයක්ම නෙමෙයි..

👉 Auto Transmission වාහනයක්නම් වාහනේ ඉඩ තියන තැනකින් අයින් කරලා නැවැත්තුවා.N( නියුට්‍රල් ) එකට දැම්මා. උඩ කියපු විදියට ඉන්ටේක් එක බ්ලොක් කලා හෝ CO2 ගැහුවා.

මේ මොන දේ කරලා හරි එන්ජින් එක නවත්තගත්තේ නැත්තන් මොකක්ද වෙන්නේ??

♨️ එන්ජින් ඔයිල් ටික( ඩීසල් නිසා වෙන රනවේ එකක්නම් ඩීසල් ටික )ඉවර වෙනකන්ම එන්ජින් ස්පීඩ් එක වැඩි වෙවී,ලුබ්‍රිකේශන් නැති වෙලා(එන්ජින් ඔයිල් පිච්චෙන නිසා),එන්ජින් ටෙම්පරේචර් එක දිගටම වැඩි වෙලා මුලු එන්ජිමම විනාස වෙලා යනකම් ස්ටාර්ට් එකේම තියනවා.අපේ බාසාවෙන් නම් එන්ජිම අතපය එලියට දානවා කියලත් කියනවා ඕකට.මේ නිසා තමයි කට්ටිය මේකට "එන්ජින් එකක මළගම"කියන්නේ. මොකද මේ වගේ ඩැමේජ් එකකින් පස්සේ එන්ජින් රෙපෙයාර් එකකට යනවට වඩා එන්ජින් එකක් අලුතෙන් තියන එක ගොඩක් අය කරන නිසා.

📌️📌️ එතකොට පෙට්‍රල් එන්ජින් එකක මේ දේ නොවෙන්නේ ඇයි??

ඩීසල් එන්ජින් එක්ක ඉග්නීශියන් ඕෆ් කලාම(යතුර ඕෆ් කලාම) වෙන්නේ ඩීසල් කට් වෙන එක,පෙට්‍රල් වල ඉග්නීශියන් ඕෆ් කලාම වෙන්නේ ස්පාර්ක් කට් වෙන එක.පෙට්‍රල් එන්ජින් කියන්නේ Spark Ignition ( පුළිගු දහන ) එන්ජින් වර්ගයක්.එතකොට මේ සිලින්ඩර් ඇතුලේ දහනය කරන්නේ Spark එකකින්.ඒ නිසා එන්ජින් එකෙන්ම ලොකු කම්ප්‍රෙශන් ටෙම්පරේචර් එකක් හදන්න තරම් ලොකු Compression Ratio එකක් මේ එන්ජින් වල නෑ.ඒ වගේම පෙට්‍රල් එන්ජින් වල කාබ් එකේ අයිඩ්ල් සර්කිට් එකට එන Anti Dieseling Solonoid එකකින් ඉග්නීශියන් ස්විච් එක ඕෆ් කරද්දිම Fuel Cut off වෙනවා.ඒ වගේම පෙට්‍රල් එන්ජින් එකේ ත්‍රොට්ල් ෆ්ලැප් එකක් තියන නිසා ඒක වහලා අපිට ඉන්ටේක් එකෙන් ඇදලා ගන්න වාතය පාලනය කරගන්න පුලුවන්.( හැබැයි මේ පද්ධති හරියට වැඩ නොකිරීමෙන් පෙට්‍රල් එන්ජින් එකක් උනත් Self Ignite වෙන්න පුලුවන්)

🏳️ මුලින්ම කියපු සිද්ධියෙදි උනෙත් මේ දේමයි.ටිපර් එකේ Engine Runaway අවස්ථාවක් නිසා Turbocharger එක Over Boost වෙලා Turbocharger එක පිපුරුවා.ඒකේ කෑල්ලක් ඔලුවේ වැදිලා එතන හිටපු කෙනා මැරුණා.

🌟 මේ දේවල් නවත්තගන්න විදියක් දැනුවත්නම් ඒ වගේ වෙලාවක ඒක නවත්තගන්න බලනවා වගේම,එහෙම හැකියාවක් ඒ වෙලාව අනුව නැත්තන් හොදම දේ කොහොමත් කෙලවුන එන්ජිම දිහා බල බල ඉන්නේ නැතුව පැත්තකට දුවලා බේරෙන එක.

😌😌උපුටා ගැනීමක් නොවේ.කතෲ අයිතිය සුරකින්න😒😒

ජයවේවා🇱🇰💝

✍️- සචින්ත සේනාරත්න -

ඔබේ වාහනය මතට විදුලි රැහැනක් කඩා වැටුනහොත් ඔබ කළ යුතු දෑ...1)හැකි තරම් වාහනය තුළටම වී සිටීම2)වාහනය ගිනි ගැනීමේ හැකියාවක්...
09/06/2021

ඔබේ වාහනය මතට විදුලි රැහැනක් කඩා වැටුනහොත් ඔබ කළ යුතු දෑ...
1)හැකි තරම් වාහනය තුළටම වී සිටීම
2)වාහනය ගිනි ගැනීමේ හැකියාවක් පවතී නම් කකුල් දෙක ලං කර එක වරම වාහනයෙන් පිටතට පිංමක් පැනීම සහ එතැන් සිට අඩි තිහක් පමණැ යනතුරු කකුල් ඈත් නොකර ගමන් කිරීම (ගමන් කරන ආකරය විඩීයෝ එකේ බලන්න.. ලින්ක් එක පහතින් ඇත.)

ඔබ නොකළ යුතු දෑ...
1) සාමාන්‍යයෙන් වාහනයෙන් බහින් ආකරයට වාහනයෙන් බැසීමට උත්සහ කිරීම. එනම් එක පාදයක් වාහනයේත් අනෙක් පාදය් පොලවේත් ස්පර්ශ වෙනසේ බැසීම කිසි සේත් නොකළ යුතුය. එසේම ඔබේ අත් වාහනයේ ලෝහ බද හා ස්පර්ශ නොවෙන ආකරයට උඩ්න් කී ලෙස වාහනයෙන් බැස ඈත් විය යුතුය.

මේ අද දින මාතලේ ප්‍රදේශයේදී එසේ වාහනය මතට විදුලි රැහැනක් කඩාවැටුන පසුව වාහනයේ තුළ නොසිටිමින් සාමාන්‍ය ආකාරයෙන් වාහනයෙන් බැසීමට උත්සහ කිරීමේදී සිදුවූ විදුලි අනතුරකි. වීඩීයෝව සදහා ලින්ක් එකට යන්න

https://m.youtube.com/watch?feature=youtu.be&v=2huZlHQ15PE

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Abeygunawardhane Transportation service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share