04/06/2026
ලෝකෙ තියෙන Competitive ම Markets වලත් Ugly Ads දිනන්නෙ ඇයි?
මට UK වල education space එකේ වැඩ කරන client කෙනෙක් ඉන්නවා.
පහුගිය දවස් 30 ඇතුළත, අපේ leads වගේම appointments වලත් ලොකු jump එකක් දැක්කා. ඒ වගේම delivery එකත් හැම අතින්ම ගොඩක් improve වුණා.
මම ඔයාට කෙලින්ම ඇත්ත කියන්නම්...
මේක මොකක් හරි අමුතු clever campaign hack එකක් නිසා වුණ දෙයක් නෙවෙයි.
මේකෙ structure එක dead simple. CBO විතරමයි පාවිච්චි කළේ, වෙන මුකුත් නෑ. මේ වගේ ලොකු spend level එකකදි දේවල් complicate කරගන්න කිසිම හේතුවක් නෑ.
මේ ඇත්තම වෙනසට හේතු වුණේ එකම එක දෙයයි.
ඒකට මම කියන්නෙ "ugly ads" කියලා.
සාමාන්‍යයෙන් ads ප්‍රධාන කෑලි දෙකකට කඩන්න පුළුවන්.
High-fidelity ads:
* මේවට polishing, branding, සහ typography වලට ලොකු effort එකක් දානවා.
* මේවගෙ main goal එක තමයි පට්ටම professional advertisement එකක් වගේ පේන එක.
Low-fidelity ads
* මේකෙදි වෙන්නෙ අරකෙ අනිත් පැත්ත. Unpolished, basic fonts පාවිච්චි කරන, minimal design එකක් තියෙන ads.
* මේවා නිකන්ම නිකන් අපි normal social feed එකකදි දකින post එකක් වගේමයි පේන්නෙ.
මම මේ කියන ad එක කොහොමද දන්නවද? ඒකෙ තියෙන්නෙ direct response heavy headline එකකුත්, sub-headline එකකුත් විතරයි. Solid color background එකක white text වලින් ලියලා තියෙනවා. නිකන්ම නිකන් Facebook status post එකක් වගේ.
හැබැයි අපි ගාව තියෙන අනිත් හැම ad එකකටම වඩා මේක සුපිරියටම convert වෙනවා.
ඇයි මේක මේ තරම් හොඳට වැඩ කරන්නෙ?
ගොඩක් ads දුවන, highly advertised regions සහ sophisticated markets වල ඉන්න මිනිස්සු, traditional advertising වලට දක්වන්නෙ negative reaction එකක්.
"Ads වගේම පේන" ads වලට හම්බෙන්නෙ ගොඩක් poor performance එකක්.
ඒ නිසා දැන් ලෝකෙ තියෙන best brands කරන්නේ මේකෙ අනිත් පැත්ත. එයාලා ගොඩක් casual විදිහට තමයි දේවල් කරන්නෙ. ඕනෑකමින්ම මිනිස්සුන්ට authentic කියලා හිතෙන විදිහේ content හදනවා.
Direct response e-commerce brands වුණත් testimonial සහ UGC ads වලට මෙච්චර නැඹුරු වෙන්නෙත් අන්න ඒ හේතුව නිසාමයි.
ලොකු heavy editing මුකුත් නැතුව, කෙනෙක් තමන්ගෙ experience එක ගැන කතා කරනවා දකින්නයි මිනිස්සු කැමති. Polished brand ad එකකට වඩා ඒ වගේ දේවල් හොඳට සෙල් වෙනවා.
Rule එක simple
1. ඔයා marketing කරන්නේ highly advertised region එකක නම් (විශේෂයෙන්ම Tier 1 European රටවල), ඔයා අනිවාර්යයෙන්ම ugly, low-fidelity ads test කරලා බලන්නම ඕනෙ.
2. Less mature markets වලදී නම්, ඔයාට මේ දෙකේම mix එකක් run කරන්න පුළුවන්. එතනදි High-fidelity ads වුණත් තාම හොඳට වැඩ කරන්න පුළුවන්.
අපේ ලංකාවෙදි නම්, ඔයාගෙ brand එකත් එක්ක different styles test කරලා බලන්න මොකක්ද හරියන්නෙ කියලා.
හරියටම වැඩ කරන්නේ මොකක්ද කියලා අල්ලගත්තට පස්සේ, ඔයාගෙ creative production එක වගේම මුළු strategy එකම ගොඩක් ලේසි වෙනවා.
Best,
Gayathra