ඔබ්බට / Obbata

ඔබ්බට / Obbata වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්

CALL US NOW 070 27 27 222
08/08/2024

CALL US NOW 070 27 27 222

070 27 27 222
23/07/2024

070 27 27 222

19/07/2024

Pawena Aduru Wala Thura Dilena Wihiduwana Sada Resa Asala Dakinnemi Man Obe Ruwa Ethuluwannta Me Maha Durata Awasara Ethi Muth Nannadunana Sada Resata Neth Obata Yedum me maha polawa thula ithin me Temporary Dina Pahe mahadura Sarasana Prema Wanthiye Ma ya yuthui udesanama mahadagul himikaru wetha eyai mahata himi lokaya namudu mesith medura thula netha nimak ape aniyatha pem lokeye suwada wihidum Type karana tikata wenas wana somiyuru sada res ken deka ethi une ath herumaki siyalu de gena

Selaru Sinbad

Bodime Ede Sita

12/07/2024
මීට දශක කිහිපයකට පෙර නම් පාතාල සාමාජිකයකුගේ මරණයකදී වුවද මිනිසුන් 'ඔහොම එවුන් මැරෙන  එකමයි හොද ' කියා තවකෙක්ට  පැවසුවේ ඉ...
25/01/2024

මීට දශක කිහිපයකට පෙර නම් පාතාල සාමාජිකයකුගේ මරණයකදී වුවද මිනිසුන් 'ඔහොම එවුන් මැරෙන එකමයි හොද ' කියා තවකෙක්ට පැවසුවේ ඉතා සෙමෙන් පහත් ස්වරයෙන්ය.කොතරම් අයහපත් පුද්ගලයෙක් වුවත් ඔහුගේ මරණයකදී ප්‍රසිද්ධියේ ඒ පිලිබදව සතුටු වුයේ නැත.

සනත් නිශාන්ත යනු නුතන මජර තුච්ච දේශපාලනයේ මුහුණුවර වැනිය. කැමිලස්ගේ කාටුන් තුල සිටි මගෝඩිස් ගේ සත්‍යාපනය සනත් නිශාන්ත විය.මිනිසුන්ට කොතරම් අප්‍රසන්නද කියතොත් අද මුළු මහත් දෙකෝටි පනස්ලක්ෂයක ජනතාව අතරින් මේ අපතයාගේ මරණය ගැන සත්‍ය ලෙසම දුක් වන්නේ අතේ අතේ ඇගිලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසකි.

සමස්ත රටේ ජනගහනය එකම ලෙස තමන්ගේ සතුට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් සිටිති. ඇත්තෙන්ම මේ මජර දේශපනයේ මලගමය.
ඉතිරි වී සිටින මජර දේශපාලුවන්ට තනිවම සිතන්නට දෙයක් දැන් ඉතිරි වී ඇත.

මිය ගිය සනත් නිශාන්ත මේ කිසිවක් දකින්නේ නැත.නමුත් ඔහුගේ දරුවන් ,ඔහුගේ බිරිද මොන ආකාරයේ මානසිකත්වයකින් ඇතිද

සමස්ත රටක් තමන්ගේ ආදරණීය ස්වාමියාගේ මරණයෙන් සතුටු වන ආකාරය දකිනවිට බිරිදට මොන තරම් අසරනභාවයක් දැනෙනවා ඇතිද

යමක් කමක් තේරෙන වයසේ සිටින ඔහුගේ දරුවන් තමන්ගේ ආදරණීය පියාගේ මරණයෙන් සමස්ත රකට ජනත්වක් සතුටු වන ආකාරය දකින්නට මොන තරම් අභාග්‍යසම්පන්නද .

මුදල් ,දේශපාන බලය අනෙක් සැප සම්පත් කොතරම් ලැබුවත් මෙවෙනි මල පෙරේත ජිවිතයක් ගෙවීමෙන් ඇති ඵලය කුමක්ද

-Selaru Sinbad -

නිමිත්ත - දුවට දඩුවමක්  දෙන්න ගිහින් තාත්තට අවසන් ගමන් යන්න වුන හැටි පඩස්තර පරම්පරාවක පඩස්තර ඇට ලේ මස් නහර වැල් ගොඩක එකත...
11/01/2024

නිමිත්ත - දුවට දඩුවමක් දෙන්න ගිහින් තාත්තට අවසන් ගමන් යන්න වුන හැටි

පඩස්තර පරම්පරාවක පඩස්තර ඇට ලේ මස් නහර වැල් ගොඩක එකතුවක්. දියණිය යන ආදරණීය නාමයෙන් ඇමතීම සැබවින්ම නිග්රහයක්ම පමණක්ය.විනිමය අනුපාතය බොහෝ නොගැලපෙන දේශයක උප සංස්කෘතීන් විකෘතිව අවජාතකව ජනනය වී ඇත.ඉපදුන දා පටන් අනේකවාරයක් දුක් ගැහැට විද පෝෂණය කර දාරක පිතෘ ස්නේහයෙන් දුන් දඩුවමට පඩස්තර නීතියේ ආනුභාව සෙවූ මෙවන් ස්ත්‍රී ලිංග සත්ව කොට්ටාශ අද බහුලය.රෙන්නට ලැට් එකක් හරියට නැතත් පත ටැබ් එකක් අතේ ඇති අසූචි ගොඩවල් මිසක් අද දුවරු ඇත්තේ අතලොස්සකි.

අධෝ මුඛ සමාජීය උප සංස්කෘතික විකෘති භාවිතය හා එය මහා ඉහලින් පිළිගන්නා ගොබ්බ අසූචි කන හැතිකරය තමන් මෙම දශකයේ සමාජීය දියුණුවේ හිනි පෙත්තේ ඉන්නාවයයි සිතා ලැග සිටින්නේ විකෘති අවජාතක සංස්කෘතියක පණුවෝ ගසා සිටින ගූ බෙට්ටක බව නොදනිති.

එය ඔවුනට පහදන්නටද නොහැකිය.රසවින්දනය කක්කුස්සි වලේ වතුර නොගැසූ බෙට්ටේ සුවදට අත්පරසන් දී මහා හරසරින් පිළිගෙන අතින් ගෙන දිව ගා අහෝ මෙය නම් අමා රසයකැයි ඉපිලෙන්නට තරම් මුන්ගේ ඔලු වල ඇත්තේ කුමන වර්ගයේ අසූචිද.

නිගා කරන පහර ගසන සමාජ සංස්කෘතික පද්ධතිය තුල අනේක දුක් කම්කටොලු විද තමා උස මහත් වනතුරු පෝෂණය කර පවතින සමාජයේ දෙපයින් නැගී සිටින්නට සවිය දුන් පසු මෙම පරපෝෂිත සත්වයින් සිතන්නේ තමා මේ සමාජයට අයිති නැති නවීන සමාජයේ අනුරුවක් ලෙසටය.

සමාජය සංස්කෘතිය කාලයාගේ ඇවෑමෙන් වෙනස් විය යුතුය.එය සැමදාම වෙනස් වෙමින් පවතී.නමුත් එය තමාගේ අසරණ අහිංසක ආදී කාලීන දෙමාපියන්ට අමු අමුවේ ඔබ්බවන්න්ට යාම සුදුසු නැත.

පොමනේරියන් බැල්ලකගේ ලිංග මුඛයට හස්ති ලිංගයක් ඔබ්බවන්නට උත්සාහ කරනවා වැනි අමන ක්‍රියාවකි.

ඉතින් පියාණෙනි නැවත සසර කෙදිනකවත් නැවත මෙවන් පඩස්තර ඇට ලේ මස් නහර වැල් ගොඩක එකතුවක් බිහි නොකරන්නට හේතු නොවේවා කියා පතන්නෙමි

-SELARU SINBAD-

'වැහි බිදු 'නොකඩවා ඇද හැලුන වැස්සෙන් සෝදා පාළුව ගියේ මහපොලව පමණක්ම නොව, සිරිසේනගේ එදා වේල සොයාගෙන විත් කමලාවතී අත තැබූ ස...
10/01/2024

'වැහි බිදු '

නොකඩවා ඇද හැලුන වැස්සෙන් සෝදා පාළුව ගියේ මහපොලව පමණක්ම නොව, සිරිසේනගේ එදා වේල සොයාගෙන විත් කමලාවතී අත තැබූ සොච්චම් මුදලින් ඉතිරි කල තිබු අවසාන සතය දක්වාම සෝදා පාළුව ගොස් තිබිණි.
වසර අවසාන නොවැම්බර් දෙසැම්බර් මාස දෙක තමන්ට කුඩා කල සිටම ඉතාමත් අමිහිරි කලපරිච්චේදයක් බැව් දන්නා නමුදු වෙනදා නොමැති මුස්පේන්තු බවක් දැනෙන්නට පටන් ගෙන ඇති බව සිරිසේනට වැටහුණි.
අවසන් වරට සේදුවේ කවදාදැයි මතක නැති තම එකම කලිසමද කුලී වැඩක් කල නිවසකින් ලැබුණු කුණු වැකී ගිය ටී ෂටයද ඇගලාගත් හෙතෙම වතුර උගුරක්වත් නොබී හනික පිටමන් වුයේ සුපුරුදු පරිදි කුලියක් සොයා ගැනීම සදහාය.
වෙනදා මෙන් නොව වැසි මාස වලදී කුලියක් සොයාගැනීම ලෙහෙසි නැත.දිනක වැඩක් සදහා වේතනයක් කතා කරගැනීමද අපහසු වන්නේ දවසේ වරින් වර ඇති වන වැස්ස නිසා වැඩ කිරීම වරින් වර නවත්තනට වන නිසාය.සමහරක් දින වලදී වැස්ස තිබියදීත් වැඩ කල මුත් නිවැසියන් වේතනය ලබා දෙන්නේ අඩුවෙනි.සිරිසේන කිසි දිනක එවැනි අවස්ථා වලදී නිවැසියන්ගෙන් මුදල් ඉල්ලන්ට යන්නේ හෝ ඒ ගැන කතා කරන්නේද නැත.ඒ තමාට තම පියාගෙන් ලැබී තිබු අභාශයකි.
සිරිසේන තම නිරුවත් දෙපා පාරේ ඇති විශාල මඩ වතුර වලවල් ඔස්සේ කිසිදු ලෝබකමක් නැතුව පොගවාලමින් වෙනදා තමන්ට වැඩ ලබා දෙන නිවෙස් කිහිපයකටම ගිය මුත් වැඩක් ලැබුනේ නැත.
සෙමෙන් සෙමෙන් කඩ මණ්ඩිය වෙත සේන්දු වූ සිරිසේනට කඩේ මුදලාලිට ඇති ණය මතක් වී ඉමහත් පීඩනයක් දැනෙන්නට වූ නිසාම පය ඉක්මන් කොට කඩ මණ්ඩිය පසු කර දඹුලු නගරය පැත්තට පිය නගන්නට වුයේ අරමුණක් නැතිවමය.
නත්තල් සිරිය වෙනදාට වඩා අඩු බවක් සිරිසේනට හැගුනේ වෙනදානම් මේ වන විට නගරයේ තිබෙන කඩ සාප්පු ආයතන බොහොමයක් නත්තල් සැරසිලි වලින් අලංකාර වන නිසාය.තමන් සේම අන් අයද වෙනදා නැති දුෂ්කරතාවයකින් දිවි ගෙවන බව දැනෙත්ම සිරිසේනගේ හිතේ ගැබ්ව තිබු කනස්සලු ස්වභාවය මදකට ලිහිල්ව ගියේය.
ඔබ මොබ යන මිනිසුන් සිරිසේන දුටු කල යම් අප්රසන්නතාවයක් හගවන බව සිරිසේනට දැනෙන්නට වුයෙන් සිරිසේන හැකිතාක් මිනිසුන් මග හැර පාරේ අනෙක් පසට මාරු වී ගමන් ගන්නට වුයේ මිනිසුන් තමන් කෙරේ අප්රසන්නතාවයක් දැක්වුවද එතුලින් තමාට අබ මල් රේණුවක තරම් හිත රිදීමක් නැතිවය.සිරිසේනට අවශ්ය වුයේ තමන් දැකීමෙන් අන් අය හට ඇති වන අප්රසන්නතාවය තුලින් ඔවුන්ගේ හිතට පිඩාවක් දැනෙනවාට අකමැති වූ හෙයිනි.
වෙනදා තමන් හට ඉඩ හිට වැඩක් ලබාදෙන සිසිර වත්තේ මුදලාලි මහතකුගේ නිවස වෙත සිරිසේන සේන්දු වුයේ වැඩි බලාපොරොත්තුවක් නැතිවමය.
ගේට්ටුව වෙත ගොස් විපරම් කරත් නිවැසියන් කිසි කෙනෙක් දකින්නට නැති වූයෙන් සිරිසේනගේ අද දින අවසන් බලාපොරොත්තුවද දිය වී ගියේය.තමන් මෙම පාරේ ඇති අනෙක් නිවෙස් වෙත ගොස් වැඩක් පලක් තිබේදැයි නොවිමසන්නේ එම බොහොමයක් නිවෙස් සුවිසල් ගේට්ටු සහ තාප්ප මගින් වට කොට ඇති නිසාත් කිසි විටෙක මිදුලේ කිසි කෙනෙක් දකින්නට නොමැතිකමත් නිසාය.අනෙක් කරණය නම් ඉතාම දරුණු බල්ලන් ගේට්ටුව ලගට ගියත් මහා හයියෙන් බුරන්නට පටන් ගන්නා නිසාය.
දැන් දැන් හිරු මුදුන් වන්නට පටන්ගෙන ඇති බවත් තමන්ට අද දින කුලියක් සොයාගැනීමට නොහැකිවනු ඇති බවත් දැනෙත්ම සිරිසේනගේ සියෝලගම කිලිපොලගෙන මහත් වූ භීතිකවත් දැනෙන්නට වුයේය.
ඒ තම උන රෝගය වැලදී අසරණව හිදින කමලාවතීත් තම සිව් වස් වියෙති සිගිති පුතනුවනුත් හට කුස පුරවන්නට හාල් ඇටයකදු නිවෙස තුල නොමැති නිසාවෙන්ය.
සිරිසේනට මේ අසරණභාවය අමුත්තක් නොවුවද සිරිසේනට හැඩුම් එන්නට තරම් වේදනාවක් දැනෙන්නට වුයේ මේ අසරණභාවය විදීමේ උපරිමයකට තමන් ලගා වී ඇති බවක් පසක් කරමින්ය.
නිවෙසට වී සිටි වැසි දින තුන හතර පුරාවටම සිරිසේන බත් කටක් කෑවේ කුස පිරෙන්නට නොව දිවි රැකගන්නටය.නමුත් තාමත් සිරිසේනට බඩගින්නක්වත් පිපාසාවක්වත් දැනුනේ නැත්තේ හිතේ ගින්න ඒ තරමටම දරුණු නිසාවෙන්ය.
මෙසේ කල්පනා ලොව නිමග්නව උන් සිරිසේනට තමාගේ නම ආමන්ත්රණය කරනු ඇසී වටපිට බලත්ම නෙත ගැටුනේ තම පාසල් වියේ එකට සිටි ගුණවර්ධනගේ මුහුණය.
ගුණවර්ධනද සිරිසේන මෙන්ම ඉතා පිඩිත පන්තියේ සිටි අයෙක් වුවද ඔහුගේ කාලයාගේ ඇවෑමෙන් ප්රාදේශීය දේශපාලන නායකයෙකු වෙත සේන්දු වී ඔහුගේ දේශපාලන වැඩ කටයුතු සදහා දිවි හිමියෙන් උර දී තම ජිවන තත්වය උසස් තත්වයකට පත් කරගත් අයෙකි.
මිට පෙරත් ගුණවර්ධන විසින් සිරිසේන හට ඔහුත් සමග යම් යම් වැඩ කටයුතු සදහා සහභාගී වන ලෙස ඇරයුම් කලත් සිරිසේන ඒ සම්බන්දව උනන්දුවක් දැක්වුයේ නැත්තේ අදාල දේශපාලන නායකයාගේ කැරැට්ටුව ඉතාම හොදින් දන්නා නිසාය.
'සිරිසේන කොහෙද මේ යන්නේ ,මන් බැලුව තමුසෙව පහුගිය ටිකේ
හොයාගන්න කොහෙද ඉතින් තමුසේව හොයාගන්න එක ලේසි නැනේ'
'ආ ගුණවර්ධන මහත්තයා'
එකල තම වයසේ තම පන්තියේ තමා මෙන්ම පිඩිත පවුලක සිටි තම මිතුරා වූ ගුණවර්ධන හට මහත්තයා යැයි නිතැතින්ම කියවෙන්නට තරම් ගුණවර්ධන සිරිසේන පසු කර ගොස් තිබිණි.
අපේ ලොක්කගේ වැඩ වගයක් තියනවා. නගිනවකෝ වාහනේට තමුසෙට හොද ගතමන්ට් එකක් හොයාගන්න පුළුවන් අද.
වෙනදානම් මොකක්ද වැඩේ කියා අසන නමුත් එසේ නොඅසාම සිරිසේන ඒ අසල නවතා තිබු කැබ් රථයට ගොඩවෙන්නට ගුණවර්ධන පිටුපසින් ගමන් කලේ හිතේ සතුටකින්ම නොවේ.නමුත් තම පුතු හා කමලාවතී සිහිවත්ම අදනම් මොන වැඩක් තිබුනත් කරනවා කියා තමාටම කොදුරා ගත්තේය.
'සිරිසේන තමුසෙව මන් පරණ නගර සභාව ගාවින් බස්සනවා, බිල්ඩිම පිටිපස්සේ තියනවා පරණ යකඩ. තමුසෙට තියෙන්නේ ඒ ටික ඔතෙන්ට එන ලොරියට පටවන්න.මන් දවල් වෙලා එන්නම් තමුසෙට කෑම එකකුත් අරගන.ලොරිය එනකන් වත්තේ අනිත් තැන් වල තියන යකඩ ටිකත් එක තැනකට කරගන්නවා'
සිරිසේන කිසිදු ප්රශ්නයක් නොඅසාම
'අනේ ලොකු දෙයක් ගුණවර්ධන මහත්තයා මේ ටිකේ වැස්ස නිසා දවස් ගානකින් වැඩක් පලක් හම්බුනේ නෑ' යැයි දුක්බරව පැවසුවේය.
එකනේ මන් ඒ කලේ ඉදන්ම කියන්නේ අපේ ලොක්කට වැඩ කරන්න වරෙන් කියලා.කොහෙද ඉතින් එදා වේල කන්න නැති උනාට උබලගේ මහා ලොකු ප්රතිපත්තිනේ තියෙන්නේ.
නගර සභා භුමිය ඉදිරිපිටට ගොස් වහනය නැවතූ ගුණවර්ධන වහනයෙන් බසින්නේවත් නැතිව සිරිසේනව බස්සවා යන්නට ගියේය.
සිරිසේන හාත්පස සිසාරා බැල්මක් හෙළුවේ කවුරුන් හෝ ඉන්නවාදැයි බලන්නට නමුත් කිසිවෙකුත් පේන්නට සිටියේ නැත.සෙමෙන් සෙමෙන් නගර සභා ගොඩනැගිල්ල පසුපස පෙදෙසට ගිය සිරිසේනට දකින්නට තිබුනේ භාවිතයටවත් නොගත් ජි අයි බට විශාල තොගයක් සහ තහඩු තොගයක්ය.
පරණ යකඩ නම් කොහෙවත් පෙනෙන්නට තිබුනේ නැත.දුප්පත් වුවත් සාමන්ය බුද්ධි මට්ටමක් තිබු සිරිසේනට මේ කරන්නේ කුමක්දැයි යම්තාක් දුරකට වැටහී ගියේය.
සිරිසේන තහඩු ගොඩක් අසලට ගොස් වඩාත් පරික්ශාකරිව බලන විට තමාට එක්තරා මහමැතිවරණයක් ආසන්නයේදී පරිත්යාග ලෙස ලැබුනෙත් මේ තහඩුම බව වැටහී ගියේය.
දිගු සුසුමක් පහලට හෙලූ සිරිසේන හිස් දෑසින් බලා සිටියේ තම මනසේ යුද්දයකට මුහුණ දෙමින්ය.ගුනවර්ධනගේත් ගුණවර්ධන වැඩ කරන ලොක්කගේත් කැරැට්ටුව හොදින් දන්නා සිරිසේන මේ තහඩු සහ බට තොගය පටවන්නට තමාට පැවරුයේ ගම්වල වෙසෙන අහිංසක මිනිසුන්ට බෙදා දීමට නම් නොවන වග නිතැතින්ම තේරුම් ගත්තේය.
එක පසෙකින් අසනීපව අසරණව හිදින තම බිරිද සහ හරි හැටි කුසට අහරක් නැති තම පුතණුවන්ද අනිත් අතින් තම පියාගෙන් කුඩා කල සිට ලද ප්රතිපත්තිද මේ මොහොතේ අතිශයින් දරුණු ලෙස සටනකට එලබ සිටියේය.
තම ආදරණීයයන් ප්රතිපත්ති නමැති ප්රතිවාදියාගේ අනුකම්පා විරහිත දරුණු ප්රහාරයකට යටත්ව සිටි අතර සිරිසේන ආපසු නගර සභා ගේට්ටුව වෙත සෙමෙන් සෙම්න් පියනැගුවේ තම ශරීරය තමා විසින් මෙහෙයවන්නාක් නොවන පරිද්දෙනි.
තම ආදරනීයයන් මෙවෙලේදී තම ප්‍රතිපත්ති හමුවේ පරාජයට පත්ව සිටි අතර මේ අනර්ථකාරී කර්තවයට උර නොදී කුසගින්නේ සිය පවුලම මිය යන එක වටින්නේයැයි සිතා ගේට්ටුව පසුකර අඩියක් දෙකක් තබත්ම සිරිසේනට තම දෙපා වාරු නැතුව යන්නාක් මේ දැනී තම පපුව තුලින් ඉකි ගැසෙන්නට පටන් ගත්තේය.
ප්රතිපත්ති නමැති ප්රතිවාදියා හට මෙවලේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තරම් දරුණු ම්ලේජ්ජ ප්රහාරයකට ලක් වන්නට වූයේ මිනිස් සන්තානයේ ප්‍රතිපත්ති නමැති හුල කොතරම් ශක්තිමත්ව කිදා බැස තිබුනත් මානුෂීය හැගීම් ඉදිරිපිටදී වේදනාසහගත ලෙස එම හුල ඇද උදුරා තම අදරනීයයන් වෙනුවෙන් තමා කල යුතු කැපකිරීම් තම ආධ්‍යාත්මයේ පතුල දක්වාම දිව යන බැව් පසක් කර දෙමින්ය.අවසානයේ ප්‍රතිපත්ති නමැති බලසම්පන්න ප්‍රතිවාදියා සිරිසේනගේ අහිංසක පුංචි ලෝකය ඇත හැර කිසිදාක නොඑන්නටම සටනින් පරාජයට පත්ව පලා ගියේය.
සිරිසේන කඩිසරව ආපසු හැරී නගර සභා භූමියට ඇතුලු වී වත්ත හැමතෙනකම තිබු අනෙකුත් යකඩද එකින් එක ගෙන එකතු කර ගොඩ ගසන්නට පටන් ගත්තේ තමා තව දුරටත් පරණ සිරිසේන නොවන බවත් තමාට යම් කිසි යක්ෂයෙකු ආරුඪ වී ඇති බවක් පසක් කරමින්ය.
පැයකට පමණ පසු අදාල ලොරි රථය පැමිණි අතර තරුණ කොලු ගැටයෙකු රියදුරු අසුනේ සිටි අතර වෙනත් කිසිවෙකු සිටියේ නැත.
තරුණය ලොරිය අදාල ස්ථානයේ නවත්වා ඉන් බැස සිරිසේන වෙත ගොස්
'තමුසේ නේද ගුණවර්ධන අයියා එක්කන් ආව මනුස්සයා '
මේ තහඩු ටික ඉස්සෙල්ලාම පටවල ඊට පස්සේ බට ටික පටවන්න අවසානෙට ඊට උඩින් ඔය අනිත් පරණ යකඩ ටික පටවන්න.
'හා මහත්තයා' යැයි පැවසු සිරිසේන හානි හනිකට වැඩේ පටන් ගත්තේය.වෙනත් කිසිදු කතා බහකින් තොරව තරුණයාද ලොරියට ගොඩ වී නවීන පන්නයේ දුරකතනය අතට ගෙන හාන්සියක් දා ගත්තේය.
සවස තුන පමණ වන තෙක් එක දිගට වැඩ කල සිරිසේනට තවත් යකඩ බට විශාල තොගයක් සහ පරණ යකඩ තොගයද පටවන්නට ඉතිරි වී තිබිණි.ගුණවර්ධන ඔහුගේ වාහනය නගර සභා ගේට්ටුව ලග නැවතූ අතර ලොරියේ තරුණයා ලොරියෙන් බැස ගුණවර්ධනගේ වාහනය වෙත ගමන් ගත අතර සිරිසේන දිගටම තම වැඩෙහි නිරත විය.
නැවත තරුණයා අවේ කෑම පාර්සල දෙකක් සහ අරක්කු බෝතල් බාගයක්ද අතැතිවය.තමා මත්පැන් නොබොන බව ගුණවර්ධන හොදින්ම දන්නා නිසා අනිවාර්යෙන්ම මෙය තමා සදහා නොවන බව ගුණවර්ධන තේරුම් ගත්තේය.
'ආ මෙන්න කෑම එක කාල ඉවර වෙලා වැඩේ පටන් ගන්නවා' යැයි තරුණයා පැවසු අතර සිරිසේන තම දෑතින්ම කෑම ගත් අතර තරුණයා කට කොනකින් සමච්චල් හිනාවක් පෑවේය.
සිරිසේනට සිරිසේනගේ පියාගෙන් උරුම වූ තවත් පුරුද්දක් නම් වැඩක් පලක් අතරදී තමන් වැනි පිඩිත පන්තියේ මිනිසුන්ට මිලදී ගැනීමට අපහසු ප්රයිඩ් රයිස් වැනි කෑම පාර්සලයක් ලැබුනහොත් එය ආහාරයට නොගෙන නිවෙස වෙත රැගෙන ගොස් තම ආදරණීයයන් වෙත ලබාදීමයි.සිරිසේනලාගේ
ලෝකයේ අහාර නරක් වෙනවා පරණ වෙනවා සීතල වෙනවා වැනි සංසිද්දීන් වලංගු නැත.එම නිසා රෑ බෝ උනත් එවැනි කෑම පාර්සලයක් සිරිසේන කීයට හෝ ගෙදර රැගෙන යන්නේය.
බඩගින්න කොතරම් දරුණු වුවත් සිරිසේන කෑම පාර්සලය විවෘත කරන්නටත් පෙර එහි සුවදින්ම තේරුම් ගත්තේ මෙය තමන්ට ආහාරය සදහා කැප නොමැති බවයි.සෙමෙන් දිග හැර බැලූ සිරිසේනට පෙනුනේ ඉතා ප්රණීත රෙස්ටුරන්ට් කෑම එකක්ය.
අන්නාසි පෙත්තක් ,චිකන් ලොකු කකුලක් ,තවත් පුංචි පුංචි දේ රැසකින් සමන්විත මේ කෑම පාර්සලය දෙස බලා සිටීමත් වරදක් ලෙස දැනුනු හෙයින් වහ වහාම නැවත එය තිබු අයුරින්ම ඔතා පසෙකින් තබා බද පිරෙන්නටම වතුර බී නැවත වැඩේ කරන්නට සැරසුනේය.
'ඇයි තමුසේ කන්නේ නැත්ද ?
'උදේ කාල අවේ මහත්තයා බඩ පුරවල දාල වගේ ඒ නිසා කන්න බෑ මහත්තය ගෙදර ගිහින්ම තමා කන්නේ ආයේ'
'හා හා එහෙනම් ඉක්මනට මේ ටික පටවල ඉවර කරනවා වැස්සක් එන්න කලින්'
සිරිසේන හනි හනිකට නැවතත් පටවන්නට පටන් ගත් අතර තරුණයා ලොරියට වී තමාගේ මත්පැන් පංගුව රස විදින්නට විය.
විවේක නැති තවත් හෝරා කිහිපයක් ගත වෙද්දී සිරිසේන අවසාන යකඩ කැබැල්ලද ලොරියට පටවා අවසාන වූ අතර තරුණයාද හොද සූර් මට්ටමකට පැමිණ සිටියේය.
'තමුසේ හොදට වැඩ කරන හාදයෙක්නේ ,නගර සභාවේ එකෙක්ට කීවනම් තාම මේකෙන් බාගයක්වත් පටවල නෑ '
වෙරි මතින් මත් වී සිටි තරුණයා දැන් තරමක් මිත්ර සහ දොඩමලු ලීලාවෙන් සිරිසේන අමතා පැවසූ අතර සිරිසේන සිනහ වී බිම බලාගත්තේය.
නගිනවකෝ ලොරියට කොහෙන්ද මන් තමුසෙව බස්සවන්න ඕනේ
'මහත්තයා කොහෙටද යන්නේ ?
'මන් යන්නේ ගලේවෙලට තමුසෙට කොහෙන්ද බහින්න ඕනේ'
'එහෙනම් මහත්තයා මාව උසාවිය හන්දියෙන් බස්සවන්න'.
'තමුසෙට හොදට වැඩ කරන්න පුළුවන් එකේ අර ගුණවර්ධන අයියා ගාවට සෙට් වෙලා වැඩ කරනවකෝ ,වැඩ තියනවා අම්බානකට.ගුණවර්ධන අයියා හොද මනුස්සය හොදට සලකනවා පොර ගාව ඉන්න එවුන්ට '
උසාවිය හන්දියට ලගා වූ ලොරිය තරුණයා නැවැත්වූ අතර සාක්කුවට අත දමා
ආ මෙන්න තමුසෙගෙ ගතමන්ට් එක ලෙස පවසා රුපියල් පන්දහසේ නෝට්ටුවක් දික් කළේය.
සිරිසේනට ඇස් අදහාගත නොහැකි වුයේ දිනක කුලිය ලෙස තමා කෙදිනකවත් මෙවැනි මුදලක් ලබාගන නැති නිසාවෙනි.
'අනේ මහත්තයා වෙන තැනක දවසම වැඩ කලත් අපිට හම්බෙන්නේ ඕකෙන් බගේකටත් වඩා අඩුවෙන්.'
'තමුසෙට ඒ පණ්ඩිතකම් වැඩක් නැනේ ගුණවර්ධන අයියා තමා දීල ගියේ මේක තමුසෙට දෙන්න කියලා.'
'අනේ මහත්තයා බොහෝම පින් සිද්දවෙනවා ඔබතුමන්ලට'
'හරි හරි එහෙනම් අපි ගියා'
සිරිසේන ලොරියෙන් බැස පාර මාරු වී කඩිසරව පිය නැගුවේ අත මානයේ එන වැස්සට කලියෙන් නිවෙස වෙත යන්නටය.ප්රථමයෙන්ම සිල්ලර කඩ මුදලාලිගේ ණය පියවිය යුතු යැයි සිතු සිරිසේන කඩ මන්ඩියට ලං වත්ම වැහි පොද වැටෙන්නට පටන් ගත්තේය.
මුදලාලි වෙත ගෙවීමට තිබු ණය ගෙවා ගෙදරට අවශ්ය අඩුම කුඩුමද කමලාවතී හට තැන්බුම් පැකට්ටුවක්ද මිලදී ගත් සිරිසේන අතේ තවත් රුපියල් හත්සියයක් ඉතිරිව තිබුණේය.
වැස්සේම හනිකට නිවෙස වෙත සේන්දු වූ සිරිසේන ගෙනා සියලු දෑ පුටුවකින් තබා ළිද වෙත දිව ගියේ නා ගන්නටය.
නාගෙන පිළිකන්නේ වැලේ තිබූ පරණ සරමෙන් ඇග පත පිහදාගෙන ඒ සරමම ඇගලාගන කුස්සියට ඇතුළු වෙන විට කමලාවතී චීත්තයක් පොරවාගෙන හාල් ටිකක් ලිප තබා තිබුණි.
'කමලවතියෝ මන් සම්බෝලයක් හදල පරිප්පු ටිකක් හදල ගන්නම් එතකන් ගිහින් හන්සිවෙලා හිටියනම්'
'පැටියට මන් ඔයා ගෙනත් තිබුන කෑම එක හරිගස්සල දුන්න. ඔයාටත් පංගුවක් අරන් තිබ්බා 'ඒ කෑම එකනම් මන් මෙචර කාලෙකට දැකල නෑ මගුල් ගෙදරකවත්' .දිග අරිනකොටත් සුවදේ බෑ'
'ආයේ මොනවටද මට පංගුවක් ,ඔයාටයි පුතාටයි ගෙනාවේ' මන් තේ බිවනේ දෙතුන් වතාවක්.කන්න තරම් පිරියක් තිබ්බේ නැහැ'
සිරිසේන මොනවා කීවත් තමාට කන්න හම්බුන කෑම පාර්සලය බව කමලාට අමුතුවෙන් වැටහෙන්නට අවශ්ය නොවීය කිමද මින් පෙරද සිරිසේනට හොද කෑම පාර්සලයක් හම්බුනානම් එය අනිවාරයෙන්ම තමාටත් පුතුටත් රැගෙන ආවේය.
ඉවුම් පිහුම් අවසන් වී කමලාවතී හට තැන්බුම් පැකට්ටුවද ලිප තබද්දී කමලාවතී පැමිණ සිරිසේනට බත් පත බෙදන්නට විය.
කිහිප දිනකින් පිරිය ඇති ආහාරයක් කුසට නොවැටී සිටි තම සිගිති පුතු හොද හැටි බන්ඩිය පුරවාගෙන දැනටමත් සැප නින්දකට වැටි ඇති බැව් දුටු සිරිසේන හට එක මොහොතකට පමණක් හිතට සැනසිල්ලක් ආව නමුත් මොහොතකින් එය නැති වී ගියේ හෙට දවසේ දරුවාගේ බඩ වියත පුරවන්නේ කෙසේදැයි ඇති අවිනිශ්චිතභාවය නිසාවෙනි.
කමලාවතී බත් පත සිරිසේන අතට දී වතුර ජෝගුව ගෙනෙන්නට ගිය අතර සිරිසේනට වෙනද නොදැනුන යම් නොතේරෙන මහත් මුස්පේන්තු බවක් දැනෙන්නට විය.
තම පියාණන් සිහි වූ අතර පියාණන් තමන්ට දුන් ඔවදන් ප්රතිපත්තිද සිහි වන්නට පටන් ගත්තේ සිනමා පටයක විලාශයෙනි.
වෙනදා සොච්චම් මුදලක් ගෙනවිත් යන්තම් බඩගින්න මැකෙන්න්ට බත් කටක් කන විට දැනෙන සතුට තමන්ට අද නොදැනෙන්නේ ඇයි දෝ කියා දිගු සුසුමක් වා තලයට මුසු කලේය.තමා අද උදේ ගෙදරින් පිට වූ සිරිසේන නොවන බවක් දැනෙන්නට විය.තම ආත්මීය සන්තානය දුෂණයට ලක්ව ඇති බවක් දැනුනේය.
ජීව විද්යාත්මකව ආසන්න දින තුනක් පමණ හරි ආහාරයක් නැතිව ,ඉතාමත් මහන්සි වී සිටි ,දැඩි කුසගින්නකින් සිටි සිරිසේනගේ කුසගින්නද තමාගේ දිගු සුසුම් දිගේ පාව ගොස් වා තලයට මුසු වුනාක් සේ දැනිණි.
-SELARU SINBAD-

මේ රට  තවත් කාලාන්තරයකට ගොඩ නැගිය නොහැකි බව සිහි බුද්ධියක් ඇති සියලුම දෙනාට ඊයේ දින පසක් වන්නට ඇති.සමස්ත ජාතියක් දුගී දු...
16/12/2023

මේ රට තවත් කාලාන්තරයකට ගොඩ නැගිය නොහැකි බව සිහි බුද්ධියක් ඇති සියලුම දෙනාට ඊයේ දින පසක් වන්නට ඇති.සමස්ත ජාතියක් දුගී දුප්පත්කමේ පතුලට ගිල්වා දමන්නට පාර කැපූ,දරාගත නොහී ණය තොගයක් රටකට සතු කොට ශිෂ්ටාචාරයක් වනසා දමන්නට උර දුන් මේ අවජාතක බල්ලන් හට ගල් ගසා මරා දැමිය යුතු තත්වයකදී ඔවුන් පුදන්නට ඔවුන්ගේ අමන බස් අහන්නට ගොස් කන් යොමා සිටින ජනතාවක් තවත් සිටිනවානම් එය පහදන්නට සිංහල භාෂාවේ වචන මටනම් නැත.

සොච්චම් මුදලකට තම ආත්මය පවා දෙන්නට මේ තරම් අමන මිනිසුන් සිටින රටක ඉපදෙන්නට සිදු වීම අතිශයින්ම ඛේදජනකය.ඉපදෙන්නට සිටින බිලිදුන් අතිශයින්ම අවාසනාවන්තය.ප්‍රතිපත්ති මුදලට පවා නොදුන් මිනිසුනේ අනාගත පරම්පරාවෙන් සමාව ඉල්ලා සිටිමින් මේ අවලම් නාට්‍ය දෙස බලාසිටින්නට තරම් දඩුවමක් හිමි වී හමාරය.

Selaru Sinbad

16/11/2023

Nadaththuwak Denna

16/11/2023

Saththuwak Denna

Address

Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when ඔබ්බට / Obbata posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share