Wingo recycle

Call Directions Contact the business

Wingo recycle We are primarily a paper recycling company based , Sri Lanka.

Using our commercial high tech recycling facility, we specialise in the recycling and shredding of commercial and residential paper based waste materials in Sri Lanka in an eco-friendly Wingo provides recycling solutions to factories and manufacturing sector organisations, exclusive, hassle free and a total recycling solution by collecting their recyclable waste.

14/10/2026

මීට අවුරුදු 21,000කට කලින්, මඩ පිරුණු බිමක සටහන් වුණු පුංචි අඩි පාරක් අද මුළු විද්‍යා ලෝකයම පුදුමයට පත් කරලා තියෙනවා.

ඇත්තටම මට මේ තොරතුරු හම්බුණේ නිව් මෙක්සිකෝවේ "White Sands" ජාතික වනෝද්‍යානයෙන් එළියට ආපු අලුත්ම පර්යේෂණ වාර්තාවක් කියවද්දී.

මේ පින්තූරය මුලින්ම දැක්කම මේක වෛරල් වෙන්න ගොතපු කතාවක් විදියට කෙනෙක් දකින්න පුළුවන්.

හැබැයි, මම මේ ගැන කරුණු හොයලා බලලා සනාත කරගෙනමයි මේ ඔබට කියන්නේ, මේක එහෙම එකක් නෙමෙයි.

මේක මීටර් 1500ක්, ඒ කියන්නේ කිලෝමීටර එකහමාරක් දුරට එකදිගට තියෙන සැබෑ පා සටහන් පෙළක්.

හිතලා බලන්නකෝ, සාමාන්‍යයෙන් අපිට කවුරුහරි ගියපු තැනක හම්බෙන්නේ අඩි දෙක තුනක සටහන් විතරයි.

මීට අවුරුදු 21,000කට පෙර මිහිමත සටහන් වූ කිලෝමීටර් එක හමාරක් දුරට පැතිරුණු අඩි සටහන් පෙළක් අද දක්වාම නොනැසී පැවතීමම මහා පුදුමයට කරුණක්.

බෝන්මවුත් විශ්වවිද්‍යාලයේ (Bournemouth University) සහ USGS ආයතනයේ විද්‍යාඥයෝ මේ පා සටහන්වල මඩ තෙරපුණු විදිය සහ ස්ලිප් වුණු පාරවල් එකින් එක පරීක්ෂා කරලා බලද්දී පුදුමයට පත්වුනා.

පේන විදිහට මේ පා සටහන් තියලා තියෙන්නේ නව යොවුන් වියේ පසුවූ හෝ කුඩා සිරුරක් ඇති තරුණ අම්මා කෙනෙක්.

ඇය ගිහින් තියෙන්නේ හරිම ඉක්මනින්. තත්පරයට මීටර් 1.7ක විතර වේගයකින්.

ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඇවිදින වේගයට වඩා ගොඩක් වැඩියි. ලිස්සන සුළු මඩ උඩ, ප්‍රවේශම් සහිතව අඩි තියා ඇවිදගියේ නැතුව, ඇය වේගයෙන් දිව ගියේ ඇයි ?

අන්න එතැනදී තමයි විද්‍යාඥයින්ට හිතුනේ මෙතන අපි හිතනවට වඩා බරපතල දෙයක් වෙලා තියෙනවා කියලා.

ඇයගේ පා සටහන් දිහා තවත් හොඳට බලද්දී තවත් අමුතුම විස්තරයක් එලියට ආවා.

එක තැනක ඇගේ පා සටහන ටිකක් ගැඹුරට කිඳාබැහැලා, මුළු සිරුරේ බර එක පැත්තකට බර වෙලා තියෙනවා.

ඒ කියන්නේ ඇය මොකක් හරි බර දෙයක් උකුලට අරගෙන ගිහින්.

තවත් ටික දුරක් යද්දී, අර ලොකු පා සටහන අයිනෙන්ම පුංචි පුංචි පා සටහන් දෙක තුනක් මතුවෙන්න ගන්නවා.

ඒ අවුරුදු 2කටත් වඩා අඩු, ඇවිදින්න පුරුදු වෙන පුංචි දරුවෙකුගේ අඩි සටහන්.

ඇත්තටම මේක ලියද්දීත් මගේ හිතේ මහා පුදුම අමුතු හැඟීමක් ඇතිවෙනවා.

හිතලා බලන්න, ඒ අම්මා තමන්ගේ පොඩි දරුවව උකුලට අරගෙන, මගදී මහන්සි හිතුණම බිමින් තියලා, පුංචි විවේකයක් අරන්, ආයෙමත් එයාව වඩාගෙන මේ ගමන ගිහින් තියෙනවා.

මම මේක ගැන තව දුරටත් කියවද්දී මට ආපු පලවෙනි ප්‍රශ්නය තමයි, ඇයි ඇය මෙච්චර අමාරුවෙන්, මෙච්චර වේගයෙන් මේ වගේ හදිසි ගමනක් ගියේ කියලා.

මොකද, ඒ කාලේ කියන්නේ අද වගේ ආරක්ෂිත නගර තිබුණු යුගයක් නෙමෙයි.

ඒකාලේ අපේ පෘතුවියේ පැවතුනේ හිම යුගය.

වටේම හිටියේ අපිට හිතාගන්නවත් බැරි තරම් ද|රු|ණු, දැවැන්ත සත්තු.

විද්‍යාඥයන් මේ පා සටහන් පාර දිගේ තව දුරටත් පරීක්ෂණ කරද්දී දැකලා තියෙනවා, මේ අම්මා ඉදිරියට ගිය ගමන විතරක් නෙමෙයි, පැය කිහිපයකට පස්සේ ඇය නැවත ආපසු ආපු ගමනත් මේ මඩ තට්ටුව උඩම සටහන් වෙලා තියෙනවා කියලා.

හැබැයි, පුදුමේ කියන්නේ පැය කිහිපයකට පස්සේ ආපසු එන ගමනේදී එක ලොකු වෙනසක් විද්‍යාඥයින් දැක්කා.

ඒ තමයි, අර කුඩා දරුවගේ පා සටහන් කොහෙත්ම නැහැ.

පා සටහන්වල ගැඹුර පරීක්ෂා කරද්දී තේරිලා තියෙන්නේ ඇගේ සිරුරේ බරත් දැන් ගොඩක් අඩු වෙලා තියෙන බවයි.

ඒ කියන්නේ ඇය දරුවව වෙනත් ආරක්ෂිත කඳවුරකට හරි වෙනත් තැනකට හරි ගෙනිහින් තියලා, පැය කිහිපයකට පස්සේ තනිවම ආපසු ඇවිත් තියෙනවා.

ඇයි ඇය තනිවම ආපසු ආවේ? ඇය කාටද බය වුණේ?

අපිට කවදාවත් ඒකට හරියටම උත්තරයක් හම්බෙන එකක් නැහැ.

හැබැයි ඊටත් වඩා මාව තැතිගන්වන්න සමත්වුණු තවත් කතාවක් මෙතන තියෙනවා.

විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ අම්මා ගිහින් ආපසු ආපු ඒ පැය කිහිපය ඇතුළත, එනම් ඇය ගිය ගමනට සහ ආපසු ආපු ගමනට අතර මද කාලය තුළ, ඇය ගිය පාර හරහාම තවත් විශාල සතුන් දෙන්නෙක් ගමන් කරලා තියෙනවා කියලා.

ඒ තමයි යෝධ මැමත් සතෙක් සහ මීටර් 3ක් විතර උස යෝධ ග්‍රවුන්ඩ් ස්ලොත් (Giant Ground Sloth) සතෙක්.

විශේෂයෙන්ම අර ස්ලොත් සතාගේ පා සටහන් දිහා බලද්දී පෙනෙන්නේ, ඌ මිනිස් පා සටහන් දැකලා එකපාරටම නතර වෙලා, පස්ස කකුල් දෙකෙන් නැගිටලා වටපිට බලලා ඇති බවයි.

සමහරවිට ඌට මිනිස්සුන්ගේ සුවඳ දැනෙන්න ඇති.

ඒ කාලේ ඒ වටපිටාවේ සාමාන්‍ය බළලෙක්ට වඩා මහා විශාල, කටින් මහා දෑකැති දෙකක් වගේ යට පැත්තට වක්වුණු අඟල් 7ක් විතර දිග, කඩුවක් වගේ මුවහත් තියුණු දත් දෙකක් තිබුණු 'Saber-toothed cat' යනුවෙන් හඳුන්වන ද|රු|ණු විලොපිකයෙකුත් හිටියා.

අන්න ඒ වගේම, ඒ කාලේ ජීවත් වුනු තවත් විලෝපිකයෙක් තමයි 'Dire wolf' කියන්නෙත්. අද අපි දකින සාමාන්‍ය සුනඛයන්ට වඩා ගොඩක් විශාල, එකතු වෙලා පහර දෙන වෘකයින් විශේෂයක්.

ඕනෑම වෙලාවක ජීවිතය නැති වෙන්න පුළුවන් ඒ පරිසරයේ, දරුවාව බේරගන්න මේ අම්මා ගිය ගමන මට දැන් පැහැදිලිව මැවිලා පේනවා.

National Park Service එක සහ ලෝක ප්‍රසිද්ධ Science සඟරාව මේ පර්යේෂණ වාර්තාව එළියට දාද්දී කිව්වේ මේක උතුරු ඇමරිකාවෙන් හම්බුණු අතිශයින්ම අපූරු මානව සාක්ෂියක් කියලා.

කාලය විසින් මේ ලෝකයේ කොච්චර දේවල් මකලා දැම්මත්, අම්මා කෙනෙකුගේ සෙනෙහස කියන දේ කවදාවත් මැකිලා යන්නේ නැහැ කියන්න මීට වඩා වෙන මොන සාක්ෂියක්ද අපිට ඕනේ?

මේ කතාව අහද්දී ඔබට මොකද හිතෙන්නේ? අද අපි මීට වඩා පහසු ජීවිතවල ඉඳන් පුංචි දේටත් කම්මැලි වෙනකොට, එදා ඒ අම්මා මේ තරම් දුෂ්කර ගමනක් ගිය එක ගැන ඔබට මොකක්ද හිතෙන්නේ?

(මේ ඔබ දකින පින්තුරයේ උඩම තියෙන, පොසිල පා සටහන් සැබෑ සත්‍ය චායාරූප වන අතර, අනෙක් පින්තූර AI මගින් එම ඓතිහාසික සිදුවීම නිරුපණය කිරීම පිණිස සකසන ලද ඒවා බව සලකන්න. )

27/07/2026

ABS ප්ලාස්ටික් ඇත.
අමතන්න 0714774668

Happy new year ❤️❤️
14/04/2026

Happy new year ❤️❤️

08/03/2026
Happy new year ❤️
01/01/2026

Happy new year ❤️

28/09/2025

ප්‍රතිචක්ක්‍රිකරණය සඳහා
සුදු වීදුරු බෝතල් 2000kg පමණ ඇත

📱අමතන්න 0714774668

Address

Dehiwala
10350

Telephone

+94714774668

Website

Alerts

Be the first to know and let us send you an email when Wingo recycle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wingo recycle:

Shortcuts

Share