25/05/2026
සමහර කෙල්ලො හරි දක්ෂයි,
හදවතේ තුවාල හන්ගගෙන මූණ හිනාවකින් සරසගෙන ලෝකය ඉදිරියට යන්න..
වැටි වැටී හඩන්නට හිතෙන තැන් වලදීත් දරාගෙන නිහඩව ඉන්න..
වේදනා පිරුණු මතක තුලින් පවා ගොඩ යන්න හේතු හදා ගන්න..
හැමදේම කඩා වැටිලා සමතලා වුනාට පස්සෙත් ආය මුල ඉදන් පටන් ගන්න..
කැඩිලා බිදිලා ඉතුරු වෙච්ච කැබලි වලින් පවා ජීවිතේ අලුත් කර ගන්න..
නගින්න අමාරුම කදු තරණය කරන්න වගේම ගැඹුරුම ආගාධවලටත් කිමිදෙන්න..
වේදනාවෙන් හදවත ගල් ගැහෙන මොහොතවල් වලදිත් ඒවා අමතක කරලා තමන්ගෙ වගකීම් ඉටු කරන්න..
ඇහෙන් ගිලිහෙන උණුම උණුත් අනිත් මිනිස්සුන්ගෙන් හන්ග ගන්න..
ජීවිතය අත අරින්නම තීරණ ගන්න වෙන දවසටත් දෙපාරක් නැවතිලා ආයෙමත් හිතන්න..
තෝරාගැනීම් කිසි දෙයක් නැති තැන් වලත් ලැබෙන දේ සතුටෙන් භාරගන්න..
ගැලවෙන්න අමාරුම තැන් වලත් සිහි කල්පනාවෙන් වැඩ කරන්න..
දහසක් වගකීම් එක අතකින් දරාගෙන අනිත් අතින් තමන්වත් ඔසව ගන්න..
තමාට අහිමි දෑ උපේක්ෂාවෙන් දරා ගන්න ගන්න වගේම හිමි දේ සතුටෙන් බාරගන්න..
වෙහෙසකර දින ගැන පැමිණිලි නොකොට විවේකයක් ලැබෙනකන් මඟ බලන් ඉන්න..
අත්හැරිය යුතුම දේවල් දෙවරක් නොහිතා අත් හරින්න..
නින්ද නැති රාත්‍රින් ගණනාවකට පසුවත් එකම එක සුව නින්දක් ප්‍රමාණවත් බව සිතා සැනසිල්ලේ ඇල වෙන්න..
ඕපාදූප වෙනුවට ලස්සන අර්ථවත් දේවල් වලින් ජීවිතය පුරව ගන්න...
යහමින් උපයන්න, ඒවා අත දිග හැර තමන් වෙනුවෙන් නැතත් අනුන් වෙනුවෙන් වියදම් කරන්න..
තමාගේ වටිනාකම් දිනෙන් දින වැඩි කර ගන්න..
අවැසි තැන් වල විවෘතව කතා කරන්න,
ලයාන්විතව ප්‍රේමය ප්‍රකාශ කරන්න වගේම අවශ්‍ය තැන් වල ප්‍රේමය සගව ගන්න..
ප්‍රතික්ෂේප වීම් දරාගන්න ගමන් සම්පූර්ණ ජීවිතයම අනුන් වෙනුවෙන් කැප කරන්න,
දිව්‍යමය සුන්දරත්වයකින් ලෝකය දකින්න වගේම ලෝකයටම ප්‍රේමය පතුරවන්න..
තමාට ආදරේ අයට සීමාව ඉක්මවා ප්‍රේම කරන්න වගේම නින්දා අපහාස දරාගන්න..
ඔව් මේ හැමදේම එක්ක,
සමහර ගෑනු හරි දක්ෂයි තමන් පුංචි කාලෙ ජීවත් උන තැනින් මහ හුගක් ඉහළට ඇවිදින්න..
තමන්ගෙ කියන මිනිස්සුත් තමන් පස්සෙන් ඇදගෙන ගන්න..
හරිම අභිමානයෙන් ලෝකය ඉස්සරහා හිටගෙන තමන්ගෙ දිණුවව ලොකෙටම කියන්න.. 🩷🥰💐👑️