FreShini Suppliers

FreShini Suppliers Sri Lanka is well known for the variety and quality of most of the products in the world.

Product Range in FreShini Suppliers

*) Handmade Cookware
*) Handmade Products
*) Coir Products
*) Ceylon Tea
*) Coffee
*) Eco Products
*) Nutrient Products
*) Spices
*) Fresh Fruits & Vegetables
*) Dried or Dehydrated Fruits & Vegetables
*) Grains
*) Dried Leaves
*) Herbal Products (Iramusu, Belimal, Ranawara, Aerva lanata -Polpala)
*) Curry leaves
*) Lemon Grass (Sera Leaves)
*) Pandan Leaves (R

ampe)
*) Chilies
*) Tamarind (Siyambala)
*) Goraka
*) Coriander(Koththamalli)
*) Ceylon Cinnamon
*) Ceylon Pepper
*) Ceylon Cardamom
*) Ceylon Cloves
*) Ginger

Call us for Bulk orders 0756814671/0775835611
15/08/2024

Call us for Bulk orders
0756814671/0775835611

දැනුමට යමක් ....පොල් තෙල්පොල්තෙල් වල ජනප්‍රියතාවය ඉහළ ගොස් ඇත්තේ සෞඛ්‍යමය වාසි නිසාය. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කි...
19/07/2024

දැනුමට යමක් ....

පොල් තෙල්

පොල්තෙල් වල ජනප්‍රියතාවය ඉහළ ගොස් ඇත්තේ සෞඛ්‍යමය වාසි නිසාය. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට, හෘද රෝග වළක්වා ගැනීමට සහ ඩිමෙන්ශියාව සහ ඇල්සයිමර් රෝගය වළක්වා ගැනීමට දායක වීම පිලිබදව පොල්තෙල් වලට වැදගත් තැනක් හිමිවන බව සමීක්ෂණ වලින් හෙළි වී ඇත.
ශාක පදනම් කරගත් ආහාර සඳහා පාරිභෝගික ඉල්ලුම වැඩි වන විට, පොල් තෙල් මෘදු පොල් සුවඳකින් යුත් නිසාත් එහි පොහොසත් රසයක් තිබීම නිසාත් ජනප්‍රිය මේද තේරීමක් බවට පත්ව ඇත.
පොල්තෙල් 100% මේදය වන අතර එයින් 80-90% සංතෘප්ත මේදය වේ. මේදය සෑදී ඇත්තේ මේද අම්ල ලෙස හඳුන්වන කුඩා අණු වලින් වන අතර පොල්තෙල්වල සංතෘප්ත මේද අම්ල වර්ග කිහිපයක් ඇත. ප්‍රධාන වර්ගය වන්නේ ලෝරික් අම්ලය (47%) වන අතර, පැල්මිටික් අම්ල කුඩා ප්‍රමාණයන්ගෙන් යුක්ත වන අතර ඒවා හානිකර LDL මට්ටම ඉහළ නැංවීමට දායක වන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. අංශු මාත්‍ර වශයෙන් මොනොසැටරේටඩ් සහ බහු අසංතෘප්ත මේද අඩංගු වේ.

පොල්තෙල්වල කොලෙස්ටරෝල්, තන්තු අඩංගු නොවන අතර විටමින්, ඛනිජ සහ ශාක ස්ටෙරෝල් පමණක් දක්නට ලැබේ. ශාක ස්ටෙරෝල් වල රසායනික ව්‍යුහය රුධිරයේ කොලෙස්ටරෝල් අනුකරණය කරන අතර ශරීරයේ කොලෙස්ටරෝල් අවශෝෂණය අවහිර කිරීමට උපකාරී වේ.

•පොල් තෙල් නිෂ්පාදනය

පැසුනු පොල් වලින් යන්ත්‍රානුසාරයෙන් නැවුම් තත්වයේ පොල් තෙල් නිෂ්පාදනය කරන අතර එම පොල් තෙල් වල රසය, සුවඳ නොනැසී පවතී.
පොල් කපා නියම තත්වයෙන් වියලා කොප්පරා ලෙස ද පොල් තෙල් නිපදවීම සිදු කරයි. එහිදී රසය ,සුවඳ නොනැසී පවතින අතර තෙල් වල වර්ණය තරමක් තද පැහැයට හැරේ. මෙහි පෙර ක්‍රමයට වඩා අමතර ද්‍රව්‍ය අඩංගු වේ.

• RBD පොල්තෙල් නිපදවන ආකාරය

එය වෙනත් වර්ගවල පොල්තෙල් නිෂ්පාදනය හා සසඳන විට බෙහෙවින් වෙනස්වේ. කොප්පරා වලින් නිස්සාරණය කිරීමේදී එහි විශාල වශයෙන් විවිධ තත්වයේ ද්‍රව්‍ය අඩංගු වෙයි. අපිරිසිදු ලෙස කොප්පරා නිෂ්පාදනයේදි එහි දූවිලි අංශු, අපිරිසිදු ද්‍රව්‍ය , කෘමීන්, අවශේෂ කොටස්, ක්ෂුද්‍ර ජීවීන්, දිලීර, බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවීන් විසින් නිෂ්පාදනය කරනු ලබන විෂ අඩංගු වේ. මේවා මගින් නිෂ්පාදනය කරන පොල් තෙල් මිනිස් පරිභෝජනයට නුසුදුසුය. එයට හේතුව විවිධ විෂ වර්ග ශරීරගත වීම මගින් විවිධ අසාත්මිකතාවයන් ඇති වීමයි.

•RBD කිරීම

සියළුම අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා, මුලින්ම කොප්රා වෙතින් තෙල් නිෂ්පාදනය කර පසුව පිරිපහදු කිරීම, විරංජනය කිරීම සහ ඩියෝඩරීකරණය කිරීමේ ක්‍රියාවලියකට භාජනය කිරීම සිදු කරයි.
මෙම ක්‍රියාවලියට තෙල් පෙරීම සහ විරංජනය කිරීම ඇතුළත් වන අතර තෙල් ඉහල උෂ්ණත්වයකට රත් කරනු ලැබේ. අධික තාප උෂ්ණත්වය තෙල් ඩියෝඩරීකරණය කර විෂබීජ සහ වෙනත් ඕනෑම බැක්ටීරියා විනාශ කරයි. අවසාන වශයෙන්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් Na (OH) 2 එකතු කිරීමෙන් මොනෝ මේද සහ ඉතිරි නිදහස් මේද ඉවත් කරනු ලැබේ.
අවසාන නිෂ්පාදිතය වඩාත් ස්වාභාවික නැවුම් පොල්තෙල් වලට සාපේක්ෂව ඉහළ සැකසූ හා පිරිපහදු කළ පොල්තෙල් ය.

•වර්ජින් පොල්තෙල් හා සසඳන විට ආර්බීඩී පොල්තෙල් වල වෙනස කුමක්ද?

පිරිපහදු කළ පොල්තෙල් හඳුනා ගැනීම සඳහා ඇති ප්‍රධාන වෙනස නම් ඒවා ගන්ධ රහිත වන අතර පොල් රසයක් නොමැති වීමයි.
ස්වභාවික නැවුම් පොල්තෙල් පොල් තෙල් මෘදු පොල් සුවඳක් සහ රසය රඳවා තබා ගැනීමට පහසු කරයි. තෙල් දෙකෙහි ඇති මෙම වඩා පැහැදිලි වෙනස හැරුණු විට, නැවුම් පොල්තෙල් හා සසඳන විට පිරිපහදු කළ පොල්තෙල් බෙහෙවින් වෙනස් ය.

පොල්තෙල් උණුසුම හා රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පිරිපහදු කරන අතර නැවුම් පොල්තෙල් එවැනි ක්‍රියාවලියන්ට නිරාවරණය නොවේ. ප්‍රභවය ද වෙනස් ය. ආර්බීඩී පොල්තෙල් කොප්පරා වලින් ලබා ගන්නා අතර නැවුම් පොල්තෙල් ලබා ගන්නේ පරිණත පොල් වලින් ය.

• Aflatoxins යනු

කොප්පරා වියළීමේදී හා ගබඩා කිරීමේදී උනුසුම් හා ශීත තත්ව යටතේ දිලීර සෑදීම සිදුවේ. Aspergillus flavus and Aspergillus parasiticus යන දිලීර මගින් ඇෆ්ලටොක්සීන් නිපදවීම සිදුවේ.
අපිරිසිදු පොල්තෙල් වල විෂ ද්‍රව්‍ය වලින් Aflatoxin B1 85%ක් පමන අඩංගු වන බව පර්යේෂණ වලින් සොයා ගෙන ඇත.
එය අක්මාවේ පිලිකා සෑදීමේ සම්භාවිතාව ඉහල නංවන බවද පර්යේෂණ මගින් සනාථ කර ඇත.
නමුත් ඉහල උෂ්ණත්ව වලදී විෂ ද්‍රව්‍ය ඉහල ප්‍රමානයක් විනාශ වෙයි.

අපිරිසිදු කොප්පරා මගින් නිපදවන පොල්තෙල් හෝ අපිරිසිදු ලෙස දිගු කාලයක් ගබඩා කරන ලද පොල්තෙල් තුල බැක්ටීරියා ,දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍ය බොහෝ ලෙස අඩංගු වෙයි.

ගැඹුරු තෙලේ බදිනවානම් වඩා සුදුසු වන්නේ පොල්තෙල්ය. ඒත් එක වරක් පමණි. නැවත භාවිතය නුසුදුසුය. තෙම්පරාදුවක් කරනවානම් තෙල් භාවිතා වන්නේ එක වරක් පමණක් නිසාත්, දිගු වෙලාවක් තෙල් සමග සෙල්ලම් නොකරන නිසාත්, අසන්තෘප්ත මේද අම්ල සහිත එළවලු තෙලක් භාවිතා කිරීමේ වරදක්ද නැත.
තත්ව පාලනයෙන් අසමත් ද්‍රව්‍ය ලබාගෙන ලාභ පමනක් අපේක්ෂා කරන, සංවර්ධනය වෙමින් පවතින රට වල වෙලද ව්‍යාපාර මගින් අසරණ ජනතාව මරු කටට ‍යොමු කරමින් පවතී.

FreShini වෙතින් ඔබට දැන්  ස්වභාවික සුදු පොල්තෙල් 🥥 1L ,500ml සහ 750ml ප්‍රමාණ වලින් නිවසටම ගෙන්වා ගැනීමට 🏡 පහසුකම් සපයා ...
19/07/2024

FreShini වෙතින් ඔබට දැන් ස්වභාවික සුදු පොල්තෙල් 🥥 1L ,500ml සහ 750ml ප්‍රමාණ වලින් නිවසටම ගෙන්වා ගැනීමට 🏡 පහසුකම් සපයා ඇති බව සතුටින් දන්වා සිටිමු.

100% ම ස්වභාවික කොප්පරා සහ රසායනිකයන් අඩංගු නොවන අපනයන ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කල සුදු පොල් තෙල් භාවිතා කර ඔබත් අදම සෞඛ්‍යාරක්ෂිත ජීවන රටාවක හිමිකරුවෙක් වන්න.

විශ්වාසයෙන් ගුණයෙන් රසයෙන් තහවුරු වු උසස්ම තත්ත්ව සහතික යටතේ ඔබ අතට එන පිරිසිදු සුදු පොල්තෙල් මිලදී ගැනීමට අමතන්න.

500ml-650/=
1l-1075/=
750ml(බෝතලය)-895/=

Lanka-0773907912
Sheran-0775835611

විශ්වාසයෙන් ගුණයෙන් රසයෙන් තහවුරු වු උසස්ම තත්ත්ව සහතික යටතේ ඔබ අතට එන පිරිසිදු සුදු පොල්තෙල් මිලදී ගැනීමට අමතන්න.500ml-...
25/05/2024

විශ්වාසයෙන් ගුණයෙන් රසයෙන් තහවුරු වු උසස්ම තත්ත්ව සහතික යටතේ ඔබ අතට එන පිරිසිදු සුදු පොල්තෙල් මිලදී ගැනීමට අමතන්න.
500ml-650/=
1l-1075/=
750ml(බෝතලය)-895/=

Lanka-0773907912
Sheran-0775835611

ISO 22000-2018 සමග තරු 05  තත්වසහතිකය හිමිපොල් මද වලින් නිශ්පාදන කරන සුදු පොල්තෙල්.ඔලීනා සුදු පොල්තෙල් දැන් තොග වශයෙන් ඔ...
21/01/2024

ISO 22000-2018 සමග තරු 05 තත්වසහතිකය හිමි
පොල් මද වලින් නිශ්පාදන කරන සුදු පොල්තෙල්.
ඔලීනා සුදු පොල්තෙල් දැන් තොග වශයෙන් ඔබ වෙත!!!

කෑන් ලබා ගත හැත 📢🟥

ඩිලිවරි ලබා ගත හැත 👍

දැන්ම කතා කරන්න ☎
Lanka-0773907912
Sheran-0775835611

"නිරෝගී පරපුරක දේශීය සන්නාමය"
!!!Oleena!!!!

⁨⁩

මුරුංගා කොළ කැද...ලෝකේ තියන හොදම ආහාරය කියලා කියන,දීර්ඝායුෂ ශාක පත්‍රය - මුරුංගා කොළ.. 🌿🌿🌿දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබ...
18/09/2022

මුරුංගා කොළ කැද...

ලෝකේ තියන හොදම ආහාරය කියලා කියන,
දීර්ඝායුෂ ශාක පත්‍රය - මුරුංගා කොළ.. 🌿🌿🌿

දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නොදන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති...

ඉස්සන්ගේ, කකුළුවන්ගේ සැර මැකෙන්න අහුරක් දානවා ඇර, ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කර ගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.

පසුගියදා මුරුංගා කොළ ගැන පර්යේෂණයක් කරපු කණ්ඩායමක් භොයාගත් දේ ඇසුවොත් ඔබ පුදුම වෙයි.

වසර 4000ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම්, පොටෑසියම්, කැරොටීන්, විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථවලිනුත්, ප්‍රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහොසත්.

අපේ අනිකුත් පෝෂ්‍යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට හෙළිවූ කරුණු ඔබ විශ්වාස කරයිද? මන්දා...

* යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
* කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් ඒ
* කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්
* කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්
* දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් සී

විශ්වාසද ? මේ පර්යේෂණ කණ්ඩායම හොයාගත් දේ...

* නිවිතිවලට වඩා විස්පස් ගුණයක යකඩ !
* බිත්තරවලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන් !
* මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80ක ගුණ !

අදහන්නත් බැරි අපූරු කතා නේද ?

කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ, සැබැවින්ම සෞඛ්‍ය වාසි රැසක් අත්කර දෙන සුපිරි බහුකාර්‍ය ආහාරයක්.

ප්‍රතිශක්ති වර්ධක ගුණැති එය ප්‍රදාහ නාශක ගුණයෙන් යුක්තයි. ඇස් පෙනීම වර්ධනය කර දෙනවා. ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා.

එය මුලින්ම ළදරුවන්ට ඝන ආහාර ලබා දීමේදී එකතු කළ යුතු සුවිශේෂ ආහාරයක් සේ නම් කෙරෙන්නක්.

මුරුංගා කොළ පිළිකා නාශකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. උදරයේ ගැස්ට්‍රයිටිස් තුවාලවලින් සැදෙන පිළිකා, සමේ මෙලනින් ඇතිකරන සෛලවල පිළිකා, මෙන්ම අක්මා හා පෙණහළු පිළිකා වලටද ඉන් වැට බැඳෙනවා.

එසේම සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් පාලනය කිරීමට එය උපකාරී වෙනවා.

අස්ථි හා දත් ශක්තිමත් කරනවා. එමගින් වියපත්වනවිට ඇතිවිය හැකි ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්ව වළක්වාලනවා.

ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට සහායවන අතර සිරුරේ බරත් පාලනය කර දෙනවා. එය නිර්මාංශිකයන්ට ඇතිවිය හැකි පෝෂණ ඌණතාද සපුරන්නක්.

යුවතියන්ගේ රුව වඩවමින් මනාව හිසකෙස් වවන මුරුංගා කොළ සම,ත් නිරෝගිකර දෙනවා. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන වියපත් රැලි,ද මකාලනවා. එමගින් වයසින් ආපස්සට යන පෙනුමක් ලබා දෙනවා.

එපමණක් නොවෙයි, මුරුංගා කොළ මානසික සෞඛ්‍යයත් වර්ධනය කර දෙන්නක්.

මුරුංගා කොළ මැල්ලුමක්, වෑංජනයක්, බැදුමක් සේ ආහාරයට ගත හැකියි. අමු කොළ යුෂත් පානය කළ හැකියි. කොළ මඳ පවනේ වියළා කුඩුකර තේ පානයක් සේද සකසා ගත හැකියි.

කොළ කුඩු දිනපතා ආභාරයට දින 90ක් යොදගත් විට විස්මිත ඵල ලැබුණු බව කණ්ඩායම පවසනවා.
එමගින් ලැබුණු ඵලදායිත්වයේ ප්‍රතිඑල ඔවුන් ප්‍රතිශත ලෙස මෙසේ ඉදිරිපත් කළා.

*රුධිර වාහිනී 55%
*අත්මාව 65%
*වකුගඩු 54%
*මොළය 34%

ඉතින් මේ තොරතුරුවලින් අප වටහා ගත යුත්තේ වඩ වඩාත් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අපේ ශාරීරික මානසික සුවය මනාව රැකගත හැකි බව නොවේද?

Moringa leaves nest...

It is said to be the best food in the world.
Longevity plant leaf - Morunga leaf.. 🌿🌿🌿

There is no one who does not know the taste properties of drumsticks, which are known as the longevity plant. But there are few people who know the amazing properties of Moringa leaves...

Most people don't think about anything beyond that, apart from putting a bowl of water on the prawns and crabs to remove their stings, and occasionally adding them to a stir-fry.

You will be surprised to hear what a group that did a research on Moringa leaves recently found.

Moringa has been used as food and medicine for 4000 years. Moringa leaves are rich in standard, potassium, carotene, vitamins and many other nutrients and antioxidants.

Would you believe what our other nutritious foods and moringa leaf comparisons reveal? Why...

* 9 times as useful as yogurt
* 10 times as many vitamins as carrots
* 15 times more potassium than bananas
* 17 times the tradition of milk
* 12 times more vitamin C than oranges

Are you sure? What this research team found...

* Seven times more iron than spinach!
* Four times more protein than eggs!
* Benefits of 80 cups of milk in a cup of moringa leaf juice!

Incredible stories, right?

Moringa leaves are a super versatile food with many medicinal benefits naturally without any chemicals.

It has anti-inflammatory properties and is immune boosting. Develops eyesight. Pregnant mothers and children are given necessary nutrition.

Moringa leaves also act as an anti-cancer agent. Cancers caused by stomach gastritis, cancer of the cells that produce melanin in the skin, as well as liver and lung cancer.

Also, it helps to control the sugar level in the body, heart disease cholesterol and blood pressure level.

Strengthens bones and teeth. It prevents diseases such as osteoporosis that may occur in old age.

It supports the proper functioning of the digestive system and controls body weight. It also supplements the nutritional deficiencies that vegetarians may have.

Moringa leaves, which make girls look good and grow hair, also heal the skin. It heals wounds, cysts and skin infections and erases facial wrinkles. It gives an aged look.

Moreover, Moringa leaves also promote mental health.

Moringa leaves can be eaten as a paste, curry, fried. You can also drink raw green juice. The leaves can be dried and powdered to make a tea.

The group says that when the leaf powder was applied daily for 90 days, amazing results were obtained.
They presented the results of the productivity as percentages.

*Vascular 55%
*Soul 65%
*Kidney 54%
*Brain 34%

So we should understand from this information that by eating more and more morunga leaves, we can protect our physical and mental well-being.

Address

Divulapitiya
11250

Alerts

Be the first to know and let us send you an email when FreShini Suppliers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FreShini Suppliers:

Share