28/11/2024
https://www.facebook.com/share/p/18ofZJUpMz/
Facebook Ads Results ඇත්තටම අඩු වෙලාද?
ටික කාලෙක ඉංදන් Facebook ads campaign run කෙනෙක්ට මේ වෙද්දි වෙනදට වඩා Ads වල Results වල අඩුවකුයි Costs වැඩි වීමකුයි අසාමන්‍යය විදියට පෙන්නන්න පුලුවන්. ඒකට ප්‍රදාන විදියටම බලපාන කාරණා 5කුයි. මේ Challenge එකට විසදුමක් විදියට අපිට කරන්න පුලුවන් දේවල් කිහිපයක් ගැනයි පොඩියට කියලා යන්නම්.
ඇත්තටම මං මේ කියන්නේ 2020 ඉංදලා මේ වෙද්දි Run කරපු ඇඩ්ස් වල වෙච්ච Changes and Challenges වලින් මං Learn කරපු දේවල් වලින්. මට කලින් කරපු campaign වලට වඩා දැන් campaign වල අඩු වෙන්න ප්‍රදාන හේතු විදියට මං දකින්නේ මෙන්න මේ කාරණා 5.
1)Competitive: ඉස්සරට වඩා ගොඩක් බිස්නස් දැන් Online Advertising පාවිච්චි කරනවා. ඒක නිසා හැම වෙලේම ඔයාට ඔයාගේ Competitorට කලින් ඔයාගේ Ad එක Pop Up කරගන්නම වෙනවා. ඒක නිසා ඔයා මොකක් කරන්න පටන් ගන්නත් කලින් ඔයාගේ මේ Competitorsලා මොකද කරන්නේ කියන එක ගැන දැන ගන්න හොද competitor analysis එකක් කර ගැනීම යහපතකී!
2)Consumer Behaviors: මේක නම් ඔයාට ලංකාව ඇතුලේ බිස්නස් එකක් කරන කෙනෙක් නම් තමා උපමා කරලා ලේසියෙන්ම අදුරගන්න පුලුවන්….ඔයා ඉස්සර කොහොමද online shopping එක්ක Engage වුණ විදියයි දැන් කොහොමද ඔයාගේ purchasing power එක ගැන. එහෙම දෙයක් ගන්න කලින් ඉස්සරට වඩා කොච්චර දේවල් බලනවද කියලා හිතුවම ඒහ් touch points ටික cover වෙන්න campaign plan කරගන්න පුලුවන් ( තලගොයෙක් දැක්කත් ලාභයිනේ කියලා ඕර්ඩර් කරන ඔයාලට නම් මේක අදාල නෑ. ඔයාල අපේ සම්පත් ලමයෝ )
3)Targeting Issues: ඔයාගේ Audience Size එක Too Broad and Too narrow වෙද්දිත් ඔයාගේ campaign එක fail වෙන්න පුලුවන්. ඒක නිසා හරියටම ඔයාගේ campaign segmentations ටික කරගන්න එක සහ ඒවගේ cost එක ගැන හරි අවදානෙන් සිටීම යහපතකී!
4)Budget: ඔයාටත් පාඩුවක් නොවෙන්න FB එකටත් campaign learning එක ලේසි වෙන්න කොච්චරක්ද ඔයා දාන්න ඕනේ කියන එක ගැන ඔයාට හරිම clear idea එකක් තියෙන්න ඕන. ඔයා කොතනදිද budget වැඩි කරන්න ඕනේ අඩ කරන්න ඕනේ කියන එක ගැනත් හොදටම අවබෝදයෙන් ඉන්නම ඕනේ!
5)Platform Technical Changes: මේ හැම platform එකක්ම technically සැහෙන්න ඉක්මනට වෙනස් වෙනවා පහසු වෙනවා. ඒක නිසා ඒ update හැම එකක් ගැනම update වෙලා ඉන්න එක ඔයාගේ මුදලත් කාලයත් දෙකම ඉතුරු කරලා දෙන්න වග බලා ගන්නවා!
ඔන්න ඔය ටික නිසා ගොඩක් වෙලාවට ඔයාගේ campaign එහෙ වෙන්න පුලුවන්. ඉතින් ඔය ටිකට විසදුම් ගන්න වෙන්නෙත් ඔය ටිකෙන්ම තමා.. මේ ඔක්කොටම පොදු විදියට අපිට පාවිච්චි කරන්න පුලුවන් හොදම විසදුම තමා අපි පාවිච්චි කරන Creatives. මමයි තව advertisersla ටික දෙනෙක් ඇරෙන්න Ads බලන්නම Facebook use කරන අය සැහෙන්න අඩුයි! මොකද අපි ස්වභාවිකවම කාගෙවත් ඇඩ් පාරකදිවත් බලන්න කැමති නෑ. හැබැයි අපිට වැඩක් තියෙන ඇඩ් එකක් නම් බැලුවත් අවුලක් නෑ. ඉතින් මේ ඇඩ් එකේ Creativity එක හරියටම Plan කරලා Design කර ගන්න එක හරිම වැදගත්. සමහර වෙලාවට මට හම්බෙලා තියෙනවා Ad Budget එක විදියට ලක්ෂ ගණන් දාන්න පුලුවන් ඒත් පෝස්ට් එක හදාගන්න LKR 2500+ වෙයි කිව්වම එච්චර යනවද අහන අය. ඇත්තටම අපි වැඩිපුරම Invest කරන්න ඕනි මේ Creatives වලට. එතකොට හැබැයි මම කියන්නේ නෑ TV Commerical එකකට වගේ වියදම් කරගෙන Creatives හදා ගන්න ඕනේ කියලා. හැබැයි අපි website එකක් නැතිව Msg Objective කරලා කරන් යන campaign වල ඔයාගේ Audience එකේ Attention to Action Engage කර ගන්න ඕනි නම් ඔයාට ඔයාගේ Creatives හොද Core එකකට හදා ගන්නම වෙනවා.
මෙතනින් පස්සේ ඔයාට ආයේ පුරුදු විදියටම් මං කලින් පාරක් දාපු “$10 ඇතිද “ පෝස්ට් එකේ ක්‍රියා පිලිවෙල සමග අතිශය ප්‍රතම වතාවට වුවද වෙනසක් කර ගන්න පුලුවන්! උදාරයි උදාරයි නේද? ඒ පෝස්ට් එක පලවෙනි Comment එකේ…! මීට වඩා දැම්මට කියවන්නේ නැති නිසා මේ ඇති මීට වඩා දැන ගන්න මොනවා හරි තියෙනවා නම් personally මට reach වෙන්න. පොඩි පොඩි දේවල් නම් අවුලක් නෑ ටිකක් ලොකු දේවල් ටිකක් නම් කතා කරන්න තියෙන්නේ ඔයාටත් පාඩුවක් නැති මටත් පාඩුවක් නැති ක්‍රියා පිලිවෙතක් අනුගමනය කරන්නම වෙයි!! එහෙම නම් ජය!!
මොනවා හරි insight එකක් හම්බුනා නම් උදාරයි උදාර්‍යි කියලා Share කරන්න යාලුවේ ❤