SED Pages Thumpane

SED Pages Thumpane Entrepreneur's Directory of Thumpane Division

14/05/2026
මේ කාංචනා  දිල්රුක්ෂි බණ්ඩාරනායක ගේ ව්‍යාපාරයයි. ඇය  තරැණ ව්‍යවසායිකාවක්. Business එකට අත්පොත් තබන්නේ SED අපිත් එක්ක,තම ...
25/09/2025

මේ කාංචනා දිල්රුක්ෂි බණ්ඩාරනායක ගේ ව්‍යාපාරයයි. ඇය තරැණ ව්‍යවසායිකාවක්. Business එකට අත්පොත් තබන්නේ SED අපිත් එක්ක,තම පියාගේ අඩි පාරේ යමින් තමන්ටම කියාලා ව්‍යාපාරයක් හදා ගන්න උත්සහ ගන්න දිරිය තරුණියක්.
කාංචනාට අවශ්‍ය ව්‍යාපාරික දැනුම ,පුහුණුව ලබාදෙන්න හොඳම තෝතැන්නක් වූ EDP දින 08ක නේවාසික වැඩමුළුවට අපි මුලින්ම කාංචනාව යොමු කරා .ව්‍යාපාරයක් විතරක් නෙවෙයි ජීවිතයත්සාර් ථකව ජයගන්න කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් ලබා දෙන EDP ව්‍යවසායකත්ව සංවර් ධන පුහුණු වැඩසටහන ව්‍යාවසායකත්ව උණක් තියෙන තරුණ තරුණියන්ට ඉම
හත් පිටුවහලක් වෙනවා නොඅනුමානයි. ඉතින් කාංචනාට ඒ අවස්ථාව අපි උදාකරලා දීම ගැන සකුටුයි.

ස්තූතියි Priyanthi Perera මිස් Shantha Mnthilake සර් Sudheera Jayarathne sir

තුම්පනේ ප්‍රාදේශීය ලේකම් තුමාගේ මැදිහත්වීමෙන් 50% දායකත්වයෙන් රජය මගින් ලබාදෙන මහන මැ්‍ෂිමක් ලබා දීමට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපි කාංචනාට සහය දුන්නා.
ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආයෝජනය කරන්න දැනුම කුසලතා විතරක් ම තිබුණට මදි මුදල් තියෙන්නත් ඕන ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණ නිලධාරී Darshana Amarasena මහතා ගේ උපදෙස් අනුව අපි ව්‍යාපාර සැලැස්මක් කාංචනාට හදලා දුන්නා. ඒ ව්‍යාපාර සැලැස්ම අනුව BOC බැංකුව සම්බන්ධ කර ගනිමින් ව්‍යාපාරයක් ආරම්භකරන තරුණයන්ට ලබාදෙන.රු.500000/=Youth ණය ලබා ගත්තා.

එම මුදල තමන්ගේ ව්‍යාපාරයට ආයෝජනය කරමින් තම පියාගේ ව්‍යාපාරයටම සම්බන්ධ කර ගනිමින් Aberathna Tailors & Textiles නමින් ව්‍යපාරයක් ආරම්භ කරා එහි පාසල් නිල ඇදුම් , පිරිමි සියළුම නිමි ඇදුම් හා උත්සව අවස්ථාවන්ට පිරිමින් සඳහා කබා කලිසම් කුලියට ලබා දීමද සිදු කරයි.
නව ව්‍යාපාරයක් විදිහට ගොඩ නැගුන මෙම ව්‍යාපාරය සඳහා LOGO ,visiting card නිර්මාණය කිරිමට ද කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපි දායක උනා.
2025 සැප්තැම්බර් 18 වෙනිදා.
කාංචනා තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ ගුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් ලබා දෙන පුහුණු වැඩසටහන් වලට පැමිණ දැනුම සොයන තරුණ ව්‍යවසායිකාවක් ඉදිරියටත් කර් මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපි ඔබ‍ ගේ ව්‍යාපරයේ සංවර්ධනය සඳහා සහය දෙන්න කැමැත්තෙන් සිටින්නෙමු.
ඔබට ජය!

‍ව්‍යවසායකයන්ට මෙවැනි සේවාවන් ලබා දීමට අපව දිරිමත් කරන අපේ අධ්‍යක්ෂ තුමාටත්,
නිරන්තරයෙන් අපි ගැන සොයා බලමින් උපදෙස් ලබා දෙමින් අපිව දිරිමත්ක රන මහනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Trincy Manoja මැඩම් ටත් සහකාර අධ්‍යක්ෂ Jayantha Dhanapala සර් ට තුම්පනේ ප්‍රාදේශීය ලේකම් Shameera Rathnayke සර් ටත් ව්‍යවසායකත්ව සංවර් ධන පුහුණු නිලධාරි Darshana Amarsens මහතාටත් බෙහෙවින්ම ස්තුතියි!

2025/08/14 හා 15 යන දෙදින  මහනුවර කුඩා ව්යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරීන් ගේ සම්පත් දායකත්වයෙන්...
25/08/2025

2025/08/14 හා 15 යන දෙදින මහනුවර කුඩා ව්යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරීන් ගේ සම්පත් දායකත්වයෙන් තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කාර් යාලයේ කුඩාව්‍යාපාර සංවර්ධන නිලධාරීන් සංවිධානය කරන ලද , ‍
ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර ඩිජිටල්කරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව දෙදින පුහුණුවක් පවත්වන ලදී.
එහිදී තුම්පනේ කොට්ඨෘශයේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ලොව පුරා පාරිභෝගිකයන් අතරට ගෙන යාම වෙනුවෙන් ඔවුන්ගේ smart දුරකථනය භාවිතය පිළිබඳව අවධානය යොමු කළ අතර තවදුරටත් ඔවුන්ව පසු විපරම් කරමින් ව්යාපාර සංවර්ධනයට අපි සූදානමින්........මෙහිදී ව්‍යවසායකයන්ඉතා උනන්දුවෙන් වැඩසටහනට සමබන්ධ විය.
මේ සඳහා සහය දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ට්‍රින්සි මනෝජා මැඩම්,තුම්පනේ ප්‍රාදේශීය ලේකම් සමීර රත්නායක සර්, සහකාර අධ්‍යක්ෂ ජයන්ත ධනපාල සර්,
නිරන්තර උපදෙස් ලබා දෙන දර් ශන අමරසේන මයා,චාමිකා ධර් මසේන මිය,නිලංග පුෂ්පකුමාර මයා,වජීරා ගුණරත්න මිය සියළු දෙනාටම තුති.

මෙම link එකෙන් group එකට එක්වන්න.https://chat.whatsapp.com/GaOH7HiF6iXCsylzmD6iVp?mode=ac_tඔබත් ව්‍යාපාරයට ඩිජිටල් තාක්ෂ...
12/08/2025

මෙම link එකෙන් group එකට එක්වන්න.
https://chat.whatsapp.com/GaOH7HiF6iXCsylzmD6iVp?mode=ac_t
ඔබත් ව්‍යාපාරයට ඩිජිටල් තාක්ෂණය භාවිතා කර සංවර්ධනය කිරීමට කැමැත්තක් ඇති ව්‍යවසයකයෙක්ද?
👉 එසේ නම් කර්මාන්ත හා ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යාංශයේ , කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් නොමිලේම ඔබ වෙනුවෙන් පවත්වනු ලබන How to Digitaliz Your Business වැඩසටහන සමග ඔයත් එකතු වන්න.
📌අගෝස්තු 14/15 යන දින දෙකම පෙ.ව 9.00 ට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ විදාතා සම්පත් පුහුණු සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

🎯 ව්‍යවසායකයන් 30 ක් පමණක් සහභාගි කරගන්නා බැවින් දින දෙකම සහභාගි වීමට හැකියාවක් ඇති ව්‍යවසායක ඔබ පහත සදහන් දුරකථන අංකයට ඇමතුමක් ලබාදී ඔබේ සහභාගිත්වය තහවුරු කරන්න.
👉(0706250538 නිරෝශා/0706250559 නිලන්ති )

Address

Galagedara
20100

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94812229180

Alerts

Be the first to know and let us send you an email when SED Pages Thumpane posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Thumpane:

Share