19/09/2026
🌿 ඔබේ කුරුඳු වගාබිමේ පාංශු තත්ත්වය දැනගන්න!
කුරුඳු වගාකරුවන් සඳහා නොමිලේ පාංශු පරීක්ෂණ හා උපදේශන සේවාවක් 🌱
ඔබේ කුරුඳු වගාව නිසි ලෙස වර්ධනය නොවන්නේ ඇයි?
පාංශු තත්ත්වය නිවැරදිව හඳුනාගෙන, අවශ්ය පෝෂක නිසි ප්රමාණයෙන් ලබාදීම සාර්ථක කුරුඳු වගාවකට අත්යවශ්ය වේ.
🔬 මෙහිදී නොමිලේ ලබාගත හැකි සේවාවන්
✅ පාංශු pH අගය පරීක්ෂා කිරීම
✅ පාංශු EC අගය පරීක්ෂා කිරීම
✅ NPK පෝෂක මට්ටම් පරීක්ෂා කිරීම
✅ ඔබේ වගාබිමේ පවතින පාංශු ගැටලු හඳුනාගැනීම
✅ හඳුනාගත් ගැටලු සඳහා සුදුසු ප්රතිකර්ම හා කළමනාකරණ ක්රම පිළිබඳ උපදේශනය
✅ ඔබේ වගාබිමේ වර්තමාන තත්ත්වයට ගැළපෙන විශේෂඥ උපදෙස්
📅 දිනය
2026 සැප්තැම්බර් 24 වන බ්රහස්පතින්දා
⏰ වේලාව
පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
📍 ස්ථානය
කුරුඳු පුහුණු විද්යායතනය (CTA)
කොස්ගොඩ දුම්රිය ස්ථානය ඉදිරිපිට
🎁 මෙම සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ!
📌 පස් සාම්පලය රැගෙන එන ආකාරය
• වගා භූමියේ ස්ථාන කිහිපයකින් පස් සාම්පල ලබාගන්න.
• මතුපිට ඇති කොළ, මුල් සහ අනෙකුත් අපද්රව්ය ඉවත් කර පස් ලබාගන්න.
• ලබාගත් පස් සාම්පල හොඳින් මිශ්ර කර එක් සාම්පලයක් ලෙස සකස් කරන්න.
• එම සාම්පලය පිරිසිදු පොලිතීන් බෑගයක දමා රැගෙන එන්න.
• අක්කරයක වගාබිමක් සඳහා පස් ග්රෑම් 300ක් පමණ රැගෙන ඒම ප්රමාණවත් වේ.
⏰ පරීක්ෂණය හා උපදේශනය සඳහා ගතවන කාලය
එක් අයෙකු සඳහා සාමාන්යයෙන් විනාඩි 30ක් පමණ ගත වේ.
⚠️ පූර්ව කාල සැසියක් (Time Slot) වෙන්කරවාගෙන පමණක් සහභාගී විය හැක.
📝 කාල සැසිය වෙන්කරවා ගැනීමට:
පහත Google Form එක පුරවන්න.
https://forms.gle/YDa7GBqNsuKkU2xPA
හෝ
📱 WhatsApp හරහා පණිවිඩයක් යොමු කරන්න.
📞 074 341 1199
📞 078 530 4668
🌱 ඔබේ පස හඳුනාගන්න.
🌿 ඔබේ කුරුඳු වගාව නිවැරදිව කළමනාකරණය කරන්න.
Cinnamon Training Academy – Kosgoda