Ceylon Deal Makers

Ceylon Deal Makers welcome to the Ceylon Deal Makers community. This is a place for online Advertising , business devel

25/08/2023
මගේ ජීවිතේ.....හැමෝම මාව අතහැරපු හැමවෙලාවකම.....මට හිටියේ දෙවියොයි.....උඹයි විතරයි මැණික ❤
10/03/2023

මගේ ජීවිතේ.....
හැමෝම මාව අතහැරපු හැමවෙලාවකම.....
මට හිටියේ දෙවියොයි.....
උඹයි විතරයි මැණික ❤

සුනාමි ඛේදවාචකයට අදට වසර 18 ක්!😪මගේ පවුලේ ජීවිත 4 ක් බිලිගත් මේ මහා ව්‍යසනය...මට මුළු ජීවිත කාලයටම මතක තියේවි....😢ම...
26/12/2022

සුනාමි ඛේදවාචකයට අදට වසර 18 ක්!😪

මගේ පවුලේ ජීවිත 4 ක් බිලිගත් මේ මහා ව්‍යසනය...
මට මුළු ජීවිත කාලයටම මතක තියේවි....😢
මගේ සීයාත්,ආච්චිත්, පුංචි අම්මාත්,ඇගේ පුංචි දුවත්,
සදහටම අපෙන් සමුගත්තා...😪
සුනාමි ඛේදවාචකයෙන් දිවි අහිමි වූ....
සියළුම ආත්මයන්ට....
සදාකාලික සැනසීම හිමිවේවා🙏

මෙම මහා ඛේදවාචකය....
මගේ මව්බිමේ....
රත්තරන් මිනිස්සුන්ගේ එකමුතුකම ගැන....💛
අපේ රටේ මිනිස්සුන්ගේ පරිත්‍යාගශීලිත්වය ගැන...
ඉතාම වටිනා ආදර්ශයක් මුළු ලෝකයටම පෙන්වූවා!

මේ ව්‍යසනයෙන්...
අසරණවුණු....
අවතැන්වුණු....
කිසිම කෙනෙක් එක් වේලක්වත්....
කුසගින්නේ තියන්න....
අපේ රටේ රත්තරන් මිනිස්සු ඉඩ තැබුවේ නෑ!

මුළු රටක්ම එකතුවෙලා....
අසරණ වුණු අපේම මිනිස්සුන්ගේ.....
කඳුළු පිසදැම්මා....🙏

සුනාමිය දරුණු ඛේදවාචකයක් තමයි...
එය අපිට නැවැත්විය නොහැකි වෙච්ච...
අති දරුණු ස්වභාවික ව්‍යසනයක්...!
එදා එපමණ දරුණු ඛේදවාචකයකට....
නිර්භීතව මුහුණදුන් අපේ රටේ මිනිස්සුම...
අද වනවිට....
රටේ දේශපාළුවෝ එකතුවෙලා නිර්මාණය කරපු....
මහා ආර්ථික ඛේදවාචකයකට....
මුහුණදෙමින් සිටිනවා....😢

නමුත්....
සුනාමි ඛේදවාචකය ඉදිරියේ....
අපේ රටේ මිනිස්සු පෙන්වපු....
නිර්භීතකම....
එකමුතුකම...
අනුන්ගේ දුකේදී උණුවෙනබව....
අද දකින්න ලැබෙන්නේ නැති තරම්....😢

එදා සුනාමි ඛේදවාචකයට මුහුණ දුන්නේ...
රටේ එක කොටසක් විතරයි....
අද මුළු රටම...
මේ ආර්ථික ඛේදවාචකයට මුහුණදෙනවා!
අපි පිල්වලට බෙදිලා...
බයියෝ, ටොයියෝ, ජෙප්පෝ,පෙරෙට්ටෝ කියාගෙන..
ආගමික, නිරාගමික කියාගෙන....
එකිනෙකාට ඇඟිලි දිගුකරන් චෝදනා කරගන්නවා!
රට බලන් ඉඳිද්දීම අගාධයට යනවා....😢

එදා සුනාමියෙන් වැටුණු රට ගොඩගත්තේ....
දේශපාළුවෝ නෙවෙයි!!!!
එදත් රට ගොඩගත්තේ...
අපේම රටේ මිනිස්සු එකතුවෙලා💪
ලොව පුරා ගිහින් ආධාර එකතු කරලා!
දේශපාළුවෝ කළේ....
එහෙම ගත්ත ආධාරත් හොරාකාපු එක!

හොඳින් මතක තියාගන්න....☝
මේ ආර්ථික ඛේදවාචකය ජයගන්න පුළුවන්....
අපේ රටේ රත්තරන් මිනිස්සු....
එකා වගේ එකතුවුණොත් විතරයි!

අදම පටන් ගන්න....
ජාති,ආගම්,කුල, දේශපාලන කල්ලි වාදභේද... සියල්ලම සදහටම ඉවත් කරලා දාන්න!
තමන්ට පුළුවන් විදියට...
තමන්ට වඩා අසරණ වුණු කෙනෙක්ට, පවුලකට...
අතදෙන්න! උදව් කරන්න!

එකම රටක්! එකම ජාතියක්!
විදියට අපිඑකට එකතුවුණොත්....
මේ ආර්ථික ඛේදවාචකය ජයගන්න පුළුවන්!

ඔව් ! අපිට පුළුවන් 💪
Yes ! Sri Lanka Can 💪🇱🇰

03/10/2022

ගාල්ල, කරාපිටිය, පිළිකා රෝහලේ.....
ළමා වාට්ටුව වෙනුවෙන්....
සාධාරණයක් ඉටු කරන්න හැමෝම එකතු වෙන්න...
පින් සිද්ධ වෙයි 🙏

රටම දැඩි අර්බුදයක ඉන්න වෙලාවේ...
කාටවත් අපි ඇඟිල්ල දිගු කරලා....
වැරදි පටවලා හරියන්නේ නැහැ...
අපි හැමෝම එකතුවෙලා...
මේ ගැටළුවට....
ස්ථිර විසඳුමක් හොයන්නම වෙනවා!

මේ වෙනකොට....
සමස්ථ පිළිකා වාට්ටුවටම....
බෙහෙත් පමණක් නොවෙයි...
කෑම බීම සපයාගැනීම පවා අපහසුයි😢

ශ්‍රී ලංකා පිළිකා සංගමයේ ගාල්ල ශාඛාව....
මේ වෙනුවෙන් අඛණ්ඩ සටනක නිරතවෙනවා...
අපිත් ඔවුන්ට ශක්තියක් වෙමු🙏

  Birthday Presents
29/09/2022

Birthday Presents

15/09/2022

The Most Talented & Most Beautiful Female Artist in Sri Lanka ❤

Address

Galle

Telephone

+94776868684

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Deal Makers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Deal Makers:

Share