09/12/2021
කොන්ඩෙ වැවෙන්න නම් ෂැම්පු,කන්ඩිෂනර් පාවිච්චි කරලා මදි.මේ දේවල් හරියට කරන්න👇👇කොන්ඩෙ වවන්න නම් ඉවසීම,කැපවීම හා ආදරය තියෙන්න ඕන.දවසෙන් දෙකෙන් කොන්ඩෙ වැවෙන්නෙ නෑ,ඉවසීමෙන් සත්කාර කරන්න ඕනි.ඒ වගේම දවසක් සත්කාර කරලා මදි😒😐සමහර අය තෙල් එකක් දවස් දෙක තුනක් ගාලා නතර කරලා කියනවා කොන්ඩෙ යනවා දික් වෙන්නෙ නෑ ඒකට කියලා🤦🤦එහෙම බැහැ😒😒අඩුම මාසයක්වත් කරලා බලන්න ඕන ප්‍රතිඵල🤷
🌼සතියකට දවස 3 වත් තෙල් දාලා හොඳට හිස්කබල සම්බාහනය කරන්න.
🌼දවසට දෙවතාවක් වත් කොන්ඩෙ හොඳට පීරන්න.හිස්කබලට දැනෙන්න.
🌼ස්වාභාවික සත්කාර කරන්න.
🌼හොඳට වතුර බොන්න.2L වත් බොන්න අනිවාර්යයෙන්ම.
🌼හොඳ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්න.එක වේලකට හරි මොනා හරි මැල්ලුමක් එකතු කරගන්න.(ගොටුකොල,මුගුණුවැන්නා,කතුරුමුරුංගා කොළ..)
🌼සතියකට දවසක්වත් කොළ කැඳ එකක් බොන්න.ඒකටත් කරපිංචා,ගොටුකොල,හාතාවාරිය වගේ කොළ වර්ග වැඩිපුර එකතු කරගන්න.
🌼නැවුම් පලතුරු,එළවළු පුළුවන් තරම් කෑමට එකතු කරගන්න.
🌼තෙල්,සීනි අධික ආහාර හා ක්ෂණික ආහාර ගැනීම අවම කරන්න.
🌼මානසික ආතතිය වගේ තියෙනවා නම් තමන් අදහන ආගමක් දහමක් අදහන්න,භාවනා කරන්න,සුභවාදී විදිහට හිතන්න.සතුටින් ඉන්න පුළුවන් තරම් උත්සාහ කරන්න.හිත නිදහස් කරගන්න.
🌼පීනස රෝගය ගොඩක්ම වැඩි අය හොඳ වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගන්න.
🌼රෑට නාන්න එපා.
🌼තෙත පිටින් කොන්ඩෙ ගැටගහන්න එපා.
🌼නිදිමරන්න එපා.එහෙම නිදිමරන අය ටික වෙලාවක් හරි විවේකීව ඉන්න බලන්න.
🌼හිස්සොරි ආසාදන තියෙන අය මුලින්ම ඒවට සත්කාර කරලා ඉන්න.
🌼නෙල්ලි රසකිඳ,බෙලිමල්,රනවරා වගේ දේවල් බොන්න සතියකට දවස් තුනක්වත්.ඇඟ ඌෂ්න අයට වගේම අනිත් අයටත් හොඳයි.
🌼ඇඟ ඌෂ්න අයගේ කොන්ඩෙ යනවා..ඒ නිසා ඒ අය බල මාළු,බල කරවල,ඉස්සො,තක්කාලි වගේ දේවල් කන්න එපා.කස කසා ඇට,බාර්ලි,එළකිරි,තැඹිලි වගේ දේවල් බොන්න.
මේ දේවල් කරන ගමන් කොන්ඩෙට ආදරේ කරන්න💞කොණ්ඩෙ වැවෙන්න කියලා චූටි ප්‍රාර්ථනාවකුත් කරන්න😘
එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න😘😘බුදුසරණයි🙏
❤copied❤