05/07/2026
🤍 My Dream. My Journey. Our CH-R. 🚘✨
මේ CH-R එක අපිට වාහනයක් විතරක් නෙවෙයි… ❤️
මේක අපේ මහන්සියේ, කැපවීමේ, ඉවසීමේ සහ කවදාවත් අත් නොහැරපු හීනවල මතකයක්. ✨
අද මගේ ලස්සනම හිනාවට හේතුව 😊 ලැබෙන පුංචිම දෙයින් සතුටු වෙන්න ඉගෙන ගත්ත එක. 🤍
මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ කියන විශ්වාසයෙන් 💪, දවසේ පැය 24ටත් වඩා මහන්සි වෙලා අපේ හීන පස්සේ දුවපු එක තමයි අද මේ මොහොතේ වටිනාකම. ❤️
පිටතින් අපිව දකින ගොඩක් අය දන්නේ නෑ… 🥹
අපි මේ තැනට එන්න කොච්චර කැපවුණාද කියලා.
🇰🇷 කොරියාවේ ඉන්න කොල්ලෙක් හෝ කෙල්ලෙක් හොඳටම දන්නවා… එහෙ ජීවිතේ ලේසි නෑ. පැය 10–12ක්, සමහර වෙලාවට ඊටත් වැඩිය වැඩ කරලා තමයි හීන එකින් එක හැබෑ කරගන්නේ. 💪
💼 ව්‍යාපාරයක් කරන කෙනෙක් දන්නවා… ගෙදර වැඩ 🏡, දරුවාගේ වැඩ 👧, ව්‍යාපාරයේ වගකීම් 📦, සැමියා රට ඉද්දී ඒ හැමදේම සමබර කරගෙන යන එක කොච්චර අභියෝගයක්ද කියලා.
🤍 මමයි මගේ මහත්තයයි… පරම්පරාවෙන් ලැබුණු දේවල් නැති, බිංදුවෙන් පටන් ගත්ත දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ දෙන්නෙක්.
අපි විශ්වාස කරන එක දෙයක් තියෙනවා…
“දුප්පත් වෙලා ඉපදෙන එක අපේ වරදක් නෙවෙයි. හැබැයි ලැබෙන අවස්ථාවන්ගෙන් ජීවිතේ ගොඩනගන්න උත්සාහ කරන එක අපේ වගකීම.” ❤️
අපේ දෙමව්පියන්ට යුතුකම් ඉටු කරන ගමන් 🙏, අපේම ජීවිතේ ලස්සනට ගොඩනගා ගන්න එක තමයි අපේ ලොකුම සතුට. 🌸
🇰🇷 මමයි මගේ මහත්තයයි කොරියාව කියන රටට හැමදාමත් ආදරෙයි. ❤️
ඒ රටේ ලැබුණු අවස්ථා, එයාගේ රැකියාව සහ අපේ Kalpani Gift Lanka 🎁 නිසා තමයි අද අපි මේ තරම් දුරක් ඇවිත් තියෙන්නේ.
🎉 Kalpani Gift Lanka 9 වෙනි අවුරුද්දත් ආරම්භ කලා❤️🙏
මේ දුර එන්න අපිට ශක්තියක් වුණේ ඔබයි. 🥹❤️
මෙතුවක් කල් අපිත් එක්ක රැඳී සිටියාට, අදත් අපිව විශ්වාස කරනවාට හදවතින්ම ස්තූතියි! 🙏🌹
තව දුර යන්න තියෙනවා… 🚀
නවතින්න අදහසක් නෑ. 💪
අද මේ මොහොත ගැන මම ආඩම්බරයි. 🤍✨
හැමෝගෙම හීන දවසක සැබෑ වේවා! 🙏💖
✨ Don’t stop until you’re proud. ❤️
All gift Items home delivery .Kalpani gift lanka