24/09/2026
Sirasa The Voice Teen බලන අපිට, රයිනි කියන්නේ Coach කෙනෙක්ට එහා ගිය දරුවන් වෙනුවෙන් කැපවුණු මවක් ,සහෝදරියක් වගේ කෙනෙක්.
රයිනි කියන්නෙ මේ වේදිකාවට අලුත් කෙනෙක් නෙවෙයි. අවුරුදු ගාණක් පුරාවට ඒ Red Chair එකේ ඉඳගෙන, මේ වැඩසටහනේ ගමනට ලොකු ශක්තියක් වෙච්ච කෙනෙක්.
ඇයගේ දැනුම, ඇයගේ විනය, ඇයගේ කලාවට තියෙන ඒ අවංක කැපවීම... ඒක හැමදාම එක වගේමයි. කාලයත් එක්ක ඇය තවත් ශක්තිමත් වෙනවා, තවත් ලස්සන වෙනවා.❤️
විශේෂයෙන්ම ඇය දරුවන්ට සලකන විදිය. රයිනි එයාලට උගන්වන්නේ තරඟ කරන්නේ කොහොමද කියලා විතරක් නෙවෙයි, කලාකාරයෙක් විදියට ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම එයාලා දිහා
බලන්නේ තමන්ගේම දරුවෝ දිහා බලන ආදරණීය බැල්මකින්. ඒක තමයි රයිනිව අනිත් හැමෝගෙන්ම වෙනස් වෙන්නෙ.
Sirasa The Voice වේදිකාවේ රයිනි වගේ චරිතයක් ඉන්න එක, අපි ප්‍රේක්ෂකයෝ විදියට ලබන ලොකු සතුටක් ❤️
ඔබේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා. තව තවත් බැබලෙන්න ඕනි 🌟 ✨
Dakune Kellek - දකුණෙ කෙල්ලෙක්
Raini Charuka Goonatillake ❤️ 🌈