Iru Astrology

Directions Website Contact the business

Iru Astrology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Iru Astrology, No. 07, Upper Dickson Road, Talawatugoda.
(757)

✵ Most prominent Astrology service in Sri Lanka
( Since 2012 Online)
✵ All Astrological Services are available.
✵ Appointments and online services are available. * All kinds of Astrological Services including Full Horoscope Reading, Matching, etc.

* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.

04/10/2026

දිවංගත ජැක්සන් ඇන්තනී මහතා ! සකලකලා වල්ලභ රගපෑමට, කලාවට අතිශයින් දක්ෂයෙකි !

( ඔහුගේ දේශපාලන අදහස් නොවේ)

#ජැක්සන්ඇන්තනී

සතියේ ලග්න පලාපලය ( ඔක් 05 - 10 දක්වා) පොදු පලාපලයක් පමණි !-● මේෂසදු 04 වැන්නේය.කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.වියදම වැඩ...
04/10/2026

සතියේ ලග්න පලාපලය
( ඔක් 05 - 10 දක්වා)

පොදු පලාපලයක් පමණි !

-
● මේෂ
සදු 04 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
වියදම වැඩිවෙයි. ආදායම අඩුවෙයි.
නිවාස කටයුතු, ගේ දොර කටයුතු වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට මෙන්ම වියදම්ද කිරිමට සිදුවන කාලයකි.
රැකියා කටයුතු වල තරග විභාග ආදියට මුහුණ දිමට සිදුවෙයි.

-
● වෘෂභ
සදු 03 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
වෙනදාට වඩා වෙහෙසී වැඩ කටයුතු කිරිමට සිදු වෙයි.
ආර්ථික තත්වයේ තරමක් ප්‍රශ්න ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
ඒ සම්බන්ධව අන් අයගේ, සහෝදර සහෝදරයින්ගේ උදව් උපකාර ගැනිමට සිදුවන කාලයකි.
මව්පියන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.

-
● මිථුන
සදු 02 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
ආදායමට වඩා වියදම වැඩි වෙයි.
වියදම කළමනාකරණය කරගත්තේ නැතිනම් ණය ගැනිමට සිදුවිමට ඉඩ ඇත.
වචනයෙන් පාඩු සිදුවිමට ඉඩ ඇත.
රැකියාවේ ස්ථාන මාරුවීම් හෝ වෙනස් වීම් පෙන්නුම් කරන කාලයකි.
ව්‍යාපාර වල තරමක් කඩා වැටිම් පෙන්නුම් කරන කාලයකි.

-
● කටක
සදු 01 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
නව ආදායම් මාර්ග උදාවන කාලයකි.
ආර්ථිකය ශක්තිමත් වීම පෙන්වන කාලයකි.
අන් අයගේ උදව් උපකාර ලැබෙන කාලයකි.
මංගල යෝග උදාවන කාලයකි.
ගෘහ ජිවිතයේ සතුට ඇතිවන කාලයකි.

-
● සිංහ
සදු 12 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
වියදම් අධික වන කාලයකි.
ආර්ථික තත්වය කඩා වැටිමට ඉඩ ඇත.
නීති ප්‍රශ්න වලට මුහුණ දිමට ඉඩ ඇත, සැලකිලිමත් වන්න, ඒවායින් ජය ලැබෙන්නටත් පුලුවන් කාලයකි.
විදේශගත වීම් බලාපොරොත්තුව සිටින අයට යහපත් කාලයකි.

-
● කන්‍යා
සදු 11 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
පෙර නොලැබි තිබුනු, තමන්ට අයිති දේවල් ලැබෙන කාලයකි.
ආර්ථික වාසි ලැබෙන කාලයකි.
අන් අයගේ උදව් ලැබෙන කාලයකි.
තම නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් පෙරට වඩා වෙහෙසෙන කාලයකි.
නව රැකියා බලාපොරොත්තු වන අයට ඒසම්බන්ධව කැදවීම් ලිපි හෝ සම්මුඛ පරික්ෂණ ලිපි ලැබෙන කාලයක් විය හැක.

-
● තුලා
සදු 10 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
ආර්ථික වාසි සැලසෙන කාලයකි.
නව ව්‍යාපාර ඇරඹිමට හැකි කාලයකි.
වෙනදාට වඩා වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කිරිම නිසා ආයතන ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙන කාලයකි.
තම දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසීමට ඉඩ ලැබෙන කාලයකි.

-
● වෘශ්චික
සදු 09 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
වෙනදාට වඩා වෙහෙස මහන්සි වි වැඩ කටයුතු කිරිමට ඉඩ ලැබෙන කාලයකි.
අන් අයගේ උපකාර ලැබෙන කාලයකි.
නිවසෙන් පිට දුරබැහැර ගමන් බිමන් යෙදෙන කාලයකි.
ආර්ථික තත්වය වෙනදාට වඩා වියදම අධික වන කාලයකි.

-
● ධනු
සදු 08 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
සතුරු කරදර ඇතිවිමට ඉඩ ඇති කාලයකි, එනිසා කල්පනාකාරිව කටයුතු කල යුතු කාලයකි.
හවුල් ව්‍යාපාර වල ප්‍රශ්න ගැටළු ඇතිවිය හැකි කාලයකි.
තමන්ට පැවරෙන කාරණා නිසි ලෙස ඉෂ්ට නොකිරීම නිසා ආයතන ප්‍රධානින්ගෙන්, අන් අයගෙන් හෝ දෝෂාරෝපණ එල්ල විය හැකි කාලයකි.

-
● මකර
සදු 07 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
හවුල් ව්‍යාපාර සිදුකරන අයට තරමක් පීඩා ගෙනදෙන කාලයකි. ප්‍රශ්න ගැටළු ඇතිවිමට ඉඩ ඇති කාලයකි. මුදල් සම්බන්ධ ගැටළු ඇතිවිමට ඉඩ ඇති කාලයකි.
ආර්ථික තත්වය තරමක් පිරිහීමට ලක්වන කාලයකි.
අන් අයගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.

-
● කුම්භ
සදු 06 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
සතුරු කරදර ඇතිවිය හැකි කාලයකි.
ආර්ථික තත්වය තරමක් අඩපණ වන කාලයකි.
ආදායම් මාර්ග වල හිරවීම් පෙන්වන කාලයකි.
මව්පියන් හෝ දූ දරුවන් වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවන කාලයකි.

-
● මීන
සදු 05 වැන්නේය.
කුජ + ගුරු + සදු යෝගය ඇති වෙයි.
අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනිමට ඉඩ ලැබෙන කාලයකි.
දරුඵල ගැන බලාපොරොත්තුව සිටි අයට දරුඵල සම්බන්ධ සුභ ආරංචි ලැබෙන කාලයකි.
ආර්ථික තත්වය තරමක් දුර්වල වන කාලයකි.
මංගල යෝග, ප්‍රේම සබදතා ඇතිවිමට ඉඩ ඇති කාලයකි. ඒ සම්බන්ධව ගැටළු තිබුනු අයට විසදුම් ලැබෙන කාලයකි.

-

071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන්

04/10/2026

" ඒ රටේ නීතිය අනුව ඒක හරි ඇති. හැබැයි හරිම අමානුෂීය, ම්ලේච්ඡ, තිරශ්චීන දඩුවමක් "

ඉරානයේ ප්‍රකට ගායිකාවක වන Parastoo Ahmadi හිජාබය නොමැතිව ප්‍රසාංගික ඉදිරිපත් කිරීමක් සිදු කිරීම හේතුවෙන්, ඉරාන බලධාරීන් විසින් ඇයට කස පහර 74ක දඬුවමක් සහ වසර 2ක විදේශ ගමන් තහනමක් පනවා ඇත.

වසර 02කට පෙර අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය වූ ප්‍රසංගයක දර්ශන පෙළකි.
එහිදී ඇය හිජාබයක් නොමැතිව, උරහිස් නිරාවරණය වන කළු පැහැති ඇඳුමකින් සැරසී ගීත ගායනා කරනු ලබයි.

- අදාළ කස පහර දඬුවම මාස 3ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් සිටී. මෙම සිදුවීමෙන් පසුවද ඉරාන කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවල හිජාබය ඉවත් කරමින් රජයේ මර්දනයට එරෙහිව සිය විරෝධය දිගටම පවත්වාගෙන යනු ලබයි.

#

04/10/2026

යම් කෙනෙකුගේ කේන්දර සටහනේ,

සිතිවිලි වලට මුල් වන සඳු/චන්ද්‍රයා ස්වක්ෂෙත්‍ර බලයෙන්, උච්ච රාශියක සහ එසේම ලග්නයට බලපාන 3 වැන්න, 5වැන්න, 7 වැන්න, 11 වැන්න ආදි රාශියක බලගතුව පිහිටා,
එම සඳු සුභයින්ගේ දෘෂ්ඨියට ලක්වේද හෙතෙම නිරෝගී ලිංගික මානසික ශක්තියක් ඇති සන්සුන් පුද්ගලයෙකු වේ.

පොදු කරුණු - #ඉරුසේවය

ඔබ සෑම සියලුදෙනාටම යහපතක්ම වේවා !සම්බුදු සරණයි !   💎
04/10/2026

ඔබ සෑම සියලුදෙනාටම යහපතක්ම වේවා !

සම්බුදු සරණයි !

💎

03/10/2026

කේන්දර සටහන් ගැන විස්තර ගැන උනන්දු වන්නේද, කේන්දර සටහන් පරික්ෂාවට, එම කටයුතු කිරීමට උනන්දු වන්නේ සහ කැමති වන්නේද,

“ ගුරු, සඳු “ වැනි ග්‍රහයන් ප්‍රබල තත්වයේ ඇති අයයි.
පොදු කරුණු -

#ඉරුසේවය

හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු ! #මැක්සිම්ගෝර්කි
03/10/2026

හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු !

#මැක්සිම්ගෝර්කි

02/10/2026

● ඔබ දන්නවාද ?

කන්‍යා ලග්නය හිමි කෙනෙක්, අඩු අධ්‍යාපනයක් හිමි කරගත්තද ඔහුගේ බුධ සහ සිකුරු යන ග්‍රහයන් යම් ස්ථානයක බලවත් නම් ඔවුන්ට බ්‍රෝකර් වැඩ කර (වාහන, ඉඩම්) මුදල් උපයා ගැනීමට පුලුවන්.
බුධ හිමි කන්‍යා ලග්නයට පාප බල, පාප දෘෂ්ටි සහ චන්ද්‍රයා දූෂිත වුවොත් එවැනි අය රජයේ ඉහල නිලතල වලට පත්වි රාජ්‍ය සම්පත් බොරු ගණන් යොදා පිල්ලි ගැසීමට සහ මාටියා ගැසීමට මේ අය පෙළඹෙනවා.
ඔබ දන්නවා ඇති විවිධ රාජ්‍ය ආයතන වල ඉහල තැන්වල විශේෂයෙන් විගණන ක්ෂෙත්‍රයට අදාලව, වැජඹෙන සමහරක් මහත්හොරුන් මෙවැනි කුප්‍රකට බුධගෙන් යෙදෙන, කුජ-බුධ යෝග රවි-බුධට ශනිගෙන් යෙදෙන දෘෂ්ටි ආදිය නිසැක වශයෙන් තිබෙන්නට පුලුවන් බව.... ?

කන්‍යා ලග්නය ගැන ලිපියෙනි -

#ඉරුසේවය

Address

No. 07, Upper Dickson Road
Talawatugoda
80000

Alerts

Be the first to know and let us send you an email when Iru Astrology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Iru Astrology:

Shortcuts

Share