03/09/2026
පන 🌎
බැම්මක් බැදලා ,හිර කරලා ඔයාව මං ලග තියාගන්න මට ඕන නෑ...
මට ඕන ඔයා ඔයාගෙ කැමැත්තෙන්,ඔයාගෙම හිතෙන් මං ලග රැදෙන්න...❤️🩹
මට ඕන ලෝකෙ කොච්චර නිදහස තිබුණත්,ඔයා කොච්චර මිනිස්සු අතර හිටියත්,අවසානයේ ඔයාගෙ හිතට මාවම මතක් වෙලා,ඔයාගෙම කැමැත්තෙන් මාවම හොයන් එන එක 🥰
ඔයා නිදහසේ ඉන්න...
ඔයාට කැමති දේවල් කරන්න...
ඔයාගෙ හීන පස්සෙ යන්න...
ඔයාගෙ ජීවිතේ ඔයා කැමති විදිහට ජීවත් වෙන්න...
හැබැයි ඔය සේරම අස්සෙ මේක මතක් කරගන්න,
මං ඔයාට ගොඩක් ආදරෙයී...
මං ඔයාව ගොඩක් විශ්වාස කරනවා...❤️
මං ඔයාගෙ ජීවිතේට බරක් වෙන්න කැමති නෑ...
ඔයාට හුස්ම ගන්න නොදී හැම මොහොතක්ම මං වෙනුවෙන් වෙන් කරන්න කියන්න මට බෑ...එහෙම කරොත් මං වෙනුවෙන් ජීවත් වෙලා ඔයාට ඔයාව මග හැරෙන්න පුළුවන්..
එතකොට ඒක මට ලැබෙන ආදරයක් නෙමෙයි..මං ඔයාගෙ ජීවිතේ පාලනය කිරීමක් 🥺
මට ඕන ඔයා ඔයාම වෙලා ඉන්න...
ඔයාගෙ සතුට නැති කරගෙන මාව සතුටු කරන්න එපා...
මං වෙනුවෙන් වැරද්දක් නොකර,මගේ ආදරේට වටිනාකමක් දීලා පරිස්සමින් ඉන්න...😘
මං වෙනුවෙන් හැමදේම අත්හරින්න එපා...
මං වෙනුවෙන් ඔයාගෙ සතුට නැති කරගන්න එපා...
මං වෙනුවෙන් ඔයාගෙ ලෝකෙ පොඩි කරගන්නත් එපා...
මං ඉල්ලන්නෙ,
ඔයාට තියන නිදහස ඇතුලෙ මගේ ආදරේ අමතක නොකර ඉන්න..
ඔයාට ලැබෙන අවස්ථා අතරෙ මගේ විශ්වාසෙ කඩ නොකර ඉන්න..
මගේ හිත රිදෙන දේවල් දැන දැනත් නොකර ඉන්න..
මගේ ආදරේ වෙනුවෙන්,ඔයාගෙ සීමාවන් පරිස්සම් කරගන්න..
මං ඔයාව අයිති කරගන්න හදන කෙනෙක් නෙමෙයි...
මං ආදරේ කරන ඔයා ,මාව තෝරගෙන මං ලගින් ඉන්නවා දකින්න ආස කෙනෙක් ❤️🥰
ඒකයි මං ආසම දේ 🥰🥰🥰🥰🥰
ඒ නිසා සැහැල්ලුවෙන් ඉන්න...
හිනාවෙලා ඉන්න...
ඔයාගෙ ජීවිතේ ලස්සනට ගෙවන්න...
මොන දුරක හිටියත් , මොන තරම් කාර්‍යබහුල වුනත්,මගේ ආදරේ ගැන සැකයක් ඇති කරගන්න එපා...🙏 මං ඔයාගෙන් පරිපූර්ණත්වය ඉල්ලන්නෙ නෑ...මට ඕන අවංක හිතත් එක්ක ඔයාගෙ ආදරේ විතරයි ❤️🩹🙏
මොන දේ වුනත් එක දෙයක්,
මං ඔයාට ගොඩක් ආදරෙයි..
අදත්...හෙටත්...හැමදාටමත් ❤️❤️
මං ඔයාගෙ මැණික දෝනි 💜️