30/05/2026
"අප්පමාදෝ අමතපදං -
පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්තී -
යේ පමත්තා යථා මතා"
"අප්‍රමාදීව නොපමාව කුසල් දහම්හි හැසිරීම නිවනට මඟකි. ප්‍රමාදය මරණයට පත් කරයි. සසර දිගු කරයි. අප්‍රමාදීහු නොනැසෙති මරණින් මතු නොඋපදිති."
* සිද්ධාර්ථ කුමාරුගේ උපත, සිද්ධාර්ථ තාපසයන්ගේ බුදු වීම, බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වීම
* බුද්ධත්වයෙන් අට වැනි වර්ශයේදී මනිඅක්ඛිත නා රජුගේ ආරාධනාවෙන් කැළණියට වැඩම කිරීම
* ආනන්ද හිමිගේ පිරිනිවන් පෑම.
* කිසාගෝතමී නිබ්බුත පද පැවසීම
ආදී වූ ශාසන වටිනාකම් රාශියකින් යුත් වෙසක් පුන් පොහෝ දිනය ලක්වාසී සියලුම බෞද්ධ බැතිමතුන්ට පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා'යි බැති සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.