24/06/2026
ඇත්ත නේද
"හයියෙන් හිනාවෙන්නත්, කෑ ගහලා අඬන්න ත්
දවසෙම නිදාගන්නත් ,එළි වෙනකම් ඇහැරලා ඉන්නත්
බඩ පැලෙන්න කන්නත් ,ඕනනම් බඩ ගින්නෙම ඉන්නත්
කොන්ඩේ ගෙඩි බඳින්නත් ,කඩාගෙන ඉන්නත්
මේකප් උලන්නත් ,පව්ඩර්වත් නැතුව ඉන්නත්
උයන්නත් පිහන්නත්, කඩෙන් කා නිදන්නත්
ආදරේ කරන්නත්, අත ඇරලා හිඳින්නත්
ඉස්සර වගේ නෙමෙයි
දැන් ගෑනු දක්ෂයි,
ඒ වගෙම යක්‍ෂයි
දැන් ගෑනු පුරුදුයි,
ඒ වගෙම දරුණුයි
සෙරප්පුවටත් සපත්තුවටත් එක වගෙම හුරු පුරුදු
එහෙම ගැහැනුන්ට මේ මහ පොළව ඔරොත්තුයි "💜
අනිශා ජයකොඩි ✍️