kammala.lk

kammala.lk වසර 25කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ විශාලතම 100% වානේ ගෘහ උපකරණ හා කෘෂිකාර්මික උපකරණ සැපයුම්කරු ඕනෑම වර්ගයක වානේ නිශ්පාදන අපගෙන් ලබාගත හැක.

wishing you a razor-sharp New Year filled with precision, strength, and success!
31/12/2024

wishing you a razor-sharp New Year filled with precision, strength, and success!

ගොවි රජවරුන්ටඋපහාර වේවා! kammala.lk අපේ පැතුම!ලෝක කම්කරු දිනය 2024
01/05/2024

ගොවි රජවරුන්ට
උපහාර වේවා!

kammala.lk අපේ පැතුම!
ලෝක කම්කරු දිනය 2024

13/04/2024

ලැබුවාවු සිංහල හා හින්දු අලුත් අවුරැද්ද ඔබටත් ඔබෙි පවුලේ සැමටත් සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරැද්දක් වෙිවා !!!!

Happy Sinhala and Hindu New Year to you and your family Happy New Year !!!!

உங்களுக்கும் உங்கள் குடும்பத்தாருக்கும் இனிய புத்தாண்டு சிங்கள மற்றும் இந்து புத்தாண்டு நல்வாழ்த்துக்கள்!!!!

.lk

Sad නොවී වගකීමක් සහිතව වානේ පිහියකින් ආසාවෙන් කපන්න..😉  Everyone
24/03/2024

Sad නොවී වගකීමක් සහිතව වානේ පිහියකින් ආසාවෙන් කපන්න..😉

Everyone

සුභ අලුත් අවුරුද්දක් වේවා..!Happy New Yearபுத்தாண்டு வாழ்த்துக்கள்
14/04/2021

සුභ අලුත් අවුරුද්දක් වේවා..!
Happy New Year
புத்தாண்டு வாழ்த்துக்கள்

සවි ශක්තියෙන් හා කල්පැවත්මෙන් මෙන්ම නිසි ප්‍රමිතියට නිපදවන(100% වානේ✔️) ලංකාවේ අංක 1 සියලුම ගෘහ උපකරණ හා කෘෂිකාර්මික උපක...
21/03/2021

සවි ශක්තියෙන් හා කල්පැවත්මෙන් මෙන්ම නිසි ප්‍රමිතියට නිපදවන(100% වානේ✔️) ලංකාවේ අංක 1 සියලුම ගෘහ උපකරණ හා කෘෂිකාර්මික උපකරණ පහසු මිලට ගෙදරටම ගෙන්වා ගන්න...

🔴වසර 25කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ විශාලතම ගෘහ උපකරණ හා කෘෂිකාර්මික උපකරණ සැපයුම්කරු වන අප දේශීය කම්මල්කරුවන් විසින් සාදන ලද 100% වානේ නිෂ්පාදන පමණක් ඔබ වෙත පිරිනමන බව සතුටින් දන්වා සිටිමු.

Visit on www.kammala.lk

❤
21/03/2021

🔴සියලුම ගෘහ උපකරණ හා කෘෂිකාර්මික උපකරණ තොග සහ සිල්ලර මිලට...😍😍.🔴100% වානේ✔️ ලෝහයෙන් නිශ්පාදිත පිහියක් කැත්තක් මන්නයක්, භ...
30/12/2020

🔴සියලුම ගෘහ උපකරණ හා කෘෂිකාර්මික උපකරණ තොග සහ සිල්ලර මිලට...😍😍.
🔴100% වානේ✔️ ලෝහයෙන් නිශ්පාදිත පිහියක් කැත්තක් මන්නයක්, භාණ්ඩයට භාණ්ඩයක් ලබාදීමේ වගකීමක්ද සහිතව ඉතා සාධාරණ මිලකට...(conditions applied) ගෙදරටම ගෙන්වා ගන්න.

අපගේ නිශ්පාදන කිහිපයක්..⛏🪓🔪🗡⚔️
- මේස පිහිය
- එළවලු පිහිය
- මාළු පිහිය
- දර පිහිය
- කුරුම්බා පිහිය
- කෙසෙල් පිහිය
- තේ පිහිය
- අන්නාසි කැත්ත
- සියලුම කැති වර්ග
- බලටු /පොල් කෙකි/ පොල් පිහිය
- අකඩ ඉනි/ අල වන්ගුව/ ජම්පර්
- වැලි සවල්
- හිරමන
- හිරමන තල
- කර දිග මන්න
- ගිරය
- උදලු
- අත් සවල්
- මල් මුල්ලු
- උදලු මිල්ලුව
- පාගන මුල්ලුව
- පොල් උල
- අත් පොරව
- දර පොරව
- හතර කටු/ තුන් කටු(උදලු මුල්ලුව ලොකු)
- වීසි කැත්ත
- රේක්කය

🔴මෙම සියලුම උපකරණ විවිධ ප්‍රමාණයන් යටතේ විවිධ මිල ගනන් වලට ලබාගත හැක.
🔴තොග ඇණවුම් සදහා විශේෂ මිල අඩු කිරීම්..

🔴වසර 25කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ විශාලතම ගෘහ උපකරණ හා කෘෂිකාර්මික උපකරණ සැපයුම්කරු වන අප දේශීය කම්මල්කරුවන් විසින් සාදන ලද 100% වානේ නිෂ්පාදන පමණක් ඔබ වෙත පිරිනමන බව සතුටින් දන්වා සිටිමු.

28/11/2020
    ❤️
17/09/2020

❤️

උපුටාගැනීමකී...ඇය ගැහැණියක් වී මේ රටට කළ සේවය අප රට පාලනය කළ කිසිදු පාලකයෙක් සිදු කළේ නැත......2000 අවුරුද්දේ සිරිමාවෝගේ...
07/09/2020

උපුටාගැනීමකී...

ඇය ගැහැණියක් වී මේ රටට කළ සේවය අප රට පාලනය කළ කිසිදු පාලකයෙක් සිදු කළේ නැත......

2000 අවුරුද්දේ සිරිමාවෝගේ නිසල දේහය නුවර පාරේ පෙරහැරකින් සමාධිය වෙත අරගෙන යද්දී ඒ දිහා බලාගෙන හිටිය මම මේ යන්නේ කවුද කින්ද මන්ද කියලා මුකුත් දැනගෙන හිටියේ නෑ.ඒත් ඒ ගියේ ලංකාව ඇත්තටම ආස්චර්‍යයක් කරන්න මාස්ටර් ප්ලෑන් එකක් තිබ්බ මහ යකඩ ගෑණියෙක්ගේ දේහය කියලා අද තමා තේරෙන්නේ.ඒලෙවල් පන්තියේ ඉද්දී එක සර් කෙනෙක් කිව්වා ගෑණුන්ට රටවල් පාලනය කරන්න බෑ කියලා.අපේ රටත් දෙන්නෙක් පාලනය කලා රට කෑවා කිව්වා.අපිත් අහගෙන හිටියා.අපේ වැඩිහිටියෝ ගොඩක් මෙහෙම කියනවා."ඒ කාලේ මේ ගෑනි හින්දා අපිට කන්න නෑ.අඳින්න නෑ.පුදුම දුකක් වින්දේ ජීවත් වෙන්න".මේ ඔක්කොම ඇත්ත වෙන්න ඇති.ඒත් තව අවුරුදු දහයක් අපේ ජාතිය ඉවසුවා නම්........

ඇය අපේ රට පාලනය කළ මහ උත්තරීතර පාලිකාවක්.ඇමරිකන් ඩොලර් එකක් මිලදී ගන්න අපි රුපියල් හතරයි වැය කලේ.ඇයගේ කාලය තුල ලංකාව කිසිඳු රටකට ණය නැති රටක්.ඇය දේශීය නිශ්පාදන නව නිපැයුම් කෙරෙහි විශ්වාසය තැබුවා.අපේ රටේ දේවල් පිට රට ඇරියා.රටක් ගොඩ එන්න නම් දුක් විඳින්න ඕනෙම තමා.ඒ දුක මිනිස්සුන්ට දැනුණා.ආසියාවේ තිබ්බ විශාලතම වානේ කර්මාන්ත ශාලාව වෙච්ච ඔරුවල වානේ සංස්ථාව අපිට තිබුණා.කන්තලේ,සෙවණගල සීනී කර්මාන්ත ශාලා තිබුණා.කන්කසන්තුරේ,පුත්තලම,ගාල්ල සිමෙන්ති කර්මාන්තශාලා තුනක් තිබ්බා.කැලණි ටයර් ඉන්දියාවට අපනයනය කළා.තුල්ටෙක්ස්,වේටෙක්ස්,කූටෙක්ස් සමාගම් තිබ්බා.විදේශීයන්ට අයත් වෙලා තිබ්බ අපේ රටේ වතු ඇය විසින් රටට යලි ලබා ගත්තා.රිදී අපනයනය කළා.වාලච්චේන කඩදාසි කම්හල තිබුණා.ඇය යකඩ ගැහැණියක්.මහා දැක්මක් තිබ්බ රාජ්‍ය පාලිකාවක්.

ජේ ආර්ගේ සුරපුරයට වහ වැටිලා මිනිස්සු 77දී මැතිණියව ගෙදර යැව්වා.ජේ ආර් කරපු හානිය දැන් තමා අපිට තේරෙන්නේ.ඉඳිකට්ටක්වත් අපිට හදාගන්න බෑ.දේශීය සමාගම් පිටරටවල් වලට විකුණලා.ඇය දේශීය නිශ්පාදන කෙරෙහි විශ්වාසය තැබුවා වගේම දේශීය ව්‍යාපාරිකයන් කෙරෙහි සියලු සම්පත් ලබා දුන්නා.උපාලි විජේවර්ධන වැනි දේශීය ව්‍යාපාරිකයන් ගොඩ නැගුවා.යුනික්,කැන්ඩොස්,මැස්ඩා ෆියට්,ඩෙල්ටා වැනි සන්නාම ලෝකයට ගෙනගිය පිලිප් උපාලි විජේවර්ධන වැනි මහා දැවැන්ත මිනිසුන් ගොඩ නගන්න ඇයගේ රජය කටයුතු කලා.සිරිමාවෝ දිගටම හිටියා නම් බිල්ගේට්ස් වගේ මිනිහෙක් ලංකාව ඇතුලේ හදලයි නවතින්නේ.කපු වගා කලා.මහා වගා සංග්‍රාමයන් කලා.තෝර පරිප්පු ,මුං ඇට වැව්වා.දේශීය ආහාර රටාවක් ගොඩ නැගුවා.මහවැලිය ආරම්භ කලා.ඒවා ණය අරගෙන කරන්න ඇයට අවශ්‍ය වුණේ නෑ.ඒ හින්දා ඇය දශක ගණනකට එය ව්‍යාප්ත කලා.දේශීය මුදල් වලින් ලෝකයට ණය නොවී රට ගොඩනගන සැලැස්ම ඇය සතු වුණා.එහෙත් ජේ ආර් ආවා.මැතිණියව අන්ත අසරණ කරලා දැම්මා.ලෝකයේ බලවත් රටක් අපේ මිනිස්සුන්ගේ ඔලුවල මැව්වා.ආර්ථිකය විවෘත කලා.කිසිම දෙයක් අපි හදන්න ගත්තේ නෑ.තිබ්බ දේශීය සමාගම් විකුණලා දාලා චීනයෙන් ඉන්දියාවෙන් ගෙන්නන්න ගත්තා.අද අපි කොතනද????

මාග්‍රට් තැචර් පරාදයි සිරිමාවෝ ඉස්සරහා.සිරිමාවෝට තිබ්බ දර්ශණය කිසිම පාලකයෙකුට තිබ්බේ නෑ.ඔක්කොම ආවේ ණය අරගෙන රට ගොඩ දාන්න.දැන් අපේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්නෙත් ණය අරගෙන.ණය පියවන්න තව ණය ගන්නවා.මාර ආර්ථික ඔස්තාර්ලා අපේ රටේ ඉන්නේ.ඇයට නම් උපාධි මහ සහතික තිබ්බේ නෑ.ඒත් රට පාලනය කරන්න අවශ්‍ය සරල බුද්ධියක් තිබ්බා.සිරිමාවෝ ගෑණියෙක් තමා.හැබැයි සිරිමාවෝට තිබ්බ ගට් එක එක පිරිමියෙක්ට තිබ්බේ නෑ.ඇය ගියේ ඇගේ සැමියා ඇයට පෙන්නපු පාරේ.ඇය ගියේ උත්සහවන්ත ගමනක්.තවමත් ඇයට බනින මිනිස්සු ඉන්නවා.

එහෙත් ඇය තමයි මේ රට සුරපුරයක් කරන්න හරිම ප්ලෑන ගහපු පාලිකාව.ඔය මොන දැක්මවල් පොත් වල තිබ්බත් ක්‍රියාත්මක වෙච්ච නිවැරදිම දැක්ම ඇයගේ.ඇයට පණ දෙන්න අපේ ජාතියට පුලුවන් නම් රට ගොඩ දාන විදිය දවසින් ඇය උගන්නයි.

දේශීය කර්මාන්ත ගොඩ නොනගා දේශීය ආර්ථිකය ගොඩ ගැනීමට හැකි නම් ඌ වයිමාටත් වඩා වැඩ්ඩෙක් විය යුතුමය.....

මැතිණියනී.....

ඔබේ අගය වටහා ගැනීමට නොහැකි වීම අප ජාතියේ කරුමය මිස අන් කවරක්වත් නොවේ..

උපුටා ගැනීම - චේතන නානයක්කාර

Address

489/B Weboda West, Weboda
Gampaha
11858

Alerts

Be the first to know and let us send you an email when kammala.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to kammala.lk:

Share