21/08/2026
When Life Gives You Tangerines 🍊
මේ ලොව හැම ගැහැණියක්ම
පතන එක දෙයක්
ඒ මටම පමණක් හිමි හදවතක්.....
මා දෙසම බලන
මටම පෙම් කරන
නිමා නොවනා පෙමක්...
ඒක හරි සිහිනයක්
අප හදෙහිම ඉපිද
එහිම මිහිදන් වුවත්...
අපට පමණක් හිමි නැතත්
හදට වේදනා ගෙනාවත්
හද සොයන පෙම් කවක්...
ඔව් දිවිය මැටි ගොඩක්
අපි අබන ලෙසකට
හැඩ ගන්න රූපයක්....
දෛවයම සරදමක්
පතන දේ නොලැබුනත්
ලැබෙන දේ හිමිකමක්...
ඒ සුන් ඔයා පින් මලක්
ඉරිසියා හිතෙන වසන්තය හිමි
මහද ලොබ ඔහුව හිමි ග්වන් සික් 💛
.....කෙත්මිණි ගිහරා......✍