Compass Safari

Compass Safari Get Professional Jeep Safari Service... Minneriya National Park, Kaudulla National Park, Hurulu Eco Park, Ritigala, Sigiriya Tours By Jeeps.

27/06/2026

උස්වත්ත බිස්කට් රුමේෂ් තරංගගේ ඔලිම්පික් ගමනට අනුග්‍රාහකත්වයෙන් එක් වෙයි

ශ්‍රී ලංකාවේ වාර්තාගත හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේගේ නිල අනුග්‍රාහකයා ලෙස උස්වත්ත බිස්කට් පෞද්ගලික සමාගම අත්වැල් බැඳගෙන තිබෙනවා.

මේ වෙනුවෙන් රුමේෂ් තරංගව ගෞරවයට පාත්‍ර කිරීමේ විශේෂ උපහාර උත්සවයක් ජූනි 22 වන දින කැනන්තුඩාව විරෝ රිසෙප්ෂන් හෝල්හිදී උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඇති අතර, රුමේෂ්ගේ උපන් ගම් ප්‍රදේශයේ පැවති මෙම හැඟීම්බර සැමරුම් උත්සවය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන්, මිතුරන්, ප්‍රදේශවාසීන් මෙන්ම ක්‍රීඩා නිලධාරීන් සහ ප්‍රජා නායකයින් රැසක් ද එක්ව තිබෙනවා.

පතිරගේගේ මෙම සුවිශේෂී තරග වාරය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට රන් අකුරින් එක්වන පෙර නොවූ විරූ ජයග්‍රහණ රැසක් අත්කර දී ඇති අතර,

2026 රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 92.62 ක දුරක් හෙල්ලය විසි කරමින් ඔහු නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිට වූ අතර, එය එම වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීමේ දක්ෂතාවය ලෙස ද වාර්තා අතරට එක් වූ අතර, මෙම ජයග්‍රහණයත් සමඟ ඔහු ඉතිහාසයේ හොඳම හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් අතර අටවැනි ස්ථානයට ද පත්වීමට හැකි වුණා.

පසුගිය දා කටාර්හි දෝහා නුවර පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ද ජයග්‍රාහී දක්ෂතාවයක් දක්වමින් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානය දක්වා ඉහළ යාමට ඔහුට හැකි වුණා.

ඒ අනුව, ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ඔහු ලබාගත් ඓතිහාසික ජයග්‍රහණ අගයමින්, උස්වත්ත බිස්කට් සමාගම විසින් රුමේෂ් තරංග පතිරගේ වෙත රුපියල් මිලියන 2.5 ක මුදල් ත්‍යාගයක් පිරිනමනු ලැබූ අතර, එමෙන්ම ඔහුගේ දක්ෂතා පිටුපස සිටි පුහුණුකරු ටෝනි ප්‍රසන්නද රුපියල් 500,000 ක මුදල් ත්‍යාගයකින් ඇගයීමට ලක් කෙරුණා.

මෙම අවස්ථාව දිගුකාලීන හවුල්කාරිත්වයක ආරම්භය සනිටුහන් කළ අතර, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල දක්වා වූ රුමේෂ් තරංගගේ ගමනට නිල අනුග්‍රාහක ලෙස අඛණ්ඩව සහයෝගය ලබාදීමට උස්වත්ත බිස්කට් සමාගම මෙහිදී ප්‍රතිඥා දුන්නා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමේ රුමේෂ්ගේ අවසාන අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා සමාගම ඔහු සමඟ සැමවිටම අත්වැල් බැඳගෙන සිටින බව මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ උස්වත්ත බිස්කට් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශංකර් පෙරේරා මහතා, රුමේෂ්ගේ සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අතර, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් රැගෙන එන පුද්ගලයින්ට සහයෝගය ලබාදීමට සමාගම සතු කැපවීම යළිත් තහවුරු කළා.

වසර 70 කට වැඩි ඉතිහාසයක් හිමි, ගුණාත්මකභාවය සහ දැරිය හැකි මිල ගණන් මත ක්‍රියා කරන උස්වත්ත බිස්කට් සමාගම, දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ තම ස්ථාවරය ශක්තිමත් කරමින්, මෙවැනි ප්‍රජාවන් දිරිගන්වන වැඩසටහන් සඳහා ද අඛණ්ඩව දායකත්වය සපයනවා.

23/01/2026
සේරුවාවිල තොරතුරු ටිකක්
22/01/2026

සේරුවාවිල තොරතුරු ටිකක්

Address

Dambulla Road
Habarana
50150

Telephone

0777171660

Website

Alerts

Be the first to know and let us send you an email when Compass Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Compass Safari:

Shortcuts

Share