17/08/2026
🌱🍍 එළවළු හා පළතුරු විජලනය පිළිබඳ ප්‍රායෝගික තාක්ෂණික පුහුණු වැඩසටහන 🍎🥕
හාලිඇල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද එළවළු හා පළතුරු විජලනය පිළිබඳ ප්‍රායෝගික තාක්ෂණික පුහුණු වැඩසටහන 2026.07.31 දින හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායකයින් සඳහා සාර්ථකව පවත්වන ලදී.
📍 ස්ථානය: හාලිඇල විදාතා සම්පත් මධ්‍යස්ථානය 📅 දිනය: 2026.07.31
👨💼මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරී ඒ.අයි.පී.ෆොන්සේකා මහතා විසින් සිදු කරන ලදි.
මෙම වැඩසටහන තුළින් ව්‍යවසායකයින්ට එළවළු හා පළතුරු විජලනය, නිෂ්පාදන ගුණාත්මකභාවය සහ වටිනාකම් එකතු කළ නිෂ්පාදන සම්බන්ධයෙන් ප්‍රායෝගික දැනුම හා තාක්ෂණික මඟපෙන්වීම ලබා දෙන ලදී. 🌿✨
🌹🌹🌹🌹🌹🌹
සංවිධානය - හාලිඇල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය