Solar Net Metering - Sri Lanka

Solar Net Metering - Sri Lanka Get net metering 100% save your electricity bill....
You can save your money with green technology....
Fully Responsible Service.....

ජීවිත කාලය පුරාවටම නොමිලයේ විදුලිය ලබා ගන්න
සූර්ය බල උත්පාදන ක්‍රමය - Net Metering Solar
ශ්‍රි ලංකා විදුලි බල මණ්ඩලයේ හා වරලත් ඉංජිනේරු අනුමැතියෙන් ඔබ වෙත ලබාදෙන උසස්ම තත්වයේ සූර්ය බල පද්ධති ස්ථාපනය දැන් ඔබටත්.......මෙමගින් සම්පූර්ණයෙන් මාසික විදුලි බිලෙන් ඔබට නිදහස් විය හැකි අතර ඉහල ආරක්ෂිත පරිපථ ස්ථාපනයක් අප ඔබට ලබා දෙන්නෙ වසර 25 වගකීමක් සහිත වන අතර.... අන්තර්ජාලය හරහා ඔබගේ සූර්ය බල පද්ධතියෙහි

නිතර අපගේ නිරික්ෂණය ලක්වීම ඔබට පහසුවක් ගෙන දෙන්නක් මෙන්ම දෝෂනිරාකරනයටද පහසුය....උසස් තත්වයේ උපකරන නිසා නඩත්තුවලින් තොරයි..තවද මාසික විදුලි පරිබෝජනය ලොව කොහේ සිටියත් ඔබට නිරික්ෂණය කල හැක.....
සූර්ය පද්ධති ලබා ගැනීම ඔබගේ පරිබෝජනය අනුව කල හැක...
ගෘහස්ථ සහා කාර්යාල
500w energy system
1kw energy system
2kw energy system
3kw energy system
4kw energy system
5kw energy system
කර්මාන්ත
5 kw energy system
10 kw energy system
15 kw energy system

:D
06/09/2016

:D

3Kw System
21/08/2016

3Kw System

https://www.facebook.com/netmeteringsrilanka/  පුලුවන්නම් මෙම තාක්ෂණික පි‍ටුවට ගොස් Like එකක් එකතු කරන්න.ස්තූතියි
18/08/2016

https://www.facebook.com/netmeteringsrilanka/
පුලුවන්නම් මෙම තාක්ෂණික පි‍ටුවට ගොස් Like එකක් එකතු කරන්න.
ස්තූතියි

රටේ විදුලි පාරිභොගිකයන්, විදුලි නිෂ්පාදකයන් කිරීම සඳහාක්‍රියාත්මක කෙරෙන "සූර්ය බල සංග්‍රාමය"*නිවාස දසලක්ෂයක සූර්ය පැනල බ...
17/08/2016

රටේ විදුලි පාරිභොගිකයන්, විදුලි නිෂ්පාදකයන් කිරීම සඳහාක්‍රියාත්මක කෙරෙන "සූර්ය බල සංග්‍රාමය"

*නිවාස දසලක්ෂයක සූර්ය පැනල බලගැන්වේ

පසුබිම
පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් විදුලිය නිෂ්පාදනය පිළිබඳව රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ආයෝජකයන්ගේද දැඩි අවධානයට ලක්ව ඇත. දැනට රටේ විදුලි නිෂ්පාදන ධාරිතාවය වන මෙ.වො. 3,950 පමණ වන ධාරිතාවය වාර්ෂිකව 7‍%ක ප්‍රමාණයකින් වැඩි වුවහොත් 2025 වන විට තවත් මෙ.වො. 3,000ක පමණ ධාරිතාවයක් අළුතින් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වේ. මේ අනුව 2025 වසර වන විට අළුතින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත මෙ.වො. 3,000ක පමණ විදුලි ජනන ධාරිතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් ජනනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇත. රජයේ ප්‍රතිපත්තිය වනුයේ දැනට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් නිෂ්පාදනය කරන 50‍%ක් පමණ වන විදුලිබල ප්‍රමාණය 2020 පමණ වන විට 60% දක්වාද 2030 පමණ වන විට 70‍% දක්වාද වැඩි කර 2050දී රටට අවශ්‍ය සමස්ථ බලශක්ති ප්‍රමාණය දේශීය බලශක්ති ප්‍රභව සහ පුනර්ජනනීය බලශක්තිය මගින් නිෂ්පාදනය කිරීමයි. ශ්‍රී ලංකාව බලශක්තියෙන් ස්වයංපෝෂිත කිරීමේ ජාතික අපේක්ෂාවල "බලශක්තියෙන් සවිගැන්වූ දේශයක් - දැනුම් කේන්ද්‍රීය ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ බලශක්ති සංවර්ධන සැලැස්ම 2015 - 2025” මගින් පෙන්වා දී ඇත.

වත්මන් රජය මගින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් විදුල් සංවර්ධනය සඳහා සුවිශේෂී අවධානයක් යොමුකර ඇති අතර, විශේෂයෙන් ඉදිරියේදී විශාල වශයෙන් සුළං බලාගාර,සූර්ය බලාගාර, ජෛව ඉන්ධන බලාගාර ඉදිකිරීම තුලින් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය විවිධාංගීකරණය කිරීමට අවශ්‍ය සැලසුම් දැනටමත් සකස් කර ඇත. මේ අනුව ඉදිරි වසර 10 ඇතුලත මෙ.වො. 600ක පමණ සුළං බලාගාරද, මෙ.වො. 3,000ක පමණ සූර්ය බලාගාරද ඉදිකිරීමට සැලසුම් කර ඇත. විශේෂයෙන්ම සූර්ය බලය මගින් විදුලිය නිෂ්පාදනය කිරීමට පෞද්ගලික අංශය දැඩි කැමැත්තක් දක්වා ඇත. කෙසේ වුවත් මේ දක්වා විදුලි පද්ධතියට එක්කර ඇත්තේ මෙ.වො. 1.5ක පමණ සූර්ය බල ධාරිතාවයක් පමණි. මෙයට අමතරව මෙ.වො. 30ක පමණ ප්‍රමාණයක් ශුද්ධ මනුකරණය (Net Metering) ක්‍රමයට (නිවාස වල වහල මත ඉදිකරන සූර්ය පැනල - Rooftop Solar Panel) ලබා ගෙන ඇත.

ඉහත අරමුණ පෙරදැරිව සූර්‍ය බලශක්තිය මගින් විදුලි නිෂ්පාදනය කර පාරිභෝගිකයා වෙත විදුලි පද්ධතියට එක් කර ගැනීමට අවස්ථාව ලබා ගැනීම සඳහා සූර්‍ය බල සංග්‍රාමය නමින් වැඩපිළිවෙලක් දියත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග මේ වනවිට ගෙන ඇත.

"සූර්ය බල සංග්‍රාමය" වැඩසටහන

සූර්ය බලය උපයෝගී කරගෙන පාරිභෝගික ප්‍රජාව තම නිවාස/ පරිශ්‍රවල පියසි භාවිතා කරගෙන විදුලි ජනනය සිදුකර පද්ධතියට එක් කිරීම සඳහා හඳුන්වා දීමට යෝජිත, සූර්ය බල සංග්‍රාමය, ප්‍රජා විදුලි ජනන ව්‍යාපෘතිය පහත ආකාර තුන යටතේ ක්‍රියාත්මක වන අතර ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම කැමැත්ත මත පහත දැක්වෙන ආකාර තුනෙන් එක් ආකාරයක් තෝරා ගත හැකි වේ. එහිදී උපරිම ස්ථාපිත ධාරිතාව අදාල පාරිභෝගිකයාගේ විදුලි ඉල්ලුම් සීමාවට (Contract Demand) සීමා කෙරේ. මෙම වැඩසටහනට එක්වන පාරිභෝගිකයින් සමග වසර 20ක් දක්වා කාල සීමාවකට සූර්ය බලශක්තියෙන් ජනනය වන විදුලිය පද්ධතියට එක් කර ගැනීමට ගිවිසුමකට එළඹේ.

දැනට ක්‍රියාත්මක වන ශුද්ධ මනුකරණ (Net Metering) ක්‍රමයත යම් විදුලි පාරිභෝගිකයකු තම නිවසේ/ පරිශ්‍රයේ වහල මත ස්ථානගත කර ඇති සූර්ය පැනල මගින් ජනනය කරන විදුලිය ඒකක සහ පරිභෝජනය කරන විදුලි ඒකක අතර වෙනසට පමණක් විදුලි පරිභෝජන ගාස්තු ගෙවීම. මෙහිදී අදාළ පාරිභෝගිකයාගේ විදුලි නිෂ්පාදනය පරිභෝජනයට වඩා වැඩි නම් එම ඒකක ගණන ඉදිරි මාස වලදී පරිභෝජනයට ගත හැක. අතිරික්ත විදුලි නිෂ්පාදනයට මිලක් ගෙවනු නොලැබේ. මෙම අතිරික්ත විදුලි ඒකක ප්‍රමාණය වසර 10ක කාලය ඇතුලත අදාල පාරිභෝගිකයාට පරිභෝජනය කිරීමට අවස්ථාව සලසා ඇත.

තම වහල මත සවිකරන සූර්ය පැනල මගින් ජනනය කරන විදුලි ඒකක ගණන ඔහු විසින් පරිභෝජනය කරන ලද විදුලි ඒකක ගණනට වඩා වැඩි නම් වැඩිපුර ජනනය කල විදුලි ඒකක සඳහා මුල් වසර 07 කාලය තුළ ඒකකයකට රු.22.00ක් සහ අටවන වර්ෂයේ සිට රු.15.50ක මුදලක් එක් ඒකකයකට ගෙවීම. යම් හෙයකින් විදුලි පරිභෝජන ඒකක ගණන ජනන ඒකක ගණනට වඩා වැඩි නම් දැනට පවතින විදුලි පරිභෝජන ගාස්තුව අනුව පාරිභෝගිකයා විසින් වැඩිපුර පරිභෝජනය කරන ඒකක ගණනට ගෙවීම (Net Accounting).

තම වහල මත සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් නිෂ්පාදනය කරන විදුලි ඒකක ගණනට මුදල් ගෙවීම. මෙහිදී ශුද්ධ මනුකරණ ක්‍රමය යටතේ මෙන් නොව පාරිභෝගිකයාගේ නිෂ්පාදනය විදුලි පරිභෝජනයෙන් නිදහස් වේ. ඒ අනුව පාරිභෝගිකයා තම පරිභෝජනයට පවතින ගාස්තු ක්‍රමය යටතේ විදුලි පරිභෝජන ගාස්තු ගෙවිය යුතු අතර ඔහුගේ මුළු විදුලි නිෂ්පාදනයට ගාස්තුව ලංකා විදුලිබල මණ්ඩලයෙන් ගෙවනු ලැබේ (Net Plus).

දැනට ක්‍රියාත්මක වන ශුද්ධ මනුකරණ ක්‍රමවේදය විදුලි ඒකක 200කට වඩා පරිභෝජනය කරන ඕනෑම විදුලි පාරිභෝගිකයකුට වාසිදායක වේ. එමෙන්ම දෙවන ආකාරය සැලකූ විට එය ඒකක 120ට වඩා වැඩිපුර විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන්ට වාසිදායක වේ. කෙසේ නමුත් තුන්වන ආකාරය ඕනෑම විදුලි පාරිභෝගිකයකුට වාසිදායක වන බව මේ පිළීබඳව විශ්ලේෂණය කළ විට පෙනී යයි. ඒ අනුව මෙම ක්‍රම තුනම විදුලි පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ කැමැත්ත සහ වඩා වාසිදායක වීම යන කරුණු මත එක් ආකාරයක් තෝරාගැනීමට ඉඩ දීම ප්‍රායෝගික වේ.

2010 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ නිවාස වල වහල මත ශුද්ධ මනුකරණය (Net Metering) ක්‍රමයෙන් ඉදි කෙරුණු කුඩා සූර්ය බලාගාර ව්‍යාපෘතිය අපේක්ෂිත මට්ටමින් වර්ධනය වූයේ නැති අතර එය වඩාත් ප්‍රචලිත වූයේ ඉහල විදුලි පාරිභෝජනයක් සහිත පාරිභෝගිකයින් අතර පමණකි. නමුත් වහල මත ඉදිකරන කුඩා සූර්ය බලාගාර මගින් විශාල ප්‍රතිලාභ ලැබෙන බව මේ පිළිබඳව සිදු කළ අධ්‍යයනය මගින් වාර්තා වී ඇත. ඒ අතර පහත සඳහන් ආර්ථිකමයල පාරිසරික හා සමාජයීය ප්‍රතිලාභ විශේෂයෙන් අත්කර ගත හැකි වනු ඇත.

1) නිවාස වහල මත ඉදිවන කුඩා සූර්ය විදුලි බලාගාර දිවයින පුරා විසිරී ඇති බැවින් විදුලි පද්ධතියේ සමතුලිතතාවයට වැදගත් වේ.
2) විදුලි පාරිභෝගිකයාගේ නිවස අසල විදුලිය නිෂ්පාදනය කරන නිසා විදුලිබලය සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම් කිරීමේ දී සිදුවන සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් හානිය අවම වේ.
3) දැනට මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් සීමා වී ඇති විදුලි නිෂ්පාදනය සඳහා කුඩා ව්‍යවසායකයන්ටද සම්බන්ධ විය හැක.
4) රටේ විදුලි පාරිභෝගිකයන් විදුලි නිෂ්පාදකයන් බවට පත්වන බැවින් ඔවුන්ගේ ආර්ථික අවස්ථා වැඩි වනු ඇත.
5) රට පුරා විසිරුණු කුඩා පරිමාණ විදුලි නිෂ්පාදනාගාර පද්ධතියක් තිබෙන බැවින් එය ජාතික විදුලි සුරක්ෂිතතාවයටද ධනාත්මකව බලපානු ඇත.
6) සූර්ය බලය නොමිලේ ලැබෙන බලශක්ති ප්‍රභවයක් බැවින්ල බලශක්තිය සඳහා (ඉන්ධන සහ ගල් අඟුරු සඳහා) දැනට වැය කරන විදේශ විනිමය ප්‍රමාණය අඩු කර ගත හැක.
7) පාරිභෝගිකයන් විශාල පිරිසක් විදුලි නිෂ්පාදකයන් වන බැවින් විදුලි ජනනයෙන් ලැබෙන ආදායම තුල රටේ ආදායම් අසමතුලිතතාවය අඩු වනු ඇත.
8) වසර 2020 වන විට මෙ.වො. 200 පමණ පද්ධතියට එක් කර ගැනීම හා 2025 වන විට තවත් මෙ.වො. 800ක් පද්ධතියට එක්කර ගත හැකි වීම.
9) තාප බලාගාරවලින් විදුලි ජනනය හේතුවෙන් වායුගෝලයට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් (Co2) ප්‍රමාණය මෙ.ටො. 150,000ක් පමණ අඩු කර ගත හැකි වේ.
10) මෙම ක්‍රමය යටතේ පද්ධතියට එකතු වන සෑම පාරිභෝගිකයෙකුටම ණය මුදල් හා පොලී වාරික හා විදුලි බිල ගෙවීමෙන් පසු වසර 07ක පමණ කාලයක් රු.300/-ක පමණ මාසික ආදායමක් ලබා ගැනීමට හැකි වන අතර 08 වන වර්ෂයේ සිට 20 වන වර්ෂය දක්වා රු. 2,500/-කට වැඩි මාසික ආදායමක් ලබා ගත හැක.
11) මෙම ක්ෂේත්‍රයේ ඇතිවන පිබිදීම තුල සෘජුව හා වක්‍රව නව රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් නිර්මාණය වීම

ඕනෑම විදුලි පාරිභෝගිකයෙකු හට තම වහල මත සවිකරනු ලබන සූර්ය පැනල සඳහා වන ආයෝජනයෙන් අනතුරුවල පළමු අවුරුදු 07 ක කාලය තුල මෙම සූර්ය පැනල ඉදිකිරීම සඳහා වන ප්‍රාග්ධනය සපයා ගැනීම සඳහා ලබා ගත් ණය මුදලල වාරික ලෙස ගෙවීමට සිදුවන හෙයින් නිෂ්පාදනය කරනු ලබන විදුලි ඒකකයක් සඳහා වැඩි ගාස්තුවක්දල අවුරුදු 8 - අවුරුදු 20 ක කාලය සඳහා විදුලි පාරිභෝගිකයා කල ආයෝජනය සඳහා වන සාධාරණ ප්‍රතිලාභයක් සහිතව නිපදවන විදුලි ඒකකයක් මිලදී ගැනීම සඳහා ගෙවීම් කිරීමට පහත පරිදි යෝජනා වී ඇත.

ව්‍යාපෘති කාලය (වර්ෂ) විදුලි ඒකකයකට ගෙවන මුදල්
ස්ථරය I (Tier I) 1-7 22.00/kWh
ස්ථරය II (Tier II) 8-20 15.50/kWh

මේ අනුව යම් පාරිභෝගිකයෙක් 1kW ක සූර්ය පැනල තම වහලය මත සවිකළ හොත් ඔහු හට විදුලි ඒකක 115-120 අතර ප්‍රමාණයක් මාසිකව ජනනය කරගත හැකි වනු ඇත. ඒ අනුව මාසිකව ඔහු හට ලැබිය හැකි ආදායම රු. 2,500/- – රු.2,700/- ක් පමණ වේ.

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවන රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වාණිජ බැංකු රැසකින්ම ශුද්ධ මනුකරණ පද්ධති මිලදී ගැනීම සඳහා ණය සහන ලබා දේ. වසර 5 – 7 දක්වා ගෙවන පදනම මත ලබා දෙන මෙම ණය මුදල්, පද්ධති ස්ථාපනය කිරීම සඳහා වැයවන මුදලින් 75% දක්වා ලබා ගත හැක.

මෙහිදී යම් පාරිභෝගිකයෙක් ණය මුදලක් ලබාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නම් එම ණය සඳහා වාර්ෂිකව 13%ක උපරිම පොලියක් සහිතව අවුරුදු 07ක් තුල ණය නැවත ගෙවීමේ පදනම සැලකිල්ලට ගත් විට මාසිකව රු.2,200/- ක් පමණ ණය වාරිකය ලෙස ගෙවීමට සිදු වේ. ඒ අනුව මෙම ක්‍රමවේදය යටතේ විදුලිය ජනනය කරන පාරිභෝගිකයන් හට මාසිකව අඩු තරමින් රු.300/- ක පමණ ආදායමක් ණය මුදල, පොලී වාරික හා විදුලි පරිභෝජන ගාස්තුව ගෙවීමෙන් අනතුරුව ඉතිරිවනු ඇත. මෙම ආදායම් තත්වය ලබාගනු ලබන ණය මුදලේ කොන්දේසි තවදුරටත් සහනදායි වීම මත තවදුරටත් ඉහළ යනු ඇත.

එමෙන්ම ණය වාරික ගෙවීම අවසන් වන අවුරුදු 07ක කාලසීමාවෙන් පසුව ඔවුන් හට ලැබෙන මුදල සම්පූර්ණ ආදායමක් ලෙස මසකට රු. 2,500/- - රු.2,700/-ක් පමණ අවුරුදු 20 ක් දක්වා වන කාලය පුරා ලබාගත හැකිවේ.

මෙම සමස්ත ප්‍රතිලාභ ගැන සලකා බලා විදුලි පාරිභෝගිකයන්ගේ වහල මත ඉදි කරන සූර්ය බලාගාර (Rooftop Solar) 1,000,000ක් ඉදිරි අවුරුදු 10 තුල ජාතික වැඩසටහනක් ලෙස හඳුන්වා දීමට අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම වැඩසටහනේ අපේක්ෂාව වන්නේ රටේ සමස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් අවම වශයෙන් 20%ක් වත් විදුලි නිෂ්පාදකයන් බවට පත් කිරීමයි. දැනට සූර්ය බල නිෂ්පාදනය ඉහල ආදායම්ලාභීන් සහ ඉහල මධ්‍යම පාන්තිකයින් අතර පමණක් ක්‍රියාත්මක වේ. මෙයට හේතුව දැනට ක්‍රියාත්මක ක්‍රමය තුල නිවසේ නිෂ්පාදනය කරන අතිරික්ත විදුලිබලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මගින් මිලක් ගෙවනු නොලැබීමයි. මේ නිසා අඩු ආදායම්ලාභී විදුලි පාරිභෝගිකයන් සූර්ය විදුලිබල නිෂ්පාදනය සඳහා ආකර්ෂණය කර ගැනීමට අපහසුය. අමාත්‍යාංශයේ අරමුණ වනුයේ අපේක්ෂිත සූර්ය බලාගාර 1,000,000න් 20%ක් වත් අඩු ආදායම්ලාභී පවුල්වලට හඳුන්වා දීමයි. ඒ අනුව මෙමගින් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 02ක් නව ක්‍රමය යටතේ විදුලි නිෂ්පාදකයන් බවට පත්වනු ඇත. එම අරමුණ ඇතිව නිවාස තුල නිෂ්පාදනය කරන අතිරික්ත විදුලිබලය මිල දී ගැනීම සඳහා වන ගාස්තුව (Tariff) ඉහත 2.1 වගුවේ දක්වා ඇති පරිදි ගෙවීම මගින් මෙම විදුලිය මිලදී ගැනීමට යෝජනා වී ඇත.

යෝජිත ව්‍යාපෘතිය යටතේ වසර 2020 වන විට මෙ.වො. 200 ක් නිෂ්පාදනය කිරීමටද, 2025 වන විට එය මෙ.වො. 1,000 ක් දක්වා වර්ධනය කර ගැනීමටද අපේක්ෂා කෙරේ.

Good news for you....... :D
10/08/2016

Good news for you....... :D

07/08/2016
විදුලිය පිරිමසින්න කියන කාලේ - රිසි සේ විදුලිය පාවිච්චි කරන්න නොමිලයේ මාසිකව විදුලිබල මණ්ඩලයට ස්ථාවර රු 30/= විතරයි........
26/07/2016

විදුලිය පිරිමසින්න කියන කාලේ - රිසි සේ විදුලිය පාවිච්චි කරන්න නොමිලයේ
මාසිකව විදුලිබල මණ්ඩලයට ස්ථාවර රු 30/= විතරයි.....
අදම ආයෝජනය කරන්න - අනාගතයේ විදුලි බිල කොතෙක වැඩි උනත් බයක් නොවී ජිවත් වෙන්න.....
වසර 25ක වගකීමක්
බැංකු ණය පහසුකම් ඇත.
උසස්ම තත්වයේ උපකරණ භාවිතය.
Net metering solar energy
500w,1kw,2kw,3kw,4kw,5kw
Call - 0715846264

24/07/2016

විදුලි බිලට විසදුමක් - දැයට ශක්තියක්

දිනෙන් දින ඉහල යන විදුලිබිලට හා විදුලි අර්බුදයට පිළියමක් ලෙස Net metering ක්රඇමය භාවිතා කර හැක.
මෙමගින් දහවල් කාලයේදි සූර්ය ශක්තිය මගින් නිපදවනු ලබන විදුලි ශක්තිය අපගේ පරිබෝජනයට ගෙන එහි අතිරික්තය ජාතික පද්ධතියට ලබා දෙයි.අනතුරුව රාත්රීි කාලයේ නැවත අප ජාතික පද්ධතියෙන් විදුලිය ලබාගෙන විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු මුදල පාලනය කර හැක.මේ සදහ අවශ්ය Net metering පද්ධතිය අප විසින් ස්ථාපනය කරනු ලබයි.

මෙතුලින් ඔබට ලැබෙන සුවිශේෂි වාසි
• ඔබගේ විදුලි බිල 100% ක් මෙමගින් ඉතිරිවන අතර මෙම සදහා ගෙවන මුදල වසර 5 ක් ඇතුලත ඉතිරි කරගත හැක.ඉන්පසු ඔබ Net metering නොමිලයේ ලබාගත්තා හා සමානය.
• ඉදිරියේ විදුලි බිල වැඩි වුවද ඔබට එයින් කිසිදු බලපෑමක් නොමැත.
• ඔබගේ අවශ්යදතා මත අනාගතයේදි ධාරිතාවය වැඩිකරගැනීමේ හැකියාව ඇත.
• අවම නඩත්තුව.
• නිවසේ විදුලි පරිපථවලට පහසුවෙන් සම්බන්ධ කිරීමට ඇති හැකියාව.
• මෙහි ස්ථාපනය කරන අධි ආරක්ෂිත උපකරණ මගින් නිවසේ විදුලිමය ආරෂාව තවදුරටත් සහතික වීම.

අපගේ සුවිශේෂි සේවාවන්
• වසර 25ක වගකීම.
• ලොව උසස්ම තත්වයේ උපකරණ භාවිතය.
• අන්තර්ජාලය හරහා නිතරම ඔබගේ සුර්ය පද්ධතිය නිරික්ෂණය කිරීම
• පළපුරුදු කාර්මික සේවය
• ලංකා විදුලි බලමණ්ඩලයේ හා වරලත් ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය

24/07/2016

Read this - For Your knowledge

The optimal angle for your solar panels varies throughout the year, depending on the seasons and your location and this calculator shows the difference in sun height on a month-by-month basis. For even more precise angling, you would need to track the sun as it moves throughout the day on a minute-by-minute basis. This can be accomplished with an automated mechanical solar tracker, but unfortunately this is not very economical.
The sun reaches its peak at solar noon each day (exactly half way between sunrise and sunset) and this calculator shows the angle at that time of day. At solar noon, the irradiance from the sun is at its zenith and you can generate the most energy.
As an example, the sun is due south at solar noon in the northern hemisphere. To get the best performance out of your photovoltaic panels, you would face them due south at the optimum angle so that the panel is receiving as much sunlight as possible at this time.
The best angle for your solar project also depends on when you want to get the best out of your photovoltaic system. If you want the best performance during the summer months (when there is the most sunlight), you would angle your photovoltaic panels according to the height of the sun in the sky during these months.
If you have the ability to adjust your photovoltaic panels throughout the year, you will benefit from having the optimum performance from your solar system all of the time.

https://www.facebook.com/netmeteringsrilanka

24/07/2016

Address

Kandy Road
Hassalaka

Alerts

Be the first to know and let us send you an email when Solar Net Metering - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Solar Net Metering - Sri Lanka:

Share