24/08/2026
👉හෙද වෘත්තියෙන් ඉහළ ආදායමක් කරා යන්න පුළුවන් කොහොමද?
🔴හෙද වෘත්තිය ලෝකයේ ඉහළ වගකීමක් සහිත සෞඛ්‍ය වෘත්තියකි. WHO හි 2025 දත්ත අනුව, ලෝකයේ nursing workforce එක මිලියන 29.8ක් පමණ වන අතර රටවල් හා කලාප අතර nurses හි පවතින හිඟය තවමත් සැලකිය යුතු මට්ටමක පවතී.
🔴හෙද සේවයේ ඉහළ ආදායමක් ලබාගැනීම සඳහා පාඨමාලාවක් කිරීම පමණක් ප්‍රමාණවත් නොවිය හැකිය. පිළිගත් අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය ලියාපදිංචිය, අදාළ රටේ licensing requirements, සේවා පළපුරුද්ද සහ විශේෂිත nursing skills වැනි කරුණු වැදගත් වේ.
🔴එබැවින් “ඉහළ වැටුපක්” පසුපස යාමට වඩා, පිළිගත් පුහුණුවක් ලබාගෙන ක්‍රමානුකූලව වෘත්තීය සුදුසුකම් හා පළපුරුද්ද ගොඩනගා ගැනීම දිගුකාලීනව වඩාත් වැදගත් ආයෝජනයකි.