18/08/2026
බොහෝ ව්‍යාපාරිකයන් තමන්ගේ සේවකයින්ට අදාළ වන කම්කරු නීති පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වීම නිසා නීතිමය ගැටලුවලට මැදි වේ. ඒ නිසා 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනත කාටද අදාළ වෙන්නේ කියලා දැනගමු. 👊
Shop & Office Act එකට අයත් වන සේවකයින් කවුද? 👨💻
1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාල සේවක පනත සාප්පු සහ කාර්යාලවල සේවය කරන සේවකයින්ගේ රැකියා කොන්දේසි සහ වැටුප් නියාමනය කිරීම සඳහා පවතින කම්කරු නීතියක්.
මේ පනත අදාළ වෙන්නේ කාටද?🤔
1. සාප්පු (Shops)
පඩි පාලක සභාවකින් ආවරණය නොවන, සිල්ලර හෝ තොග වෙළඳාම් සිදුකරන ඕනෑම ස්ථානයක සේවය කරන පිරිස මෙයට අයත් වේ.
උදාහරණ ලෙස:
✅ හෝටල්, ආපනශාලා, සුපිරි වෙළඳසැල් සහ ඖෂධසැල්
✅ ලොන්ඩරි සහ ඩ්‍රයි ක්ලීනර්ස්
✅ කොණ්ඩා මෝස්තර ශාලා (Barbers & Salons)
තොග හා සිල්ලර කර්මාන්තය සඳහා වන පඩි පාලක සභා ආඥා පනත යටතේ ලියාපදිංචි වී ඇති සාප්පු, අවමංගල්‍ය කටයුතු කරන්නන්ගේ ව්‍යාපාර සහ පුණ්‍ය කටයුතු සඳහා මාසයකට අඩුවෙන් පවත්වන වෙළඳාම් මෙයට අයත් නොවේ.
2. කාර්යාල (Offices)
ව්‍යාපාරික, බැංකු, රක්ෂණ හෝ වෘත්තීය සේවා සපයන ආයතන මෙයට අයත් වේ.
✅ පෞද්ගලික සමාගම් සහ මූල්‍ය ආයතන
✅ විගණන, නීති සහ උපදේශන ආයතන
✅ රජයේ සහ රාජ්‍ය නොවන සංස්ථා
👉ඔබේ සේවකයින් මෙම පනත යටතට අයත් වන්නේ නම්, ඔවුන්ගේ වැඩ කරන වේලාවන්, නිවාඩු සහ අතිකාල (OT) ගෙවීම් මෙම නීතියට අනුව සිදුකිරීම අනිවාර්ය වේ.
මේ ගැන වැඩිදුර දැනගන්න හෝ නීතිමය ගැටලු මඟහරවා ගන්න Talentspark Consulting අපිට කතා කරන්න. 👊
Call ➡ 076 928 4857
WhatsApp ➡ 076 385 9101
Email ➡ [email protected]