TalentSpark Consulting

TalentSpark Consulting We provide expert services in Business Registration, Company Secretary, Finance, Tax, HR, Trademark, & IT

Income Tax කියන්නේ පුද්ගලයෙකුගේ ආදායම හෝ ව්‍යාපාරයකින් ලැබෙන ආදායම මත, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් අය කරනු ...
25/08/2026

Income Tax කියන්නේ පුද්ගලයෙකුගේ ආදායම හෝ ව්‍යාපාරයකින් ලැබෙන ආදායම මත, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් අය කරනු ලබන බද්දයි.

📌 Income Tax සඳහා සැලකිල්ලට ගන්නා ප්‍රධාන ආදායම් මාර්ග 4ක් තිබෙනවා.

✅ රැකියා ආදායම (Employment Income): වැටුප්, දීමනා සහ රැකියාවෙන් ලැබෙන අනෙකුත් ප්‍රතිලාභ.

✅ ව්‍යාපාර ආදායම (Business Income): ව්‍යාපාරයක් පවත්වාගෙන යාමෙන් ලැබෙන ආදායම්.

✅ ආයෝජන ආදායම (Investment Income): ආයෝජනවලින් ලැබෙන ආදායම් සහ ලාභ.

✅ වෙනත් ආදායම් (Other Income): ඉහත කාණ්ඩවලට අයත් නොවන, නීතියට අනුව බදු අය කළ හැකි වෙනත් ආදායම්.

Income Tax ගෙවන්න ඕන අය කවුද?

🔹 ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු නම්, ශ්‍රී ලංකාවෙන් සහ විදේශයෙන් ලැබෙන ආදායම අනුව Income Tax ගෙවිය යුතුය.

🔹 ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු නොවේ (Non-Resident) නම්, සාමාන්‍යයෙන් බදු ගෙවිය යුත්තේ ශ්‍රී ලංකාවේ උපයන ආදායමට පමණි.

👉වාර්ෂික ආදායම රු. 1,800,000ට වඩා වැඩි නම් Income Tax ගෙවිය යුතු වෙනවා. එම නිසා හැමකෙනෙක්ම Income Tax ගෙවන්න ඕන වෙන්නේ නැහැ.

බදු සම්බන්ධ උපදෙස් සඳහා Talentspark Consulting සමඟ සම්බන්ධ වන්න. 🤝

Call ➡ 076 928 4857
WhatsApp ➡ 076 385 9101
Email ➡ [email protected]

# TailorMadeSolutions

බොහෝ ව්‍යාපාරිකයන් තමන්ගේ සේවකයින්ට අදාළ වන කම්කරු නීති පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වීම නිසා නීතිමය ගැටලුවලට මැදි වේ. ඒ...
18/08/2026

බොහෝ ව්‍යාපාරිකයන් තමන්ගේ සේවකයින්ට අදාළ වන කම්කරු නීති පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වීම නිසා නීතිමය ගැටලුවලට මැදි වේ. ඒ නිසා 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනත කාටද අදාළ වෙන්නේ කියලා දැනගමු. 👊

Shop & Office Act එකට අයත් වන සේවකයින් කවුද? 👨💻

1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාල සේවක පනත සාප්පු සහ කාර්යාලවල සේවය කරන සේවකයින්ගේ රැකියා කොන්දේසි සහ වැටුප් නියාමනය කිරීම සඳහා පවතින කම්කරු නීතියක්.

මේ පනත අදාළ වෙන්නේ කාටද?🤔

1. සාප්පු (Shops)
පඩි පාලක සභාවකින් ආවරණය නොවන, සිල්ලර හෝ තොග වෙළඳාම් සිදුකරන ඕනෑම ස්ථානයක සේවය කරන පිරිස මෙයට අයත් වේ.

උදාහරණ ලෙස:

✅ හෝටල්, ආපනශාලා, සුපිරි වෙළඳසැල් සහ ඖෂධසැල්

✅ ලොන්ඩරි සහ ඩ්‍රයි ක්ලීනර්ස්

✅ කොණ්ඩා මෝස්තර ශාලා (Barbers & Salons)

තොග හා සිල්ලර කර්මාන්තය සඳහා වන පඩි පාලක සභා ආඥා පනත යටතේ ලියාපදිංචි වී ඇති සාප්පු, අවමංගල්‍ය කටයුතු කරන්නන්ගේ ව්‍යාපාර සහ පුණ්‍ය කටයුතු සඳහා මාසයකට අඩුවෙන් පවත්වන වෙළඳාම් මෙයට අයත් නොවේ.

2. කාර්යාල (Offices)
ව්‍යාපාරික, බැංකු, රක්ෂණ හෝ වෘත්තීය සේවා සපයන ආයතන මෙයට අයත් වේ.

✅ පෞද්ගලික සමාගම් සහ මූල්‍ය ආයතන

✅ විගණන, නීති සහ උපදේශන ආයතන

✅ රජයේ සහ රාජ්‍ය නොවන සංස්ථා

👉ඔබේ සේවකයින් මෙම පනත යටතට අයත් වන්නේ නම්, ඔවුන්ගේ වැඩ කරන වේලාවන්, නිවාඩු සහ අතිකාල (OT) ගෙවීම් මෙම නීතියට අනුව සිදුකිරීම අනිවාර්ය වේ.

මේ ගැන වැඩිදුර දැනගන්න හෝ නීතිමය ගැටලු මඟහරවා ගන්න Talentspark Consulting අපිට කතා කරන්න. 👊

Call ➡ 076 928 4857
WhatsApp ➡ 076 385 9101
Email ➡ [email protected]

මොකක්ද මේ Self-Declaration Form එක?  🤔සාමාන්‍යයෙන් ඔබ බැංකුවක තැන්පත් කර ඇති මුදල් සඳහා ලැබෙන පොලී ආදායමෙන් 10% ක මුදලක්...
13/08/2026

මොකක්ද මේ Self-Declaration Form එක? 🤔

සාමාන්‍යයෙන් ඔබ බැංකුවක තැන්පත් කර ඇති මුදල් සඳහා ලැබෙන පොලී ආදායමෙන් 10% ක මුදලක් රඳවා ගැනීමේ බදු (WHT) ලෙස අය කරනු ලබනවා.

👉නමුත්, ඔබේ මුළු වාර්ෂික ආදායම (පොලී ආදායම සහ අනෙකුත් සියලුම ආදායම්) රුපියල් 1,800,000 (ලක්ෂ 18) වඩා අඩු නම්, ඔබට එම බදු මුදල ගෙවීමෙන් නිදහස් වීමට අවස්ථාව තිබෙනවා. ඒ සඳහායි ඔබ මේ Self-Declaration එක (ස්වයං ප්‍රකාශනය) බැංකුව වෙත ඉදිරිපත් කරන්න ඕන.

🚫 Self-Declaration Form එකට වැරදි හෝ අසම්පූර්ණ තොරතුරු ඇතුළත් කළොත් මොකද වෙන්නේ?

❌ ඔබ ලබාදෙන තොරතුරු අසම්පූර්ණ හෝ වැරදි තොරතුරු නම්, බැංකු සහ මූල්‍ය ආයතන විසින් එය ප්‍රතික්ෂේප කරනු ලබනවා.

❌ ඔබ අසත්‍ය හෝ නොමඟ යවන සුළු තොරතුරු ඉදිරිපත් කළොත්, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් ඔබට හිමිවීමට තිබූ බදු සහනය අහෝසි කරනු ලබනවා.

❌ අසත්‍ය තොරතුරු ඇතුළත් කර ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කළොත්, ඒ සඳහා රුපියල් 200,000 දක්වා දඩ මුදලක් නියම කරන්න නීතියෙන් පුළුවන්.

ඒ නිසා Self-Declaration Form එක පුරවද්දී,
✅ නිවැරදි තොරතුරු දාන්න.

✅ භාර දෙන්න කරන්න කලින් double-check කරන්න.

✅ අවශ්‍ය නම් professional advice ගන්න.

වැඩි විස්තර සඳහා Talentspark Consulting සමඟ සම්බන්ධ වෙන්න.🤝

Call ➡ 076 928 4857
WhatsApp ➡ 076 385 9101
Email ➡ [email protected]

සමහර ව්‍යාපාරවල විකුණුම් (Sales) කොච්චර වැඩි වුණත් අසාර්ථක වෙන්නේ ඇයි කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? බොහෝ ව්‍යාපාර මුහ...
06/08/2026

සමහර ව්‍යාපාරවල විකුණුම් (Sales) කොච්චර වැඩි වුණත් අසාර්ථක වෙන්නේ ඇයි කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද?

බොහෝ ව්‍යාපාර මුහුණ දෙන සැබෑ ප්‍රශ්නය ආදායම නැතිවීම නෙවෙයි... 👉 ඒ වැරදි මූල්‍ය කළමනාකරණයයි.

ඔබේ ව්‍යාපාරයත් මේ ගැටලුවලට මුහුණ දෙනවාද?
❌ විකුණුම් (Sales) වැඩි වුණත් නිතරම මුදල් හිඟ වීම (Cash flow problems).

❌ සැබෑ ලාභය කොපමණදැයි නිවැරදිව නොදැනීම.

❌ වියදම් පාලනය (Expenses control) කර ගැනීමට නොහැකි වීම.

❌ බදු සහ මූල්‍ය වාර්තා නිසි ලෙස පිළියෙළ කර නොතිබීම.

❌ ව්‍යාපාරය දියුණු වුණත් මූල්‍යමය ස්ථාවරත්වයක් නොමැති වීම.

👉මේ ගැටලු තියෙනවා නම් ඔබේ ව්‍යාපාරයටත් මූල්‍ය කළමනාකරණයක් අත්‍යවශ්‍යයි. මොකද ව්‍යාපාරයක් සාර්ථක වෙන්න විකුණුම් විතරක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

✅Bookkeeping සහ Financial Planning කියන එකත් ඒ හා සමානවම වැදගත්.

නිවැරදි මූල්‍ය කළමනාකරණයක් ඇතිව ඔබේ ව්‍යාපාරය විධිමත් සහ තිරසාර වර්ධනයක් කරා ගෙන යන්න.👊

වෘත්තීයමය Bookkeeping සහ මූල්‍ය කළමනාකරණ සේවාවන් සඳහා අදම Talentspark Consulting සමඟ සම්බන්ධ වන්න.🤝

Call ➡ 076 928 4857
WhatsApp ➡ 076 385 9101
Email ➡ [email protected]

HR කළමනාකරණය නොකර, HR වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම මගහැරලා Business එකක් කරන්න බැහැ! මොකද සේවකයින් කියලා කියන්නේ ව්‍යාපාරයක ...
25/07/2026

HR කළමනාකරණය නොකර, HR වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම මගහැරලා Business එකක් කරන්න බැහැ!
මොකද සේවකයින් කියලා කියන්නේ ව්‍යාපාරයක වටිනා වත්කමක්. ඒ නිසා HR වැඩ කටයුතු නිවැරදිව කළමනාකරණය කිරීම වැදගත්. 💼

HR කළමනාකරණය නොකර ව්‍යාපාරයක් කරද්දී තියෙන අවදානම තමයි,

❌ වැරදි පුද්ගලයින් සේවයට බඳවා ගැනීම.

❌සේවක ගැටලු කළමනාකරණය කිරීමේ අපහසුව.

❌ කම්කරු නීති උල්ලංඝනය වීමේ අවදානම.

❌ ව්‍යාපාරයේ වර්ධන වේගය අඩු වීම.

ඒත් ඔයාගේ ව්‍යාපාරය කුඩා එකක් නම්, වෙනම HR Manager කෙනෙක්/Team එකක් නඩත්තු කරන එක අමතර වියදමක් වෙන්න පුළුවන්.

මේකට තියෙන විසඳුම මොකක්ද?🤔

👉විසඳුම තමයි HR වැඩ කටයුතු බාහිර පාර්ශවයක් මඟින් සිදු කිරීම (HR Outsourcing) කියලා කියන්නේ. ඒ නිසා ඔබට පූර්ණ කාලීන HR Manager කෙනෙක්/Team එකක් අවශ්‍ය නැහැ.

HR Outsourcing මඟින්,

✅ පූර්ණ කාලීන වියදමකින් තොරව වෘත්තීය HR සහාය ලබා ගැනීම.

✅ විධිමත් බඳවා ගැනීම් සහ සේවක කළමනාකරණය.

✅ කම්කරු නීති, EPF සහ ETF ගෙවීම් නිසි පරිදි පවත්වා ගැනීම.

✅ ව්‍යාපාරික කටයුතු වඩාත් සංවිධානාත්මක වීම, වගේ සියලුම HR සම්බන්ධ වැඩකටයුතු පහසුවෙන්, අඩු වියදමකින් කරගන්න පුළුවන්.

👉ඔයාගේ Business එකට HR support එකක් අවශ්‍යද?
Talentspark Consulting අපේ HR Outsourcing සේවාව සමඟ අදම සම්බන්ධ වෙන්න!🤝

Call ➡ 076 928 4857
WhatsApp ➡ 076 385 9101
Email ➡ [email protected]

Grow Smart, Not Stressed! 👊

📌සමාගමක් ලියාපදිංචි කරනකොට සමාගමේ අයිතිය (Ownership) බෙදෙන්නේ කොටස් (Shares) විදියටයි.📌සරලව කියනවා නම්, කොටසක් කියන්නේ ස...
21/07/2026

📌සමාගමක් ලියාපදිංචි කරනකොට සමාගමේ අයිතිය (Ownership) බෙදෙන්නේ කොටස් (Shares) විදියටයි.

📌සරලව කියනවා නම්, කොටසක් කියන්නේ සමාගමේ අයිතියෙන් කොටසක්. ඒ අනුව කොටස් තියෙන ප්‍රමාණය අනුව කොටස්කරුවන්ට (Shareholder) සමාගමේ අයිතිය ලැබෙනවා.

📌කොටස් නිකුත් කිරීම (Shares Issue) කියන්නේ අලුත් ආයෝජකයින් (Investors) සමාගමට එකතු කරගන්න, සමාගමට මුදල් ලබා ගන්න, හෝ අයිතිය බෙදා ගන්න භාවිතා කරන වැදගත් ක්‍රියාවලියක්.

👉හැබැයි මේක කරන්න ඕන 2007 අංක 07 දරන සමාගම් පනතට අනුව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නීතිරීති වලට අනුවයි.

✅අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය (Board Approval)

මුලින්ම සමාගමේ අධ්‍යක්ෂවරු රැස්වෙලා Meeting එකක් පවත්වලා කොටස් කීයක් දෙනවද, එකක මිල කීයද සහ ඒවා ගන්නේ කවුද කියලා තීරණය කරනවා. මේක Board Resolution එකකින් අනුමත කරනවා.

✅පරණ කොටස්කරුවන්ට (Existing Shareholders) අවස්ථාව දීම

අලුත් අයට කොටස් විකුණන්න කලින්, දැනට සමාගමේ ඉන්න කොටස්කරුවන්ට මුලින්ම කොටස් මිලදී ගැනීමේ අවස්ථාව ලබා දෙනවා. සාංගමික ව්‍යවස්ථාවේ (Articles of Association) මේ ගැන සඳහන් වෙලා තියෙනවා නම්, අනිවාර්යයෙන්ම මුලින්ම ඔවුන්ගෙන් අහන්න ඕනේ.

✅Form 6 Submit කිරීම

කොටස් නිකුත් කරලා දවස් 20ක් ඇතුළත, සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට (ROC) Form 6 කියන පෝරමය පුරවලා භාර දෙන්න ඕනේ.

✅කොටස් හිමියන්ගේ ලේඛනය (Share Register) යාවත්කාලීන (Update) කිරීම

සමාගම සතුව තියෙන කොටස් හිමියන්ගේ නාමලේඛනයට අලුත් විස්තර ඇතුළත් කරන්න ඕනේ.

✅කොටස් සහතික ලබා දීම (Share Certificates)

අන්තිමට, කොටස් ගත්තු අයට ඔවුන්ට අයිති ප්‍රමාණය සඳහන් කරලා නිල "කොටස් සහතිකයක්" ලබා දෙන්න ඕනේ.

ව්‍යාපාරය දියුණු කරන්න සල්ලි (ප්‍රාග්ධනය) හොයාගන්න වගේම අලුත් ව්‍යාපාරික හවුල්කරුවන් එකතු කරගන්නත් කොටස් නිකුත් කිරීම සමාගමකට වැදගත් වෙනවා.✊

➡ඔයාට මේ නීතිමය වැඩකටයුතු නිවැරදිව කරගන්න අපහසුද?

Talentspark Consulting අපිට පුළුවන් ඔයාගෙ සමාගමේ ලියාපදිංචි කිරීම් සහ නීතිමය ලේඛන කටයුතු (Secretarial Services) ඉතා විශ්වාසවන්තව කරලා දෙන්න.🤝

Call ➡ 076 928 4857
WhatsApp ➡ 076 385 9101
Email ➡ [email protected]

අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න එක හිතන තරම් ලේසි නැහැ තමයි. හිතට පොඩි බයක්, චකිතයක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. හොඳ Business I...
18/07/2026

අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න එක හිතන තරම් ලේසි නැහැ තමයි. හිතට පොඩි බයක්, චකිතයක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. හොඳ Business Idea තියෙන ගෙඩක් අය බය නිසා ව්‍යාපාරය පටන් ගන්න ප්‍රමාද වෙනවා. මේ බය සාමාන්‍ය දෙයක්, ඒක පරාජය කරන්න ඔයාට පුළුවන්. ✊

👉මෙන්න ඒකට සරල ක්‍රම කිහිපයක්:

📌පොඩියට පටන් ගන්න (Start Small)
පළවෙනි දවසෙම ලොකු සමාගමක් හදන්න ඕන නෑ. සරල අදහසකින් පටන් අරගෙන පියවරෙන් පියවර ඉදිරියට යන්න.

📌පොඩි ගවේෂණයක් කරන්න (Research)
ඔයාගේ පාරිභෝගිකයෝ, වෙළඳපොළ (Market) සහ තරඟකරුවන් (Competitors) ගැන ටිකක් හොයලා බලන්න. කරුණු දැනගත්තාම බය ඉබේම අඩු වෙලා යනවා.

📌සරල සැලසුමක් හදාගන්න (Plan)
ඔයාගේ ඉලක්ක (Goals), වියදම් සහ ආදායම් ලැබෙන විදිහ සරලව ලියලා බලන්න. මේක ඔයාට පැහැදිලිව හිතන්න වගේම ආත්ම විශ්වාසය වැඩි කරන්නත් උදව් වෙනවා.

📌අනිත් අයගෙන් ඉගෙන ගන්න
බිංදුවෙන් පටන් අරන් දියුණු වුණු ව්‍යවසායකයන්ගේ කතා (Success Stories) අහන්න. ඒ අත්දැකීම් ඔබට ලොකු හයියක් වේවි.

📌පළමු පියවර තියන්න
ගොඩක් වෙලාවට අමාරුම දේ පළවෙනි පියවර. එක පාරක් වැඩේට බැස්සොත් ඉදිරියට යන ගමන් ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න ගමන් වර්ධනය වෙන්න පුළුවන්.

මතක තියාගන්න: අද ඔයාට පෙනෙන සාර්ථක හැම ව්‍යාපාරයක්ම එක දවසක කෙනෙක්ගේ හිතේ ඇතිවුණු පුංචි අදහසක් විතරයි! ✍

✅ඔයත් අලුත් Business එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවාද?

Talentspark Consulting මඟින් Company Registration, Secretarial Services සහ Tax සම්බන්ධ සියලුම සේවාවන් ලබා ගන්න පුළුවන්. 🤝

Call ➡ 076 928 4857
WhatsApp ➡ 076 385 9101
Email ➡ [email protected]

15/07/2026

පියවර කිහිපයකින් ඔයාගේ BR එක අතටම!

රු. 33,800/- සිට තෝරාගැනීමට පැකේජ.

ඇතුලත් සේවාවන්:
✅ සමාගම් ලියාපදිංචිය පිළිබඳ උපදෙස්
✅ යෝජිත නම සෙවීම (Name Search), වෙන් කිරීම සහ අනුමැතිය
✅ Domain නම සෙවීම
✅ Form 01, 18, 19 සකස් කිරීම
✅ Articles of Association සකස් කිරීම (පිටු 19 ක)
✅ ලියාපදිංචි සහතිකය (BR)
✅ Form 01, Articles of Association හි සහතික කළ පිටපත්
✅ Business Email Setup
✅ TIN සහතිකය
✅ ලියාපදිංචියෙන් පසු Unlimited Secretary Certified පිටපත්
✅ භාෂා තුනකින් පුවත්පත් දැන්වීම් - ROC
✅ ගැසට් නිවේදනය -ROC
✅ ඕනෑම බැංකුවකට අවශ්‍ය Account Opening Resolutions සකසා දීම (No number of Limitations)
✅ ගිණුම්කරණය හා බදුකරණය පිළිබඳ උපදෙස්
✅ EPF/ETF ලියාපදිංචිය සම්බන්ධ උපදෙස්
✅ ව්‍යාපාරික උපදේශනය
✅ BO Forms
✅ BO Resolutions
✅ Director Seal, Company Seal (අතිරේක)
✅ සතියේ දින 7 ම Dedicated Consultant කෙනෙක්ගේ සහාය

වැඩි විස්තර සඳහා:
Call ➡ 076 928 4857
WhatsApp ➡ 076 385 9101
Email ➡ [email protected]

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාවේ ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් අතර සිදුවන ගෙවීම් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් ...
09/07/2026

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාවේ ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් අතර සිදුවන ගෙවීම් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කරලා තියෙනවා.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබා දී ඇති අවස්ථාවක දී හැර, ශ්‍රී ලංකාව තුළ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවන සියලුම ගනුදෙනු අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රුපියල් (LKR) වලින් පමණක් සිදු කළ යුතු බව දක්වා තියෙනවා.

මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
✅ලංකාවේ ව්‍යාපාර වලට ලංකාවේ පාරිභෝගිකයන්ගෙන් විදේශ මුදල් (USD, EUR වැනි) වලින් ගෙවීම් (payments) ගන්න බැහැ.

✅ රුපියල් වලින් ලැබෙන මුදල් විදේශ මුදල්වලට හරවලා, විදේශ විනිමය ගිණුමකට (Foreign Currency Accounts) ගෙවීමක් ලබා ගැනීමද තහනම් කරලා තියෙනවා. මේක ක්‍රෙඩිට් (Credit) සහ ඩෙබිට් (Debit) කාඩ්පත් මගින් සිදුකරන ගෙවීම් වලටද අදාළ වෙනවා.

මේ නීතිය කඩ කළොත් වෙන්නේ මොකක්ද?
මේ නීතිය කඩ කරන ව්‍යාපාරිකයන් වගේම ගෙවීම සිදුකරන පුද්ගලයාද වරදකරුවෙකු වෙන්න පුළුවන්. ඒ සඳහා,

📌 රුපියල් මිලියන 25ක් දක්වා දඩ මුදලක්

📌 අවුරුදු 3 දක්වා සිර දඬුවමක්

📌 නැත්නම් දඩය සහ සිරදඩුවම දෙකම ලැබෙන්න පුළුවන්.

✅ඔයාගෙ ව්‍යාපාර කටයුතු වලදී ඇති වෙන්න පුළුවන් නීතිමය ගැටලු මගහරවා ගන්න මේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න.

👉 Stay informed, Stay tuned!

📢 දේශීය ආදායම් පනතේ නව සංශෝධනය👉 Stay informed, Stay tuned!
03/07/2026

📢 දේශීය ආදායම් පනතේ නව සංශෝධනය

👉 Stay informed, Stay tuned!

Address

Homagama
10200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+94763859101

Alerts

Be the first to know and let us send you an email when TalentSpark Consulting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TalentSpark Consulting:

Shortcuts

Share