24/09/2026
🌿 සමූපකාර නීතිය හා භාවිතය 🌿
සමූපකාර සේවකයින් දැනුවත් කිරීමේ එක්දින පුහුණු වැඩසටහන
සමූපකාර ක්ෂේත්‍රයේ සේවකයින්ගේ දැනුම, වෘත්තීය කුසලතා හා නීතිමය අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “සමූපකාර නීතිය හා භාවිතය” මැයෙන් වූ එක්දින පුහුණු වැඩසටහන 2026 සැප්තැම්බර් මස 20 වන දින ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදෙමින්, සමූපකාර නීතිය හා එහි ප්‍රායෝගික භාවිතය පිළිබඳ වටිනා දැනුම හා අත්දැකීම් සමඟින් දැනුවත් කළේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් නිලධාරී මොහාන් ජයතුංග මහතා විසිනි.
සමූපකාර සේවකයින්ගේ වෘත්තීය දැනුම හා කාර්යසාධනය තවදුරටත් ඉහළ නැංවීමට මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් මහඟු දායකත්වයක් සපයයි. 🌱🤝
දැනුමෙන් සවිමත් සේවක පිරිසක් – ශක්තිමත් සමූපකාර ව්‍යාපාරයක්! ❤️