Made in SriLanka

Made in SriLanka 🇱🇰 Positive News | National Achievements | Tourism | Development
Celebrating Sri Lanka’s strength, success & spirit.

25/08/2026

පිටකොටුව බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රාකළ 1029ක් සොයා ඔවුන් ලවා මෙම ස්ථාන පිරිසිදු කරවීමට කටයුතු කලා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව

22/08/2026

හෙල්ලයේ රජු රුමේෂ් තරංග ලොසෑන් ඩයමන්ඩ් ලීගයේදී ලක්මව රනින් සරසයි🥇🇱🇰

ස්විස්ටර්ලන්තයේ ලොසෑන් ඩයමන්ඩ් ලීග් තරගාවලියෙදී මීටර් 88.14 දක්ෂතාවයක් දක්වමින් ශ්‍රී ලංකා සුපිරි හෙල්ල විසිකිරීමෙ ක්‍රීඩක රුමේෂ් තරංග මේවර තරගාවලිය ජය ගනිමින් ලක්මව රනින් සරසවනවා.ඒ අනුව,

රෝම ඩයමන්ඩ් ලීග් රන් පදක්කම 🥇 ✅
දෝහා ඩයමන්ඩ් ලීග් රන් පදක්කම🥇 ✅
ඔස්‍ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් රන් පදක්කම🥇 ✅
පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම 🥇 ✅
ලොසෑන් ඩයමන්ඩ් ලීග් රන් පදක්කම🥇 ✅

තරගාවලි 5යි රන් පදක්කම් 5යි.ලක්මව රනින් සරසවපු අවස්ථා 5යි.විශිෂ්ටයි අති විශිෂ්ටයි. මන් අහන්නෙ මනුස්සයෙක්ට මීට වඩා තමන්ගෙ මව්බිම වෙනුවෙන් කරන්න දෙයක් තියෙනවද?

Congratulations Rumesh Tharanga ආඩම්බරයි 🇱🇰❤️

ජපානයෙන් ලංකාවට තවත් මෙට්‍රෝ බස් 50ක් වසර අවසානයේදී ලබා දෙයිතවත් මෙට්රෝ බස් රථ පනහක් මේ වසර අවසන් වීමට පෙර ජපානයෙන් ලැබී...
01/08/2026

ජපානයෙන් ලංකාවට තවත් මෙට්‍රෝ බස් 50ක් වසර අවසානයේදී ලබා දෙයි

තවත් මෙට්රෝ බස් රථ පනහක් මේ වසර අවසන් වීමට පෙර ජපානයෙන් ලැබීමට නියමිත බවයි පවසන්නේ.

පසුගියදා ගෙන්වන ලද මෙට්රෝ බස් රථ 104 අගෝස්තු අවසන් වීමට පෙර ධාවනයට යොදවන බව පවසා ඇති අමාත්‍යවරයා, මේ වසර අවසන් වීමට පෙර මහනුවර සහ යාපනය යන නගරවල ද මෙට්රෝ බස් සේවය ආරම්භ කරන බව පවසා තිබේ.

01/08/2026

නියමයි රුමේශ්... !!!
ඔහු දැන් ලෝකෙ අංක එකේ ක්‍රීඩකයා...
රුමේශ් තරංග ලක්මව රන් පදක්කමකින් සරසයි... නීරජ් චොප්රාට රිදී පදක්කම...
ඉන්දීය ක්‍රීඩක යෂ්වීර් සින්ග්ට ලෝකඩ පදක්කම...

ඔහොම යමු champ..🇱🇰💪🎯
30/07/2026

ඔහොම යමු champ..🇱🇰💪🎯

පාලිත බණ්ඩාර ට රිදී පදක්කමක්. තම පුද්ගලික හොඳම දක්ෂතාවය ලෙස මීටර 46.84 දුරක් කවපෙත්ත විසිකරමින් එම ඉසව්වේ රිදී පදක්කම දි...
30/07/2026

පාලිත බණ්ඩාර ට රිදී පදක්කමක්.
තම පුද්ගලික හොඳම දක්ෂතාවය ලෙස මීටර 46.84 දුරක් කවපෙත්ත විසිකරමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගනී.

🚌 ජූලි 28 වැනිදා METRO බස් 104 ක් දිවයිනට!​ප්‍රවාහන ක්ෂේත්‍රයට තවත් වැදගත් පියවරක් තබමින්, නවීන පන්නයේ METRO බස් රථ 104 ...
25/07/2026

🚌 ජූලි 28 වැනිදා METRO බස් 104 ක් දිවයිනට!
​ප්‍රවාහන ක්ෂේත්‍රයට තවත් වැදගත් පියවරක් තබමින්, නවීන පන්නයේ METRO බස් රථ 104 ක් ඉදිරි දිනවලදී දිවයිනට පැමිණීමට නියමිතයි.
​මෙම නව බස් රථ එකතු වීමත් සමඟම මගී ජනතාවගේ දෛනික ගමනාගමන පහසුකම් තවත් වැඩි දියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
​👇 මේ ගැන ඔබේ අදහස කුමක්ද? Comment එකක් දාලා යන්න!

22/07/2026

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මහියංගනයෙන් ඇරඹේ
​ලංකාවේ ප්‍රථම වරට ඇළ මාර්ගයක් ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Canal-Top Solar’ සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ මූලික ශක්‍යතා අධ්‍යයනය මහියංගනයේ වියානා ඇළ ආශ්‍රිතව සාර්ථකව සිදුකර ඇත.
​වියානා ඇළ තෝරා ගැනීමට හේතු:
​විශාල බලශක්ති ධාරිතාවක්: කිලෝමීටර් 20කට අධික දිගකින් යුතු පුළුල් ඇළ මාර්ගයක් වීම නිසා ජාතික විදුලි පද්ධතියට විශාල පුනර්ජනනීය බලශක්ති ප්‍රමාණයක් එක් කිරීමට ඇති හැකියාව.
​ප්‍රශස්ත සූර්යාලෝකය: වසරේ වැඩි කාලයක් ව්‍යාපෘතියට අවශ්‍ය පරිදි සූර්යාලෝකය උපරිමයෙන් ලැබීම.
​ව්‍යාපෘතියේ විශේෂිත ප්‍රතිලාභ:
​ජල සම්පත් සුරැකීම: සූර්ය පැනල මගින් ඇළ මාර්ගය ආවරණය වන බැවින් ජලය වාෂ්පීභවනය වීම පාලනය වීම සහ අධික රශ්මිය සහිත කාලගුණයේදී ජල උෂ්ණත්වය නිසි මට්ටමක පවත්වා ගැනීමට හැකිවීම.
​අනාගත බලශක්ති පදනම: හරිත හයිඩ්‍රජන් වැනි දියුණු බලශක්ති ව්‍යාපෘති සඳහා සුදුසු පදනමක් සකස් වීම.
​වන අලි සංරක්ෂණය: ව්‍යාපෘතියට ආරක්ෂිත විදුලි අලි වැටක් ද ඇතුළත් වන බැවින්, වන අලින් ඇළට වැටීමේ අවදානම අවම වීම.
​මෙම අද්විතීය ව්‍යාපෘතිය ජලය ප්‍රවාහනයට පමණක් සීමා නොවී, පිරිසිදු විදුලිය නිපදවන, ජල සම්පත් හා වන අලින් සුරකින, ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ප්‍රතිපත්තියට නව මගක් පෙන්වන ජාතික මට්ටමේ ආදර්ශමත් සංවර්ධන පියවරක් වනු ඇත.

Address

Kaduwela
10640

Telephone

+94711261560

Website

Alerts

Be the first to know and let us send you an email when Made in SriLanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Made in SriLanka:

Shortcuts

Share