New Star Nursery

New Star Nursery Exotic Plants,Grass Sod and Pots For Sale

03/10/2023
17/08/2023

විසිතුරු මල් වගාවේදී බොන්සායී වගාවෙදි ගෙවතු වගාවෙදි අපි භාවිතා කරන සෑම පොහොර වර්ගයකම මූලිකව අඩංගු වෙන්නේ

නයිට්‍රජන්(N)
පොස්පරස්(P)
පොටෑසියම් (K)

පොටෑසියම් (K) - මල්හට ගැනීමට උපකාරීවේ.

නයිට්‍රජන් (N)- මල් වගාවේදී ගස හොදින් වර්ධනය සදහා උපකාරී වේ.

පොස්පරස් (P) - මෙය ශාඛයේ මූල පද්ධතිය හොදින් වර්ධනය සදහා භාවිතා කරයි.

ඉහත මූලික සංඝටක තුන ඇරුනම මැග්නීසියම්,යකඩ වගේ දේවලුත් විදියට පොහොර සෑදීමේදී යොදා ගන්නවා.
ගස හොදින් වර්ධනයට නයිට්‍රජන් ප්‍රමාණය වැඩි පොහොරත් මූල පද්ධතිය වර්ධනයට පොස්පරස් (P) ප්‍රමාණය වැඩි පොහොරත් මල් ලබා ගැනීමට පොටෑසියම් මාත්‍රාව වැඩි පොහොරත් යොදා ගන්නවා.
මෙවා කැට පොහොර හා දියර පොහොර වශයෙන් රසායනික පොහොර වර්ග කොටස් දෙකක් තියෙනවා.

පොහොර යොදන විට පැලයකට අවශ්‍ය ප්‍රමාණයට පොහොර යෙදීම අනිවාර්යෙන්ම සලකා බැලිය යුතුය.
මුල හොදින් වර්ධනය වි නොමැති මුල් අවධියේ පැලයකට මල් ලබා ගැනීම සදහා පොටෑසියම් අධික (k44,යාරාමිලා කම්ප්ලෙක්ස්,යාරාමිලා ටාගට්, ඔස්මොකෝට් High K,දම් කැට) යොදා ගැනීමෙන් පැලයේ වර්ධක මුල් වලට හානි වෙනවා වගේම ශාකයේ වර්ධනයද අඩාල වෙනවා.එම නිසා ශාඛයේ මුල් හොදින් වර්ධනය වී ශාඛය හොදින් වැඩුනු පසු මල් ලබා ගැනීමට පොහොර යෙදිය යුතුයි.

අපි යොදන ප්‍රදාන පොහොර වර්ග

1.ඔස්මොකෝට් (Osmocote)
ඔයා මල් වගාවට ආධුනික කෙනෙක් නම් මෙම පොහොර භාවිතය ඔයාට ගොඩක් පහසුයි.මොකද මේක දිගුකාලීන කැට පොහොර වර්ගයක්.එක් වරක් ඔයා පැලයට යෙදුවම මාස 5ක් 6ක් අතර කාලයක් තිස්සෙ පැලයට උරා ගන්නවා. පොහොර ප්‍රමාණය වැඩි වුණා කියලා පැලයට වෙන බලපෑම බොහොම අඩුයි.
ඔස්මොකෝට් කැට පොහොර වර්ග 3ක් ඇත.

ඔස්මොකෝට් High N(නයිට්‍රජන් ප්‍රමාණය වැඩි)
ඔස්මොකෝට් High K (පොටෑසියම් ප්‍රමාණය වැඩි)
ඔස්මොකෝට් All purpose

2.යාරාමිලා
යාරාමිලා කම්ප්ලෙක්ස් ලාබදායි මිලකට ගන්න පුලුවන් වගේම පැලයට ඉක්මනින් උරා ගන්නවා.මෙහි පොටෑසියම් ප්‍රමාණය අධික පොහොරක්.
ඒ වගේම මෙම පොහොර යෙදීමේදී ශාඛයේ මුලෙන් ටිකක් ඈතට වෙන්න යොදන්න ඕන.
මාසයකට සැරයක් මෙම පොහොර යෙදීම ප්‍රමාණවත්.

3. K 44
මේක පොටෑසියම් සාන්ද්‍රනය ඉතාමත් අධික පොහොර වර්ගයක්.
මෙය මල් හට ගැනීමට සුදුසු ශාක වලට ඇසුරුමේ සදහන් ආකාරයට මිශ්‍ර කර දින 10කට වතාවක් පත්‍ර වලට යෙදීම ප්‍රමනවත්.ප්‍රමාණය වැඩි උනොත් පැලයට හානි වෙන්නත් පුලුවන්.

4. කැප්ටාන්
මේක දිලීර නාශක පොහොර වර්ගයකි.මුල් කුණු වීමට පසේ දිලීර විනාශ කිරීමට බහුලව යොදා ගනී.

5.නිල් කැට පොහොර
ශාඛයේ වර්ධන අවධියේ මෙම පොහොර වර්ධනය සදහා බෙහෙවින් උපකාරී වේ. සති 2/3කට වතාවක් යෙදීම ප්‍රමාණවත්.

6.දම් කැට පොහොර
හොදින් වර්ධනය වූ ශාඛ වල මල් ලබා ගැනීමට මෙම පොහොර වර්ගය භාවිතා කරයි. මෙයද සති 2/3කට වතාවක් යෙදීම ප්‍රමාණවත්.

Plumbago Plantප්ලම්බගෝ පැල.ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක.තොග වශයෙන් ද ලබා ගත හැක.077 984 78 79070 210 39 80076 940 13 30
05/08/2019

Plumbago Plant
ප්ලම්බගෝ පැල.
ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක.
තොග වශයෙන් ද ලබා ගත හැක.
077 984 78 79
070 210 39 80
076 940 13 30

Dipladenia Plant.White Colour Old Yellow Colour Pink Colour Red Colour New Yellow Colour New Red Colour ඕනෑම ප්‍රමාණයකින...
31/07/2019

Dipladenia Plant.

White Colour
Old Yellow Colour
Pink Colour
Red Colour
New Yellow Colour
New Red Colour
ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක.
තොග වශයෙන් ද ලබා ගත හැක.
077 984 78 79
070 210 39 80
076 940 13 30

Australian grass.ඕනෑම ප්‍රමාණයක් ලබාගත හැක.076 940 13 30
31/07/2019

Australian grass.
ඕනෑම ප්‍රමාණයක් ලබාගත හැක.
076 940 13 30

ෆැන්ඩර්නාස් පැල.ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක.තොග වශයෙන් ද ලබා ගත හැක.077 984 78 79070 210 39 80076 940 13 30
31/07/2019

ෆැන්ඩර්නාස් පැල.

ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක.
තොග වශයෙන් ද ලබා ගත හැක.
077 984 78 79
070 210 39 80
076 940 13 30

Gerbera plantsතොග වශයෙන් ද ලබා ගත හැක.070 210 39 80 / 077 984 78 79
24/07/2019

Gerbera plants
තොග වශයෙන් ද ලබා ගත හැක.
070 210 39 80 / 077 984 78 79

Kristina plantsක්‍රිස්ටිනා පැලඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක.තොග වශයෙන් ද ලබා ගත හැක.
24/07/2019

Kristina plants
ක්‍රිස්ටිනා පැල
ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක.
තොග වශයෙන් ද ලබා ගත හැක.

Address

Kalutara North
12050

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94769401330

Website

Alerts

Be the first to know and let us send you an email when New Star Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Star Nursery:

Share