The MJ Design & Build

The MJ Design & Build Project Management and Consultantation

A Cafe Born from the Mountains - Ella, Sri Lanka​Not another box in the hills.This is a wood and bamboo hybrid structure...
22/08/2026

A Cafe Born from the Mountains - Ella, Sri Lanka

Not another box in the hills.

This is a wood and bamboo hybrid structure - a fluid, site-specific form that rises with the mist of Ella. A complex geometry that cannot be built without absolute detailing from day one and truly skilled labor.

Proudly managed by MJ Design and Build, ensuring every curve meets its mark in Time, Cost, and Quality.

If you are tired of the ordinary, and you seek something that is truly yours, truly of its place -

Project Reveal | Outdoor Event Venue - Weliwita​Our latest intervention in Kaduwela
22/08/2026

Project Reveal | Outdoor Event Venue - Weliwita

Our latest intervention in Kaduwela

08/07/2026
08/07/2026

Interiors are silent conversations.
Between texture and memory.
Between color and mood.
Between space and the way you live in it.

The right room can slow your heart.
The right light can lift your day.
The right corner can become your peace.

This is why we don’t just design interiors.
We design how life feels inside them.

*ගෘහ නිර්මාණ ශිල්පය සහ පරිසරය: ගෘහ නිර්මාණ ශිල්පය කියන්නේ ගඩොල්, සිමෙන්ති, වානේ එකතු කරලා ගොඩනැගිල්ලක් හදන එක නෙමෙයි. ඒක...
25/04/2026

*ගෘහ නිර්මාණ ශිල්පය සහ පරිසරය:

ගෘහ නිර්මාණ ශිල්පය කියන්නේ ගඩොල්, සිමෙන්ති, වානේ එකතු කරලා ගොඩනැගිල්ලක් හදන එක නෙමෙයි. ඒක පොළොවේ හෘද ස්පන්දනයට කන් දීලා, හුළඟේ ගමන් මඟට ඉඩ දීලා, හිරු එළියේ කෝණයට හිස නවලා කරන සංවාදයක්. අපි අඳින හැම රේඛාවක්ම පරිසරයට යවන ලිපියක්. පරිසරය දෙන හැම පිළිතුරක්ම අපේ වහල උඩට වැටෙන වැහි බිංදුවක්.

🟢 *1. ගෘහ නිර්මාණ ශිල්පය = දෙවැනි ස්වභාවධර්මය*

ස්වභාවධර්මය අවුරුදු මිලියන 4000ක් තිස්සේ පරිණාමය වෙලා හදපු නිර්මාණයක්. ගහක කොළයක නාරටිය, කූඹි ගුලක වා කවුළුව, වේයන්ගේ කන්දක උෂ්ණත්ව පාලනය — ඒ හැම එකක්ම පරිපූර්ණ ඉංජිනේරු ශිල්පයක්.

අපි කරන ගෘහ නිර්මාණය මොකක්ද? අපි කරන්නේ ස්වභාවධර්මයේ නීති copy කරලා, මිනිස් අවශ්‍යතාවයට ගලපලා, “දෙවැනි ස්වභාවධර්මයක්” හදන එක.

ගුහාවක හිටපු මිනිහා ඉස්සෙල්ලම ගෙයක් හදනකොටත් බැලුවේ “වැස්සෙන් බේරෙන්න, අව්වෙන් බේරෙන්න, සතා සීපාවාගෙන් බේරෙන්න” කියන මූලික දේ. ඒ කියන්නේ පටන් ගත්ත තැන ඉඳන්ම Architecture කියන්නේ “පරිසරයට දෙන උත්තරයක්”. ප්‍රශ්නය තියෙන්නේ, දැන් අපි දෙන උත්තර පරිසරයට පහරක් වෙලාද, තුරුලක් වෙලාද කියන එක.

🟢 *2. ගොඩනැගිල්ලක් හුස්ම ගන්න ඕන*

සජීවී ගහක් වගේ, හොඳ ගොඩනැගිල්ලකටත් “හුස්ම ගන්න” පුළුවන් වෙන්න ඕන.

1. *ආලෝකය*: හිරු එළිය කියන්නේ නොමිලේ ලැබෙන විදුලිය. හැබැයි අපි හදන ගොඩක් ගෙවල් දවල් 12ටත් ලයිට් දාන්න ඕන කුඩු. හරියට plan කරපු කවුළුවකින්, light well එකකින්, උදේ ඉඳන් හවස් වෙනකන්ම ගේ ඇතුළට ඉර එළිය එක්ක පුළුවන්. ඒකෙන් current bill එක විතරක් නෙමෙයි, මිනිස්සුන්ගේ Vitamin D මට්ටමයි, මානසික සෞඛ්‍යයයි දෙකම බේරෙනවා.

2. *වාතය*: AC එකක් කියන්නේ කෘතිම පෙණහැල්ලක්. හොඳ නිර්මාණයක් cross ventilation වලින්, stack effect එකෙන්, ගේ ඇතුළේ වාතය නිකම්ම circulate කරවනවා. සිංහල ගෙවල්වල තිබ්බ “මැද මිදුල” කියන්නේ ඒකටම හදපු තාක්ෂණයක්. වැහි කාලෙට වතුර බහිනවා විතරක් නෙමෙයි, අවුරුද්දම ගෙට හුළං අදිනවා.

3. *ජලය*: වහල උඩට වැටෙන හැම වැහි බිංදුවක්ම පොළොවට දානයක්. ඒත් අපි කරන්නේ concrete වලින් පොළොව වහලා, ඒ වතුර ඔක්කොම කාණුව දිගේ මුහුදට යවන එක. Rainwater harvesting, permeable paving, bioswale කියන්නේ වහලෙන් වැටෙන වතුරට ආයෙත් පොළොවට යන්න දෙන මාර්ග. ගේ හැදුව කියලා වතුර cycle එක කඩන්න අපිට අයිතියක් නෑ.

🟢 *3. ද්‍රව්‍ය: පොළොවේම කෑල්ලක් ආපහු පොළොවට දෙන එක*

අපි ගන්න හැම ගඩොල් කැටයක්, සිමෙන්ති කොට්ටයක්ම පොළොවෙන් කඩලා ගත්ත දෙයක්. පොළොව කියන්නේ අපේ බැංකුව. බැංකුවෙන් නිකන්ම සල්ලි අරන් වියදම් කරලා හරියන්නෑ. පොළියත් එක්ක ආපහු දාන්න ඕන.

1. *Local Materials*: මාතර ගෙයක් හදන්න හම්බන්තොටින් කළු ගල් අදින්න ඕන නෑ. ඒ ගමේ තියෙන පස්, ගල්, දැව පාවිච්චි කරනකොට transport carbon footprint එක 80%කින් අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ පළාතේ climate එකට ඔරොත්තු දෙන්නෙත් ඒ පළාතේම ද්‍රව්‍ය.

2. *Cradle to Cradle*: ගොඩනැගිල්ලක් කඩන දවසට ඒ සුන්බුන් ඔක්කොම කුණු වෙන්න ඕන නෑ. Steel, timber, bricks ආයෙත් පාවිච්චි කරන්න පුළුවන් විදියට design කරන එකට කියන්නේ “Design for Disassembly”. ගේ මැරුණත්, ඒ ඇටකටු වලින් තව ගේවල් 10ක් හදන්න පුළුවන් වෙන්න ඕන.

🟢 *4. සීමාව දැනගැනීම: අපි දෙවියෝ නෙමෙයි, භාරකාරයෝ*

ස්වභාවධර්මයට වඩා ලස්සන දෙයක් මිනිහෙකුට හදන්න බෑ. අපිට පුළුවන් උපරිම දේ “අඩුම හානියක් කරලා, වැඩිම ගෞරවයක් දීලා” හදන එක.

කන්දක් කපලා හෝටලයක් හදනකොට අපි ගණන් හදන්නේ “කාමර කීයක් එනවද, profit එක කීයද” කියලා විතරයි. හැබැයි ඒ කන්දෙන් පෙරෙන දිය උල්පත, ඒකේ ඉන්න සත්තු, නාය යාමේ අවදානම — ඒ cost එක balance sheet එකේ නෑ.

ගෘහ නිර්මාණ ශිල්පියාගේ ඇත්තම රාජකාරිය client ට “බෑ” කියන්න පුළුවන් කොන්දක් හදාගන්න එක. “මෙතන ගේ හදන්න බෑ සර්, මේක elephant corridor එකක්” කියන්න තරම් නිර්භීත වෙන්න ඕන. මොකද අපි අත්සන් කරන හැම plan එකක්ම අවුරුදු 100ක් පොළොව උඩ තියෙන සාක්ෂියක්.

🟢 *5. අනාගතය: ගොඩනැගිලි නෙමෙයි, ජීවී පද්ධති*

අනාගතේ ගෙවල් “ඉන්ද්‍රිය” වගේ වැඩ කරයි.
- වහල උඩ solar panel වලින් විදුලිය හදනවා.
- බිත්ති වල algae වලින් කාබන් ඩයොක්සයිඩ් උරාගන්නවා.
- Waste water ආයෙත් purify කරලා toilet flush කරනවා.
- ගේ වටේ හදන ගස් වලින් කෑම, හෙවණ, පක්ෂීන්ට වාසස්ථාන ලැබෙනවා.

ඒ කියන්නේ ගෙයක් කියන්නේ “පරිසරයෙන් උදුරගන්න යන්ත්‍රයක්” නෙමෙයි. “පරිසරයට දායක වෙන ජීවියෙක්”.

🔴 *අවසාන සත්‍යය*

පොළොව අපිට ගෙවල් හදන්න ඉඩ දීලා තියෙන්නේ හේතුවක් ඇතුව. වැස්සට, අව්වට, සුළඟට මැදි වෙලා ජීවත් වෙන්න අමාරු නිසා. ඒත් ඒ ඉඩ දුන්න පළියට පොළොවම විනාශ කරන්න අපිට අයිතියක් නෑ.

හොඳම Architecture එක කියන්නේ මිනිස්සු “අනේ මේ ගේ ලස්සනයි” කියන එක නෙමෙයි. කුරුල්ලෙක් ඇවිත් වහල කෙළවරේ කූඩුවක් හදන එක. බල්ලෙක් ඇවිත් මිදුලේ සෙවණේ නිදාගන්න එක. අවුරුදු 50කට පස්සෙත් ගේ වටේ ගස් ටික තව ලොකු වෙලා තියෙන එක.

*මොකද පරිසරය අපිට කියන්නේ නැතුව වුණත් හැමදාම මතක් කරනවා: “උඹලා ආගන්තුකයෝ. මම තමයි ගෙදර අයිතිකාරයා.”*

MJ එකෙන් අපි උත්සාහ කරන්නේ ඒ අයිතිකාරයට ගෞරව කරන ගෙවල් හදන්න. පොළොව එක්ක රණ්ඩු කරන නෙමෙයි, පොළොව එක්ක යාළු වෙන නිර්මාණ කරන්න.

All rights received. ©MJ

මාලබේ වැලිවිට වැඩබිම මේ වනවිට...
21/04/2026

මාලබේ වැලිවිට වැඩබිම මේ වනවිට...

උදාවුනු නව වසරේ,  දේශ සීමා අමතක කර,  ජාති ආගම් අමතක කර,  මිනිස්සු විදියට එකතු වෙමු.  ලෝක සාමයත්, මනුස්සකමත් රජයන  සුබ අල...
14/04/2026

උදාවුනු නව වසරේ,
දේශ සීමා අමතක කර,
ජාති ආගම් අමතක කර,
මිනිස්සු විදියට එකතු වෙමු.
ලෝක සාමයත්, මනුස්සකමත් රජයන
සුබ අලුත් අවුරුද්දක් වේවා!

Image credit and concept - Chathu Siri

Is the cost of building a house giving you a headache? 🤯*These days, everything from a cement bag to a nail is expensive...
13/04/2026

Is the cost of building a house giving you a headache? 🤯*

These days, everything from a cement bag to a nail is expensive. You can’t finish the job for the estimated price anymore. If you give it to masons, the price changes every day. If you give it to a contractor, they use cheap materials to “save cost” and you end up breaking and redoing it later.

*As a Construction Team, this is what we believe:*
A job shouldn’t just look good — it should also make sense for your budget.

*Here’s how we work:*

*1. We Plan the Cost First*
We come to the site and check the actual situation. We remove impractical work and unnecessary expenses right at the start. Problems like water pooling or walls going higher than planned — we solve them before the work starts.

*2. The Right Construction Method*
We choose a method that fits the job, lasts long, and needs less maintenance. We don’t rush and use cheap materials just to cut cost, then break and rebuild later. We do it right the first time.

*3. Phase It to Fit Your Budget*
If spending millions at once is hard, no problem. We split the work.
Phase 1: Structure + basic finish so you can use the building.
Phase 2: When funds are ready, we do the screed, tile, paint, and full finish.
No financial stress.

*4. 100% Transparency*
We show every expense with bills — from cement bags to nails. If material prices go up, we tell you the reason right away. No hidden costs, no surprise “extra” bills at the end.

We don’t promise “the cheapest price.”
We promise “the right price, with the right quality, and no shady work.”

If you’re planning to build a house, shop, or warehouse — and you want it done without fear of cost or headaches — talk to us.

We’ll come, check it out, and tell you the real story. ☕

Inbox us or Call / WhatsApp: 071 789 0 999

13/04/2026

වියදම ආයෙත් වැඩිවෙලා නේද? 😮‍💨*

මුලින් estimate වියදම දෙගුණ වෙලා. මාස 3ට සිමෙන්ති, යකඩ, ගල් 3 පාරක් ගණන් ගිහින්.

බාස්ලටම වැඩේ බාර දුන්නම අද කියන ගාන හෙට නෑ. හවසට අලුත් ප්‍රශ්නයක්. කොන්ත්‍රාත් දුන්නම "ලොකු ලාබ තියාගන්න" හිතාගෙන අඩු බඩු දාලා වැඩේ අනාගන්නවා. අයිතිකාරයා මැද හිර වෙනවා.

තව පැත්තකින් ඔයාගෙ ගෙදරත් හදාගන්න එපායැ. Site එකයි ගෙදර බජටුයි දෙකම එකට කල්පනා කරනකොට නින්දත් නෑ.

අපි පොරොන්දු වෙන්නෙ නෑ "අඩුම ගානට" කරලා දෙන්න.* අපි පොරොන්දු වෙන්නෙ "හරි ගානට, හරි බඩුවෙන්, හරි විදිහට" කරලා දෙන්න. බාසුයි, සප්ලයි අයියලායි, හොර කොන්ත්‍රාත් කාරයොයි එක්ක තියෙන battle එක අපි දන්නවා. මොකද අපිත් දවස ගානේ site එකේ දූවිලි කන අය.

ගෙයක් හරි, කඩයක් හරි, වෙයාර්හවුස් එකක් හරි හදන්න ඉන්නවා නම් – වියදමත් එක්ක යුද්ධ කරනවා නම් – එන්න අපි ගාවට.

Site එකට ඇවිල්ලා බලලා, ඇත්තම ගාන කතා කරමු. බොරු estimate නෑ. ☕

Inbox දාන්න නැත්නම් Call/WhatsApp: 071 789 0 999

#සිවිල් වැඩ #ගෙදරහදමු #වියදමControl

Project Management and Consultantation

Address

Kandy
20136

Alerts

Be the first to know and let us send you an email when The MJ Design & Build posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The MJ Design & Build:

Shortcuts

Share