SED Pages Kandy four gravets and gangawata korale

Call Directions Website Contact the business

SED Pages  Kandy four gravets and gangawata korale ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසායක නාමාවලිය
Entrepreneur's Directory of Gangawata korale Divition

06/10/2026

Business Online Free Webinar Series - 2026
Session 34

🌍 Go Global, Grow Smart

ඔබේ ව්‍යාපාරය ජාත්‍යන්තර වෙළඳපොළට රැගෙන යාමට සූදානම්ද?

ගෝලීය වෙළඳපොළ තුළ පවතින අවස්ථා හඳුනාගෙන, නිවැරදි වෙළඳපොළ තෝරාගැනීමට සහ ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමේදී ඇතිවන අභියෝග ජයගැනීමට අවශ්‍ය දැනුම සහ මඟපෙන්වීම ලබාගැනීමට “Go Global, Grow Smart” විශේෂ webinar සැසිය සමඟ එක්වන්න.

🎯 මෙම වැඩසටහන තුළින්:

✔️ Global Trends සහ Potential SME Markets හඳුනාගැනීම
✔️ Demand, Competition, Cost & Risk මත වෙළඳ පොළ ඇගයීම
✔️ Market Intelligence සහ Potential Buyers සොයා ගැනීම
✔️ International Market Entry Challenges හඳුනාගෙන ඒවාට සාර්ථකව මුහුණදීම

ප්‍රවීණයෙකුගේ දැනුම, අත්දැකීම් සහ මඟපෙන්වීම සමඟින්...

👨‍🏫 Resource Person:

Dr. HMCG Bandara
Head / Senior Lecturer
Department of Marketing Management
Sabaragamuwa University of Sri Lanka

📅 08 October 2026
⏰ 10.00 AM -12.00 Noon
📍 Facebook Live – SED Bureau

Small Enterprises Development Division
Ministry of Industry & Entrepreneurship Development

👉 ඔබේ ව්‍යාපාරයේ දේශීය සීමාවන් ඉක්මවා Global Market එකට පිවිසීමට ඊළඟ පියවර අදම තබන්න!

අපගේ මෙවැනි වැඩසටහන් සමඟ එකතු වෙන්න පහත සඳහන් WhatsApp group එකට Join වෙන්න.

https://chat.whatsapp.com/LjvWrA8NtxvBEel5d0H2DA

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන් 👇👇👇

🆓Business Online Free Webinar Series - 2026 Session 32“පුංචි පුංචි වෙනස්කම් වලින්, වඩා හොඳ ප්‍රතිඵල” Small Changes, Bett...
21/09/2026

🆓Business Online Free Webinar Series - 2026
Session 32

“පුංචි පුංචි වෙනස්කම් වලින්, වඩා හොඳ ප්‍රතිඵල”
Small Changes, Better Results Every Day – Productivity Kaizen for SMEs

ව්‍යාපාරයක සාර්ථකත්වය සඳහා සෑම විටම විශාල වෙනස්කම් අවශ්‍ය නොවේ. කුඩා, අඛණ්ඩ සහ සැලසුම් සහගත වැඩිදියුණු කිරීම් තුළින් දෛනික මෙහෙයුම් කාර්යක්ෂම කර, ඵලදායිතාව ඉහළ නංවා වඩා හොඳ ප්‍රතිඵල අත්කර ගත හැකිය.

ව්‍යාපාරයේ පවතින නාස්තිය, ප්‍රමාදයන් අවම කර ගනිමින්, ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමට Kaizen සංකල්පය ප්‍රායෝගිකව යොදවා ගැනීමට, Kaizen මෙවලම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට, මෙවර Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න‍!!!

🎯මෙවර වැඩසටහන තුළින් ඔබට ලබාගත හැකි දැනුම

🔹 Kaizen සංකල්පය සහ ව්‍යාපාරයේ අඛණ්ඩ වැඩිදියුණු කිරීමේ මානසිකත්වය පිළිබඳ අවබෝධය.
🔹 ව්‍යාපාරයේ නාස්තිය, ප්‍රමාදයන් සහ ඵලදායිතා හිඟයන් හඳුනා ගැනීම.
🔹 දෛනික ව්‍යාපාරික කටයුතු වැඩිදියුණු කිරීමට සරල Kaizen මෙවලම් භාවිත කිරීම.
🔹 අඛණ්ඩ වැඩිදියුණු කිරීම තුළින් ව්‍යාපාරික කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම.

👩‍💼 සම්පත් දායකත්වය:
Mrs. Hemani Baranige
Assistant Director – SED Monaragala | KAB Trainer | Certified Business Coach | Green Productivity Specialist | Kaizen Business Development Consultant

📅 දිනය: 2026 සැප්තැම්බර් 24
⏰ වේලාව: පෙ.ව. 10.00 – මධ්‍යහන 12.00
🎥 සජීවී විකාශය: SED Bureau
🎟️ සහභාගීත්වය නොමිලේ

ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා වැදගත් පියවරක් තබන්න! 🚀💰

දිගටම අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp group එකට join වෙන්න

https://chat.whatsapp.com/LjvWrA8NtxvBEel5d0H2DA

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන්👇👇👇

21/09/2026

🧪 ඔබගේ නිෂ්පාදනයටත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පරීක්ෂණ සේවා – සහනදායී මිල ගණන් යටතේ!

ඔබගේ ආහාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා කටුබැද්දේ පිහිටි කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) ආහාර විශ්ලේෂණ පරීක්ෂණාගාරය වෙත පැමිණෙන්න.

✅ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) විසින් ISO/IEC 17025:2017 ප්‍රතීතනය ලත් පරීක්ෂණාගාරයක්

🔬 ලබාදෙන පරීක්ෂණ සේවා:

▪️ බේකරි හා තිරිඟු පිටි පදනම් කරගත් කෙටි ආහාරවල සීනි, ලුණු සහ මේද පරීක්ෂණ

▪️ කුළුබඩුවල තෙතමනය (Moisture), මුළු අළු (Total Ash), අම්ල දිය නොවන අළු (Acid Insoluble Ash), වාෂ්පශීලී නොවන ඊතර් සාරය (Non-volatile Ether Extract) සහ වාෂ්පශීලී තෙල් (Volatile Oil) පරීක්ෂණ

▪️ පලතුරු පාන, පළතුරු කෝඩියල්, ස්කොෂ් සහ සිරප් පරීක්ෂණ

▪️ කාබනීකෘත නොවන කෘතිම/රස කළ කෝඩියල් හා පාන වර්ගවල ආම්ලිකතාවය (නිර්ජලීය සිට්‍රික් අම්ලය ලෙස) පරීක්ෂණ

🦠 තවද, අපගේ ආහාර ක්ෂුද්‍රජීව විද්‍යා රසායනාගාරය මඟින් විවිධ ක්ෂුද්‍රජීව විද්‍යාත්මක පරීක්ෂණ (Microbiological Testing) ද සහනදායී මිල ගණන් යටතේ ලබා දේ.

📍 කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), කටුබැද්ද

📞 විමසීම්: 011 226 0510
📧 Email: [email protected]

ඔබගේ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය තහවුරු කරගන්න – අදම අප හා සම්බන්ධ වන්න!
------------------------------------
🧪 உங்கள் தயாரிப்புகளுக்கான சர்வதேச ரீதியில் அங்கீகரிக்கப்பட்ட பரிசோதனைச் சேவைகள் – சலுகை விலையில்!

உங்கள் உணவுப் பொருட்களின் தரம் மற்றும் பாதுகாப்பை உறுதி செய்வதற்காக, கடுபெத்தையில் அமைந்துள்ள இலங்கை தொழில் அபிவிருத்திச் சபையின் (IDB) உணவு பகுப்பாய்வு பரிசோதனை ஆய்வகத்தின் தொழில்முறை பரிசோதனைச் சேவைகளைப் பெற்றுக்கொள்ளுங்கள்.

✅ இலங்கை அங்கீகார சபையினால் (SLAB) ISO/IEC 17025:2017 தரநிலையின் கீழ் அங்கீகாரம் பெற்ற ஆய்வகம்

🔬 வழங்கப்படும் பரிசோதனைச் சேவைகள்:

▪️ பேக்கரி மற்றும் கோதுமை மாவை அடிப்படையாகக் கொண்ட சிற்றுண்டிகளில் சீனி, உப்பு மற்றும் கொழுப்பு பரிசோதனை

▪️ மசாலாப் பொருட்களில் ஈரப்பதம் (Moisture), மொத்த சாம்பல் (Total Ash), அமிலத்தில் கரையாத சாம்பல் (Acid Insoluble Ash), ஆவியாகாத ஈதர் சாறு (Non-volatile Ether Extract) மற்றும் ஆவியாகும் எண்ணெய் (Volatile Oil) பரிசோதனைகள்

▪️ பழ பானங்கள், பழ கோர்டியல் செறிவுகள், பழ ஸ்குவாஷ் செறிவுகள் மற்றும் பழ சிரப் செறிவுகள் பரிசோதனை

▪️ கார்பனேற்றம் செய்யப்படாத செயற்கை/சுவையூட்டப்பட்ட கோர்டியல் மற்றும் பானங்களின் அமிலத்தன்மை (நீரற்ற சிட்ரிக் அமிலமாக) பரிசோதனை

🦠 மேலும், எமது உணவு நுண்ணுயிரியல் ஆய்வகம் மூலம் பல்வேறு நுண்ணுயிரியல் பரிசோதனைச் சேவைகளும் (Microbiological Testing) சலுகை விலையில் வழங்கப்படுகின்றன.

📍 இலங்கை தொழில் அபிவிருத்திச் சபை (IDB), கடுபெத்த

📞 விசாரணைகளுக்கு: 011 226 0510
📧 மின்னஞ்சல்: [email protected]

உங்கள் தயாரிப்பின் தரத்தை உறுதி செய்யுங்கள் – இன்றே எங்களைத் தொடர்புகொள்ளுங்கள்!

---------------------------------------

🧪 Internationally Recognized Testing Services for Your Products – At Affordable Rates!

Ensure the quality and safety of your food products with professional testing services provided by the Industrial Development Board (IDB) Food Analytical Testing Laboratory, located at IDB Head Office, Katubedda.

✅ Accredited to ISO/IEC 17025:2017 by the Sri Lanka Accreditation Board (SLAB)

🔬 Testing Services Available:

▪️ Sugar, Salt and Fat testing for bakery products and wheat flour-based snacks

▪️ Spice testing for Moisture, Total Ash, Acid Insoluble Ash, Non-volatile Ether Extract and Volatile Oil

▪️ Testing of fruit beverages, fruit cordial concentrates, fruit squash concentrates and fruit syrup concentrates

▪️ Acidity testing, expressed as anhydrous citric acid, in non-carbonated artificial/flavoured cordials and beverages

🦠 In addition, our Food Microbiology Laboratory provides Microbiological Testing Services at affordable rates.

📍 Industrial Development Board (IDB), Katubedda

📞 Inquiries: 011 226 0510
📧 Email: [email protected]

Give your products the confidence of quality testing – Contact us today!

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යටිනුවර ,ගලගෙදර,හතරලියද්ද,දෙල්තොට,පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා එක්ව සංවිධ...
07/11/2025

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යටිනුවර ,ගලගෙදර,හතරලියද්ද,දෙල්තොට,පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා එක්ව සංවිධානය කරන ලද ගැණුම්කරුවන් විකුණුම්කරුවන් හමුව -2025 අති උත්කර්ෂවත් අන්දමින් 2025.10.31 වන දින කරළිය ආර්ට් ගැලරි හිදි පැවැත්විනි.මෙම අවස්ථාව ව්‍යවසායක මහත්ම මහත්මීන් 100 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් ගැණුම්කරුවන් 30 කට ආසන්න පිරිසකගේ සක්‍රිය දායකත්වයෙන් වර්ණවත් විය.
මෙහිදි ව්‍යවසායක මහත්ම මහත්මීන් දිරිමත් කිරිමට මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමිය ඉන්දිකා අබේසිංහ මහත්මියද,මහනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය ට්‍රින්සි ම⁣නෝජා මහත්මිය සහ සහකාර අධ්‍යක්ෂතුමන් ජයන්ත ධනපාල මහතාද සහභාගි විය.
මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සියලුම ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී මහත්ම මහත්මීන්ටද,ගඟවටකෝරළේ ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05 ක් එකතුවෙන් ⁣සංවිධානය වු මෙම වැඩසටහන සඳහා උරදුන් සහෝදර සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන්ටද ගෞරවපූර්වක ස්තුතිය පිරිනමමු...🙏
දිරිදුන් සැමට තුති🙏
SED ගඟවට අපි🌺

06/11/2025

විකුණුම්කරු ගැණුම්කරු හමුව -2025 මහනුවර කඩවත්සතර ගඟවටකෝරළේ

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කල තෙදින අලෙවි කළමණාකරණ වැඩසටහන ව්‍යවසායක මහත්ම මහත්මීන් 25 දෙනෙකුග...
06/11/2025

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කල තෙදින අලෙවි කළමණාකරණ වැඩසටහන ව්‍යවසායක මහත්ම මහත්මීන් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුක්තව ඉතා සාර්ථක අන්දමින් නිමා විය.

එහිදි සාර්ථක ව්‍යවසායක අත්දැකීම් හුවමාරුවට එක්වූ ගම්පොළ උලපනේ ලක්මි ගාමන්ට් හා වනසිංහ ටෙක්සිටයිල් හිමිකරු සමීර මධුසංක මහතාගේ ව්‍යාපාරික අත්දැකීම් වැඩමුලුවට සහභාගි වු ව්‍යවසායක මහත්ම මහත්මීන් දිරිමත් කල බව මනා පසක් විය.

මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය දැක් වු මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂතුමන් ජයන්ත ධනපාල මහතාටත්, ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිළධාරීන් දර්ශන අමරසේන,නිලංක පුෂ්පකුමාර,දුෂාන් කරුණාරත්න යන මහත්වරුන්ට සහ වජිරා ගුණරත්න,චාමිකා ධර්මසේන මහත්මින්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි..🙏

SED ගඟවට අපි 🌺

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපිට ඊයේ එනම් 2025.09.30 වෙනිදා විශේෂ දවසක් උනා.කැටවල වෘතිය පුහුණු ආයතනයේ කාර්මික ...
01/10/2025

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපිට ඊයේ එනම් 2025.09.30 වෙනිදා විශේෂ දවසක් උනා.කැටවල වෘතිය පුහුණු ආයතනයේ කාර්මික අංශයේ පුහුණුව ලැබූ විශේෂ අවශ්‍යතා ඇති සුවිශේෂ දක්ෂතාවයන්ගෙන් හෙබි දරුවන් ව්‍යාපාර ගැන්වීම සඳහා රජයේ අරමුදල් සැපයීම වෙනුවෙන් ව්‍යාපාර සැලසුමක් සැකසීමේ මූලික අවබෝධයක් ලබාදීම එම කර්තව්‍යයි.
දරුවන්ගේ සුවිශේෂ කුසලතා හඳුනාගත් දෙමාපියන්ද ඔවුන්ගේ සහයට පැමිණ සිටි අතර දැනුම ලබාදීම ඉතා සියුම්වත් මැනවින් ඉටුකල යුතුව තිබිනි.දේශන සංඥා භාෂාවට පරිවර්තනය කරමින් මැනවින් සම්බන්ධීකරණ කටයුතු සිදු කල කැටවල වෘතීය පුහුණු ආයතනයේ නිලධාරී මඩුල්ලටත් දේශනය ඉතා හරවත්ව සරලව මනසට කා වැදෙන අයුරින් සිදු කල මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරිනී වජිරා ගුණරත්න මහත්මියටත් බෙහෙවින් තුති...💐

SED ගඟවට අපි🌺

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කල ගිණුම්කරණය හා පොත් තැබීමේ වැඩසටහන 2025.09.18 වන දින මහනුවර  REDA...
19/09/2025

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කල ගිණුම්කරණය හා පොත් තැබීමේ වැඩසටහන 2025.09.18 වන දින මහනුවර REDA ශාලාවේදි ඉතා සාර්ථක අන්දමින් පැවැත්විනි.

මනසට කා වැදෙන අයුරින් දේශනය හැසිර වූ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරිනී වජිරා ගුණරත්න මහත්මියට බෙහෙවින් ස්තුතිවන්ත🌺 වන අතර වැඩසටහන නිමාවූයේ වැඩසටහන් පිලිබඳ නැවුම් යෝජනා රැසක් සමඟිනි...

SED ගඟවට..

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when SED Pages Kandy four gravets and gangawata korale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Kandy four gravets and gangawata korale:

Shortcuts

Share