SED Pages Kandy four gravets and gangawata korale

SED Pages  Kandy four gravets and gangawata korale ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසායක නාමාවලිය
Entrepreneur's Directory of Gangawata korale Divition

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යටිනුවර ,ගලගෙදර,හතරලියද්ද,දෙල්තොට,පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා එක්ව සංවිධ...
07/11/2025

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යටිනුවර ,ගලගෙදර,හතරලියද්ද,දෙල්තොට,පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා එක්ව සංවිධානය කරන ලද ගැණුම්කරුවන් විකුණුම්කරුවන් හමුව -2025 අති උත්කර්ෂවත් අන්දමින් 2025.10.31 වන දින කරළිය ආර්ට් ගැලරි හිදි පැවැත්විනි.මෙම අවස්ථාව ව්‍යවසායක මහත්ම මහත්මීන් 100 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් ගැණුම්කරුවන් 30 කට ආසන්න පිරිසකගේ සක්‍රිය දායකත්වයෙන් වර්ණවත් විය.
මෙහිදි ව්‍යවසායක මහත්ම මහත්මීන් දිරිමත් කිරිමට මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමිය ඉන්දිකා අබේසිංහ මහත්මියද,මහනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය ට්‍රින්සි ම⁣නෝජා මහත්මිය සහ සහකාර අධ්‍යක්ෂතුමන් ජයන්ත ධනපාල මහතාද සහභාගි විය.
මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සියලුම ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී මහත්ම මහත්මීන්ටද,ගඟවටකෝරළේ ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05 ක් එකතුවෙන් ⁣සංවිධානය වු මෙම වැඩසටහන සඳහා උරදුන් සහෝදර සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන්ටද ගෞරවපූර්වක ස්තුතිය පිරිනමමු...🙏
දිරිදුන් සැමට තුති🙏
SED ගඟවට අපි🌺

06/11/2025

විකුණුම්කරු ගැණුම්කරු හමුව -2025 මහනුවර කඩවත්සතර ගඟවටකෝරළේ

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කල තෙදින අලෙවි කළමණාකරණ වැඩසටහන ව්‍යවසායක මහත්ම මහත්මීන් 25 දෙනෙකුග...
06/11/2025

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කල තෙදින අලෙවි කළමණාකරණ වැඩසටහන ව්‍යවසායක මහත්ම මහත්මීන් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුක්තව ඉතා සාර්ථක අන්දමින් නිමා විය.

එහිදි සාර්ථක ව්‍යවසායක අත්දැකීම් හුවමාරුවට එක්වූ ගම්පොළ උලපනේ ලක්මි ගාමන්ට් හා වනසිංහ ටෙක්සිටයිල් හිමිකරු සමීර මධුසංක මහතාගේ ව්‍යාපාරික අත්දැකීම් වැඩමුලුවට සහභාගි වු ව්‍යවසායක මහත්ම මහත්මීන් දිරිමත් කල බව මනා පසක් විය.

මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය දැක් වු මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂතුමන් ජයන්ත ධනපාල මහතාටත්, ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිළධාරීන් දර්ශන අමරසේන,නිලංක පුෂ්පකුමාර,දුෂාන් කරුණාරත්න යන මහත්වරුන්ට සහ වජිරා ගුණරත්න,චාමිකා ධර්මසේන මහත්මින්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි..🙏

SED ගඟවට අපි 🌺

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපිට ඊයේ එනම් 2025.09.30 වෙනිදා විශේෂ දවසක් උනා.කැටවල වෘතිය පුහුණු ආයතනයේ කාර්මික ...
01/10/2025

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපිට ඊයේ එනම් 2025.09.30 වෙනිදා විශේෂ දවසක් උනා.කැටවල වෘතිය පුහුණු ආයතනයේ කාර්මික අංශයේ පුහුණුව ලැබූ විශේෂ අවශ්‍යතා ඇති සුවිශේෂ දක්ෂතාවයන්ගෙන් හෙබි දරුවන් ව්‍යාපාර ගැන්වීම සඳහා රජයේ අරමුදල් සැපයීම වෙනුවෙන් ව්‍යාපාර සැලසුමක් සැකසීමේ මූලික අවබෝධයක් ලබාදීම එම කර්තව්‍යයි.
දරුවන්ගේ සුවිශේෂ කුසලතා හඳුනාගත් දෙමාපියන්ද ඔවුන්ගේ සහයට පැමිණ සිටි අතර දැනුම ලබාදීම ඉතා සියුම්වත් මැනවින් ඉටුකල යුතුව තිබිනි.දේශන සංඥා භාෂාවට පරිවර්තනය කරමින් මැනවින් සම්බන්ධීකරණ කටයුතු සිදු කල කැටවල වෘතීය පුහුණු ආයතනයේ නිලධාරී මඩුල්ලටත් දේශනය ඉතා හරවත්ව සරලව මනසට කා වැදෙන අයුරින් සිදු කල මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරිනී වජිරා ගුණරත්න මහත්මියටත් බෙහෙවින් තුති...💐

SED ගඟවට අපි🌺

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කල ගිණුම්කරණය හා පොත් තැබීමේ වැඩසටහන 2025.09.18 වන දින මහනුවර  REDA...
19/09/2025

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කල ගිණුම්කරණය හා පොත් තැබීමේ වැඩසටහන 2025.09.18 වන දින මහනුවර REDA ශාලාවේදි ඉතා සාර්ථක අන්දමින් පැවැත්විනි.

මනසට කා වැදෙන අයුරින් දේශනය හැසිර වූ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරිනී වජිරා ගුණරත්න මහත්මියට බෙහෙවින් ස්තුතිවන්ත🌺 වන අතර වැඩසටහන නිමාවූයේ වැඩසටහන් පිලිබඳ නැවුම් යෝජනා රැසක් සමඟිනි...

SED ගඟවට..

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් 2025.08.29 වන දින පැවැත්වූ "අත්දැකීම් හුවමරුව "(sharing experiance )වැඩසටහන ...
08/09/2025

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් 2025.08.29 වන දින පැවැත්වූ "අත්දැකීම් හුවමරුව "(sharing experiance )වැඩසටහන ඉතා සාර්ථක අන්දමින් පැවැත්විනි.

ව්‍යවසායක මහත්ම මහත්මින් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වුනු මෙම වැඩසටහන මගින් නුගවෙල Dinara clothing()D maxx)හා බලගොල්ල Star pack පොලිතීන් ඇසුරුම් ද්‍රව්‍ය ආයතනය නිරීක්ෂණය විය..

සම්බන්ධ වූ පිරිට මෙය වටිනා මෙන්ම ප්‍රයෝජනවත් අත්දැකීමක් විය..

SED ගඟවට අපි.

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් 2025.09.04 වන දින පැවැත්වූ අලෙවි අවශ්‍යයතා විශ්ලේෂණ වැඩසටහන ඉතා සාර්ථක අන්දම...
05/09/2025

ගඟවටකෝරළේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් 2025.09.04 වන දින පැවැත්වූ අලෙවි අවශ්‍යයතා විශ්ලේෂණ වැඩසටහන ඉතා සාර්ථක අන්දමින් පැවැත්විනි.

ව්‍යවසායක මහත්ම මහත්මින් 23 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක අන්දමින් පැවැත්වුනු මෙම වැඩසටහන එම ව්‍යවසායක මහත්ම මහත්මීන්ගේ සාම්පල තනි තනිව නිරික්ෂණයෙන් ඉතාමත් ඵලදායි ලෙස තම සම්පත්දායකත්වය ලබාදුන් මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපා⁣ර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරීතුමිය වජිරා ගුණරත්න මහත්මියට බෙහෙවින් තුති..🪷
SED ගඟවට අපි.

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when SED Pages Kandy four gravets and gangawata korale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Kandy four gravets and gangawata korale:

Share