Wasana Plants Kandy

Wasana Plants Kandy ලොව වටිනාම කුලු බඩු ගනයට අයත් එනසාල් වැනිලා දැන් අපෙන් සහන දායි මිලට ලබා ගත් හැක . cash on delivery and bank deposit
(5)

10/06/2026

ගම්මිරිස් ආශ්‍රිත අගය එකතු කල නිෂ්පාදන පිළිබද නොමිලේ පුහුණුව

🔥 ගම්මිරිස් වගාවෙන් ඉහල අදායමක් ලබන්න අගය එකතු කල නිෂ්පාදන සදහා යොමු වෙන්න 💸

මේ පිළිබද නිවැරදිම තාක්ෂණික දැනුම නොමිලේ ලබා ගන්න, ඔබත් මෙම සජීවී වැඩමුළුවට සම්බන්ධ වෙන්න

📅 දිනය: 2026 ජූනි 17 පෙරවරු 10.00 ට
⏰ මාධ්‍ය: Zoom, Facebook සහ YouTube සජීවීව (Live)

Zoom ඔස්සෙ සම්බන්ධව වීමට පහත සබැඳිය ( link ) භාවිතා කරන්න.
https://us02web.zoom.us/j/82118815976?pwd=KDPlh2H24blzzIr0QR2VRPfHzAoflK.1

Meeting ID: 821 1881 5976
Passcode: 361106

💰 ගාස්තුව: සම්පූර්ණයෙන්ම නොමිලේ!

💡 ඔබට ඉගෙන ගත හැකි දෑ:

⚪ සුදු ගම්මිරිස් නිෂ්පාදනය

⚫ කළු ගම්මිරිස් නිවැරදි ප්‍රමිතියට සැකසීම

🟢 කොළ ගම්මිරිස් තාක්ෂණය

🔴 රතු ගම්මිරිස් නිෂ්පාදනය

🥫 ගම්මිරිස් සෝස් (Pepper Sauce) නිෂ්පාදනය

🧪 ගම්මිරිස් තෙල් / ඔලියොරෙසින් නිස්සාරණය

🎓 සම්පත්දායකත්වය:

තුෂාරි ලියනගේ මහත්මිය
අධ්‍යක්ෂ (පර්‍යේශණ) – අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

07/06/2026

පොල් වත්තෙන් අමතර ආදායමක්: අතුරු බෝගයක් ලෙස කරාබු වගාව

​ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන කෘෂිකාර්මික බෝග අතර කරාබු (Clove) සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන්ම ගුණාත්මකභාවයෙන් ඉහළ ශ්‍රී ලාංකීය කරාබු සඳහා ලෝක වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, පොල් වගාව ආශ්‍රිතව අතුරු බෝගයක් ලෙස මෙය වගා කිරීම මගින් වගාකරුවන්ට තම භූමියෙන් උපරිම ඵලදායීතාවක් ලබාගත හැකිය.

​වසර 20 සිට 60 දක්වා කාලය වඩාත් සුදුසු ඇයි?

​සාර්ථක අතුරු බෝග වගාවක මූලික රහස වන්නේ ප්‍රධාන බෝගය හා අතුරු බෝගය අතර හිරු එළිය, ජලය සහ පෝෂණය සඳහා පවතින තරගකාරීත්වය අවම කිරීමයි. පොල් වගාවක අතුරු බෝගයක් ලෙස කරාබු වගා කිරීම සඳහා වඩාත් සුදුසුම කාලය වන්නේ පොල් ගස්වල වයස අවුරුදු 20 සිට 60 දක්වා කාලයයි.

​මෙම කාලසීමාව තුළ පොල් ගස් හොඳින් ඉහළට වර්ධනය වී ඇති බැවින්, පොල් වියන හරහා පාලනය වූ හිරු එළිය (Filtered Sunlight) සැලකිය යුතු ප්‍රමාණයක් පස මතුපිටට පතිත වේ. තරුණ පොල් වගාවක (වසර 20ට අඩු) පවතින අධික සෙවණ හෝ ඉතා වයස්ගත පොල් වගාවක (වසර 60ට වැඩි) ඇති වන තත්ත්වයන්ට වඩා, මෙම වයස් සීමාව කරාබු වැනි බහු වාර්ෂික බෝගයක වර්ධනයට මනාව ගැලපේ.

​වගා කටයුතු ඇරඹීම සහ පරතරය

​පොල් සහ කරාබු අතර පරතරය කළමනාකරණය කිරීම අස්වැන්න කෙරෙහි සෘජුවම බලපායි.

පොල් ගස් අතර සාමාන්‍ය පරතරය අඩි 26x26 (මීටර් 8x8) නම්, පොල් ගස් පේළි දෙකක් අතරින්, පොල් ගස් 4 කට හරි මැදින් තනි පැලයක් ( පොල් ගස් හතරක මාධ්‍ය ලක්ෂයේ ) ලෙස පේලියට කරාබු සිටුවිම නිර්දේශ කෙරේ. පැළ සිටුවීම සඳහා අඩි 2x2x2 ප්‍රමාණයේ වළවල් කපා, ඒවා මතුපිට පස් සහ කාබනික පොහොරවලින් පුරවා සකස් කරගත යුතුය.

​දේශගුණික අවශ්‍යතා සහ පස

​කරාබු වගාව සඳහා හොඳින් ජලය බැසයන, ගැඹුරු සහ හියුමස් අඩංගු පසක් ඉතා සුදුසුය. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750-2500 අතර පවතින, මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් දක්වා උසින් පිහිටි තෙත් සහ අතරමැදි කලාපවල පොල් වතු මේ සඳහා වඩාත් යෝග්‍ය වේ. කරාබු පැළය කුඩා කාලයේදී සෙවණට ප්‍රිය කරන බැවින්, වැඩිහිටි පොල් අතුවලින් ලැබෙන ස්වභාවික සෙවණ පැළයේ මුල් වර්ධනයට මහත් පිටිවහලකි.

​නඩත්තුව සහ අස්වැන්න

​වගාව ආරම්භයේදී ක්‍රමවත් පොහොර භාවිතය සහ වල් මර්ධනය අත්‍යවශ්‍ය වේ. කරාබු වගාවට වසර 7-8ක් ගතවන විට පළමු අස්වැන්න අපේක්ෂා කළ හැකි අතර, වසර 15-20ක් පමණ වන විට පූර්ණ අස්වැන්නක් ලබාගත හැකිය. කරාබු මල් පොහොට්ටු රෝස පැහැයට හැරෙන අවස්ථාවේදී නෙළාගත යුතු අතර, පසුව ඒවා දින කිහිපයක් හිරු එළියේ වියළා වෙළඳපොළට ඉදිරිපත් කළ හැකිය.

​ආර්ථිකමය වැදගත්කම

​පොල් වගාවේදී පස නඩත්තු කිරීම සහ පොහොර යෙදීම වැනි කටයුතු නිසා කරාබු වගාවට වැයවන අමතර පිරිවැය සාපේක්ෂව අඩුය. කරාබු මෙන්ම එහි අතු සහ කොළවලින් ලබාගන්නා තෙල් සඳහා ද විශාල ඉල්ලුමක් පවතී. එමෙන්ම මෙය බහු වාර්ෂික බෝගයක් බැවින්, එක් වරක් සාර්ථකව වගා කළහොත් පරම්පරා ගණනාවක් පුරා අඛණ්ඩව අමතර ආදායමක් උපයා ගත හැකිය.

​අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික උපදෙස් මත, විධිමත් ලෙස පොල් වත්ත කළමනාකරණය කරමින් කරාබු අතුරු බෝගයක් ලෙස එක් කර ගැනීම තුළින් මෙරට ආර්ථිකයට මෙන්ම වගාකරුගේ පවුලේ ආර්ථිකයට ද විශාල ශක්තියක් ලැබෙනු නොඅනුමානය.

කේ.ජී.පි. ශාන්ත
සංවර්ධන නිලධාරී
අතුරු වගා හා බුලත් පර්‍යේෂණ මධ්‍යස්ථානය
දම්පෑලැස්ස
නාරම්මල

#කරාබු

04/06/2026

*ගම්මිරිස්,* නොම්මර එකේ කළු ගම්මිරිස් කරන 'උණු දිය ප්‍රතිකාරය'
පියවරෙන් පියවර.....

⭕උණු දිය ප්‍රතිකාරය, උසස් තත්ත්වයේ (No. 1) කළු ගම්මිරිස් නිපදවා ගැනීමට ඉතාමත් වැදගත් පියවරකි.

​උණු දිය ප්‍රතිකාරය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

⭕ සුදු යකඩ දැල් කූඩයක් හෝ පිරිසිදු කපු රෙදි මල්ලක්

⭕ ජලය රත්කර ගැනීම සදහා සුදු යකඩ හෝ මැටි බාජනයක්

⭕ ​ලිපක් (දර හෝ ගෑස් ලිපක්): වතුර එක දිගට රත් කර තබා ගැනීමට.

⭕ ප්‍රතිකාරයෙන් පසු ගම්මිරිස් වේලා ගැනීමට,

වියළනය

⭕ හිරු එළියෙන් වියලා ගන්නේ නම්,​පිරිසිදු පැදුරක් හෝ
සුදු යකඩ දැල් සහිත වියලන තැටි

🟢 ​සිදුකරන ආකාරය (සම්පූර්ණ පියවර)

1. ​කරල් වලින් වෙන්කරගත් ගම්මිරිස් බීජ සුදු යකඩ දැල් කූඩයට හෝ කපු බෑගයට දමා ගැනීම.

2. ​මැටි හෝ සුදු යකඩ භාජනයට ගම්මිරිස් බෑගය/කූඩය සම්පූර්ණයෙන්ම ගිල්වා ගත හැකි වන පරිදි වතුර පුරවා රත් කර ගැනීම.

3. ​ජලයේ උෂ්ණත්වය පාලනය: වතුර හොඳින් රත් වී නටන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 පැමිණි පසු ලිපේ ගින්දර තරමක් අඩු කරන්න.

4. ​තැම්බීම (Blanching): ගම්මිරිස් අඩංගු කූඩය හෝ කපු බෑගය එම උණු වතුරේ විනාඩියක් පමණක් ගිල්වා තබාගෙන වහාම ඉවතට ගන්න.

5. ​දිය බේරීම: ඉවතට ගත් ගම්මිරිස් කූඩය/බෑගය මඳ වෙලාවක් තබා එහි ඇති අමතර වතුර හොඳින් බේරී යාමට හරින්න.

6. ​වේලීම:

වතුර බේරුණු වහාම පිරිසිදු පැදුරක් හෝ සුදු යකඩ දැල් සහිත තැටි මත තනි තට්ටුවේ බීජ ඝනකම ට තුනීව අතුරා වියලා ගන්න.

(රාක්ක මත තැටි හෝ පැදුර තැබීම මගින් බිම ස්පර්ශ නොවන බැවින් දූවිලි හා අපද්‍රව්‍ය එකතු නොවේ).

පෝපග්‍රේටර් / පැල කුටිය තුල වියළීම
ස්වභාවික හිරු එළියෙන් වියළීම මෙහීදී ද සිදු වේ.
වර්ෂාව පවතින දින වලදී වැස්සෙන් අස්වැන්න ආරක්ෂා කරගත හැකි අතර අපද්‍රව්‍ය එක්වීම වලක්වාගත හැක. ඒ වගෙම කුටිය තුල උෂ්නත්වය වැඩි නිසා ඉක්මනින් වියලා ගැනීමට හැක.

කෘතිම වියලන (Mechanical Dryers) භාවිත කරන්නේ නම්:

පාලිත උෂ්ණත්වයක් යටතේ කෘතිම වියලනය තුළ බහා ඉතා කෙටි කාලයකින් නිවැරදි තෙතමනය මට්ටමට (12% දක්වා) වියළා ගන්න.

✅ සුදු යකඩ තැටි සහ කෘතිම වියලන භාවිතයේ වාසි:

1. උසස් සනීපාරක්ෂක තත්ත්වය:
පස්, දූවිලි, සත්ව මලපහ හෝ වෙනත් බාහිර අපද්‍රව්‍ය මිශ්‍ර වීමේ අවදානම සම්පූර්ණයෙන්ම නැති වී යයි.

2. දිලීර (Aflatoxin) අවදානම අවම වීම:
කෘතිම වියලන මඟින් කාලගුණ විපර්යාස හමුවේ වුවද එක දිගට වියළීමේ හැකියාව පවතින බැවින් අහිතකර දිලීර (Aflatoxin) ඇතිවීම වැළකේ.

3. ඒකාකාරී නිමාව සහ ඉහළ මිල:

ගම්මිරිස් තොගයම එක ලෙස වියළෙන බැවින් අපනයන වෙළඳපොළේ නොම්මර එකේ (No. 1) ඉහළම මිලක් ලබා ගත හැකිය.

7. වියළීම සිදුකරන ආකාරය: පෙ.ව. 8 සිට 11 තෙක් හිරු එළියෙන් වියළීම පෙ .ව. 11 සිට ප.ව 2 දක්වා අකුලා සෙවනට ගැනීම නැවත 2 ට හිරු එළියෙන් වියළීම. මෙලෙස දින 3-4 ක් කඩින් කඩ වියලා ගැනීම. ඉන්පසු දින 3-4 ක් තද අව්වේ හොඳින් වියළා ගන්න.

​මෙම ප්‍රතිකාරය මඟින් ලැබෙන වාසි

​ආකර්ෂණීය කළු පැහැය සහ රැළි ඇතිවීම:

ගම්මිරිස් බීජාආවරණයේ (පොත්තේ) ඇති එන්සයිම ක්‍රියාකාරීත්වය නිසා වේලීමේදී ඒකාකාරී, දිලිසෙන තද කළු පැහැයක් ලැබීම සහ ගැඹුරු රැළි ඇතිවීම.

​වියළීමේ කාලය අඩුවීම:

බීජ මතුපිට සෛල බිත්ති බිඳ වැටෙන නිසා සාමාන්‍ය ක්‍රමයට වඩා ඉක්මනින් (දින ගණනක් අඩුවෙන්) වියළා ගත හැක.

​පිරිසිදු බව:
මතුපිට ඇති දූවිලි, කෘමි හානි සහ ක්ෂුද්‍ර ජීවීන් (දිලීර/බැක්ටීරියා) විනාශ වී අපනයන තත්ත්වයේ ඉහළ ප්‍රමිතියක් ලැබේ.

කාංචනා රත්නායක මහත්මිය
දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරීනී
ගම්පහ දිස්ත්‍රික්කය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

#ගම්මිරිස් #කළුගම්මිරිස්

💚🌱 එනසල් වගාවෙන් අමතර ආදායමක් ලබාගන්න අවස්ථාවක්! 🌱💚ඔබත් කෘෂි ක්ෂේත්‍රයේ ආදායම් මාර්ගයක් සොයනවාද? 🤔ලෙහෙසියෙන් වගා කළ හැකි...
31/05/2026

💚🌱 එනසල් වගාවෙන් අමතර ආදායමක් ලබාගන්න අවස්ථාවක්! 🌱💚

ඔබත් කෘෂි ක්ෂේත්‍රයේ ආදායම් මාර්ගයක් සොයනවාද? 🤔
ලෙහෙසියෙන් වගා කළ හැකි එනසල් (Cardamom) පැළ සමඟ ඔබේ වගාව ආරම්භ කරන්න. 🌿
🌿 ඇයි එනසල් වගාව තෝරාගත යුත්තේ?
✔️ වගා කිරීම සරලයි
✔️ නිසි නඩත්තුවක් සමඟ හොඳ අස්වැන්නක් ලබාගත හැක
✔️ අවුරුදු කිහිපයක් තුළ අස්වැන්න ලබාගැනීමේ හැකියාව
✔️ වෙළඳපොලේ ඉල්ලුමක් පවතින කුළුබඩු වර්ගයක්
💰 දළ වෙළඳපොල මිල (වෙනස් විය හැක):
👉 අමු කිලෝවක්: Rs.1200 – 1500
👉 වියළි කිලෝවක්: Rs.15000 – 18000
📌 (සටහන: ආදායම වගා කළ ප්‍රමාණය, නඩත්තුව හා වෙළඳපොල තත්වය අනුව වෙනස් විය හැක)
🌱 පැළ මිල: Rs.150/=
🚚 කුරියර් ගාස්තු: Rs.400/=
💵 Cash on Delivery (COD) පහසුකම ඇත
🌿 වසර ගණනාවක පළපුරුද්ද සමඟ
Wasana Plant – Kandy වෙතින් නිරෝගී පැළ ලබාගන්න පුළුවන්.
👉 වගා උපදෙස් (Free)
👉 වෙනත් පැළ වර්ග: Vanilla, Coconut, Coffee, Cinnamon, Aloe Vera වැනි
📲 Order කිරීමට WhatsApp කරන්න:
070 178 2296
📞 Call: 0779775663

⚠️ ව්‍යාජ පැළ විකුණුම්කරුවන්ගෙන් සැලකිලිමත් වන්න
🌱 අදම ඔබේ වගාව ආරම්භ කරන්න!

2026.05.22 hapyy coustmer 🔥🔥🟢💚💚
22/05/2026

2026.05.22 hapyy coustmer 🔥🔥🟢💚💚

Happy coustmer feedback 2026.06.13🟢🟢🔥🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🔥🔥🔥🔥🔥
13/05/2026

Happy coustmer feedback 2026.06.13🟢🟢🔥🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️🔥🔥🔥🔥🔥

2026.05.04 වන දින යැවූ එනසල් පැල අවිස්සාවේල්ල happy coustmer🥰🟢🟢🔥
06/05/2026

2026.05.04 වන දින යැවූ එනසල් පැල අවිස්සාවේල්ල happy coustmer🥰🟢🟢🔥

04/05/2026
29/04/2026

අධික රස්නය සහ නියඟය හමුවේ කළු රන් අස්වැන්න අර්බුදයක: ගම්මිරිස් වගාවට එල්ල වන දේශගුණික බලපෑම

​ශ්‍රී ලංකාවේ අපනයන කෘෂි භෝග අතර 'කළු රන්' ලෙස විරුදාවලිය ලත් ගම්මිරිස් වගාව මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ පා සිටී. පවතින අධික සූර්ය තාපය සහ දීර්ඝ කාලීන නියඟය හේතුවෙන් මෙවර ගම්මිරිස් අස්වැන්න සැලකිය යුතු ලෙස පහත වැටීමේ අවදානමක් පවතින බව වගාකරුවන් මෙන්ම කෘෂිකාර්මික විශේෂඥයෝ ද අනතුරු අඟවති.

​මෙම අර්බුදයේ ප්‍රධානතම තාක්ෂණික ගැටලුව වන්නේ මල් පරාගනය අඩුවීමයි. ගම්මිරිස් ශාකයේ ස්වභාවික පරාගන ක්‍රියාවලියට යම් මට්ටමක ආර්ද්‍රතාවයක් (තෙතමනයක්) අත්‍යවශ්‍ය වේ. නමුත් පවතින තද අව් රශ්මිය සහ වියළි සුළඟ හේතුවෙන් මල්වල පරාග වියළී යාම සිදු වේ.

​අස්වැන්න අඩු වීමට බලපාන ප්‍රධාන සාධක

​අධික රස්නය ගම්මිරිස් වගාවට බලපාන ආකාරය ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ හඳුනාගත හැකිය:
​පරාගනය අඩාල වීම:

⛔වායුගෝලයේ තෙතමනය අවම වී රස්නය අධික වන විට ප මල් හැලී යාම (Flower dropping) සිදු වේ.

⛔​කරල් හැලීම: මල් හටගෙන තිබුණද, පවතින අධික විජලනය නිසා එම මල් කරල් බවට පත්වීමට පෙර වේලී හැලී යයි.

⛔​පාලු කරල් ඇතිවීම (Empty Spikes): පරාගනය නිසි ලෙස සිදු නොවූ විට, ගම්මිරිස් කරලේ ඇට පිරී නොතිබීම හෝ අඩුවෙන් ඇට තිබීම දක්නට ලැබේ. මෙය වෙළඳපොළ වටිනාකම කෙරෙහි සෘජුවම බලපායි.

⛔​ශාකය මිය යාම: දීර්ඝ කාලීන පෑවිල්ල හේතුවෙන් ගම්මිරිස් වැල් මැලවී යාම සහ කහ පැහැ වීමට පටන් ගනී. පසෙහි තෙතමනය අවම වීම නිසා ශාකයට අවශ්‍ය පෝෂණය උරා ගැනීමට නොහැකි වීම මෙයට හේතුවයි.

​වගාකරුවන්ට ගත හැකි විසඳුම් සහ නිර්දේශ

​පවතින අයහපත් දේශගුණික තත්ත්වය හමුවේ වගාව ආරක්ෂා කර ගැනීම සඳහා පහත පියවර අනුගමනය කිරීම වැදගත් වේ:

⛔​නිසි සෙවණ පාලනය: ගම්මිරිස් වැල් මතට සෘජුව වැටෙන හිරු රශ්මිය පාලනය කිරීම සඳහා සෙවණ ගස් නිසි ලෙස නඩත්තු කළ යුතුය. විශේෂයෙන්ම තරුණ වගාවන් සඳහා සෙවණ ලබා දීම අත්‍යවශ්‍ය වේ.

⛔​පාංශු තෙතමනය සුරැකීම (Mulching): වැල් පාමුල වියළි කොළ රොඩු, පිදුරු හෝ පොල් ලෙලි යොදා වසුන් කිරීම මගින් පසෙහි තෙතමනය වාෂ්ප වීම අවම කර ගත හැකිය.

⛔​සවස කාලයේ ජලය සම්පාදනය: හැකිනම් බිංදු ජල සම්පාදනය (Drip Irrigation) හෝ කුඩා බට මගින් සවස් කාලයේදී ශාකයට ජලය ලබා දීම මගින් මැලවීම වළක්වා ගත හැකිය.

⛔​පොහොර යෙදීමෙන් වැළකීම: අධික පෑවිල්ල පවතින අවස්ථාවල රසායනික පොහොර යෙදීමෙන් වැළකී සිටිය යුතුය. එසේ නොමැති වුවහොත් ශාකය තවදුරටත් විජලනය වී මිය යාමට ඉඩ ඇත.

​ඉදිරි දැක්ම
​දේශගුණික විපර්යාස හමුවේ සාම්ප්‍රදායික වගා ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගිය නවීන කෘෂිකාර්මික උපක්‍රම වෙත යොමු වීම ගම්මිරිස් වගාකරුවන්ට අත්‍යවශ්‍ය වී තිබේ. රජය සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වී පීඩාවට පත් ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගනිමින් පවතී.

​නියඟය හමුවේ වගාව අතහැර දැමීම වෙනුවට, පවතින සම්පත් කළමනාකරණය කරගනිමින් 'කළු රන්' අස්වැන්න රැක ගැනීමට එක්වීම අද දවසේ ප්‍රමුඛ අවශ්‍යතාවයි.

කේ.ජී.පි. ශාන්ත මහතා
සංවර්ධන නිලධාරී
අතුරු වගා හා බුලත් පර්‍යේෂණ මධ්‍යස්ථානය
නාරම්මල

💚🌱 එනසල් වගාවෙන් අමතර ආදායමක් ලබාගන්න අවස්ථාවක්! 🌱💚ඔබත් කෘෂි ක්ෂේත්‍රයේ ආදායම් මාර්ගයක් සොයනවාද? 🤔ලෙහෙසියෙන් වගා කළ හැකි...
29/04/2026

💚🌱 එනසල් වගාවෙන් අමතර ආදායමක් ලබාගන්න අවස්ථාවක්! 🌱💚

ඔබත් කෘෂි ක්ෂේත්‍රයේ ආදායම් මාර්ගයක් සොයනවාද? 🤔
ලෙහෙසියෙන් වගා කළ හැකි එනසල් (Cardamom) පැළ සමඟ ඔබේ වගාව ආරම්භ කරන්න. 🌿

🌿 ඇයි එනසල් වගාව තෝරාගත යුත්තේ?
✔️ වගා කිරීම සරලයි
✔️ නිසි නඩත්තුවක් සමඟ හොඳ අස්වැන්නක් ලබාගත හැක
✔️ අවුරුදු කිහිපයක් තුළ අස්වැන්න ලබාගැනීමේ හැකියාව
✔️ වෙළඳපොලේ ඉල්ලුමක් පවතින කුළුබඩු වර්ගයක්

💰 දළ වෙළඳපොල මිල (වෙනස් විය හැක):
👉 අමු කිලෝවක්: Rs.1200 – 1500
👉 වියළි කිලෝවක්: Rs.15000 – 18000

📌 (සටහන: ආදායම වගා කළ ප්‍රමාණය, නඩත්තුව හා වෙළඳපොල තත්වය අනුව වෙනස් විය හැක)

🌱 පැළ මිල: Rs.150/=
🚚 කුරියර් ගාස්තු: Rs.400/=
💵 Cash on Delivery (COD) පහසුකම ඇත

🌿 වසර ගණනාවක පළපුරුද්ද සමඟ
Wasana Plant – Kandy වෙතින් නිරෝගී පැළ ලබාගන්න පුළුවන්.

👉 වගා උපදෙස් (Free)
👉 වෙනත් පැළ වර්ග: Vanilla, Coconut, Coffee, Cinnamon, Aloe Vera වැනි

📲 Order කිරීමට WhatsApp කරන්න:
0701782296
📞 Call: 0779775663

⚠️ ව්‍යාජ පැළ විකුණුම්කරුවන්ගෙන් සැලකිලිමත් වන්න

🌱 අදම ඔබේ වගාව ආරම්භ කරන්න!

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Wasana Plants Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share