17/09/2024
ආයෝජනයක් කියන්නේ අනාගතය වෙනුවෙන් ඉතුරුවක්, ඒත් ඉතුරුමක් කියන්නේ ආයෝජනයක් නෙමෙයි. ගොඩක් දෙනෙක් මේක තේරුම් ගන්නෙම වැරදියට. ඒක පුදුමයක් නෙමෙයි! බැලූ බැල්මට අපිට හිතෙන්නේ මුදල් ඉතුරු කරන එක ආයෝජනය කිරීමක් කියලා තමයි. ගොඩක් දෙනෙක් ස්ථිර තැන්පතුවක් නැත්නම් මුදල් වශයෙන් යම්කිසි ඉතිරිකිරීමක් දකින්නේ ආයෝජනයක් විදිහට. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ උද්ධමනය ඉහළ යාමත් සමග මෙලෙස මුදල් ඉතිරිකර තබාගැනීම වැඩක් නැති දෙයක් වෙන්න පුළුවන්. අපි හැමෝම මේ වෙනකොටත් හොඳින්ම දන්නවනේ උද්ධමනය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා වල මිල අධික ලෙස ඉහල යාම කියලා. ඒ වගේ දෙයක් සිදුවුනොත් ඔබගේ මුදලේ වටිනාකම ඉතා අඩු වෙනවා. ඉතුරු කරපු දෙයින් ඔබට කිසිවක් කරගත නොහැකි තත්වයට ඉබේම පත්වෙනවා. අන්තිමේදී ඔබ ඉතුරු කල දෙයක් නැහැ. ඒත් ඔබ නිවැරදිව හිතලා තමන් ඉතිරි කල මුදල් වත්කමක් වෙනුවෙන් යෙදවූවා නම් ඔබගේ මුදල් එක තැනක රැඳී නොසිට මුදල් උත්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් දායක වෙනවා. ඒ කියන්නේ ඔබගේ මුදල් යම්කිසි නිෂ්පාදනයකට දායක වෙනවා. ඒ කියන්නේ මුදලෙහි අගය දිනෙන් දින වැඩි වෙනවා. මේ නිසා එයට ආයෝජනයක් කියා කියන්න පුළුවන්! මෙහිදී ආයෝජන කාලය අවසානයේ ඔබගේ මුදලට අදාළ ප්‍රතිලාභය ලැබෙනවා.
ඔබගේ ආයෝජනය විශ්වාසවන්ත තැනක යෙදවූවා නම් අගය වැඩිවන බවට සහතිකයි. ආයෝජනයේදී ඔබ යම්කිසි අවධානමක් දරනවා. එහෙම නැත්නම් එය ආයෝජනයක් නෙවෙයි. එය හැමෝටම කරන්න බැහැ, නිවැරදි දැක්මක් හොඳ මුල්‍ය විනයක් වගේම බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාවත්, ඒ සඳහා අවශ්‍යයි. ආයෝජනය සුවිශේෂී දෙයක් වන්නේ එම නිසයි. ආයෝජනය වෙනුවෙන් අවධානම භාරගන්න නම් ඔබ ඔබගේ ආයෝජනය පිළිබඳව හොඳින් දැන සිටීම ඉතාම වැදගත්. ඒ වගේම ඔබගේ ආයෝජනය සඳහා තෝරාගන්නා ආයතනය එම ක්ෂේත්‍රයේ දිගු කලක් රැඳී සිටින, විශ්වාසවන්ත ආයතනයක් වීමත් ඉතාම වැදගත්!
ඉතුරු කරන්න මහන්සි වෙන්න ඕනේ නෑ... ඒත් ආයෝජනය කරන්න ලේසි නෑ! සදාහරිත ආයෝජන සැළසුම් පිළිබඳව හොඳින් දැනුවත් වන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ සම්බන්ද වන්න. අදම පටන් ගමු!
#සදාහරිත