SED Pages Karandeniya

SED Pages Karandeniya Details of products and services of entrepreneurs in Karandeniya division

19/02/2026
21/08/2025

ව්‍යවසායකත්වය තුළින් ලෝකය ජයගන්න වෙරදරණ ඔබටයි මේ ආරාධනය! එන්න අපි හා එක්වන්න.

සාර්ථක ව්‍යවසායකයින් වීමට විභවතාවයන් සහිත පුද්ගලයින් තෝරා ගෙන ඔවුන්ගේ ව්‍යවසායකත්ව කුසලතාවයන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය දැනුම හැකියාව සහ ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් රටපුරා සංවිධානය කර තිබෙන ව්‍යවසායක සංවර්ධන වැඩසටහන් (EDP) මාලාවේ Entrepreneurship Development Program (8 Days) වැඩසටහන සඳහා තෝරාගැනීමේ සම්මුඛ සාකච්ඡා මේ දිනවල පැවැත්වේ. දිස්ත්‍රික්ක 20ක් ආවරණය කරමින් පැවැත්වෙන මෙම වැඩසටහන ව්‍යාපාර වර්ධනය, ඵලදායිතාව සහ අපනයන සාර්ථකත්වය ළඟා කර ගැනීමේ අරමුණ සහිත වැඩසටහන් 5ක අග්‍ර ඵලයයි.

දින 8 ක නේවාසික වැඩසටහනක ලෙස පවත්වන මෙම වැඩසටහන තුළින් පුද්ගල පෞර්ෂ සංවර්ධනය තුළින් ව්‍යවසායකත්ය සංවර්ධනය කිරීම සිදුවන අතර එය ව්‍යවාසයක ඔබගේ ජීවිතයේ වඩා වැදගත්ම හැරවුම් ලක්ෂය වනු නොඅනුමානය.

අලුතින් හිතන අලුත් වෙන්න හිතන ව්‍යවසායක ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ව්‍යවසායකත්ව පාසලක් බඳු Entrepreneurship Development Program (8 Days) වැඩසටහන සාර්ථකව අවසන් කරන ඔබට ඉතා වටිනා සහතික පත්‍රයක් ලැබෙනු ඇත. එමෙන්ම මෙම සියලු වැඩසටහන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් නොමිලේ ඔබ වෙත ගෙනෙන අතර ඔබේ ව්‍යාපාරික සිහිනය මෙන්ම ජීවිතයද නැවුම් හැරවුමක් ලබා ගැනීම සඳහා ඉඩකඩ සීමිත බැවින් පහත දැක්වෙන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ඔබේ දිස්ත්‍රික් කාර්යාලය අමතා අදම අප සමඟ එක්වන්න.

අමතන්න -

Anuradhapura
+94 25-2221909

Badulla
+94 55-2231167

Batticaloa
+94 65-2057309

Colombo
+94 11-2369764

Galle
+94 91-2242308

Gampaha
+94 33-2222284

Hambanthota
+94 47-2256128

Jaffna
+94 21-2213861

Kaluthara
+94 34-2229792

Kandy
+94 81-2229180

Kegalle
+94 35-2230812

Kurunegala
+94 37-2226755

Mathale
+94 66-2232375

Mathara
+94 41-2227950

Monaragala
+94 55-2276808

Nuwara-eliya
+94 52-2234741

Polonnaruwa
+94 27-2224716

Puttalam
+94 32-2266696

Rathnapura
+94 45-2230703

Vavuniya
+94 24-2228037

04/08/2025
04/07/2025

Send a message to learn more

📣 “ඔබේ මුදල් හරිම විදිහට පාලනය කරන්න! ඔබේ අනාගතය අදින් පටන් ගන්න!”ඔබ: ✅ ආදායම ලැබුවත් කවදාවත් හරිම අයවැයක් දාලා තියෙනවද?...
25/04/2025

📣 “ඔබේ මුදල් හරිම විදිහට පාලනය කරන්න! ඔබේ අනාගතය අදින් පටන් ගන්න!”

ඔබ:
✅ ආදායම ලැබුවත් කවදාවත් හරිම අයවැයක් දාලා තියෙනවද?
✅ හදිසි අවස්ථාවක් එනකොට සූදානම්ද?
✅ හිතනවද "මට මේ වගේ දේවල් ඉගෙනගන්න තිබුණනම්..." කියලා?

අපේ ජීවිතේ සෑම දිනයකම මුදල් ගැන තීරණ ගන්න වෙනවා —
කෑම ගන්න, ගෙදර bills ගෙවන්න, දරුවෝට අධ්‍යාපනය ලබාදෙන්න, හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න. නමුත්, බොහෝදෙනෙක් ඒ තීරණ හොඳින් නොදැනගෙන ගන්නවා. මෙතනින් තමයි මූල්‍ය දැනුවත් වැඩසටහනක් අවශ්‍ය වන්නේ!

මූල්‍ය දැනුවත්කම කියන්නේ:

✳️ඔබේ මුදල් හඳුනාගෙන වඩා හොඳින් පාලනය කිරීම

✳️අනිත් අයට යටත්ව නැතිව තම මුදල් තීරණ ගැනීම

✳️ඔබේ මූල්‍ය අනාගතය ගොඩනැගීම

මෙවැනි වැඩසටහනකින්:

🔆ඔයාට හැකියාව ලැබේ අයවැය සකස් කරන්න

🔆ඉතිරිය සුරැකීමේ ක්‍රම හඳුනා ගන්න

🔆ණය වලක්වගන්න

🔆ආයෝජනයන් ගැන මුලික හැඳින්වීමක් ලබාගන්න.
ජීවිතය දිනන්න මුදල් පාලනය නිවැරදිව සිදුකරන්න ඉගෙන ගන්න එකතුවන්න.. ඉඩ සීමිත බැවින් සහභාවීම තහවුරු කරන්න..

28/03/2025
නියම ව්හිලුවක්. අහලාම බලන්න 👍
25/02/2025

නියම ව්හිලුවක්. අහලාම බලන්න 👍

📣 SED Super Fair වෙළඳ ප්‍රදර්ශනය 📣▶️ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා කරන්දෙණිය ව්‍යවසායක කැදැල්ල එක්ව ඉදිරිපත් කරන අලෙවි ප...
17/12/2024

📣 SED Super Fair වෙළඳ ප්‍රදර්ශනය 📣

▶️ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා කරන්දෙණිය ව්‍යවසායක කැදැල්ල එක්ව ඉදිරිපත් කරන

අලෙවි ප්‍රදර්ශනය

💥 දෙසැම්බර් මස 19/20/21
දිනයන් හී

➡️ අනුරුද්ධ ගම මහජන ක්‍රීඩාංගනයේ දී
පැවැත්වෙ..

ව්‍යාපාරයක් ලෙස Beauty salon එකක් කරන ඔබට වටිනා අවස්ථාවක්Forever ආයතනය විසින් නොමිලේ සිදු කරනූ ලබන රූපලාවන්‍ය පුහුණු වැඩ...
30/11/2024

ව්‍යාපාරයක් ලෙස Beauty salon එකක් කරන ඔබට වටිනා අවස්ථාවක්
Forever ආයතනය විසින් නොමිලේ සිදු කරනූ ලබන රූපලාවන්‍ය පුහුණු වැඩසටහන

දෙසැම්බර් මස 02 සහ 03 දිනයන් හී දී පෙරවරු 9.00 සිට
ගාල්ල Arpico Supercenter අසල සිනාලී අධ්‍යාපන ආයතනයේ දී

🔅හිසකෙස් වර්ණගැන්වීම
🔅රූපලාවණ්‍යාගාර කළමණාකරනය
🔅පාරිභෝගික සත්කාරය
🔅පෞරුෂත්ව සංවර්ධනය
යන කරුනු ගැන ඔබගේ දැනුම යාවත්කාලීන කර ගැනීමට අවස්ථාවක්

මෙම වැඩසටහන සඳහා ලියාපදිංච් වීමට පහත ගුගල් පෝරමය (Google Form) පුරවන්න.
https://forms.gle/gEV1vgMfcBLUp3ay7

සම්පත් දායකත්වය - Forever ආයතනය
සංවිධානය - කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය - ගාල්ල

🥏 කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසීම අපේක්ෂිත ව්‍යවසායකයන් හා දැනට ව්‍යාපාර වල නි...
09/11/2024

🥏 කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන
ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසීම අපේක්ෂිත ව්‍යවසායකයන් හා දැනට ව්‍යාපාර වල නිරතවන අය සඳහා ව්‍යාපාර සිදු කිරීමට අභිප්‍රේරණය ඇති කිරීමේ අරමුනින් කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා සාර්ථක අයුරින් පැවති ව්‍යාපාර මග වැඩසටහනින් බිදක්

ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසීම අපේක්ෂිත ව්‍යවසායකයන් හා දැනට ව්‍යාපාර වල නිරතවන අය සඳහා ව්‍යාපාර සිදු කිරීමට අභිප්‍රේරණය ඇත...
23/10/2024

ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසීම අපේක්ෂිත ව්‍යවසායකයන් හා දැනට ව්‍යාපාර වල නිරතවන අය සඳහා ව්‍යාපාර සිදු කිරීමට අභිප්‍රේරණය ඇති කිරීමේ වැඩසටහනක්...
==================================
ජිවිතය දිනන්න හීනයක් තිබුණට ඒ හීනය සැබෑවක් කරගන්න හැමෝට අපහසු උනත්. එහෙම ජීවිතය දිනන්න දකින හීනය, සැබෑවක් කරගන්න කැමති ව්‍යවසායක ඔබ සදහා ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසීම මෙන්ම ව්‍යාපාරයක් සාර්ථකව පවත්වා ගන්නා ආකාරය පිළිබද දැනුම ලබා දීමට මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.
මෙහිදී ආකල්ප, සිතුවිලි ධනාත්මකව භාවිතා කරමින් තම සිහින ඉටු කරගන්නේ කෙසේද, තිබෙන බාධක මග හරින්නේ කෙසේද යන්න පිළිබඳව දියුණු වීමට කැමති ඔබ සඳහා මෙම වැඩසටහන නොමිලේ *කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නොවැම්බර් මස 06 වන දින උදෑසන 9.30ට* පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම වැඩසටහන හා සම්බන්ධ වී ඔබගේ ව්‍යාපාරික දියුණුව සලසා ගැනීමට කටයුතු කරන්න.. මෙම අවස්ථාව මඟ නොහැර ගන්න...

Address

Karandeniya

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94706250799

Alerts

Be the first to know and let us send you an email when SED Pages Karandeniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Karandeniya:

Share