10/09/2021
ඔන්න කවුරුත් බලාගෙන හිටපු Apple Event එක...නැත්තං Apple ලගෙ වචනවලින්ම කියනව නම් Apple’s next big fall event එක මීළඟ අඟහරුවාදා, එනම් සැප්තැම්බර් 14 වෙනිදා පෙ.ව. 10.00ට PDT (Pacific daylight time) නැත්තං ශාන්තිකර දිවා කාලයෙන් Apple Park හීදී පැවැත්වෙනවා. (UTC වලට වඩා පැය හතක් පිටුපසින්) විශේෂත්වෙ තමයි මේක තවත් Virtual Event Broadcast එකක් (අතත්‍ය සිදුවීම් විකාශනයක්) විදිහට පැවැත්වීම. California Streaming කියන tagline එක යටතෙ එන මේ event මේ ආකාරයට පවත්වන හේතුව පවතින කොරෝනා වසංගතය කියල තමයි කියන්නෙ නම්. Cost cutting technique එකක් විදිහටත් ඉතින් හිතුවට වැරැද්දක් නෑ😉.
මේ සැරේ Apple Event එකේ key features විදිහට මෙන්න මේ තාක්ෂණික කරුණු කීපය ගැන යම් අදහසක් දේවි කියල හිතනවා....
● මීළඟ iPhone series එක, එනම් iPhone 13 එක ගැන යම් අදහසක් ලබාදේවි. මීට කලින් ආපු iPhone 12 හි ප්‍රමාණයෙන්ම වුනත් high refresh rate screen එකක් සමඟ පැමිණේවි. ඒ වගේම display notch එක තවත් කුඩා වෙන අතරම වැඩි දියුණු වුනු camera setup එකකුත් iPhone 13 series එක හරහා දැකගන්න පුලුවන් වේවි.
● iPhone series එක ගැන අදහසක් ලබා දෙනව නම් ඒ සමඟම නව iOS 15 හි release date එකත් ප්‍රකාශයට පත් කරාවි. නමුත් Apple SharePlay යෙදුම නම් මේ initial public release එක සමඟ නම් අන්තර්ගත නොකරාවි.
● Apple සමාගමේ තවත් නිෂ්පාදනයක් වන මීළඟ Apple Watch series එක, එනම් Apple Watch Series 7 පිළිබඳවත් යම් අදහසක් ලබාදේවි. වාර්තාවෙලා තියෙන ආකාරයට නම් මෙය පෙර තිබූ Apple Watch series 6 ට වඩා නව මුහුනුවරක් ගනීවි. එනම් පැතලි දාර (flatter edges) සහිතව 41mm හා 45mm සහිත විශාල screen එකක් සමඟ 1mm bump එකකුත් අඩංගු වේවි.
● කවුරුත් දන්න Apple AirPods වල නව design එක, AirPods Pro ආශ්‍රයෙන් ලබාගත් එකක් වේවි.
● නව 14-inch සහ 16-inch MacBook පරිගණක මාදිලිවල Apple සමාගමෙන්ම නිර්මිත custom-designed chips සමඟ SD Card Slot එකක්ද අන්තර්ගත වේවි.
නව apple static event invite එකෙන් නම් යම් අදහසක් ගන්න එක සෑහෙන අමාරු කාර්‍යක් ලෙස පෙනෙන්න තිබුණත් පසුපස අඳුරු අහසක් සහිත වටපිටාවක් ඇති, ඉදිරිපස දිදුලන Apple logo එක මඟින් night mode photography වල යම් කිසි වැඩිදියුණුවීමක් වගේම විටෙක නව iPhone series හි always-on lockscreen පිළිබඳවත් අදහසක් දෙනවා කියල යමෙකුට හිතන්න පුලුවන්. නමුත් Apple සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවිකරණ උපසභාපති ග්‍රෙග් ජොස්වියැක් (Greg Joswiak - Apple’s Senior Vice President of worldwide marketing) Apple event එක පිළිබඳව නිකුත් කරපු Twitter පණිවිඩයේ ඇති, Apple park හි කවුලුවක් මත ඇති AR Apple Logo තුළට රැගෙන යන වීඩියෝවෙ ඇති අයුරින් Apple Static Invite එකට පිටුපසින් පෙර දුටු horizon එකම දැකගැනීමට පුලුවන්. ඒ සමඟම පසුබිමින් ඇති තාරකාවල යම් කිසි බැබලීමක් සමඟ එහි පිහිටීම වෙනස් වන ආකාරයත් දැකගන්න පුලුවන්. මෙය මඟින් නව iPhone series හි, Google Pixel දුරකතනවලට ලබා දී ඇති මෙන් නව astrophotography mode එකක් දක්නට ලැබේවි කියා සිතන්නත් පුලුවන්. මේ සියල්ල දැනට කටකතා නැත්නම් මත පමණයි.
කොහොමවුනත් පහුගිය සති කීපය Apple සමාගමට බොහොම කටුක සති කීපයක් වූ බවටයි වාර්තා වෙන්නෙ. පසුගිය දිනවල වාර්තා වුනු Apple සමාගමේ මතභේදාත්මක ළමා අපචාර සම්බන්ධ ඡායාරූප හඳුනා ගැනීමෙ neuralMatch යෙදුම නැත්නම් තාක්ෂණය ක්‍රියාවට යෙදවීම, පෞද්ගලික හා ආරක්ෂක විශේෂඥයන්ගේ විවේචන හමුවේ කල්දමා තිබෙනවා. එමෙන්ම Apple සමාගමේ නව App Store policy changes තුළින්ද Apple Developers ලගේ ගැටලු පිළිබඳවද වැඩි අවධානයක් යොමු කර නැති අතර තවත් ගැටලු කීපයක් හේතු කරගෙන මෙම තත්වය උද්ගතව ඇති බවයි වාර්තා වෙන්නෙ.
References :
Apple’s iPhone 13 event will take place on September 14th - The Verge
Apple iPhone 13 Event Set for Sept. 14 | PCMag
✍️ Written by: Pasindu Methmal
🎨 Designed by : Chandika Prabhashwara
මේ වගේ තාක්ෂණික ලෝකයේ තවත් සුවිශේෂී තොරතුරු දැනගන්න ♾ Tech Dashboard පේජය like කරන්න !
Tech Dashboard 2021 ©