මෙත් නෙතු මුතු කුඩ Methnethu muthukuda

මෙත් නෙතු මුතු කුඩ Methnethu muthukuda මුතුකුඩ පිරිකර වටාපත් සිවුරැ

ජලයෙන් යටවීම​ට ගිය මහා උරුම​ය(දෙව්නිමෝරි ධාතූන්වහන්සේලා)වර්තමා​න ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආරවල්ලි දිස්ත්‍රික්කයේ පි...
10/02/2026

ජලයෙන් යටවීම​ට ගිය මහා උරුම​ය
(දෙව්නිමෝරි ධාතූන්වහන්සේලා)

වර්තමා​න ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආරවල්ලි දිස්ත්‍රික්කයේ පිහිටි 'ෂම්ලාජි' අසල දෙව්නිමොරි (Devnimori) ගම්මානය අද වන විට බෞද්ධ ලෝකයේ සුවිශේෂී අවධානයට ලක්වී ඇත්තේ එතැනින් හමුවූ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශාරීරික ධාතූන් වහන්සේලා නිසා කියල මේක කියවන ඔබ දැනටමත් දන්නවා.

1957 අවුරුද්දෙදි එම ප්‍රදේශය හරහා ඉදිවූ වේල්ලක් හේතුවෙන් ​මේ ගම්මානය ජලයෙන් යටවීමට නියමිතව තිබුණා, මහාචාර්ය එස්.එන්. චෞද්‍රි ඇතුළු බරෝඩා හි මහාරාජා සයාජිරාඕ විශ්වවිද්‍යාල​යේ ( The Maharaja Sayajirao University of Baroda) පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් එහි තිබූ පැරණි නටඹුන් හා පස්කන්ද විහාර සංකීර්ණයක් යැයි කළ නිවැරදි අනුමානයක් මත කැණීම් කරන්න පටන්අරං තියෙනවා.

මේ හන්දා අඩි ගණනාවක් පොළොවට යටවී තිබූ අවරුදු 1700 ක් පමණ පැරණි මහා ස්තූපයක් සහ විහාර සංකීර්ණයක් මතු කරගනිමින්, ජලයෙන් යටවී සදහටම වැළලී යාමට තිබූ මෙම මහා බෞද්ධ උරුමය බේරා ගැනීමට ඔවුන්ට පුලුවන් වෙනවා. ඒ ගැනනං අප ඔවුන්​ට නොසෑහෙන්​න පිං දෙන්න වටිනවා.

ඉතිං මේ කැණීමෙහි සුවිශේෂීම අවස්ථාව සනිටුහන් වු​ණේ 1963 වසරේ ජනවාරි 14 වනදා. එදා එම මහා ස්තූපයේ පාදමේ සිට අඩි 24ක් උසින් තිබී අද අපි දකි​න ධාතු කරඩුව හම්බවුණා. මෙම ​ශෛලම​ය කරඬුවෙහි කොටා තිබූ ශිලා ලිපිය ලෝකයම පුදුමයට පත් කළා කිව්වොත් වැරදි නැහැ. කොළ පැහැති 'ෂිස්ට්' (Green Schist) නම් ගලින් නිමවූ එම කරඬුවේ ක්ෂත්‍රප යුගයට අයත් බ්‍රාහ්මී අක්ෂරයෙන් සහ සංස්කෘත භාෂාවෙන් අන්තර්ගත වූ මූලික පාඨය මෙන්න මෙහෙමයි.

"දශබල ශරීර නිලයඃ ප්‍රශස්ත රම්‍යෝ මහා ස්තූපඃ. සංවත්සරේ සප්තවිංශත්‍යධිකේ ශතේ 127 කථිකානාං රාජ්ඤි ශ්‍රී රුද්‍රසේනේ..." යන්නයි.

මේ පාඨයේ මුලින්ම සදහන් වෙච්​ච "දශබල ශරීර නිලයඃ" යන සංස්කෘත පාඨය සිංහලට ගත්තහම මෙන්න මෙහෙමයි එන්නේ
දශබල (Dashabala): බුදුහාමුදුරු​වෝ
ශරීර (Sharira): ශාරීරික හෙවත් ශරීරයට අයත්.
නිලයඃ (Nilayaha): නිවහන, මන්දිරය, වාසස්ථානය හෙවත් තැන්පත් කර ඇති ස්ථානය.
දැන් මේ පදටික අපිට ගලපගන්න එච්චර අමාරු නෑ​නේ. එතකොට තේරුම මෙන්න මෙහෙම ​නේ ("දශබලධාරී බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා වැඩසිටින (තැන්පත් කර ඇති) මන්දිරය / නිවහනයි.")

ඉතිං මේ කරඩු ලිපිය කියවපු විද්වතුන්​ට තහවුරු වූයේ දශබලධාරී බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා නිදන් මෙහි නිදන් කරලා තියෙනවා කියන කාරණාවයි. අපි හොදටම දන්නවනේ බුදුහාමුදුරුවන්ට "ද​සබල,, කියලත් නමක් තියෙනව කියලා. අහල ඇතිනේ ඔය හාමුදුරුවරු බණ කියනකොට හෙම දසබලධාරී බුදුරජානන්වහන්සේ කියල හෙම කියන්​නේ අන්න ඒ නම තමයි මෙම සංස්කෘ​ත ලිපියේත් පාවිච්චි කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ හදුන්වන්​න.

මේ කරඩු ලිපියට අනුව එම ස්තූපය කරවා ඇත්තේ (Kathika) රජවරුන්ගේ පාලන සමයේ 127 වන වර්ෂයේදී, එනම් ශ්‍රී රුද්‍රසේන රජු පාලනය කළ සමයේය. භාද්‍රපද මාසයේ පස්වන දින මෙහි වැඩ අවසන් කර ඇති බව එම වැඩිදුර විස්තර කලා තියෙවා.

කැණීම් වලදී එම කරඬුව තුළ තිබී හමුවූ බටහිර ක්ෂත්‍රප (Western Satraps) පාලකයින්ට අයත් කාසි අතර ක්‍රි.ව. 305-313 කාලයට අයත් රුද්‍රසිංහ II රජුගේ කාසිද හමුවීම නිසා, මෙම ස්තූපය අවසාන වශයෙන් ක්‍රි.ව. 4 වන සියවසේදී (ක්‍රි.ව. 375 පමණ) නැවත ප්‍රතිසංස්කරණය කරලා තියනව කියල තමයි පුරාවිද්‍යාඥයෝ කියන්​නේ.

හරියට මෙය ලංකාවේ කාලයෙත් එක්ක සංසන්දය නොකළොත් ලංකාවේ අයට තේරුම් ගන්න අමාරැයි​නේ මේ කාලයේ ලංකාවේ රජ ක​ළේ සිරිමේඝවන්න (කිත්සිරිමෙවන්) රජතුමා වෙන විදිහක​ට කිව්වොත් දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලංකාවට වැඩම කරවපු කාලේදි තමයි මේ ස්තූපය හදලා තියෙන්​නේ

දැනට ලංකාවේ පැවැත්වෙන ප්‍රදර්ශනයේදී සැදැහැවතුන්ට මෙම පූජනීය වස්තූන් ත්‍රිත්වයම දැකබලා ගත හැකිය. වන්දනා කරන්න යනකොට හොදට බලාගන්න අර වීදුරු පෙට්ටියේ තැන්පත් කරලා තියෙන්නේ මෙන්න මේවා

1) ගල් කරඬුව: ඉහත ශිලා ලිපිය සහිත ප්‍රධාන 'ෂිස්ට්' ගල් කරඬුව. (පාදම අඟල් 6.8, උස අඟල් 2.9).

2) තඹ පෙට්ටි​ය: ගල් කරඬුව තුළ තිබූ රන් ආලේපිත රිදී-තඹ බෝතලය සහිත තඹ පෙට්ටිය. ඒ තඹ පෙට්ටිය තුළ තමයි ධාතූන් සහි​ත ඉතා කුඩා සිලින්ඩරකාර රිදී තඹ බෝතලය තිබිල තියෙන්​නේ

3) වීදුරු බෝතලය: අතිශය සියුම් ධාතූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් වර්තමානයේදී, එ​ම ධාතූන් සහ අර කුඩා රිදී සිලින්ඩරාකාර බෝතල​ය තැන්පත් කරලා තියෙ​න සුළං නොවදින (Airtight) වීදුරු බෝතලය. (මේක තමයි වීදුරු පෙට්ටිය මැද්දේම තියෙන්​නේ)

ඔයින් දෙවැනි අංකයට කිව්​ව තඹ පෙට්ටියේ තිබිලා තමයි ධාතූන්වහන්සේලා තැන්පත් සිල්න්ඩරාකාර චූටි රිදී බෝතල​ය සහ ​සේද රෙදි කැබැලි හමුවෙලා තියෙන්නේ. ඒ සියල්​​​ලේ ආරක්ෂාව වෙනුවෙන්, සුළං නොවදින සේ (Airtight) තැන්පත් කළ විශේෂ වීදුරු බෝතලය තමයි තුන්වැනි අංකය කිව්වේ බලන්න යකකොට ඒක විශේෂයෙන් දැකබලාගන්න (මේ සියල්ල එකට ගත්ත ඡායාරූපයක් තමයි දෙව්නිමෝර් පුරාවිද්‍යා සයිට් එකෙන් අරං මම මේ පොස්ටුවට දාලා තියෙන්නේ )

ඔබ ධාතූන්වහන්සේලා වදින්න යනවනං තව කාරණාවක් අමතක කරන්න එපා , ගංගාරාම විහාරයේ ප්රදර්ශනයට තියල තියෙන වීදුරු පෙට්ටියේ දැවමය පාදමේ අර මුලින් කිව්ව විදිහට කරඩුවේ සටහන් ව​න "දශබල ශරීර නිලයඃ Dashabala Sharira Nilaya" කියන පාඨය රෝමන් අකුරෙන් ලියලා තියෙනවා ඒකත් බලාගෙනම එන්න.

වසර 1700 ක් තිස්සේ ස්තූපය තුළත් 60 දශකයේ සිට අඩසියව​සක පමණ කාලයක් MSU විශ්වවිද්‍යාලයේත් සුරැකිව තිබූ මෙම ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට ලැබීම ලාංකික බෞද්ධ ජනතාව ලැබූ මහඟු භාග්‍යයක්. එහෙම වුණා​ට එම විහාර සංකීර්ණය අද වනවි​ට වතුරෙන් යටවී තිබී​ම අපේ අභාග්‍යක්.

උපුටාගැනීමකි, මුල් හිමිකරුවන්ට බොහොම පිං. ලිපියේ මුල් හිමිකරු නොදනිමි.

🥺අනුන්ට දුන් ගින්දර තමන්ටම ලැබෙන දවස​අපේ ජීවිතය හරියට දෝංකාරයක් වගේ. අපි ලෝකයට දෙන දේම තමයි අපිට ආපහු ලැබෙන්නේ. හුඟක් වෙ...
24/01/2026

🥺අනුන්ට දුන් ගින්දර තමන්ටම ලැබෙන දවස

​අපේ ජීවිතය හරියට දෝංකාරයක් වගේ. අපි ලෝකයට දෙන දේම තමයි අපිට ආපහු ලැබෙන්නේ. හුඟක් වෙලාවට අපි අනිත් අයගේ හිත රිද්දද්දී, කාට හරි කරදරයක් කරද්දී ඒක අපිට එතරම් ලොකුවට දැනෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ ඒ ගින්නෙන් පිච්චෙන්නේ අපි නෙවෙයි, වෙන කෙනෙක් නිසා.

​නමුත් කාලය කියන්නේ පුදුමාකාර දෙයක්. අපි අද අනුන් වෙනුවෙන් අවුලවන ඒ ගින්දර, කවදා හරි දවසක කැරකිලා ඇවිත් අපේම ජීවිතය වටා ඇවිලෙන්න පටන් ගන්නවා. එතෙක් කල් අනුන්ගේ වේදනාව දෙස බලලා උපහාසයෙන් හිනා වුණු අපිට, එදාට තමයි ඒ "ගින්නේ රස්නේ" ඇත්තටම දැනෙන්නේ.

👉​අපි මතක තබා ගත යුතු දේ:

⚡​කර්මය යනු සෙවණැල්ල වැනිය:

අපි කරන හොඳ වගේම නරකත් අපේ පස්සෙන්ම එනවා.

⚡​වේදනාව පොදුයි:

තව කෙනෙකුගේ හිතක් රිද්දන්න කලින්, ඒ වේදනාව මට ලැබුණොත් කොහොමද කියලා මොහොතක් හිතන්න.

⚡​ප්‍රමාද වී ලැබෙන පාඩම:

ගින්දරට අත තිබ්බට පස්සේ පිච්චෙනවා කියලා දැනගන්න එක ප්‍රමාද වැඩියි. ඒ නිසා ජීවත් වන ටිකේ අනුන්ට ගින්දර දෙනවට වඩා සෙවනක් වෙන්න උත්සාහ කරන්න.

🥺👉අපිට ඉතිරි වෙන්නේ මොනවාද?

😞පසුතැවීම: "එදා මම එහෙම නොකළා නම්" කියලා හිතෙනකොට හුඟක් වෙලාවට පමා වැඩියි.

😔හුදෙකලාව: ගිනි දෙන මිනිස්සුන්ව ලෝකය අතහරිනවා. අන්තිමට තමන් හදපු ගින්න මැද තමන්ටම තනි වෙන්න සිද්ධ වෙනවා.

💜🤔​අනුන්ව රිදවලා ලබන සතුට තාවකාලිකයි. නමුත් එදාට ලැබෙන වේදනාව හරිම බරපතලයි. ඒ නිසා අද දවසේ අපි අනුන්ට ආදරය සහ කරුණාව දෙමු. එතකොට අපිට ආපහු ලැබෙන්නෙත් ඒ සැනසීමම විතරයි.

♥️😍අනුන්ව හඬවලා ලබන සතුටට වඩා, අනුන්ගේ ඇස්වල කඳුළු පිසදාලා ලබන සැනසීම කොයිතරම් වටිනවද?

✍️ ClamSpace

දොළොස් පිරිකර
17/01/2026

දොළොස් පිරිකර

Address

Waragoda Road
Kelaniya

Telephone

+94770754235

Website

Alerts

Be the first to know and let us send you an email when මෙත් නෙතු මුතු කුඩ Methnethu muthukuda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මෙත් නෙතු මුතු කුඩ Methnethu muthukuda:

Shortcuts

Share