Dream Business With Danu

Dream Business With Danu Female

Yes❤️
16/01/2023

Yes❤️

❤️💪❤️
31/12/2022

❤️💪❤️

Yes❤️💪
28/12/2022

Yes❤️💪

හිමින් ආරම්භ කරන්න ❤️විශ්වාසයෙන් වැඩ කරන්න ❤️ජයග්‍රහණය දිනෙන් දින ලන්වේ❤️
27/12/2022

හිමින් ආරම්භ කරන්න ❤️
විශ්වාසයෙන් වැඩ කරන්න ❤️
ජයග්‍රහණය දිනෙන් දින ලන්වේ❤️

26/12/2022

Xmas with Oriflame ❤️
Thank you so much for the wonderful Christmas memories you made for our children 🎅 🔔🎁🎁 🥳🥳🥳
🇱🇰

දිනන්න හිතන කෙනෙක් නම් ඔබගේ හිත ශක්තිමත් වගේම ධනාත්මකව හිතන්න පටන් ගමු 💪 බොහෝ අලුත් මර්ග ඔබට පෙනේවී😍
26/12/2022

දිනන්න හිතන කෙනෙක් නම්
ඔබගේ හිත ශක්තිමත් වගේම ධනාත්මකව හිතන්න පටන් ගමු 💪
බොහෝ අලුත් මර්ග ඔබට පෙනේවී😍

Congratulations All of My Girls 😍My Team Is My Power 💪💪
25/12/2022

Congratulations All of My Girls 😍
My Team Is My Power 💪💪

යම් දෙයකින් ඔයා පැරදුනාද 🤔 පරාජිතයෙක් කියන සිතුවිල්ල ඇවිල්ලා තියනවද ❓❓එහෙනම් සතුටු වෙන්න 🤗💙ඇයි දන්නවද ❓❓පරාජිතයෙක් කියන්...
25/12/2022

යම් දෙයකින් ඔයා පැරදුනාද 🤔
පරාජිතයෙක් කියන සිතුවිල්ල ඇවිල්ලා තියනවද ❓❓

එහෙනම් සතුටු වෙන්න 🤗💙
ඇයි දන්නවද ❓❓

පරාජිතයෙක් කියන්නේ "අසාර්ථක" කෙනෙක් නෙවෙයි ✖❌
දෙයක් කරන්න උත්සාහ කරලා ඒක මගහැරුනු කෙනෙක්✔️✅

මුකුත්ම කරන්න උත්සාහ නොකර ඉන්න කෙනෙක්ට වඩා, යමක් කරන්න උත්සාහ කරලා එයින් පැරදුන කෙනෙක් හැමවිටම අඩියක් හරි ජීවිතේ ඉස්සරහින් ඉන්නවා🎖️️

ලැබෙන්න හෝ නොලැබෙන්න උත්සාහ කරන්න වෙනවා... 🌼🌼ඒනිසා උත්සාහය අතාරින්න එපා 🤝💙🥰

~Thrikala Dharani ~

Good Morning All😍 හදවතට ගොඩාක් දැනුණු post 1ක්❤️
09/12/2022

Good Morning All😍
හදවතට ගොඩාක් දැනුණු post 1ක්❤️

❤ඔබ ගැනත් ඔබ වටා තිබෙන සියල්ල ගැනත් විශ්වාස කරන්න. ඕනෑම බාධකයකට වඩා විශාල දෙයක් ඔබ තුළ ඇති බව දැන ගන්න. එය සිදුවන්නේ කෙස...
08/12/2022

❤ඔබ ගැනත් ඔබ වටා තිබෙන සියල්ල ගැනත් විශ්වාස කරන්න. ඕනෑම බාධකයකට වඩා විශාල දෙයක් ඔබ තුළ ඇති බව දැන ගන්න. එය සිදුවන්නේ කෙසේද යන්න ගැන කරදර වීම නවතා එය සිදුවනු ඇතැයි විශ්වාස කිරීමට පටන් ගන්න. අපි එක රැයකින් දේවල් අත්කර ගන්නේ නැහැ. අපගේ කුසලතා වැඩිදියුණු කිරීමටත්, කරන කාර්යය නිර්මාණශීලීවත් නිවැරදිවත් නිම කිරීමට ඇති හැකියාව ශක්තිමත්ව කිරීමටත් අපි සෑම දිනකම උත්සාහ කළ යුතුය. මන්ද එසේ කිරීමෙන් අපට ටික දිනෙකින් සාර්ථකත්වය ලැබෙනු ඇත. දුෂ්කරතා ඔබේ ජීවිතයේ බාධාවක් වීමට ඉඩ නොදෙන්න. සියලු දුෂ්කර අවස්ථාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ඔබට තිබිය යුතුය, ඔබට අවශ්‍ය විශිෂ්ඨයෙකු වෙන්න නම්, ඔබ දැනටමත් එය ළඟාකරගෙන ඇතිබව ඔබට නිශ්චිතවම ඔබේ හිතට දැනෙන්න ඉඩදෙන්න පුළුවන්නම්, ඔබේ සාර්ථකත්වයේ ගමනාන්තය වැඩිදුර නොවන බව මතක තබාගන්න.
සටහන - අනුරුද්ධ මීගස්වත්තේ

එක්තරා තරුණයෙක් තම පියා සමග විරසකයක් ඇති කරගෙන නිවසින් පිටවෙලා යනවා…කිසිම අරමුණක් හෝ පැහැදිලි දැක්මක් නොමැතිව…අග නගරයේ ඔ...
09/11/2022

එක්තරා තරුණයෙක් තම පියා සමග විරසකයක් ඇති කරගෙන නිවසින් පිටවෙලා යනවා…කිසිම අරමුණක් හෝ පැහැදිලි දැක්මක් නොමැතිව…අග නගරයේ ඔහේ ඉබගාතේ ඇවිද යන ඔහු එක්තරා දැවැන්ත රාජ්‍ය ආයතනයකට යන ප්‍රධාන පාරක් අයිනේ තිබෙන කොට්ටම්බා ගස් කීපයක් ඇති ස්ථානයක නතර වන්නේ වෙහෙස නිවා ගන්නයි…ඔහු දකිනවා කොට්ටම්බා ගස් මුල විශාල වශයෙන් කොට්ටම්බා වැටී තියෙනවා..වෙහෙස හා දැඩි කුසගින්න සහ මානසික ආතතිය යන තත්වයන්ට පත් වෙලා හිටපු මේ තරුණයා කොට්ටම්බා ගෙඩි කිහිපයක් කළු ගලක් මත තබා තවත් ගලකින් තලමින් කොට්ටම්බා මද කමින් ටික වෙලාවක් එහි ගත කරමින් ඉන්න විට ඔහුට ඔහු⁣ගේ ඉරණම ක්ෂණයකින් වෙනස් කරන්න සමත් වුණ නව අදහසක් සිතෙහි ජනිත වෙනවා…

අග නගරයේ දැවැන්ත රාජ්‍ය ආයතනයකට ප්‍රවිෂ්ට වෙන ප්‍රධාන මාර්ගය තුළ දිනපතා විශාල ජනතාවක් ගමන් කරන මාර්ගයක්…එසේම මධ්‍යම ප්‍රාන්තිකයන් , ධනවතුන් , ප්‍රභූන් ගමන් කරන මාර්ගයක් ..ඇවිදින මන්තීරුවකින් සමන්විත සවස් යාමයේ විශාල ලෙස ජනතාව ව්‍යයාම කීරීමට පැමිණෙන පෙදෙසක්..ඒ වගේම ප්‍රසිද්ධ උද්‍යානයක් අසල පිහිටා ඇති ප්‍රදේශයක්…ඉතින් මොහුට ඇති වන සිතිවිල්ල තමයි කොට්ටම්බා ගෙඩි තලා මද එකතු කර අලෙවි කරන වෙළෙන්දෙක් බවට පත් වෙන්න ඕන කියන එක…ක්ෂණයකින් ඇති වෙන එම සිතිවිල්ල ඔහු ඔ⁣හුගේ ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂය බවට පත් කර ගන්න ඔහුට පුළුවන් උණා……මුලින්ම ඒ අසල තිබෙන කොට්ටම්බා ගස් වලින් වැටී තිබෙන ගෙඩි සියල්ල එකතු කරන ඔහු එ්වා තලා මද එකතු කර කැන්ද කොළ වලින් සාදා ගත් ගොටුවලට පුරවා විවිධ මිල ගනන් යටතේ අලෙවි කිරීමට පටන් ගන්නවා..රුපියල් සියයයේ සිට රුපියල් පන්සීය දක්වා මිල ගනන් යටතේ කොට්ටම්බා මද ගොටු සකස් කරන ඔහු ඒවා විකිණීමට පටන් ගන්නවා..දවසින් දවස ඔහුගේ කොට්ටම්බා මද කෑමට එන පිරිස වැඩි වෙන්න ගන්නවා..එසේ එන සියලුම දෙනා ඔහුව අගේ කරනවා..ඔහු කරන වෙළදාම ඉතාම වටිනා සේවයක් බව ඔහුට කියමින් ඔහුව ධෛර්යමත් කරනවා..වස විසෙන් තොර ඉතාම වටිනා ඔෟෂධීය ගුණයකින් සමන්විත කොට්ටම්බා මද මෙසේ මිනිස්සුන් අතට පත් කිරීම ඇත්තටම ලොකු සේවයක් තමයි…මෙසේ ඔහුව අගය කරන බොහෝ අය ඔහුගෙන් කොට්ටම්බා මද මිලදී ගෙන නැවත යන්නේ ඉතුරු සල්ලි පවා අරගන්නේ නැතිවයි ..මෙය ඉතාම සරු වෙළදාමක් බවට පත් වෙනවා..ඒ වගේම විශාල පාරිභෝගික පිරිසකුත් ඔහු වටා ගොඩ නැගෙනවා..මෙය ඉතාම ලාභදායි වෙළදාමක් .මොකද නිශ්පාදන වියදම් විදුලි බිල් ජල බිල් ප්‍රවාහන වියදම් හෝ කඩ බදු කිසිවක් නොමැති වීම..ඔහේ ගස් යට වැටෙන කොට්ටම්බා ගෝනි කිහිපයක් එකතු කර ගෙන ඒවා තලා මද ලබා ගැනීමට යොදවන මහන්සිය පමණයි…මෙසේ දිනෙන් දින වෙළදාම සරු කර ගන්නා ඔහු තව තව ජාති පොඩි පොඩි ලාබ තියාගෙන විකුණනවා …තැබිලි දොඩම් යුෂ පළතුරු වර්ග .. ඉතින් කොට්ටම්බා නොමැති කාලේට ඔහු අනෙකුත් ජාති විකුණනවා ඉතින් ඔහුට වසර පුරාවටම හොදට වෙළදාම සිද්ද වෙනවා..දිනෙන් දින දියුණුවට පත් වෙන ඔහු පස්සේ කාලෙන හොද ධනවතෙක් බවට පත් වෙලා හොද වාහන හොද නිවසක් සහ තවත් ව්‍යපාර ගණනක් හිමි සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවා…

ඉතින් හිතන්න අපි කවුරුවත් නොහිතන පොඩි දේකින් ව්‍යාපාරික ක්ෂෙත්‍රයට අත්පොත් තැබූ ඔහු අද හොද සල්ලි කාරයෙක් වෙලා.. හොද ජීවිතයක් ගත කරනවා..ඔහුට එදා ඔහේ ඉබාගාතේ ඇවිද යද්දී කොට්ටම්බා කීපියක් තලමින් ආහාරයට ගන්න කොට ආපු සිතිවිල්ල ක්‍රියාවට නැංවීමෙන් ඔහු ලගා කර ගත් අති සාර්ථකත්වය තමයි ඒ…

ඔහු ඔහුගේ හිත තුළ ජනිත උන සිතිවිල්ල එම අවස්ථාවෙදී ම ක්‍රියාවට නැගුවා.. එම නිසා ඔහු සාර්ථකත්වයේ මුදුනටම ගියා..හිතන්න එම සිතිවිල්ල සමග ඔහු තුළ හට ගන්නා ලද සෘණාත්මක අදහස් බලවත් උනානම් අද ඔහුට එම සාර්ථකත්වය ලගා කර ගන්න පුලුවන්ද …ඔහු හිතුවනම් කොට්ටම්බා විකුණලා කවද ගොඩ යන්නද?…

කවදා හැදෙන්නද…අනික කොට්ටම්බා හැමදාම තියෙනවද.

එක කාලෙකට විතරයි..ඒ නැති කාලෙට විකුණන්න කොහෙන්ද කොට්ටම්බා ..මේ වගේ දේවල් හිතුවනම් අද ඔහු අර ඉබාගාතේ ගියපු තරුණයම තමයි…

වැදගත් වෙන්නේ පටන් ගැනීමයි…ඊට පස්සෙ තමයි අනික් හැමදේම..පටන් නොගෙන අනික් දේවල් ගැන හිතනවා කියන්නේ කවදාවත් පටන් ගන්නේ නෑ..පටන් ගන්නේ නෑ කියන්නේ ඔහු සාර්ථක වෙන්නේ නෑ කියන එක…මිනිහෙකුට ලේසියෙන් පටන් ගන්න බෑ වගේම පටන් ගත්ත මිනිහෙක් ආයේ ආපස්සට හැරෙන්නේ නෑ..මම ඒක කියන්නේ අත්දැකීමෙන්..පොළවේ පස් කාලා උඩට යන කෙනා උඩටම යනවා…ඒක වලක්වන්නට සක්‍රයටවත් බෑ……

අනිත් එක අපි පටන් ගන්න ඕන අපිට පුලුවන් සහ අපි දන්න තැනින් ..ඒක තමන්ගේ කැමැත්ත සහ ආශාව වෙන්න ඕන…ඒක වෙන කෙනෙක්ගේ ආශාව හෝ කැමැත්ත වෙන්න බෑ..ඒකට අම්මද තාත්තද බිරිදද පෙම්වතියද කියන එක අදාල නෑ…තමන්ට හරි දේයි තමන් කරන්න ඕන..ඒක තමන්ට විශ්වාස නම් වෙන අයගේ කතා මොකටද…තමන්ට ඕන සාර්ථක වෙන්නම් ඒක කොතනින් මොන විදියක පටන් ගත්තත් එකයි…දුර දකින මිනිහෙක් මේ දැන් තියෙන පොඩි පොඩි බාදා පයිසෙකට මායිම් කරන්නේ නෑ…එයා ඉන්නේ එතන..ඈත දුර හීනේ …ඒක එයාට වෙනවා කියලා හොදටම විශ්වාසයි…

අපේ සමහරු ඉන්නවා මොන තරම් වටින ව්‍යාපාරික අදහස් තිබුණත් පටන් ගන්න බයයි..හිතන්නේ මිනිස්සු මොනවා කියයිද අම්මා තාත්තා අපේ අරමයි මෙහෙමයි..ඉතින් මම මෙහෙම දෙයක් පටන් ගත්තොත් ඒ අයගේ නම්බුකාර කම වතුරේ..ඇත්තටම කිව්වොත් මාත් පටන් ගත්තේ බිංදුවෙන් කවුරුත් හිනා උනත් …ඕවා උබගේ පරම්පරාවේ එකෙක් කරපු වැඩද කියලා අහපු අය හිටියා මූණටම…හැබැයි ඉතින් ඒවට හිනා උනා විතරයි..වැඩ කරලා උත්තර දෙනවා කියන හැගීම විතරයි හිතේ තියා ගත්තේ…හැබැයි එහෙම කියපු ගොඩාක් අය දැන් අහන්නේ බිස්නස් සරුද කියලා විතරයි…

අපි දේවල් පටන් ගන්න ඒ ක්ෂේත්‍රය ගැන සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න හෝ අවබෝධ කරගන්න අවශ්‍ය නෑ..අවශ්‍ය වෙන්නේ හොද කළමණාකරුවෙක් වීම විතරයි…වැඩේ කෙරීගෙන යද්දී අපි හැමදේම ඉගෙන ගන්නවා සහ ප්‍රත්‍යක්ෂ කර ගන්නවා…අද්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නවා …එහෙමයි සාර්ථකත්වය කරා යන්නේ..සාර්ථක මිනිස්සු තමන්ගේ ගමන ගියේ එහෙමයි…ඒක පිනවත් ඒක වාසනාවන්ත බව වත් නෙවෙයි…

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Dream Business With Danu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share