09/09/2026
ඩොලමයිට් වල ඇත්ත කතාව - ලිපි අංක 02
ඩොලමයිට් නම ලැබීම 🌱
වර්තමාන කෘෂි කාර්මික පරිසර පද්ධතීන් තුල නිහඬ මෙහෙවරක් ඉටු කරන නමුත් බහුතරයක් ගොවීන් ඒ පිලිබඳ වැඩි අවදානයක් නොදෙන යෙදුමක් ලෙස ඩොලමයිට් හැදින්විය හැකිය. නමුත් සමහරක් දෙනා මේ පිලිබඳ නිසි අවබෝධයක් නොමැති කමින් අවභාවිත්යට ලක් වන අවස්ථා දක්නට ඇත. එබැවින් ඩොලමයිට් පිලිබඳ සාපේක්ෂ අවබෝධයක් සහිතව භාවිතා කල යුතු ඛනිජ පෝෂකයකි. අද ලිපියෙන් ඒ පිලිබඳ විවරණයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.
ඩොලමයිට් නම ලැබීම 🌱
මෙම ද්රව්යයේ භූ විද්යාත්මක අවබෝධය සාපේක්ෂව මෑත කාලීන ය.
මෙම ඛනිජයට සහ පාෂාණයට එහි නම ලැබී ඇත්තේ 18 වැනි සියවසේ ප්රංශ භූ විද්යාඥයකු සහ ස්වභාව විද්යාඥයකු වූ ඩියෝඩැට් ග්රේටෙට් ඩි ඩොලෝමියු (Déodat Gratet de Dolomieu) (1750–1801) ගෞරවය පිණිස ය. ඔහු වර්තමානයේ උතුරු ඉතාලියේ සුප්රසිද්ධ ඩොලමයිට් කඳුකරය ලෙස හැඳින්වෙන ටිරෝලියන් ඇල්ප්ස් කඳුකරයේ මෙම පාෂාණ වර්ගය මුලින්ම හඳුනා ගත් අයෙකි.
ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඩොලමයිට් පාෂාණය ප්රධාන වශයෙන් කල් පවතින ඉදිකිරීම් ද්රව්යයක් ලෙස භාවිතා කරන ලදී. කෙසේ වෙතත්, කාර්මික ලෝහ විද්යාවේ දියුණුවත් සමඟත්, පසුව නවීන විද්යාත්මක කෘෂිකර්මාන්තයත් සමඟත් එහි වැදගත්කම සැලකිය යුතු ලෙස වර්ධනය විය. වානේ සහ යකඩ නිෂ්පාදනයේදී අපද්රව්ය ඉවත් කිරීමට උපකාරී වන ෆ්ලක්සින් කාරකයක් ලෙස එය තාක්ෂණික වශයෙන් අත්යවශ්ය විය. 20 වැනි ශතවර්ෂයේ දී, එහි කාර්යභාරය වීදුරු, පිඟන් මැටි සහ තාප ප්රතිරෝධක ද්රව්ය (උදුන් සඳහා තාපයට ඔරොත්තු දෙන ආවරණ) නිෂ්පාදනය සඳහා අමුද්රව්යයක් ලෙස ද ව්යාප්ත විය. කෘෂි කාර්මික යෙදවුමක් ලෙස භාවිතාව කෙසේ විය යුතුද?
තේ වගාවේ ඩොලමයිට්🌱
ශ්රී ලංකාව වැනි ඝර්ම කලාපිය රටවල දක්නට ලැබෙන අධික පාංශු විවිධත්වය මගින් පස් කාණ්ඩ තුල ඇතුලත් කාබනික ද්රව්ය ප්රමාණය , ස්වභාවික pH අගය , වාර්ෂික වර්ෂාපතනය , බෝග වර්ගය සහ භාවිතා කරන පොහොර වර්ගය ආදී හේතු අධික විවිධත්වය නිසා ලංකාව හෝ කෘෂි දේශගුණික කලාපය වෙනුවෙන් පොදුවේ ඩොලමයිට් භාවිතා කිරීම කලනොහැකි අතර ඒ ඒ කලාප ඉහත සාධක සලකා බලා නිවැරදිව තීරණය ගත යුතුය.
ශ්රී ලංකාවේ තේ වගාව අනිකුත් සියළුම කෘෂි බෝග වලට වඩා අධි විවිධත්වයක් පෙන්නුම් කරන බෝගයක් ලෙස තේ හැදින්විය හැකිය. ප්රධාන දිස්ත්රික්ක 12 කට ආසන්න ප්රමාණයක පැතිර ඇති අතර අධික පාංශු විවිධත්වයක් පෙන්නුම් කරයි. මුහුදු මට්ටමේ සිට උස 0m සිට 2500 m වඩා උස සීමාව එසේත් නැතිනම් අඩි 8500 ට වඩා වැඩි උස සිමාව දක්වා තේ වගවේ. තේ කලාපයේ පාංශු විවිධත්වය පිලිබඳ පහත උදාහරණ දෙස බැලූ විට දල අදහසක් ගත හැකිය.
රතු කහ පොඩ්සොලික් පස -( නුවරඑළිය , නුවර ,බදුල්ල ,මාතලේ , රත්නපුර (උස් ප්රදේශ ) වල දක්නට ලැබෙන අතර pH අගය 4.5 -5.5 සිමාවේ සහ හොදින් ජලය බැසයන , සහ පෝෂක කාන්දු වන පසකි. දුඹුරු ලෝම පස (IBL ) - සබරගමුවේ කොටසක , නුවර , බදුල්ල කොටසක දක්නට ලැබෙයි, මෙම පස් සාපේක්ෂව ආම්ලික භාවයට බරව ඇත. රතු කහ ලැටසොල් (RYL ) අඩංගු ගාල්ල ,මාතර සහ කළුතර දිස්ත්රික්ක පසේ pH අගය ගැන ඉහළ අවදානයක් යොමු කල යුතුය.
ඩොලමයිට් වල කෘෂි කාර්මික ප්රයෝජන🌱
01. පාංශු pH අගය උදාසීන කිරීම
බහුතරයක් දෙනා දන්නා ප්රධානම කරුණ නම් ආම්ලික පසක pH අගය ක්රමානුකුලව අවශ්ය සීමට හෝ උදාසීන සීමාවට ගෙන ඒමට උපකාර වන අතර එතුලින් පෝෂක කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතුවක් වේ.
02. පෝෂක සැපයුම (Ca සහ Mg ) :
තේ වගාවේ අවශ්ය ප්රධාන පෝෂක දෙකක් වන කැල්සියම් (Ca ) සහ මැග්නීසියම් (Mg ) සැපයිය හැකිය. මෙම පෝෂක තේ අස්වැන්න කෙරෙහි ප්රධාන බලපෑමක් එල්ල කරයි.
03. ඇලුමිනියම් විෂ වීම අවම කරයි :
පාංශු pH අගය ආම්ලික සිමාව දක්වා ක්රමිකව පහළ යාමත් සමඟ ඇලුමිනියම් සහ සමහර පෝෂක අධිකව උරා ගැනීම නිසා විෂ වීම් සිදුවිය හැකි අතර මෙම බලපෑම අවම කිරීම සඳහා විශේෂ හැකියාවක් ඩොලමයිට් යෙදීමෙන් සිදු වේ.
04. හිතකර ක්ෂුද්ර ජීවින් ප්රවර්ධනය:
පසෙහි ආම්ලික භාවය අඩු වන විට හිතකර පාංශු ක්ෂුද්ර ජිවීන්ගේ වර්ධනය අවම කරන අතර උදාසීන හෝ අවම ආම්ලික සීමාවේදී හිතකර පාංශු ක්ෂුද්ර ජීවීන් වර්ධනය හොඳින් සිදුවේ. එබැවින් මෙය ඉතා හිතකර තත්වයකි.
05. පාංශු ව්යුහය දියුණු කිරීම :
ඩොලමයිට් වල අඩංගු වන කැල්සියම් ඍජුව පසෙහි ව්යුහය දියුණු කිරීමට හේතු වන අතර පසෙහි කලිල නිර්මාණය කෙරෙහි ප්රබලව බලපායි. මෙය බෝග වගාවේ ඉතාම හිතකර තත්වයකි.
06. මෙම වාසි වලට අමතරව , පෝෂක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම , තිරසාර කෘෂි ක්රියා ප්රවර්ධනය, අස්වනු ඉහළ යාම, ප්රතිරෝධී භාවය ඉහළ යාම ආදී විශේෂී ප්රතිලාභ රැසක් ඩොලමයිට් භාවිතය මගින් සිදු වේ.
ඩොලමයිට් යෙදීමේ නිවැරදි තීරණය
01. හැම විටම පස් පරික්ෂා කර බලා , නිර්දේශිත ප්රමාණය , බෝගය අණුව ගලපා යොදා ගත යුතුය.
02. විදේශීයව ආනයනය කරන සහ දේශීයව නිෂ්පාදනය කරන ඩොලමයිට් වෙළද පොළ තුළ ඇති අතර සුදුසු ඩොලමයිට් එකක් තෝරා ගත යුතුය. එහිදී අවම මැග්නීසියම් ප්රතිශතය (18%-20%), සහ කැබලි වල ප්රමාණය (particles sizes ) ආදී සාධක කෙරෙහි අවදානය යොමු කලයුතුය.
03. සමහර ඩොලමයිට් වල අපද්රව්ය ලෙස සෝඩියම් , ක්ලෝරීන් ආදී අඩංගු විය හැකි අතර එබැවින් අවම අපද්රව්ය අඩංගු ඩොලමයිට් මුලාශ්ර ගැන සැලකිලි මත විය යුතුය.
නිවැරදි ප්රමාණ, නිවැරදි ක්රමය සහ සුදුසු අවස්ථාවේදී දීම (උදා :කප්පාදුවෙන් පසු ) යෙදීමට ගොවි ජනතාව කටයුතු කල යුතු අතර කිසිම විටක් නිර්දේශිත ප්රමාණ ඉක්මවා කිසිම විටක වැඩිපුර ඩොලමයිට් යෙදීම නොකළ යුතුය.
එබැවින් බෝග වගාවක ඩොලමයිට් භාවිතා කිරීමේදී , මේ සාධක පිලිබඳ දළ අවබෝධයක් සහිතව භාවිතා කල යුතු අතර විශේෂයෙන් තේ ගොවියන් ශ්රී ලංකා තේ පරීක්ෂණ ආයතනය නිර්දේශ කර ඇති පරිදි පස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිසි ඩොලමයිට් ප්රමාණය යෙදීමට කටයුතු කිරීම තුලින් ඔබ බලාපොරොත්තු වන සාර්ථක ප්රතිපල ලබා ගත හැකිය. ඔබගේ තේ හෝ කුරුඳු වගාවේ පස් පරීක්ෂා කිරීම් සහ කෘෂි උපදේශනය සඳහා අපව අමතන්න , මාතර - විදුර (076901488) සහ ගාල්ල දිස්ත්රිකය ඉසුරු -0766054659 ට අපව අමතන්න
තාරක ජයසිංහ
ජේෂ්ඨ කළමණාකරු
ඒ බවර් සහ සමාගම