Baurs Advisory

Baurs Advisory Today, we are one of the most trusted solution providers for the entire agriculture industry & its?

Since the inception in 1897, “Baurs” name has been identified & synonymous with agriculture in Sri Lanka. At the beginning, we had spear headed the effort of finding sustainable solutions for nutrient management in plantation crops, which we later expanded in to the cultivation market segments of paddy, vegetables, fruit crops, export agriculture crops & other cash crops. Also, we were instrumenta

l in educating small holders of tea, rubber & coconut, regarding importance of integrated crop nutrient management in order to increase yields in a sustainable manner. The “Baurs” brand became a household name throughout Sri Lanka with the advent of urban agriculture, which gathered momentum after 1950s. We have expanded our marketing operations in to Fertilizers, Plant Protection Chemicals & Agriculture Equipment. Also, we conduct nutrient availability analysis of soil & leaf samples and make site specific fertilizer recommendations on request. Apart from these, we have a fully fledged Advisory service which imparts valuable knowledge to all planters & small holders, as a value addition. Today, we are one of the most trusted solution providers for the entire agriculture industry & its’ stake holders. We are fully committed to realize our corporate mission of finding creative solutions to assist in the transformation of Sri Lanka into a modern economy, in keeping with our values.

චීනය ගොඩ නගන🌱 තේ අධිරාජ්‍ය - චීන තේ වගාවේ  සාර්ථකත්වයේ රහස්. ලෝකය තුල ජලයට පමණක් දෙවැනි වන ස්වභාවික පානයක් පවතී නම් ඒ තේ...
25/05/2026

චීනය ගොඩ නගන🌱 තේ අධිරාජ්‍ය - චීන තේ වගාවේ සාර්ථකත්වයේ රහස්.

ලෝකය තුල ජලයට පමණක් දෙවැනි වන ස්වභාවික පානයක් පවතී නම් ඒ තේ ය. වසරක් පාසා ලෝක වෙළද පොළ තුල ඉල්ලුම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර නිෂ්පාදනයද ඊට සාපේක්ෂව ඉහල යමින් පවතී. ලෝකය තුල තේ නිෂ්පාදනය සලකා බැලීමේදී වැඩිම ප්‍රමාණයක් නිෂ්පාදනය කරන රට ලෙස චීනය හදුන්වා දිය හැකි අතර ඊට පසුපසින් ඉන්දියාව , කෙන්යාව සහ ශ්‍රී ලංකාව සිටියි. ශ්‍රී ලංකාව රටක් ලෙස වාර්ෂිකව කිලෝ මිලියන 250 ක් පමණ නිෂ්පාදනය කරන අතර චීනය 2025 වසර තුලදී කිලෝ මිලියන 3900 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත. චීනයෙහි වාර්ෂික තේ නිෂ්පාදනයෙහි වැඩිවීම පමණක් කිලෝ මිලියන 250 -300 අතර පවතී. රටක් ලෙස අප වසරකට නිෂ්පාදනය කරන ප්‍රමාණය වැනි ප්‍රමාණයක් ඊලග වසරේදී චීනය වැඩිපුර නිෂ්පානය කරනු ලබයි. සැබවින්ම එය අධ්‍යනය කල යුතු තරම් ආශ්චර්යකි. එබැවින් අද ලිපිය තුලින් චීනයේ තේ කර්මාන්තයේ සාර්ථකත්වය සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි.

චීන තේ ඉතිහාසය-

අදින් වසර 5000 කට පමණ පෙර චියනේ සිටි ෂෙන් නග් අධිරාජයාගේ සමයේදී තේ පානය අහබුවක් ලෙස සොයා ගැනුණු අතර පසුව එය උත්තේජක පානයක් ලෙස චීනය පුරා පැතිරී ගිය අතර පසු කාලීනව මෙය වාණිජ වගාවක් ලෙස ද ව්‍යාප්ත විය. පසු කාලයේදී ගොඩබිම් සේද මාවත ඔස්සේ තේ වගාව ඉස්තාන්බුල් නගරයටත් ඉන්පසු යුරෝපයටත් පැතිර ගිය අතර ක්‍රමයෙන් මෙය යුරෝපයේ ජනප්‍රිය පානයක් බවට පත් විය. මුහුදු සේද මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රට වලටද තේ පානය ක්‍රමයෙන් පැතර යමින් තිබු අතර වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත වී නොතිබිණ. පසු කාලීනව යුරෝපානු වෙළද පොළ වෙනුවෙන් තේ නිෂ්පාදනයට ශ්‍රී ලංකාව වැනි රටවල් යුරෝපියානු ජාතිකයින් විසින් භාවිතා කෙරුණි.

චීනයේ අති සාර්ථක තේ කර්මාන්තය පිලිබඳ අධ්‍යනය කිරීමේදී ඔවුන්ගේ සාර්ථකත්වයට බල පෑ කරුණු මොනවද යන්න පිලිබඳ අවබෝධයක් ලබා ගැනීම ලංකාවේ තේ කර්මානත්යේ උන්නතියට විශාල පිටු වහලක් වනු ඇත. එබැවින් දැන් අපි සලකා බලමු චීනයේ තේ කර්මාන්තයේ සාර්ථකත්වයට බලපෑ කරුණු මොනවද යන්න.

01.5 අවුරුදු සංවර්ධන සැලසුම : චීන රජය විසින් ග්‍රාමීය ප්‍රදේශ පස් අවුරුදු සංවර්ධන සැලැස්ම හි ප්‍රධාන අංගයක් ලෙස තේ කර්මාන්තය නම් කර ඇති අතර එහි ප්‍රධාන අංග ලෙස වසර 30 වැඩි තේ වගාවන් සම්පුර්ණයෙන් ගලවා ඉවත් කර නව වගාවන් වෙනුවෙන් වෙන් කිරීම, දියුණු සහ වැඩි අස්වනු සහිත තේ ප්‍රබේද නිර්මාණය වෙනුවෙන් කරන පරීක්ෂණ වෙනුවෙන් ඉහල ආයෝජන ප්‍රමාණයක් සිදු කිරීම. කෘමි ප්‍රතිරෝධී සහ රෝග ප්‍රතිරෝධී තේ ප්‍රබේද බිහි කිරීම තුලින් තේ නිෂ්පාදනය ඉහළ දැමීම සිදු කර ඇත.

02.නව වගා ක්‍රම පිලිබඳ පරීක්‍ෂා කිරීමට සහ සංවර්ධනය කිරීමට අවශ්‍ය මුදල් වෙන් කිරීම: චීනය තුල අධි ඝනත්ව වගාව ඉතාම වේගයෙන් පැතර යමින් සිටින අතර එතුලින් විශාල සාර්ථකත්වයක් ලගාකර ගැනීමට ඔවුනට හැකි වී ඇත.

03.තේ යාන්ත්‍රිකරණය ඉහළ දැමීම: චීනය තුල තේ කර්මාන්තයට අවශ්‍ය කරන යාන්ත්‍රිකරණය වේගයෙන් සිදු වෙමින් පවතින අතර ඊට අවශ්‍ය පරීක්‍ෂණ සහ සංවර්ධන කටයුතුද ඉතා වේගයෙන් සිදු වෙමින් පවතී. මෙම පරිෂණ වල සාර්ථකත්වය නිසා ශ්‍රී ලංකාවේ තේ වගාවේ යාන්ත්‍රිකරණයට පවා විශාල සහයෝගයක් ලැබී ඇත.

04.නව පොහොර යෙදවුම් භාවිතා කිරීම : ශ්‍රී ලංකාව වැනි රටවල තවදුරත් සම්ප්‍රදායික පොහොර යෙදවුම් මත යැපීම තව දුරටත් සිදු කරන අතර තේ වගාවේ කාර්යක්‍ෂමතාව ක්‍රමිකව පහල යමින් පවතී. මීට ඇති හොදම විසදුම ඊලග පරම්පරා වල පොහොර යෙදවුම් තාක්ෂණයන් පිලිබඳ අත්හදා බැලීමයි. මේ වන විට චීනය ඊලග පරම්පරා වල පොහොර භාවිතා කිරීම ක්‍රමයෙන් ඉහල යමින් පවතින අතර එහි ප්‍රතිඵල ද ඉහල යමින් පවතී.

05.තේ නිෂ්පාදන විවිධාංගීකරණය : සම්ප්‍රධායික කළු තේ (black tea ) හෝ සම්ප්‍රදායික කොළ තේ (green tea ) නිෂ්පාදනයට පමණක් සිමා නොවී මේ වන විට තේ වලට අගය එකතු කිරීමේ රජ වරුන් බවට චීනය පත්ව ඇත. එතුලින් ලෝකය පුරා පාරිබෝගික ජනතාවගේ ඇති විවිධ රසයන් සහ කැමැත්තන් වෙනුවෙන් අවශ්‍ය නිෂ්පාදන චීනය සතුව ඇත. ඒ බැවින් ලෝක වෙළද පොළ ජයග්‍රහණය කිරීමේදී චීනය සතුව අවශ්‍ය නිෂ්පාදන ඇති බැවින් අනිකුත් රට වලට සාපේක්‍ෂව ලෝක වෙළද පොළ තුල සුවිශේෂී බවක් පෙන්වයි.

06.සම්ප්‍රදායික තේ නිෂ්පාදන ප්‍රදේශ වලින් ඉවත් වීම : චීනය සතු සම්ප්‍රදයික තේ නිෂ්පාදන ප්‍රදේශ වලින් ඉවත් වෙමින් සිටන අතර නව ප්‍රදේශ කරා තේ වගාව ව්‍යප්ත කරමින් සිටියි. එහිදී ඔවුනට මුහුණ දීමට සිදු වන අභියෝග සදහා නව තාක්ෂණික විසදුම් භාවිතා කිරීම ඔවුන් විසින් ප්‍රවර්ධනය කරනු ලබයි.

07.කුඩා තේ නිෂ්පදයින්ගේ අදායම ඉහළ නැංවීම සහ වෙළද පොළ: සම්ප්‍රදායික අලෙවි ජාල වලින් චීන ගොවියන් ඉවත් කිරීමට රජය විසින් කටයුතු කරමින් සිටින අතර ඔවුන් ගේ රට තුලම ඇති ඇති විශාල වෙළද පොළ තේ සැපයීමේදී තේ ගොවියාගේ සිටමට ඍජුව තේ (Hand made tea ) පාරිභෝගිකයා වෙත ලගා කිරීමට E -commerce වැනි ක්‍රම වේද දේශීයව සහ විදේශීය ප්‍රවර්ධනය කිරම තුලින් තේ ගොවියාගේ අදායම ඉහල දැමීම සිදුකරනු ලබයි.

08.අධි තාක්‍ෂණික නිෂ්පාදන ක්‍රියාවලිය : අමු දළු නිෂ්පාදනයේ සිට නිමි තේ නිෂ්පාදනය දක්වා ඉහළ ගුණාත්මයෙන් යුතු නව තාක්‍ෂණික විසදුම් භාවිතා කිරීම තුලින් නිෂ්පාදන වියදම ඉතා විශාල ලෙස පහත දමා ඇති අතර ලෝක වෙළද පොළ තුල තරගකාරිත්වයට මුහුණ දීමට චීනයට හැකියාව ලැබී ඇත.

09.කාබනික සහ ස්වභාවික වෙළද පොළ: ලෝකය පුරාම ක්‍රමයෙන් ඉහළ යන කාබනික සහ අනිකුත් තේ නිෂ්පාදනය කෙරෙහිද විශාල අවදානයක් යොමු කිරීමට චීන බලධාරීන් අවදානය යොමු කර ඇති අතර මෙම සුවිශේෂී වෙළද පොළ ද ග්‍රහණය කර ගැනීමට චීන තේ නිෂ්පාදකය සමත් වී ඇත.

10.සාර්ථක පරිපාලන ක්‍රියාවලිය : චීනයේ තේ සම්පුර්ණ ක්‍රියාවලිය එකම ආයතනක් තුලින් නියාමනය වන අතර කුඩා තේ ඉඩම් හිමියාගේ සිට විශාල වතු දක්වා සියල්ල එකම ආයතනක් තුලින් නියාමනය වෙයි. එලෙසම සහනාධාර සපයා දීම , නව පරීක්‍ෂණ සහ සංවර්ධන කටයුතු , අලෙවි ක්‍රියාවලිය මෙන්ම දේශීයව සහ විදේශීයව සිදු කරන ප්‍රවර්ධන කටයුතු පවා එක ආයතනයක් තුලින් නියාමනය වෙයි. එසේම පොදු ඉලක්කයක් වෙනුවෙන් සැමදෙනා එකා සේ වැඩ කරන බැවින් ලෝක තේ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වීමට චීනයට හැකියාව ලැබී ඇත. එබැවින් චීනය තුලින් කෘෂි කර්මාන්තය සහ තේ කර්මාන්තය නාග සිටු වීමට අප විසින් ඉගෙන ගත යුතු පාඩම් එමටය. නමුත් වසර 150 කට වැඩි ඉතිහාසයක් සහිත ලංකාවේ අපිට ලෝක වෙළද පොළ තුල පිළිගත් සන්නමයක් මෙන්ම ඉහළ ඉල්ලුමක් ඇති මොහොතක. නිවැරදි ආකල්ප සහිත නව ඉලක්ක ගත වැඩ පිළිවෙලක් තුලින් මෙරට තේ කරමාන්තය තවත් වසර ගණනක් ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.

තාරක ජයසිංහ
කළමණාකරු , උපදෙස් සහ ව්‍යාප්ති අංශය
ඒ බවර් සහ සමාගම.

අඩු යෙදුමෙන් ⬇️ වැඩි අස්වැන්නක් ⬆️ බවර්ස් සුපර් යූරියාSUPER UREA(ප්‍රතිකාර කල යූරියා)දැන් ඔබට ලගම ඇති බවර් පොහොර අලෙවි න...
22/05/2026

අඩු යෙදුමෙන් ⬇️ වැඩි අස්වැන්නක් ⬆️ බවර්ස් සුපර් යූරියා
SUPER UREA(ප්‍රතිකාර කල යූරියා)

දැන් ඔබට ලගම ඇති බවර් පොහොර අලෙවි නියෝජිත මහතාගෙන් ලබා ගත හැක.

🌾ශාකයට ස්ථාවර ඉහල නයිට්‍රිජන් සැපයුමක්
🌾වාෂ්පීකරණය සහ කාන්දුව අවම කරන
🌾ද්විත්ව ක්‍රියාකාරී (Hybrid)
🌾පරිසර හිතකාමී නව තාක්ෂණයෙන්

විමසීම් ➡️0114 732 330 / 0114 732 307 / 0114 732 308

Happy International Tea Day! ☕🌱Today we celebrate the hardworking tea growers, pluckers, factory Officers, and everyone ...
21/05/2026

Happy International Tea Day! ☕🌱

Today we celebrate the hardworking tea growers, pluckers, factory Officers, and everyone behind every cup of tea.
May the rich flavor of Ceylon tea continue to connect people around the world with warmth, friendship, and tradition.

සුභ ජාත්‍යන්තර තේ දිනයක් වේවා! ☕🌱

ලොව පුරා තේ කෝප්පයක රසයට ජීවය එක් කරන තේ වගාකරුවන්, තේ දළු නෙලන්නන් තේ කර්මාන්ත ශාලා නිළදාරීන් සහ තේ කර්මාන්තයට දායක වන සැමට අපගේ ගෞරවය හා ස්තූතිය පුද කරමු.
සිලෝන් තේ සුවඳ ලොව පුරා මිත්‍රත්වය, උණුසුම හා සම්ප්‍රදාය පතුරවමින් ඉදිරියටත් දිගු ගමනකට සුබාසිරි!

இனிய சர்வதேச தேயிலை தின நல்வாழ்த்துக்கள்! ☕🌱
ஒவ்வொரு தேநீர் கோப்பைக்கும் பின்னால் உழைக்கும் தேயிலை விவசாயிகள், தொழிலாளர்கள் மற்றும் தேயிலைத் துறையுடன் இணைந்துள்ள அனைவருக்கும் எங்கள் நன்றிகளும் மரியாதைகளும்.
சிலோன் தேயிலையின் மணமும் சுவையும் உலகம் முழுவதும் அன்பையும் நட்பையும் பரப்பட்டும்.

#ජාත්‍යන්තරතේදිනය

Ceciliyan tea factory Organized by tea farmers awareness program.🌱 How to Apply Fertilizer 🌱 Plucking Standards 🌱 Soil p...
21/05/2026

Ceciliyan tea factory Organized by tea farmers awareness program.

🌱 How to Apply Fertilizer
🌱 Plucking Standards
🌱 Soil pH Test

සිසිලියන් තේ කර්මාන්ත ශාලාව හා බවර් පොහොර සමාගම ඒකාබද්ධ පවත්වන ලද කුඩා තේ ඉඩම් හිමි ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා පවත්වන ලද අතර,මෙහිදී තේ වගාවේදී නිවැරැදි ලෙස පොහොර භාවිතා කිරීම නිවැරැදි දළු නෙලීම සහ නිවැරදි කෘෂිකාර්මික ක්‍රම පිළිබඳව තේ වගා කරුවන් දැනුවත් කරන ලදි.

Baurs වී🌾 MAX KBaurs S MAX K අක්කරයකට 5Kg මූලික පොහොර හෝ පළමු යූරියා මුරය සමග යොදන්න.ஒரு ஏக்கருக்கு 5Kg என்ற அளவில் Baur...
11/05/2026

Baurs වී🌾 MAX K

Baurs S MAX K අක්කරයකට 5Kg මූලික පොහොර හෝ පළමු යූරියා මුරය සමග යොදන්න.

ஒரு ஏக்கருக்கு 5Kg என்ற அளவில் Baurs வி மக்ஸ் கே பயன்படுத்தலாம் அல்லது முதலாவது யூரியா பாவனையுடன் கலந்தும் பயன்படுத்தலாம.

Apply 5Kg of Baurs V Max K per acre together with the basal fertilizer or with the first urea application

🌾පැතිරුණු ශක්තිමත් මූල මණ්ඩලයක් ඇති කරයි.
ගොයමේ පඳුරු දැමීම වැඩි කරයි.
🌾වී වගාවේ ඒකාකාර් වර්ධනයට අවශ්‍ය පෝෂක අඩංගු පොහොර මිශ්‍රණයකි.
🌾ගොයම රෝග සහ පලිබෝධ හානි සඳහා ප්‍රතිරෝධීතාවය වැඩි කරයි.
🌾බොල් ඇට හටගැනීම අවම කරයි.

🌾பரவலான வலுவான வேர் அமைப்பை உருவாக்குகிறது.
🌾நெற் பயிரின் பக்க கிளைகளின் வளர்ச்சியை அதிகரிக்க செய்யும்.
🌾நெல் சாகுபடியின் சீரான வளர்ச்சிக்குத் தேவையான ஊட்டச்சத்துக்களைக் கொண்ட உரக் கலவை.
🌾வயலில் நோய்கள் மற்றும் பீடை தாக்கத்திற்கு எதிராக எதிர்ப்பு சக்தியை அதிகரிக்கிறது.
🌾வயலில் பதர் நெல் மணிகள் உருவாவதை குறைக்கிறது.

🌾Promotes the development of an extensive and robust root system.
🌾Enhances tillering
🌾A specialized fertilizer blend containing essential nutrients required for the
uniform vegetative growth of rice.
🌾Improve the crop's resistance to pest & diseases Minimizes the unfilled grain percentage

Tel: 0114 732 307/0114 732 308

Her care today shapes a better tomorrow.Celebrating mothers who nurture families and futures alike. 🌼
10/05/2026

Her care today shapes a better tomorrow.
Celebrating mothers who nurture families and futures alike. 🌼


Every role has a story. Every effort creates impact. Proud to celebrate our people this International Labor Day.
01/05/2026

Every role has a story. Every effort creates impact. Proud to celebrate our people this International Labor Day.

🌿 Happy Earth Day! 🌎Today is a reminder that our planet is not just where we live — it’s our home. Every small action we...
22/04/2026

🌿 Happy Earth Day! 🌎

Today is a reminder that our planet is not just where we live — it’s our home. Every small action we take can make a big difference.

Let’s protect our environment, conserve water, reduce waste, and plant more trees for a greener future. 🌱

Together, we can create a healthier and more sustainable world for the next generations. 💚

Save Earth. Save Life.

As we welcome Sinhala & Tamil New Year, we celebrate new beginnings rooted in tradition, unity, and shared hope. Wishing...
14/04/2026

As we welcome Sinhala & Tamil New Year, we celebrate new beginnings rooted in tradition, unity, and shared hope. Wishing our Baurs family and partners a prosperous year ahead.

&TamilNewyear

Tea Small Holders Development Authority Organized tea smallholders awareness program at Bulathkohupitiya area.🌱 How to A...
08/04/2026

Tea Small Holders Development Authority Organized tea smallholders awareness program at Bulathkohupitiya area.

🌱 How to Apply Fertilizer
🌱 Plucking Standards
🌱 Soil pH Test

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා බවර් පොහොර සමාගම ඒකාබද්ධ පවත්වන ලද කුඩා තේ ඉඩම් හිමි ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා පවත්වන ලද අතර,මෙහිදී තේ වගාවේදී නිවැරැදි ලෙස පොහොර භාවිතා කිරීම සහ නිවැරදි කෘෂිකාර්මික ක්‍රම පිළිබඳව තේ වගා කරුවන් දැනුවත් කරන ලදි.

මැද පෙරදිග යුද උණුසුමට රත් වන අපේ තේ කර්මාන්තය 🌱උසස් තත්ත්වයේ සිලෝන් තේ සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලංකා තේ කර්මාන්තය, රටේ ආර්ථ...
01/04/2026

මැද පෙරදිග යුද උණුසුමට රත් වන අපේ තේ කර්මාන්තය 🌱

උසස් තත්ත්වයේ සිලෝන් තේ සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලංකා තේ කර්මාන්තය, රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයයි. ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් විශාල කොටසක් මැද පෙරදිග වෙළඳපොළ සඳහා වන අතර, එම කර්මාන්තයේ වර්ධනයට සහ සමෘද්ධියට කලාපයේ ස්ථාවරත්වය තීරණාත්මක වේ. මැද පෙරදිග ගැටුම් හෝ යුද්ධ ඇති වූ විට, එහි බලපෑම් ලොව පුරා පැතිර යන අතර එය ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයින්ට සහ අපනයනකරුවන්ට සෘජුවම බලපායි.

තේ සදහා මැද පෙරදිග වැදගත්කම

මැදපෙරදිග යනු ශ්‍රී ලංකාවේ තේ පරිභෝජනය කරන විශාලතම පාරිභෝගිකයෙකි. ඉරානය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය වැනි රටවල් ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන වෙළඳ සබඳතා පවත්වන අතර, සෑම වසරකම සැලකිය යුතු ප්‍රමාණයක් තේ ආනයනය කරයි. මෙම වෙළඳපොළවල් ස්ථාවර ඉල්ලුමක් ලබා දෙනවා පමණක් නොව, ගුණාත්මක සිලෝන් තේ සඳහා උසස් මිල ගණන් ද ලබා දෙන අතර, එය කර්මාන්තයේ තිරසාරභාවය මනාව පවත්වා ගැනීම සඳහා වැදගත් වේ.

යුද තත්වයන් නිසා ඇතිවන බාධා

මැදපෙරදිග යුද්ධය සහ අස්ථාවරත්වය වෙළඳ මාර්ග බිඳ වැටීමට, නැව්ගත කිරීමේ පිරිවැය වැඩි කිරීමට සහ අපනයනකරුවන් සඳහා අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට හේතු විය හැක. වරාය වසා දැමීම්, රක්ෂණ වාරික වැඩි වීම සහ සැපයුම් බාධක නැව්ගත කිරීම් ප්‍රමාද කළ හැකි අතර, මූල්‍ය පාඩු සහ ව්‍යාපාරික සබඳතා අඩාල වීමට හේතු වේ. ඊට අමතරව, සම්බාධක හෝ රාජ්‍ය තාන්ත්‍රික ආතතීන් හේතුවෙන් ඇතැම් රටවල් සමඟ වෙළඳාම සීමා කළ හැකි අතර, අපනයන පරිමාවන් තවදුරටත් අඩු කළ හැකිය.

ඉල්ලුම සහ මිලකරණය කෙරෙහි බලපෑම

ගැටුම් පවතින කාලවලදී, ආර්ථික අස්ථාවරත්වය සහ මුදල් අවප්‍රමාණය හේතුවෙන් බලපෑමට ලක් වූ මැද පෙරදිග රටවල පාරිභෝගික මිලදී ගැනීමේ බලය බොහෝ විට පහත වැටේ. මෙය තේ ආනයනය අඩුවීමට සහ මිල අඩුවීමට හේතු විය හැකි අතර එය ශ්‍රී ලංකාවේ තේ වගාකරුවන්ට සහ අපනයනකරුවන්ට සෘජුවම බලපායි. ඉල්ලුමේ උච්චාවචනයන් නිෂ්පාදකයින්ට සිය තේ නිශ්පාදන සැලසුම් කිරීම සහ කළමනාකරණය කිරීම අභියෝගාත්මක කළ හැකි අතර එය සැපයුම් දාමයේ සමස්ත කාර්යක්ෂමතාවයටද බලපායි.

ගෙවීම් සහ ගනුදෙනුවල අභියෝග

යුද සමයේදී මූල්‍ය සම්බාධක සහ බැංකු පද්ධතිවල සිදුවන අවහිරතා ශ්‍රී ලංකා අපනයනකරුවන් සහ මැද පෙරදිග ආනයනකරුවන් අතර ගනුදෙනු සංකීර්ණ කළ හැකිය. ගෙවීම් ලැබීමේ ප්‍රමාදයන් හෝ දුෂ්කරතා අපනයනකරුවන්ට, විශේෂයෙන් සීමිත මුදල් ප්‍රවාහයක් සහිත කුඩා ව්‍යාපාරවලට අමතර පීඩනයක් එල්ල කළ හැකිය. සමහර අවස්ථාවලදී, අපනයනකරුවන්ට විකල්ප වෙළඳපොලවල් සෙවීමට හෝ මුදල් ප්‍රවාහය පවත්වා ගැනීම සඳහා අඩු වාසිදායක ගෙවීම් නියමයන් පිළිගැනීමට බල කෙරෙනු ඇත.
අප කල යුත්තේ කුමක්ද ??
ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් මෙම අර්බුධය සදහා අනුවර්තනය වීම සහ සිදු විය හැකි හානිය අවම කිරීමේ උපාය මාර්ග සැලසුම් කල යුතුව ඇත.
මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා, ශ්‍රී ලංකා තේ කර්මාන්තය රුසියාව, චීනය සහ යුරෝපය වැනි නව වෙළඳපොලවල් වෙත විවිධාංගීකරණය කිරීම ගවේෂණය කරමින් සිටී. අගය එකතු කළ නිෂ්පාදනවල ආයෝජනය කිරීම සහ ගුණාත්මක ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම උච්චාවචනය වන ගෝලීය වෙළඳපොළක තරඟකාරිත්වය පවත්වා ගැනීමට ද උපකාරී වේ. එපමණක් නොව, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ වෙළඳ සාකච්ඡා වල නිරත වීම නව අවස්ථා විවෘත කළ හැකි අතර ඕනෑම තනි කලාපයක් මත යැපීම අඩු කළ හැකිය.
මැද පෙරදිග යුද වාතාවරණය දිගු කලක් පැවතියහොත් අපට නව තේ වෙලඳ පොලවල් වෙත එනම් වෙනත් තේ ගැණුම්කරුවන් වෙත ක්‍රමිකව සංක්‍රමණය වීමේ අවශ්‍යතාවය පැන නැගෙනු ඇත. ඒ සදහා ගුණාත්මක තේ නිශ්පාදනයක් සදහා ශ්‍රී ලාංකීය තේ කර්මාන්තය මෙහෙය වීමේ කාලීන අවශ්‍යතාවයක් පවතී. ඒ සදහා තේ කර්මාන්තයේ නියුතු සියලු පාර්ශවයන් සදහා වෙන් වෙන් වශයෙන් නියම වූ ක්‍රියාමාර්ග හදුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම තුලින් කෙටි කාලීන අර්බුධ මෙන්ම දිගු කාලීන වඩා ස්ථාවර ලාභදායී වෙලද පොලවල් තුලට ප්‍රවිශ්ඨ වීමේ හැකියාවද අපට ලැබෙනු ඇත.
වඩා උසස් ගුණාත්මයෙන් යුතු අමු තේ දලු පමණක් කර්මාන්තශාලා වෙත ලබා දීමට වගාකරුවන් පෙලඹවිය යුතු අතර ප්‍රවාහනයේදී මෙන්ම නිශ්පාදන ක්‍රියාවලිය තුලදීත් පසු අස්වනු හානිය අවම වන ලෙස පවත්වා ගැනීමට වග බලා ගත යුතුය. ජාත්‍යන්තර තේ ගැනුම්කරුවන් සදහා සෘජු තේ මිලදී ගැනීම දිරිමත් කල යුතු අතර නව ගැනුම් කරුවන් සදහා වෙලදපොල විවෘත කිරීම සහ ගෝලීය ප්‍රවණතා පිළිබඳව අවදියෙන් සිටීමෙන් සහ ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා වර්ධනය කිරීමෙන්, භූ දේශපාලනික අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ වුවද, තේ නිෂ්පාදනයේ ලෝක ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකාවට තම කීර්ති නාමය දිගටම පවත්වා ගත හැකිය.
සටහන;
දිමුතු හේවමානගේ
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- උපදෙස් සහ ව්‍යාප්ති
සී/ ස. ඒ බවර් සහ (පුද්ගලික) සමාගම

Address

A. Baur & Co. (Pvt. ) Ltd, Sales Office, No 45, Station Road
Kelaniya

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30

Telephone

0114732305

Alerts

Be the first to know and let us send you an email when Baurs Advisory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Baurs Advisory:

Share