19/02/2023
ඒකාදශ වර්ගය සෙවීම(එකොලොස් පොරොන්දම)
___________________________________________________
මෙය බලන්න පෙර
❄️නිවසේ වර්ගය
❄️ඉඩමේ සුබ අසුබ
❄️නිවාස නැකත
❄️එය උපන් නැකතට ගලපා තිබීම, ආදිය නිවැරදිව ගලපා තිබීම ඔබේ යහපතට හේතුවෙයි
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
පොරොන්දම් වර්ග එකොලහකි,
මෙයින් අය වැය සමග හයක් වත් සුබ ලෙස තිබීම සුබලෙස සමහරු දකිති නමුත් ඔබ එසේ නොවන්න,එකොලහම සුබලෙස ගැනීම බොහෝවිට අසීරු වුවත් අවම නවයක් ,හෝ දහයක්වත් සුබ ලෙස ගන්න කාරුනික වන්න
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
1-අය
2-වැය
3-යෝනි
4-නැකත
5-වාර(දිනය)
6-අන්සක
7-රාශිය
8-ථිතිය
9-වන්ශය
10-දේවතා
11-ආයුශ
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
අය පොරොන්දම
වර්ග පලය අටෙන් ගුනකරන්න, එන උත්තරය දොලහෙන් බෙදන්න ,ඉතිරිවන ශේශය හයට වඩිනම් සුබයි,හයට අඩුනම් අසුබයි
උදාහරනය
වර්ගපලය =229×8=1832÷12=152ඉතිරි 8
නිතරම අවශය වන්නේ ඉතිරි ශේශය බව මතක තබාගන්න,
වැය පොරොන්දම
වර්ගපලය නවයෙන් ගුනකර දහයෙන් බෙදන්න
ශේශය පහට අඩුනම් සුබයි,නොමතිනම් අසුබයි
යෝනි පොරොන්දම
වර්ග පලය තුනෙන් ගුනකර අටෙන් බෙදන්න
ශේශය
එක
තුන
පහ
හත නම් සුබයි
එක නම් දවජ
දෙක නම් කොටලු
තුන නම් සි0හ
හතර නම් සුනක
පහ නම් වුශබ
හය නම් ධූම
හත නම් ගජ
අට නම් කාක යෝනි වෙයි
මෙහිදී සින්හ ,දවජ, ගජ, වුශබ යෝනි සුබවෙයි,
නැකත් පොරොන්දම
වර්ග පලය අටෙන් ගුනකර විසිහතෙන් බෙදන්න
මෙතනදි පහත නකත් අනුපිලිවෙල අදාලවෙයි
1- පුශ
2-වීසා
3-සියාවස
4-මුවසිරස
5-හත
6-උත්‍රසල
7-බෙරන
8-මා
9-දෙට
10-උත්‍රපුටුප
11-පුනාවස
12-සා
13-දෙනට
14-රෙහෙන
15-උත්‍රපල්
16-පුවසල
17-අස්විද
18-අස්ලිස
19-අනුර
20-පුවපුටුප
21-අද
22-සිත
23-සුවන
24-කති
25-පුවපල්
26-මුල
27-රේවතී
ශේශය
2-5-7-9-11-14-16-18-20-23-25-27- වලට අයත් නකත් සුබවෙයි නමුත්
දෙනට,පුවපුටුප, උත්‍රපුටුප,සියාවස, සින්හ යෝනි සමග සතුරුය
අනුර,දෙට,මුල, පුවසල, ද්වජ යෝනි සමග සතුරුය
මා,පුවපල්, උත්‍රපල් හත ගජ යෝනි සමග සතුරුය,
කති,රෙහෙන, මුවසිරස, අද,වුශබ යෝනිය සමග සතුරු නිසා එකට නොයෙදේ,
දින පොරොන්දම
වර්ග පලය නවයෙන් ගුනකර හතෙන් බෙදන්න, ශේශය
එකනම් සදු
දෙකනම් බුද
තුනනම් සිකුරු
හතරනම් රවි
පහනම් කුජ
හයනම් ගුරු
බින්දුවනම් ශනි වෙයි,
සදු
බුද
සිකුරු
ගුරු සුබයි
එසේම
බුද සමග සින්හ
කුජ සමග ගජ
රවි සමග වුශබ
සනි සමග දවජ යෝනි සතුරුය,
අන්සක පොරොන්දම
වර්ග පලය හතරෙන් ගුනකර,නවයෙන් බෙදන්න,ශේශය
එකනම් අර්ත
දෙකනම් අර්තහීන
තුනනම් බල
හතරනම් දුර්බල
පහනම් බූත
හයනම් ධාන්‍ය
හතනම් තස්
අටනම් නෘපති
බින්දුවනම් ප්‍රේත වෙයි
මේ අනුව
අර්ත
බල
බූත
ධාන්‍ය සුබයි
රාශි පොරොන්දම
වර්ග පලය පහෙන් ගුනකර දොලහෙන් බෙදන්න
මෙහිදී ශේශය
දෙකනම් වුශබ
තුනනම් මිතුන
පහනම් සින්හ
නවයනම් ධනු
එකොලහනම් කුම්බ සුබපල දෙයි ඉතිරි රාශි අසුබයි එසේම
කුම්බ මීන ,,,,,,සින්හ
වුස්වික ධනු,,,,,,,,දවජ
සින්හ කන්‍යා,,,,,,,,,ගජ
වුශබ මිතුන ,,,,,,,,,,,,,ගව යෝනි සමග සතුරුය
ථිති පොරොන්දම
වර්ග පලය නවයෙන් ගුන කර තිහෙන් බෙදන්න,ශේශය
සින්හට,4-9-14-19-24-29-
දවජට -3-8-13-18-23-28
ගජට -2-7-12-17-22-27-
වුශබට,-1-6-11-16-21-26-ද සතුරුය
වංශ පොරොන්දම
වර්ග පලය තුනෙන් ගුන කර හතරෙන් බෙදන්න,ශේශය
එකනම් බ්‍රාහ්මන
දෙකනම් ක්ශත්‍රිය
තුනනම් වෛශය
හතරනම් ශුද්‍ර වෙයි
ශුද්‍ර පමනක් අසුබයි,
දේවතා පොරොන්දම
වර්ග පලය පහෙන් ගුනකර තුනෙන් බෙදන්න
ශේශය
එකනම් බ්‍රහ්ම
දෙකනම් විශ්නු
තුනනම් ශිව වෙයි
ශිව පමනක් අශුබයි
ආයුශ පොරොන්දම
වර්ග පලය විසිහතෙන් ගුනකර සියයෙන් බෙදන්න
ශේශය පනහට අඩුනම් අසුබයි
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
ඔබ යම් දිනෙක මෙම ශිල්පය ඉගෙන ගෙන කිසියම් නිවසක වාස්තු පරික්ශාවක් කරන්නේනම්
පලමුව ගෙහිමියාට හොදින් අහුම්කන් දිය යුතුයි
දෙවනුව ඉඩම හා අවට පරිසරය පරික්ශා කරන්න
තෙවනුව නිවසයි
නමුත් එක් දෝශයක් දුටු විගස එහි අඩු පාඩු කියන්න ගියොත් ඔබ සම්පූර්නයෙන් අසාර්තකය,,,,,,,,,,,,,(ඔබ එසේ කලොත් ,ගෙහිමියාට සහනයක් වෙනුවට ,ඔබ ඔහුට දෙන්නේ ප්‍රස්න පත්‍රයකි මෙය බොහෝ විට මුදල් මත පදනම්ව කටයුතු කරන සමහර අයගේ ලක්ශනයකි,දේහ ලක්ශන වලින්ද මෙය තරමක් හදුනා ගන්න පුලුවන්)
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐