26/03/2023
:: Valuable article for those who entered / planned to enter UK via study visa ::
Written by Asha Perera
UK එන්න ජොබ්ස් හොයා ගන්න අනිවාර්යයෙන්ම sponsorships දෙන companies වලට තමයි apply කරන්න ඕන, හැමෝම දන්නවා vacancies තිබුනට sponsorships නැත්නම් settle වෙන්න බලන් ජොබ්ස් හොයන අයට වත් මෙහෙට එන්න හිතන් ජොබ්ස් හොයන අයටවත් වැඩක් නැති බව. මේ පෝස්ට් එකෙන් ලියන්නේ අන්න එහෙම CoS දෙන සමාගම් කිහිපයක් ගැන වගෙම මේ දවස්වල එයාලගෙ vacancies ගැනත් ඒවට apply කරන්න පුළුවන් විදි ගැනත්.
UK ඇවිත් ඉන්න අයටත් එන්න ඉන්න අයටත් ජොබ්ස් හොයා ගන්න වගෙම future jobs වලට ඕන කරන qualifications හදා ගන්න විදිහත් ගැන පෝස්ට්ස් කිහිපයක්ම මම දාලා තියනවා. ඒ වගෙම sponsorships දෙන ආයතන සහ job search කරන්න හොදම websites, Linkedin, Indeed, Glassdoor, Reed, JobSearch.
CV හදාගන්න සහ ඇතුලත් විය යුතු, අනිවාර්යයෙන්ම cv එක short list වෙන්න මොනවද කරන්න ඕන නොකල යුතු දේවල් ගැනත් පෝස්ට්ස් දාලා ඇති.
පහල තියන Public Sector Companies වලට visa sponsorships දෙනවා වගෙම සැරෙන් සැරේට vacancies දානවා සහ ongoing vacancies ගැනත් ඒවාට රට ඇතුලෙ ඉන්න අයට, රටින් පිට ඉන්න qualified අයට apply කරන්නත් පුළුවන්. හැම දාමත් වගෙ කියන්න තියන්නෙ ඔයා UK ජොබ් එකක් කරන්න කැමති නම් ඔයාගේ qualifications හදා ගන්න Shortage Occupation List එක බලලා, Work Permit එකකට apply කරනවා නම් qualifications වගෙම experience වැදගත්.
1. හැමෝම දන්නේ NHS එකේ Doctors, Nurses, Healthcare Supporters, වගෙ ජොබ්ස් ඒත් මේ දවස් වල IT, Physiotherapists, Service Develop Managers, Java Developers, Head of Operations, Healthcare staff වලටත් CoS දෙනවා. Jobs 133,400 මේ වෙනකොටත් තියනවා. NHS Login එකක් හදාගන්න ඔන්ලයින්, ඊට පස්සෙ job search කරලා සුදුසුකම් අනුව apply කරන්න. සුදුසුකම් නැත්නම් අවශ්‍ය සුදුසුකම් ඒ job requirements හරහා තේරුම් අරගෙන ඒවා හදා ගන්න.
https://www.healthcareers.nhs.uk/we-are-nhs/we-are-nhs
මම කලින් කිව්වා වගෙ NHS එකේ වැඩ කරන්නෙ UK අයට පස්සේ වැඩිපුරම ඉන්නේ ආසියානු අය. එයිනුත් වැඩි පිරිසක් ඉන්දියාවෙ අය.
https://findajob.dwp.gov.uk/search
https://www.gov.uk/government/organisations/department-of-health-and-social-care/about/recruitment
https://ats-medway.jgp.co.uk/vacancies
2. හුගක් අය දන්නෙ නැති උනාට HMRC - HM Revenue and Customs visa sponsorships දෙනවා. මේ දවස්වල තියන vacancies අතර, Tax Inspectors, Policy Analysts, Lead Business Analysts, Senior IT Delivery Manager, Principal Data Management,
3 රට ඇතුලෙ ඉන්න අයට විශේෂයෙන්ම ලේසියෙන්ම ජොබ්ස් හොයා ගන්න හැකියාව තියන තැනක් තමයි Council, locals ලට වගෙම CoS දෙන්නත් මෙයාලා කටයුතු කරනවා demand එක සහ qualifications අනුව.
https://www.norfolk.gov.uk/jobs-training-and-volunteering/childrens-services-social-work-vacancies/routes-into-social-work/international-social-worker-supportive-programme?
මේ වගෙ ඒවා හුගක් Council වලින් හොයා ගන්න පුළුවන් සහ job sites හරහාත් පුළුවන්. මේ දවස්වල Social Workers, Healthcare Workers, Engineers, IT vacancies තියනවා හුගක් Councils වල.
4 Visa Sponsorship ගන්න පුළුවන් තවත් ආයතනයක් තමයි Royal Mail හුගක් අය දන්නෙ නැති උනත් විශේෂ අවස්ථාවන් වලදි CoS ලබා දීලා තියනවා වගෙම රට ඇතුලෙ ඉන්න අයට හොයා ගන්න පුළුවන් ජොබ්ස් හුගක් තියනවා. මේ දවස්වල තියන vacancies, Engineers, Operation Managers, IT Professionals, Marketing Professionals, Test lead, Solution Architects, Service Change Managers, Lead Software Engineers
5 National and Network Rail හුගක්ම sponsorships දෙන්නේ Europe ඉන්න Train Drivers මේ දවස්වල තියන Vacancies, Engineers, Project Leaders, Project Managers, Mobile Operations Managers, Mechanical Engineers, Civil Engineers
Europe ඉන්න, UK එන්න හිතන අපේ අයට Train Drivers හැටියට එන්න පුළුවන් experience තියනවා නම් ලේසියෙන්ම.
6 Ministry of Defense MOD වෙතින් CoS දෙනවා Scientist, Cyber Security, Engineers, Missile Defense, Unmanned Vehicle, Military Personal යන පෝස්ට්ස් වලට NHS සහ MOD දෙකෙන් එකක් හරහා අනිත් එකට යන්න ලැබුනු අවස්ථාත් තියනවා කියලා තමයි සදහන් වෙන්නේ. Scholarships, Internships වගෙ දේවලුත් තියනවා හොයලා බලලා apply කරන්න පුළුවන්.
7 Teachers ලට අමතරව CoS ගන්න පුළුවන් ජොබ්ස් තියනවා Department for Education DFE එකේ. රට ඇතුලෙන් තමයි විශේෂයෙන්ම හොයන්නේ පහත Vacancies වලට Business Analysts, Configuration Managers
https://www.civilservicejobs.service.gov.uk/csr/jobs.cgi
8 Universities වල vacancies නිතරම වගෙ මමත් share කරලා තියනවා. හුගක් Universities CoS දෙන නිසා හොයලා බලලා apply කරන්න පුළුවන්. Qualifications තියන අයට ලේසියෙන්ම ජොබ්ස් ගන්න පුළුවන්.
මේ හැම තැනකම් CoS අරන් වැඩ කරන අය ඉන්නවා. CoS අරන් වැඩ කරන ලංකාවේ අය NHS එකේ ඇරුනහම අනිත් තැන් වල නම් නැතිම තරම්, හේතුන් කියන්න දන්නේ නැහැ, සමහර විට නොදන්න කමද try කරන්න අමාරුයි කියලා හිතෙන නිසාද එහෙමත් නැත්නම් වෙන මොනවා හරි හේතූන්ද කියන්න දන්නෙ නැහැ.
හුගක් vacancies කොහෙන් හොයා ගත්තත් apply කරන්න හොදම විදිහ තමයි ඒ ඒ ආයතන වල careers page එක. හැම ආයතනයකටම Linkedin Professional Account එකක් තියනවා. ඒ accounts වලට ගිහින් vacancies search කරලා බලන්න, follow කරන්න, notifications on කරලා තියා ගන්න.
Jobs හොයා ගන්න එක CoS දෙන Sponsors හොයා ගන්න එක ලේසි වත් අමාරු වත් නැහැ ඕන කරන experience, qualifications තියනවා නම් CV එක හරියට හදාගන්න පුළුවන් නම්. පුළුවන් විදිහ සහ ඒ දෙන ආයතන ගැන තමයි ලියලා තියන්නේ, කර ගන්න බැරි නම් අමාරුයි නම් මට බැනලා වැඩක් නැහැ. අනිත් හුගක් ආසියාතික රටවල් වල අය වගෙම sponsorships අරන් එන්න ඕන රටවල අය මෙහෙට ඇවිත් sponsorships අරන් හෝ ඇවිත් sponsorships අරන් වැඩ කරනවා මේ රටේ හැම තැනකම වගෙ. ආයෙත් කියනවා ලේසි වත් අමාරු වත් නැහැ, උත්සාහය කැපවීම සුදුසුකම් අනුව අවස්ථාව.
Good luck
Asha Perera