11/11/2014
ඔබ උපන් ලග්නය අනුව හත්වැන්න අධිපතියා තීරණය කෙරේ. උපන් ලග්නය මේෂ නම් සිකුරුද, වෘෂභ නම් කුජද, මිථුන නම් ගුරුද, තුලා නම් කුජද, වෘශ්චික නම් සිකුරුද, ධනු නම් බුධ ද මකර නම් සඳුද, කුම්භ නම් රවිද, මීන නම් බුධද හත අධිපති ග්‍රහයා වන්නේය.
හත අධිපතියා පළමු වන භාවයේ නම් විවාහ සහකරු ඔබටම මුණගැසෙනු ඇත. ඔහු හෝ ඇය තමන්ගේ ඤාතිවරයකු වීමට ද ඉඩ තිබේ. විවාහයෙන් පසුව දෙදෙනා අතර මනා සුහද බවක් හා ගෞරවයක් ඇති වේ. නමුත් එම ග්‍රහයා කුජ වුවහොත් සහකරුගේ කේන්ද්‍රයේ මෙම දෝෂය භංග විය යුතුය. නැතහොත් සහකරුට මාරක අපල ඇති කරයි. හත අධිපතියා දෙවැන්නේ නම් සහකරු ධනවත් කෙනකු වනවා ඇත. ඔබේ තැන්පත් ධනය වර්ධනය වීමට සහකරු හේතුවනවා ඇත. සුබ ග්‍රහයකු නම් සැපවත් ගෘහ ජීවිතයක් උරුම වේ. හත අධිපති තුන්වැන්නේ නම් සහෝදරයකු වැනි ගතිගුණ ඇති විවාහ සහකරුවෙකු ලැබේ. ඔබේ නිවසට බොහෝ දුර නැති උතුරු හා නැගෙනහිර අතර පදිංචි කෙනෙක් වනවා ඇත.
හත අධිපති හතරේ නම් ඔබට යෝජිත විවාහ සහකරු හමු වනවා ඇත. දායාදය වශයෙන් ඉඩකඩම් හෝ නිවාස ලැබීමටද ඉඩ තිබේ. සහකරු ඔබේ නිවසේම පදිංචි වනවා ඇත. දෙදෙනා අතර අෙන්‍යාaන්‍ය සුහදතාව වර්ධනය වේ. පාපයෙක් නම් සිත් තැවුල් ඇතිවේ.
හත අධිපති පස්‌වැන්නේ නම් පෙම් සබඳතාවක් මත විවාහය සිදු විය හැකිය. උගත් කෙනකු වන අතර අධ්‍යාපන ආයතනයේදීම සහකරු සමග සබඳතා ගොඩනැඟêමට ඉඩ තිබේ. සුබ ග්‍රහයකු නම් යහපත් දරුවන් ලබා දෙනවා ඇත.
හයවැන්නේ පිහිටි හත අධිපති ග්‍රහයා විවාහය පිළිබඳව අශුභ ඵල ඇති කරවයි. ඔබේ මතයට විරුද්ධ මත දරන ඔබේ සතුරන් සමග හිතවත් බව දක්‌වන නිතර අමනාපකම් ඇති වන සහකරුවෙකු වීමට ඉඩ තිබේ. සහකරුගෙන් නිතර පීඩා ලබයි.
හත අධිපති හතේම නම් සුබපලදායක වේ. සමහරවිට ඔබට ඥාතිවරයකු වන කෙනකු බිරිඳ හෝ සැමියා ලෙස ලැබෙනු ඇත. හතේ පිහිටි ග්‍රහයා අනුව ලැබෙන බිරිඳ පිළිබඳව ඉහත දක්‌වන ලදී.
හත අධිපති අටේ නම් විවාහය සුබ නොවේ. සමහරවිට ඔබ දෙදෙනා අතර විශාල නොගැලපීම් ඇති විය හැකිය. විවාහය ප්‍රමාද වීම සහකරුට අකල් මරණ, ආදී අපල ඇතිවේ. එහෙත් හත අධිපති අටේ විවාහ දායාද පෙන්වයි.
හත අධිපති නවයේ නම් උසස් අධ්‍යාපනයක් ලැබූ චරිතවත් කෙනකු ඔබේ බිරිඳ හෝ සැමියා වනු ඇත. සමහරවිට උසස් අධ්‍යාපන ආයතනය හෝ විශ්වවිද්‍යාලය හෝ විහාරස්‌ථානය නැතහොත් ආගමික ස්‌ථානයකදී හමුවන කෙනකු සහකරු බවට පත්වෙනවා ඇත. විවාහය සුබපල දායක වේ.
හත අධිපති දහයේ නම් වැදගත් තනතුරු දරන, සමාජයේ කැපී පෙනෙන කෙනකු සහකරු වශයෙන් ලැබෙනවා ඇත. මෙම ග්‍රහයා රවි හෝ කුජ නම් නායකත්ව ගතිගුණ තිබේ. නිර්භීත චරිතයකි.
හත අධිපති එකොළහේ නම් ලැබෙන්නේ සහෝදරයෙකු නැතිනම් යහළුවෙකු වැනි විවාහ සහකරුවෙකි. යහපත් ආදායම් මාර්ග ලබයි. චරිත ලක්‍ෂණ ග්‍රහයා අනුව තීරණය කළ යුතුවේ. ස‚ භාර්යාව භගිනි භාර්යාව ආදීන් ඊට අයත්ය.
දොළහට ගිය හත අධිපති විවාහය ප්‍රමාද කරවයි. සමහරවිට එම ග්‍රහයාගේ දශාවේදී විවාහ සහකරු විදේශගත වනවා ඇත. මෙම විවාහය එතරම් සුබ නොවේ. පෙර පිනට ලැබිය යුතු දේවල් පවා අහිමි කරවයි.