Master Sale

Master Sale Sale

13/09/2024

ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26,

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

ඒ අකුරු 26 පහල තියෙන ඉලක්කම්වලට සමාන වෙනවා නම්,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26

එය මෙසේ ද ලිවිය හැකිය.

A =1, B =2, C =3, D =4, E =5, F =6, G =7, H =8, I =9, J =10, K =11, L =12, M =13, N =14, O =15, P =16, Q =17, R =18, S =19, T =20, U =21, V =22, W =23, X =24, Y =25, Z =26.

දැන් අප මෙසේ බලමු.

කැපවීම....?
HARDWORK
H+A+R+D+W+O+R+K
8+1+18+4+23+15+18+11
98%

දැනුම....?
KNOWLEDGE
K+N+O+W+L+E+D+G+E
11+14+15+23+12+5+4+7+5
96%

ආදරය.....?
LOVE
L+O+V+E
12+15+22+5
54%

වාසනාව......?
LUCK
L+U+C+K
12+21+3+11
47%

කිසිවක් 100% සම්පූර්ණ නොමැත.

එසේනම්,
100% සම්පූර්ණ වන්නේ කුමක්ද?

මුදල්.....?
MONEY
M+O+N+E+Y
13+15+14+5+25
72%

නායකත්වය....?
LEADERSHIP
L+E+A+D+E+R+S+H+I+P
12+5+1+4+5+18+19+8+9+16
97%

නැත මේ කිසිවක් නොවෙයි....

නමුත් සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ඇත.
අපිට වෙනස් කරගත හැකි නම්,

ආකල්ප...?
ATTITUDE...
A+T+T+I+T+U+D+E
1+20+20+9+20+21+4+5
100%

සහ

විනය...?
DISCIPLINE
D+I+S+C+I+P+L+I+N+E
4+9+19+3+9+16+12+9+14+5
100%

*ජීවිතය පිලිබඳව ඔබගේ පවතින ආකල්ප සහ විනය 100%ක් ම ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත...*

*ජීවිතයට ධනාත්මක සිතුවිල්ලක් ලබාගන්න...*

✍️උපුටා ගැනීමකි ....

අල්ලගෙන හිටපං.!මේ පොටෝ එකේ රවුම අස්සෙ ධනුශ්ට පිටිපස්සෙ ඉන්න සහය නළුවව ඒ කාලෙනම් කවුරුත් ම දන්නෙ නැතුව ඇති. ඌට හරිහමන් සැ...
13/09/2024

අල්ලගෙන හිටපං.!
මේ පොටෝ එකේ රවුම අස්සෙ ධනුශ්ට පිටිපස්සෙ ඉන්න සහය නළුවව ඒ කාලෙනම් කවුරුත් ම දන්නෙ නැතුව ඇති. ඌට හරිහමන් සැලකිල්ලක් වගෙම සල්ලියකුත් ලැබෙන්න නැතුව ඇති. ඒත් ඌ එකම එකක් කරා. ඌ වැඩේ අල්ලගෙන හිටිය. ඒකෙ අන්තිම ප්‍රතිඵලය උනේ පොර මාර පොරක් වගෙම ඉහලම ගෙවීමක් ලබන නළුවෙක් ලෙජන්ඩ් එකක් උන එක..! විජයසේදුපති. ඕනිම චරිතයක් කරන පට්ට ටැලන්ට් නළුවෙක්. ඒත් එතනට එන්න අවුරුදු 15ක් ඉවසගෙන අල්ලගෙන ඉන්න උනා. මතක තියාගනින්. මාර දේවල් පට්ට දේවල් හම්බෙන්න ටිකක් කල් යනව. ඒ හින්ද උඹ කරන වැඩේ දිගටම අල්ලගෙන ඒක කරපං. උඹට උඹේ ෆීල්ඩ් එකේ පොරක් වෙන්න උඹේ ඉලක්කෙට යන්න ඒ හොදටම ඇති. ඒ හින්ද අතාරින්නෙපා. අල්ලගෙන හිටපං.!

මොකද උඹ තමා හොදම
හිනාවෙලා හිටපං 🖤

Rest in peace Senaka Batagoda 🙏🏽
11/09/2024

Rest in peace Senaka Batagoda 🙏🏽

06/09/2024

මගේ පාසලේ පංතියේ මිතුරෙක්ගේ අත්දැකීමක් (Thejana Wickramasingha) අපේ whatsup group එකට දාපූ ලිපියක් ...මට හිතුන ඒක මගේ fb එකෙත් දාන්න ඒතරම් ඒකට හිත ගියා ...මම හිතන රටේ නායකය මෙහෙම වෙන්න ඕන නිසා ...

ඊයේ NPP එකේ Business Forum එකට ගියා...monarch එකේ තිබුණේ ..හොටෙල් එකේ ඉදලා 7 km විතර පාරේ ඒක පැත්තක වාහන ..වාහන කියන්නේ ලංකාවේ තායෙන සුපිරිම වාහන.මම හිතූවේ පාස්පෝට් පොලිම මෙතනට ගෙනැල්ලා වත්ද කියලා ..😊
මමත් ඉතින් 7km විතර ගිහින් මේකට යන්න , වාහනේ නවත්තුවාම මට ඉස්සරහින් JVP එකේ තද පොරක් ..(ඇත්තටම මම එයාගේ නම දන්නේ නෑ..jvp එකේ මුල් 15 ගත්තොත් ඒකේ ඉන්න පොරක් ) ඇවිල්ලා වාහනේ නවත්වලා මගෙන් අහනවා මහත්තයා පාරට වැඩි නෑ නේද කියලා ..මම නෑ ..අවුලක් නෑ කියන කොට මට හිතූනා..මේ වගේ පොරක්ටත් මේ පක්‍ෂය සලකන්නේ මෙහෙමද කියලා .VIP පාස් එකෙක්වත් දෙන්නේ නැද්ද අනේ මේ පක්ෂ ය කියලා....
කොහොම හරි හොටෙල් එකට යනකොට 6.55යි ඊට පස්සේ තමයි හොදම වැඩේ වාඩිවෙන්න පුටුවක් නෑ..ඔව් සිරාවටම ..එච්චර ලොකු හොල් එක පිරිලා..වේලාවට මගේ office එකේ දෙන්නෙක් කලින් ඇවිත් මට පිටුවක් තියාගෙන...ඒ අතරෙ අපේ @⁨~Theresh Colonne⁩ ගේ wife ඇවිත් අයියා මම කෝලොන්නෙගෙ wife කියලා කතා කරා...කොහොම හරි වඩි උනා විතරයි , Dushan Vas ඇවිල්ලා ආයුබෝවන් කියලා වැඩේ පටන් ගත්තා කියපන්කෝ .7.00 පටන් ගන්න තිබුණ එක හරියටම වෙලාවට පටන් ගත්තම මිනිස්සු අසරණ වෙනවනේ ...අඩුම ගනේ 7.30 වෙනකම් හරි බලන්න තිබුනා කියලා හිතෙන් හිතාගෙන වාඩිවෙලා ඉන්න කොට පොල්තෙල් පහනක් පත්තු කරන කෙස් එක..වැඩෙ කියන්නේ එක පත්තු කරන්න පක්ෂයේ පොරවල් නෙවෙයි ඔක්කොම ආචාර්යවරු මහාචාර්ය වරු..වගේ බුද්ධිමත් මිනිස්සු විතරයි ..කොහොම මේ පක්‍ෂය ඉදිරියට යනවද මන්දා මහින්දානන්ද රත්තරන්ලා වගේ මිනිස්සු නැතුව කියලා මට විතරද මන්දා හිතුනේ ...🤔🤔
කොහොම හරි ආචාර්ය මහාචාර්යවරු ඇවිල්ලා කතා කරා කොහොමද මේ ආර්ථිකය හදන්නේ ..මොනවද සැලසුම් කියලා.දුෂාන් තමයි ඒ අයට ආරාධනා කලේ මට මතකයි ඒයා කිව්වා අනුර සහෝදරයා ඉක්මනින් මෙතනට එනවා කියලා..මහාචාර්ය වරයෙක් එයගේ ප්‍රසන්ටේෂන් එක කරගෙන යනවා ..මෙන්න බොලේ ඩිජිටල් ස්ක්‍රීන් එකේ අනුර වාඩි වෙලා ඉන්නවා පෙන්වනවා ..කිසි ගැම්මක් නෑ අනුර එනකොට පොඩ්ඩක් එනවුස් කරලා අත්පුඩි ගහලා...සිංදුවක් දාලා ලයිට් ගහලා ගන්න එපැයි ...මේ කිසිම දෙයක් නෑ මේ යකා ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා ..කට්ටිය තමන්ගේ පාඩුවේ කතාව අහනවා ..කාට කියන්නද මේවා...
ඔය අතරේ මනෝ අමුණුගම කියන පොර කතා කරා ඕස්ට්‍රේලියාවේ ,නවසීලන්තය වගේ රටවල ලොකු investment එකක් කරපු පොරක් ,අපේ @⁨Asanga Warakagoda⁩ කිව්ව දෙයක් ඒ වෙලාවෙ මතක් උනා , පොර ඒ business එක පටන් අරන් අවුරුදු 21 යි ලු...ඔය අවුරුදු 21 ටම අනුරයා ඇරෙන්න ලංකාවේ political කරන පොරක් එයාව හම්බ වෙලා නෑ...අනුර ඇවිත් වරුවක් විතර එයාගෙ අදහස් ගත්ත කියලා ...කොහෙද අපේ උන ඕස්ට්‍රේලියාවේ ගියාම ජනේලයෙන් පනින්නනෙ හඳන්නේ....

ඔක්කොමත් හරි අනුරයා නගිනවා කතා කරන්න ..මෙන්න මේ යකා කියනවා ..අද මෙතනට ආවට ඔක්කොටම ස්තූතියි හැබයි මෙතනට ආව කියලා..කිසිම වරප්‍රසාද බලාපොරොත්තු වෙන්න ඒපා...අපේ ආණ්ඩුවක් යටතේ ඒ දෙවල් නෑ සමාවෙන්න කියලා ..යකෝ මුලින්ම එහෙම කියනවද..ඊටත් වඩා හොදම දේ ආණ්ඩුවක් විදියට අපි ඔයාලට උදව් කරන්නම් ලු හැබයි ඔයාලගෙන් වතුර වීදුරුවක් වත් එපාලු ...අනේ මන්දා මොනවා කියනවද කියලා..අනිත් කට්ටිය වගේ කියන්න ඒපැයි මෙතන ඉන්න අය මට විශේෂයි කියලා එහෙම උනානම් නේ ඉන්න අයටත් ආස හිතෙන්නේ ...

කතාව ඉවරයි ..වැඩෙ ඉවරයි ...ආපු අයට කන්න බොන්න නටන්න නෑ...කිව්වේ මොකක්ද කරන්නේ ..මොනවද වැඩ පිළිවෙළ ගැන විතරයි ..

උන් හරි වෙනස් පක්‍ෂයක්නේ ..මට තෙරුණ දෙයක් තමයි අනුර කියන්නේත් උන්ගේ එක මිනිහෙක් විතරක් නේද කියලා හිත හිත එලියට එනකොට ජොන් කීල්ස් එකේ අයිතිකාරයා ක්‍රිෂාන් බාලෙන්ද්‍රගේ ඇගේ හැප්පෙන්නේ නැතුව බෙරුනේ අනු නවයෙන්..😊😊

👉ලුණු වගේ වෙන්න. කියවලාම බලන්න 👇ඔබ දැකල තියෙනවද වෙලඳපොලේදී කවුරුන් හෝ කෙනෙක් ලුණු මිලදී ගන්න යද්දී ඒවායේ රස බලල මිලදී ගන...
24/08/2024

👉ලුණු වගේ වෙන්න. කියවලාම බලන්න 👇

ඔබ දැකල තියෙනවද වෙලඳපොලේදී කවුරුන් හෝ කෙනෙක් ලුණු මිලදී ගන්න යද්දී ඒවායේ රස බලල මිලදී ගන්නව ?

නෑ නේද ?

කෑමකට මිරිස් දැම්මොත් පාට පේනව,
කහ දැම්මොත් පාට පේනව සුවඳ දැනෙනව,
රම්පේ, කරපිංචා, එනසාල්, මොනව උනත් පේනව වගේම සුවඳ දැනෙනව.

ඒත් ලුණු දැම්මට පස්සෙ පාට වත් සුවඳවත් දැනෙන්නෙ නෑ..

ඒත් ලුණු නැතිව කන්න පුළුවන්ද ?

අද වෙද්දී ලුණු ගැන වෙළඳ දැන්වීම් අවශ්‍ය වෙන්නෙ නෑ...

ලුණු තමන්ගේ තැන හදාගෙන ඉවරයි.

ලුණු වලට තරඟයක් නෑ,

ඒ වගේම ඔබත් ලුණු වගේ වෙන්න,

අමුතුවෙන් ගුණ වයන්න අවශ්‍ය වෙන්නේ නෑ..
වර්ණනා අවශ්‍ය වෙන්නේ නෑ..
තරඟයක් අවශ්‍ය වෙන්නේ නෑ...

තමගේ ප්‍රතිරූපය ගොඩනගාගන්න,

සමාජයේ ඕනම කෙනෙක් ඔයාගෙ නම ඇහුවම " ආ එයාද, එහෙනම් අහන්න දෙයක් නෑ, වැඩේ සුපිරි " කියන තරමට,

ඔයාගේ ආයතනයේ නම කිවු සැනින්,
"ආ ඒ ආයතනයද , එහෙනම් සුපිරි , අහන්න දෙයක් නෑ "

කියන ගානට..

වැඩක් නොකර මවා පාන්න, ලෝකෙට කෑගහල කියන්න අවශ්‍ය වෙන්නෙ නෑ කරන දේ හරියට උපරිමයෙන්ම කලා නම්.

ඔබට ජය ✌

Copied

අමතක කිරිම..!(කියවලාම බලන්න👇)එක්තරා රටක රජෙකුට වල් බල්ලන් දස දෙනෙක් සිටියා.වැරදි කළ ඕනෑම සේවකයෙකුට රජතුමා දීපු දඬුවම උනේ...
13/08/2024

අමතක කිරිම..!(කියවලාම බලන්න👇)

එක්තරා රටක රජෙකුට වල් බල්ලන් දස දෙනෙක් සිටියා.වැරදි කළ ඕනෑම සේවකයෙකුට රජතුමා දීපු දඬුවම උනේ වල් බල්ලන්ට කෑමට දැමීම.

දවසක් එක සේවකයෙක්ට,ඔහුට පැවරිලා තිබුණු වැඩ අතපසු වෙලා තිබුණා.රජතුමා මේ ගැන ඉතාම තදින් කිපිලා ඒ සේවකයා බල්ලන්ට කන්න දාන්න කියල අණ කලා.

ඒ වෙලාවෙ බියටත් තැතිගැන්මටත් පත්වෙච්ච සේවකයා මෙහෙම කිවුවා,

“වසර දහයක් දිවා රෑ නොබලා ඔබ වෙනුවෙන් ඔබේ යහපත වෙනුවෙන් තුන් හිතෙන්ම අවංකව කටයුතු කල මට, මගේ කුඩා අතපසු වීමක් නිසා මෙහෙම කරනවාද?

එසේනම්,
මා සේවය කල වසර දහය වෙනුවෙන් මා හට සහනයක් ලබා දෙන්න

මාව ඒ බල්ලන්ට විසි කරන්න කලින් මට දවස් දහයක් ජීවිත දානය දෙන්න එතෙක් මාහට සුපුරුදු විදිහට වැඩ කරන්න දෙන්න ඉන් පසු ඔබතුමාගෙ දඬුවම ක්‍රියාත්මක කරන්න.”

සේවයකයාගේ ඉල්ලීමට රජු එකඟ උණා හැබයි ඔහුගෙ කෝපයේ අඩුවක් වෙලා තිබුණේ නැහැ.

ඊට පස්සෙ ඒ සේවකයා බල්ලන් බලා ගන්නා මුරකරු වෙත ගිහින් ඉදිරි දින දහය සඳහා තමන් ඔහු සමග රාජකීය බල්ලන්ගේ සේවය කිරීමට කැමති බව කිවුවා.

මුරකරු තරමක් අකමැත්තෙන් නමුත් තමන්ට ඉන් ලැබෙන වාසිය නිසා එකඟ උණා.

සේවකයා බල්ලන්ට කෑම දීම, ඔවුන්ගේ කූඩු පිරිසිදු කිරීම, ඔවුන් ස්නානය කරවීම සහ ඔවුන්ට සියලු ආකාරයේ සුවපහසුව ලබා දීමට සහ ආදරයෙන් සැලකීමට පටන් ගත්තා

දින දහය අවසන් වුනාට පස්සෙ, රජතුමා සුපුරුදු ලෙස දඬුවම සඳහා සේවකයා බල්ලන්ට දමන ලෙස නියෝග ලබාදුන්නා

දඬුවම වෙනුවෙන් ඒ සේවකයාව රුදුරු බල්ලන් විවේක ගනිමින් සිට්න විශාල බලු කූඩුව ඇතුළට විසි කල වහාම බල්ලන් සේවකයාට නගුට වැනීමත් දෙපා ලෙවකන්නත් පටන් ගත්තා. මේ සිදුවීම දැක්ක සියල්ලෝම මවිතයට පත් වුණා.

තමා දුටු දෙයින් වික්ෂිප්ත වූ රජු මෙහෙම ඇහුවා

"මගේ බල්ලන්ට මොකද වෙලා තියෙන්නේ?"

සේවකයා මේ විදිහට පිළිතුරු දුන්නා,

"මම දින දහයක් පමණ බල්ලන්ට සේවය කළා. ඉතාම කෙටි කාලයක් ඔවුන් සමග කටයුතු කලත් ඔවුන් මගේ සේවය අමතක කළේ නැහැ. නමුත් මම ඔබට වසර දහයක් පුරා සේවය කළත් මගේ පළමු වැරැද්දෙන් ඔබට සියල්ලම අමතකවෙලා ගියා!"

රජු තමන්ගේ වරද තේරුම් ගෙන සේවකයා නිදහස් කරන ලෙස නියෝග කළා

ඔබ අකමැති දෙයක් නිසා ඔහු/ඇය කල යහපතෙන් පිරුණු ඉතිහාසය අමතක කරන්න එපා..!

උපුටා ගැනිමකී

මම දන්න බල්ලෙක් ඉන්නවා ඒ බල්ලාට වටේපිටේ ඉන්න හැමෝම කන්න බොන්න දෙනවා නාවනවා අඩුම තරමේ ගහන්නේවත් නෑ.. හරිම හුරතල් මේ බල්...
07/08/2024

මම දන්න බල්ලෙක් ඉන්නවා ඒ බල්ලාට වටේපිටේ ඉන්න හැමෝම කන්න බොන්න දෙනවා නාවනවා අඩුම තරමේ ගහන්නේවත් නෑ.. හරිම හුරතල් මේ බල්ලා ඕනෑ කෙනෙකුට හීලෑයි එකපාරක් ඔලුව අතගෑවොත් හොදට මතකයි..

හැබැයි මේ බල්ලාට අයිතිකාරයෙක් නැ.. මම හිතුවේ මේ බල්ලා පාරේ ඉන්න කෙනෙක් කියලා හැබැයි ඒක එහෙම නෙවෙයි එයා හදාගෙන තියෙන්නේ ඒ ලගපාත කුලියට හිටපු පිරිසක් මේ අය ඒ කුලි ගෙදරින් යනකොට බල්ලා දාලා ගිහිල්ලා.. එදා ඉදන් අවුරුදු ගානක්ම මේ බල්ලා ඉන්නේ පාරේ හැබැයි කෑම බීම නාවන එක එහෙම අඩුවක් නෑ..

මම මේ බල්ලව දවස් කීපයක්ම නිරික්ෂණය කරාම දැක්කා ඒ බල්ලා ඉන්න ලග කඩයක් තියෙනවා ඒකට එන ත්‍රීවිල් ලගට ගිහිල්ලා මේ බල්ලා විපරම් කරලා බලනවා. හොදට ඉව කරනවා හරියට කවුරු හරි හොයනවා වගේ.. මම ඒ ලගපාත බල්ලාට කන්න දෙන කෙනෙක්ගෙන් ඇහුවා මේ මෙයා මෙහම බලන්නේ කියලා.. එතකොට ඒ කෙනා කිව්වා, ඔය බල්ලා හදපු ගෙදර අයට ත්‍රීවිල් එකක් තිබ්බා ඒ මිනිස්සු ගියපු දවසේ ඉදලා මේ හරියට අලුත් ත්‍රීවිල් එකක් ආවොත් බල්ලා ඔයේ විදියටම අර තමන්ගේ හාම්පුතා හොයනවා කියලා.

ඒ සතාට කොච්චර දේවල් ලැබුණත් සතා හොයන්නේ තමන්ගේ මුල් අයිතිකාරයාව. මම හිතන්නේ ඒ බල්ලා අදටත් අයිතිකාරයෝ නැති දුකින් ඉන්නේ. කවදාහරි දවසක බල්ලා මැරෙන්නෙත් අයිතිකාරයෝ නැති දුකින්..

කවදාවත් සතෙක් එහෙම අතෑරලා දාන්න එපා.. 😟

උපුටා ගැනීමකි...

Address

Kurunegala Colony

Website

Alerts

Be the first to know and let us send you an email when Master Sale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share