30/03/2024
මේ දවස් වල හුගක් අය ඉගෙන ගන්න හරි , Job එකක් හොයාගෙන හරි රට යන්න බලනවා. ඒ නිසා ඉස්සරට වඩා රට යවන ආයතනත් වැහි වැහැලා. ඒ වගේම තමයි බොර දියේ මාලු බාන ආයතනත් බොහොම වැඩියි. අන්තිම සතේට එකතු කරලා රට යන්න හීන මවාගෙන ඉදලා අන්තිමට සල්ලිත් නැතුව රට යන්නත් නැතුව අනාත උන අයත් බොහොමයි.
මේක කවදාවත් මම කරන්න හිතන් හිටපු podcast එකක් නෙමේ. ඒත් මේ දවස් වල තියන Scams වලින් බේරෙන්න, මම දන්න කියන දේවල් ටික බෙදා ගන්න හිතුවා.මේ වීඩියෝ එක රට යන්න බලන් ඉන්න හැමෝටම වැදගත් වෙයි රැවටෙන් නැතුව ඒ වැඩ ටික කර ගන්න. ලින්ක් එක පහලින්.
ඒ වගේම මීට වඩා තව විස්තර දන්න අය ඉන්නවා නම් comment section එකේ ඒවා අනිත් අය එක්ක බෙදා ගන්න කියලත් ඉල්ලනවා. 😊✌️
This discusses a variety of popular and recent scams in which individuals have fallen victim.