Wayamba Business Hub

Wayamba Business  Hub Serch Buy Sale

01/12/2025
16/11/2025

කෑගල්ල පරගමිමන ග්‍රාමයේ පදිංචි ලිලී වයලට්.(86)
(පාර කියන අත්තම්මා)

කෑගල්ල හෙටිටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලය ඉදිරිපිට නොනවත්වා වසර 45 ක් රථවාහන හසුරුවන මේ අත්තම්මා කවුරුත් හදුන්වනු ලබන්නේ "ට්‍රැෆික් ආච්චි" යන අන්වර්ථ නාමයෙනි.

ඇය මේ කරන සමාජ මෙහෙවර පටන් ගෙන ඇත්තේ මීට වසර 45 පෙර තම දියණිය පාසල වෙත ඇරලවීමෙන් පසු ඇතිවු සිතිවිල්ලක ප්‍රතිපලයක් වශයෙනි.
ඇය මේ පාසලේ දරුවන් ආරක්ෂිතව පාර මාරුකිරීමේ සමාජයමය කටයුත්ත සදහා පාසල් දිනවල උදෑසන හයට නිවසින් පිටත්වේ.

ඇය අද වන විට පුරා වසර 45 ක කාලසීමාවක් ස්වේච්ඡාවෙන්ම මේ සද් කාර්යයේ යෙදෙමින් ඇත.මේ වසර ගණනාව ඇතුළත හත් අට වතාවටකට වඩා තම සහභාගිවීමට නොහැකි වු බව පවසා තිබුණා. ඇත්තටම මොන තරම් කැපවීමක් ද.

ලිලි අත්තම්මා අප සමාජයේ දක්නට ලැබෙන ඉතාමත්ම ආදර්ශවත් චරිතයක්,විශිෂ්ට කාන්තාවක්.
වසර 45 ක් පුරා ඇය සමාජයට දුන් ආදර්ශය පාසල් පෙළපොතට පවා පසුකාලීනව ගෙනැවිත් ඇත.

පුරා අඩසියවසකට පමණ කාලයක් සමාජයට දුන් ආදර්ශය,
මේ ආදර්ශමත් චරිතය "පාර කියන අත්තම්මා"ලෙසින්
5 ශ්‍රේණිය සිංහල කියවීම් පෙළපොතේ පිටුවක සඳහන්ව ඇත.

ඉන් අවධාරණය වන්නේ ලිලි අත්තම්මා වැනි චරිත කොතෙක් අප රටට වැදගත් ද යන්නයි. එම ඇතුළත් කිරීම සදහා දායකත්වය ලබා දුන් අයවලුන්ද මේ අවදියේදීම පැසසිය යුතුය. එය ප්‍රශස්ත ක්‍රියාවකි.

ඇයගේ ම කතාවක්
"මට දැන් පාසල්වල අඩගහනවා. මේ පාඩම ගෑන කියා දෙන්න කියල .මට හරි ආඩම්බරයක් අද රුවන්වැල්ල ස්කෝල දෙකකට ගියා.ඒ ළමයින්ට මාව බලන්න ඕනෑලු. ඉතින් යනව හැම ස්කෝලෙකටම දැන්. කැමැත්තෙන් යන්නේ."

ඒ ඇගේ ස්වේච්ඡාවෙන්ම කරන රාජකාරියට අමතරව ය.

ලිලී වයලට් නම් වූ මැය 2017 දී ගෞරව සම්මානයට පාත්‍ර වන්නේ, වසර 40ක් මුළුල්ලේ සිදුකළ සමාජ මෙහෙවර වෙනුවෙනුයි.(Unsung Hero)
ඒ අතරම ඇය නොයෙක් වර සමිමාන වලින් පිදුම් ලබා ඇත.

" මිනිසාට සේවය කිරීම මිනිසාගේ යුතුකම "බවට තවදුරටත් සමාජයට පසක් කරමින් සිය ජීවිතාදර්ශයෙන් ම ප්‍රකට කළ මේ ජේෂ්ඨ පුරවැසි උදාර මාතාවගේ සේවය හෙට දවසේ සමාජයට පිවිසෙන අනාගත බාර ගැනීමට ඉන්නා පරපුරට ද මග එළි දල්වන්නකි.

චිරං ජයතු අත්තම්මේ. ..!

-වසන්ත උදය කුමාර විසිනි

Address

Wellawa
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Wayamba Business Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wayamba Business Hub:

Share