25/09/2026
සල්ලි විතරක් තිබිලා Grow Bag Business එකක් පටන් ගන්න පුළුවන්ද? | ඇත්තම කතාව
බින්දුවෙන් පටන් ගත්ත මම කෙටි කාලයකින් අද ඉන්න තැනට ආවේ සල්ලි තිබුණ නිසාම නෙමෙයි. 💰
දැනුම, මහන්සිය, නිවැරදි තීරණ, quality එක, market එක සහ buyer කෙනෙක් හොයාගැනීම වගේ දේවල් business එකක් ගොඩනගන්න කොච්චර වැදගත්ද කියලා මේ video එකෙන් මගේ අත්දැකීම් එක්ක කතා කරනවා.
ඔයාත් Grow Bag Business, Coco Peat Business හෝ Coir Business එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම්, මේ video එක ඔයාට වැදගත් වෙයි.
මේ video එකෙන් අපි කතා කරන්නේ:
✅ Grow Bag Business එකක් පටන් ගන්න ඇත්තටම කොච්චර capital එකක් අවශ්යද?
✅ සල්ලි තිබුණාට විතරක් business එකක් සාර්ථක වෙන්නේ නැත්තේ ඇයි?
✅ Machine එකක් ගන්න කලින් Market එක හොයන්න ඕන ඇයි?
✅ Buyer requirements දැනගැනීමේ වැදගත්කම
✅ Coco Peat සහ Husk Chip quality එකේ වැදගත්කම
✅ EC, Moisture සහ Quality Control
✅ Skilled team එකක් සහ production system එකක් අවශ්ය ඇයි?
✅ Export Grow Bag Business එකේදී Buyer trust එක වැදගත් ඇයි?
✅ Small scale එකෙන් පටන් අරගෙන business එක grow කරගන්න පුළුවන් විදිහ
✅ Capital එක manage කරන ආකාරය
“සල්ලි business එක පටන් ගන්න උදව් කරනවා.
හැබැයි දැනුම තමයි business එක බේරගන්නේ.” ❤️