17/09/2025
සුදාරට ජීවිතේ හැමදේම දුන්නෙ එයාගෙ තාත්තා. සුදාරට හිටියෙ තාත්තයි එයාගෙ නංගියි විතරයි. නංගි කියන්නේ එයාගෙම නිවුන් සහෝදරී. සුදාරයි නංගියි ඉපදෙද්දි සුදාරගෙ අම්මා මේ ලෝකෙ දාලා ගියේ සුදාරගෙ තාත්තට ලොකුම ලොකු වගකීමක් ඉතුරු කරලා. ගොවිතැන විතරක් එදිනෙදා ආදායම් මාර්ගය වෙද්දි, සුදාරගෙ තාත්තා ලොකු මහන්සියක් ගත්තා මේ පැංචො දෙන්නව ජීවත් කරවන්න. කොල්ලෙක් කෙසේ වෙතත් ගෙදරක කෙල්ලෙක් ඉන්නවා කියන්නෙ තාත්ත කෙනෙක්ට එසේ මෙසේ වගකීමක් නෙමෙයි. කාලය ගෙවුණා. සුදාරයි නංගියි ටිකෙන් ටික ලොකු වෙන්න ගත්තා. මේ දෙන්නටම ජීවිතේ ගැන එච්චර ලොකු බරක් නොදැනුණේ සුදාරගෙ තාත්තා පොඩිවත් අඩුවක් නොදැනෙන්න නොදුන්න හින්දා. ඇත්තම කිව්වොත් අම්මා කෙනෙක්ගෙ අඩුවක් කවදාවත් මේ දෙන්නට දැනෙන්න සුදාරගෙ තාත්තා ඉඩ දුන්නෙ නෑ. තාත්තගෙ තරුණ වයස ටිකෙන් ටික මේ දෙන්නා වෙනුවෙන් ගෙවිලා ගියත්, තවත් කසාදයක් කරගන්න තරම් සුදාරගෙ තාත්තට ආශාවක් තිබුණෙ නෑ.
"මම මගේ කෙල්ලවයි කොල්ලවයි කොහොම හරි හොඳට උස් මහත් කරනවා!"
ඉතිරි ජීවිත කාලයටම සුදාරගෙ තාත්තගෙ එකම අරමුණ වුණේ ඒක. ගොවිතැනක් බලාගන්නවා කියන්නෙත් ඉතින් එසේ මෙසේ ලෙහෙසි පහසු කාර්‍යයක් නෙමෙයිනේ. සමහරක්දාට සුදාරගෙ තාත්තා පැලට යනවා. නංගිව බලාගන්නෙ සුදාර තමයි එතකොට. සුදාරලාගෙ පවුලට ප්‍රශ්න එන්න ගත්තෙ මේ දෙන්නා උසස් පෙළ කරන්න පටන් ගත්තට පස්සෙ. වයසත් එක්ක තාත්තට ලෙඩ එන්න පටන් ගත්තා. හේනෙ ගොවිතැන වගේම, කුඹුරු වැඩත් යස අගේට කරගෙන හිටපු තාත්තට මී උණ හැදුණා. වයසයි, අසනීපයි දෙකම නිසා තාත්තා ගොවිතැන කරගෙන ගියේ හරිම අමාරුවෙන්. කුඹුර නම් අඳේට දුන්නා. ඒත් හිතකින් නෙමෙයි. කෙල්ලවයි කොල්ලවයි ගොඩදාන අරමුණ විතරමයි තාත්තට තිබුණේ. දෙන්නම හරිම දක්ෂයි. දරුවො දෙන්නම තාත්ත වගේම හරිම ගුණ යහපත්. සුදාර වාණිජ අංශයෙන් උසස් පෙළ කළා. නංගි විද්‍යා අශයෙන් උසස් පෙළ කළා. දෙන්නම සරසවි වරම් ලබා ගත්තත්, ඒ වෙද්දි තාත්තගෙ සෞඛ්‍ය තත්ත්වය තවත් අයහපත් වෙමිනුයි තිබ්බෙ. සුදාර දැඩි තීරණයක් ගත්තා. සුදාර රස්සාවක් හොයාගන්නත්, නංගිට වැඩි දුර අධ්‍යාපනයට ඉඩ දෙන්නත් සුදාර තීරණය කරලා තිබුණා.හැබැයි තාත්ත නම් නෙමෙයි මේකට කැමැති වුණේ.
"උඹ කැම්පස් පලයං. මං කොහොම හරි උඹලව ලොකු මිනිස්සු කරනවා පුතේ!"
සුදාරට හිතුමනාපෙට තීරණ ගන්න තාත්තා ඉඩ දුන්නෙ නෑ. අන්තිමට දෙන්නම කැම්පස් ගියා.සුදාරගෙ තාත්තා දුර දිග හිතලා තීරණ ගන්න බුද්ධිමත් මනුස්සයෙක් නිසා දරුවෙඔ දෙන්න වෙනුවෙන් ඒ කාලෙ ඉඳම ඉතුරු කළා. සුදාර ටියුෂන් පටන් ගත්තා. සුදාරගෙ වියදමත්, නංගිගේ වියදමත් සුදාරට දරාගන්න පුළුවන් මට්ටමකට ආවා. නංගි වෛද්‍යවරියක් වුණා. සුදාර ගිණුම්කරණ අංශයෙන් ප්‍රථම සාමාර්ථයක් සහිතව සමත් වුණා. මේ අතරෙ තමයි සුදාරට පිරරට රැකියාවකට ඇරයුම් ලැබෙන්නේ. සුදාර තාත්තගෙනුයි නංගිගෙනුයි ඈත් වෙලා පිටරට යන්න අකැමැති වුණත්, තාත්තගෙ පෙරැත්තයට හැමදෙයක්ම ලෑස්ති වුණා. තාත්තා ඉතුරු කරපු හැමදේම සුදාරගෙ රට යන වැඩේට වියදම් කරන්න තාත්තා ලෑස්ති වුණා. සුදාර යන්නෙ අවුරුදු තුනකට. තාත්තගෙ අමාරුම වෙලාවෙ තාත්තව මෙහෙම තනි කරලා දාලා යන්න වෙන එක ගන සුදාර හිටියෙ හරිම දුකින්. ඒත් මේ යන්නෙ තමන්ගෙ මුළු පවුලම ගොඩදාන්න නේද කියලා සුදාර නිතරම මතක් කළා.
"මං දෙවියො කියලා දැක්කේ මගෙ තාත්තව. මට හැමදේම දුන්නෙ තාත්තා. මගෙ අම්මත් තාත්තත් දෙන්නම වුණේ තාත්තා. අත් වල කරගැට එනකම් හේනෙ,කුඹුරෙ වැඩ කරලා තාත්තා එයාගෙ අරමුණේ හිනිපෙත්තටම ඇවිල්ලයි තියෙන්නෙ.ඉතුරු ටික මං බලාගන්නම් මගෙ තාත්තේ. මගෙ තාත්තා බුදු වෙන්න ඕනෙ!"
එහෙම කියන ගමන් සුදාර පුංචි පාර්සල් එකක් තාත්තගෙ අතින් තිබ්බා. ඒ පාර්සල් එක හරි ලස්සනට පාර්සල් කරලා තිබ්බා. ඒ තමයි සුදාර එයාගෙ තාත්තට දීපු මුල්ම තෑග්ග.
කතාව වෙනස් වුණත් අපි හැමෝමෙම ජීවිත වල මේ වගේ නිහඬ කැප කිරීම් කරන වීරයෙක් ඉන්නවා. ඉතින් සුදාර තාත්තට මොන වගේ තෑග්ගක් දෙන්න ඇතිද? පහළින් Comment එකක් දාන්න. Post එක Share කරන්න. ඊට පස්සෙ එන්න අපේ WhatsApp එක පැත්තට. අපි බලමු සුදාර තාත්තට මොනවද දුන්නෙ? ඇයි දුන්නෙ කියලා. ඒ වගේම නිවැරදි පිළිතුර දෙන ඔයාලා අතරින් කෙනෙක්ට ලස්සනම ලස්සන තෑග්ගක් දෙන්නත් අපි ලෑස්තියි!