Copier Solutions

Copier Solutions PHOTOCOPY MACHINES FOR RENT @ Lowest Price in Sri Lanka

28/11/2024

👉 බොහෝ පැරණි සිංහල චිත්‍රපටවල හිත හොඳ වීරයා අනිවාර්යෙන්ම දුප්පතෙකු වූ අතර, දුෂ්ටයා ගජ පොහොසතෙකි.

👉 අප කුඩා කාලයේ කියවූ බොහෝ ළමා කතාවල ඉගෙනීමට දක්ෂ ගුණ යහපත් දරුවා බොහෝ විට දුප්පතෙකු වූ අතර, පොහොසත් දරුවා තකතීරු දඩබ්බරයෙකි.

👉 මේ විකාර සහගත දැක්ම සහිත කෙටිකතා වර්තමාන උසස් පෙළ සිංහල විෂය නිර්දේශයට පවා ඇතුළත් කර තිබේ.

👉 බොරු රසකතා සහිතව තමන්ගේ අතීත දුප්පත්කම උත්කර්ෂයට නැංවීම ලංකාවේ සාර්ථකත්වයට පත් බොහෝ දෙනාගේ අනිවාර්ය විලාසිතාවකි.

👉 ලංකාවේ පාදඩ දේශපාලනඥයන් සියල්ලන්ම පාහේ තම බලය ගොඩනඟා ගනුයේ දුප්පතාගේ හිතවතා භූමිකාව රඟ දැක්වීම තුළිනි.

👉 අද බොහෝ බොල් සහ දූෂිත චරිත සමාජය ඉදිරියේ මහා මානව හිතවාදීන් බවට පත්වන්නේ දුප්පතුන්ට සත්කාර කොට ඒවා සමාජ මාධ්‍ය තුළ ප්‍රදර්ශනය කිරීම මගිනි.

👉 දුප්පතුන්ට සත්කාර කිරීම මගින් ලංකාවේ ඕනෑම පාදඩයෙකුට එක රැයින් වීරයෙක් වීම ඉතා පහසු දෙයකි.

👉 ලංකාවට බොහෝවිට වැදගත් වන්නේ දුප්පත්කම තුරන් කිරීමට අදාළ ආර්ථික දැක්මක් සහිත දේශපාලනඥයන්ට වඩා දුප්පතුන් ඉදිරියේ බත් මුට්ටි කර තබාගෙන දුවන තෙවරප්පෙරුමලා වැනි දේශපාලනඥයන්ය.

👉 ලංකාවේ සිදුවන ඕනෑම සංවර්ධන කටයුත්තකදී ඊට බාධා පමුණුවන්නන් එය සිදුකරනුයේ දුප්පත්කමේ අඳෝනාව පෙරට ගනිමිනි.

👉 රටක මහා සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට පෙර දුප්පතුන්ගේ බඩගිනි නිවා දුප්පතුන්ට රෝහල්, පාසල්, නිවාස සාදා දිය යුතු යැයි ලංකාවේ බොහෝ දෙනා විශ්වාස කරති.

👉 ලංකාවට එදා සිටම වැදගත් වූයේ රටේ ආර්ථිකය ගොඩනගා දුප්පත්කම අඩු කරන දේශපාලනයක් වෙනුවට දුප්පතුන්ට තාවකාලික සහන දී ඔවුන් සදාකාලිකව දුප්පත්කමේ ගිල්වා තබන දේශපාලනයකි.

👉 නිදහසින් පසු ලංකාවේ ඇතැම් මහා බල පෙරළිවලට ප්‍රධාන පදනම සපයන ලද්දේ දියුණු ආර්ථික ප්‍රතිපත්ති නොව හඳේ හාල්, ඇට අට, ජන සවිය, තුනයි පනහේ පාන් වැනි දුප්පතුන්ට සීනි බෝල සපයන ඡන්ද පොරොන්දු විසිනි.

👉 බුදු දහමට අදාළ ආගමික සංස්කෘතික කටයුතු සඳහා ව්‍යාජ නිරාගමිකයන් විරෝධය පළ කරනුයේ, සහ කාටූන් අඳිනුයේද දුප්පත්කමේ අඳෝනාව ඉස්සර කර ගනිමිනි.

👉 මේ දෘෂ්ටිය වර්තමාන ෆේස්බුක් නිරාගමිකයන් තුළ පමණක් පැවති එකක් නොවේ. මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි විද්වතුන් පවා බුදුන්ට පහන් දල්වන මුදල්වලින් දැවෙනා මිනිසුන් සුවපත් කළ යුතු ආකාරය ගැන ගීත ලියා ඒවා නන්දා මාලනීලා ඒවා ගායනා කළ බව අප මෙහිදී අමතක කළ යුතු නැත.

👉 දුප්පත්කමට එකම හේතුව රටේ පොහොසතුන් සිටීම යැයි සිතන බොහෝ දෙනාද ලංකාවේ තවමත් ජීවත් වෙති.

👉 එසේ සිතන අයම සුදු හම ඇති රටවල පොහොසත්කම ගැන අගය කිරීමේදී එම රටවල් පොහොසත් වූයේ ලෝකයේ බොහෝ රටවල් දුප්පත්භාවයට ඇද දමමින් බව හිතාමතාම අමතක කරති.

👉 ලෝකයේ කිසිදු තැනක කිසිදු ප්‍රායෝගික වලංගු භාවයක් නැති මේ මතවාද අපේ සමාජයේ මහා මැජික් බවට පත්වන්නේ අපේ දේශපාලන දැක්ම තුළ ඇති අඩුදියුණු භාවය නිසාමය.

👉 දුප්පත්කම යනු ලෝකයේ දියුණු රටවල සිට බොහෝ තැන්වල අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන ප්‍රශ්නයකි.

👉 රටක ඇති නැති පරතරය ඉහළ නංවන විෂම ආර්ථික ප්‍රතිපත්ති නිසාද දුප්පත්කම ඉහළ යා හැකි නමුත් දුප්පත්කමට එකම හේතුව පොහොසතුන් රටක සිටීම නොවේ.

👉 දුප්පත්කම මැඩලීම යනු විධිමත් ආර්ථික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස උදාකරගත යුතු ජයග්‍රහණයක් වන අතර, එය හැඟීම්බර කවි කල්පනා මඟින් හෝ සමාජ වෛරය මගින් කළ හැක්කක්ද නොවේ.

👉 දුප්පත්කම මැඩලීම අතින් ලෝකයේ දැවැන්තම ජයග්‍රහණ අත්කරගෙන සිටින චීනය හා මෑතකදී එහි වැදගත් ඉලක්කවලට ළගාවූ ඉන්දියාව වැනි රටවල් ඒ සම්බන්ධව අනුගමනය කළ ක්‍රියාමාර්ග මෙහිදී අපගේ අවධානයට නතු වීම වැදගත්ය.

👉 අප ඇත්තෙන්ම කළ යුත්තේ ස්වාධීනව නැගී සිටින රටවල් ඒ සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග දෙස බැලීම මිස ලංකාවේ බොහෝ දෙනා කරන පරිදි ලෝකයේ අනෙක් රටවල් සූරාකමින් ධනවත් වූ රටවල් දෙස බලමින් ලංකාවට බැනවැදීම නොවේ.

👉 අද ලංකාවේ බොහෝ ජනතා අපේක්ෂා සහිතව නව රජයක් බලයට පත්වී තිබේ.

👉 ඔවුන්ට සාර්ථකව තම ඉලක්ක කරා යාමට නම් විධිමත් ආර්ථික ක්‍රියාමාර්ගවලට අමතරව, දුප්පත්කම පිළිබඳ මෙරට ජනයාගේ පසුගාමී ආකල්ප සමගද සටන් කිරීමට සිදුවීම අනිවාර්ය සාධකයකි.

31/12/2023
28/12/2023
25/12/2023

2.1M likes, 14.5K comments. “Merry Christmas. Hope things are going all right with you.”

25/12/2023
24/12/2023

Address

Makola
11618

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94767362762

Website

Alerts

Be the first to know and let us send you an email when Copier Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Copier Solutions:

Share