Mathale.lk

Mathale.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mathale.lk, Business service, Kings Street, Matale Town.

16/11/2022

සංඝයා තුළින් සසුන දකින්න දගලන්න එපා...
සසුන තුලින් සංඝයා දකින්න ..!
එවිට බොහෝ ගැටලු විසදේවි...

09/06/2020
08/06/2020

වාහනයක් ගන්න මමත් ආසාවෙන් ඉන්නව.වැගන් ආර් එකකට තමයි මගෙත් ආසාව.ඉතින් ඔන්න මට හදිස්සියෙම හම්බවුණා ප්‍රවීන ආර්ථිකවිද්‍යා දේශක අමරනාත් බටගොඩ මහත්මයා 2019 මාර්තු 17 ඉරිදා ගුරු පුවත්පතට (අධ්‍යාපනික පුවත්පතක් විය යුතුයි) ලියූ ලිපියක්..
================

ලංකාවේ ජනගහනය ලක්ෂ 215යි.
ඒ හැමෝටම කාර් ගන්න බැරිනිසා චන්දෙන් 225ක් තෝරලා එයාට කාර් අරන්දෙමු.. 😊

හොඳයි නේද යෝජනාව...?

මේ දවස්වල කට්ටියම කාර් ගැන කතාව.අය වැයෙන් මේ පාරත් කාර් වල ටැක්ස් එක වැඩිකරලා.. ආණ්ඩුව බොහොම කරුණාවෙන් ජනතාවගෙන් ඉල්ලන්නෙ කාර් ගන්න එක නවත්වන්න කියලා..මොකද එයාලා හිතනවා අපිට කාර් ඕන නැහැ කියලා.. මේක බොහොම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් විදියට තමයි මම දකින්නෙ.. රජය මිනිස්සු එක්ක ඉන්නෙ කේන්තියෙන්.තරහින්,වෛරයකින්, ඒකනෙ මෙහෙම කරන්නෙ..පුංචි මිනිහෙක් කාර් එකක යන එක රජයෙ මැතිඇමතිවරුන්ට දරාගන්න අමාරුයි...
මම කතාකළා මගේ මිත්‍රයා - සහෝදරයා සුරාජ් ට.ඔහු දැන් කාලයක සිට ලංකාවට කාර් ගෙන්වනවා ජපානයෙන්.අතීතයේ සෑහෙන කාලයක් ජපානයේ ගතකරලා දැන් ලංකාවට ඇවිත් විවිධ වර්ගයේ කාර් ජපානයෙන් ගෙන්වලා අලෙවිකරනවා.
ඔහු කියන කතාව මෙන්න සරළව.

Wagon R

වැගන් ආර් කාරයක ජපානයේ මිල ලක්ෂ 20
ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 15
බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක මිල ලක්ෂ 36.5

Toyota Premio

ටොයොටා ප්‍රීමියෝ එකක ජපානයේ මිල ලක්ෂ 40
ලංකාවට ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
ල්ංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 56
බ්‍රෑන්ඩ් නිව් ප්‍රීමියෝ එකක ලංකාවේ මිල ලක්ෂ 97.5

පේනවා නේද තත්වය...ජපන් ජාතිකයෙක් ඔහුගෙ රටේදි ලක්ෂ 20ට ගන්න වැගන් ආර් එකක් අපේ රටේදි ලාංකිකයෙක් මිලදී ගන්නෙ ලක්ශ 37කට විතර.ප්‍රීමියෝ එකක් එහෙ ලක්ෂ 40යි.මෙහෙ 98යි.නොදන්න මනුස්සයෙක් හිතන්න පුලුවන් ලංකාව මාර දියුණු රටක් කියල..මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙනව කියල.

මේ රටවල් දෙකේ 2016 දි ඒක පුද්ගල ආදායම ඇ.ඩො වලින්..

ජපානය - 39983
ලංකාව - 3835

ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු ගැන කියන්න තියෙන්නෙ පව් කියල තමයි.අපිට වැඩිය දහ ගුණයකින් ආදායම වැඩි ජපන් ජාතිකයෙක් මිලදී ගන්න කාර් එකකට අපි එයා වගේ දෙගුණයක් ගෙවනව.

මේකට මොකක්ද ආණ්ඩුව ගේන තර්කය...
පාරේ වාහන වැඩියි.ට්‍රැෆික් වැඩියි.කොළඹ සමහර පාරවල්වල වේගය පැයට කි.මී 6යි.අනතුරු වැඩියි.
මේවා සේරම බොරු තර්ක.. වාහන වැඩිද නැත්තන් පාරවල් අඩු ද..?

තවත් අතකින් ආණ්ඩුව විශ්වාස කරනවා මිනිසුන්ට කාර් ඕන නෑහැ කියල.උසස්පෙළ පාස් වෙලා කැම්පස් යන්න කොළඹ ආව මුල්කාලෙ මගෙ වැඩේ පාරෙ යන කාර් දිහා බල බල ඉන්න එක.මගෙ ලොකුම ආසාව වුණේ ජොබ් එකක් කරලා පුලුවන් ඉක්මනට කාර් එකක් ගන්න එක...
මේක මගෙ විතරක් නෙමෙයි.සාමාන්‍යයෙන් සෑම තරුණ තරුණියකගෙම සෑම මනුස්සයෙක්ගෙම ආසාව.ඒක රටක භෞතික සංවර්ධනය මනිනු ලබන එක මිනුමක්..
සංවර්ධන නිර්ණායකයක්...

සංවර්ධිත රටක කාර් එකක් ගනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි.මාස දෙකක තුනක පඩි සල්ලි එකතුකරාම පාවිච්චි කරපු සාමාන්‍ය තත්වයේ පවතින කාර් එකක් ගන්න පුලුවන්.සමහර තරුණ තරුණියන් තම මුල්ම වැටුපෙන් කාර් එකක් අරගෙන ගෙදර එන්න පුලුවන්.ඒ රටවල ආණ්ඩුව ඒකට වෛර කරන්නෙවත් ඊර්ෂ්‍යා කරන්නෙවත් නෑ.හැබැයි ඒ කාර් එක පාරට එන්න තියෙන ඉඩ ආණ්ඩුව අඩුකරනව.ඒ කියන්නෙ පොදු ප්‍රවාහන සේවාවන් ඉතාම ඉහල මට්ටමකින් ක්‍රියාත්මක කරවමින් මිනිසුන්ට කාර් ගෙදර තියල පාරට බහින්න පොළඹවනව.එතකොට ට්‍රැෆික් අඩුයි.මිනිස්සු කෝච්චියෙ බස් එකේ වැඩට ගිහින් ගෙදර එනව.කාර් එක ගන්නෙ නිවාඩු දවසට ඇවිදින්න යන්න..

වැගන් ආර් එක තමයි ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ වාහනේ.දැන් ඒකත් ලක්ෂ 37ක් විතර.ඔබගෙ වයස දැන් අවුරුඩු 20ක් කියල හිතන්න.රැකියාවක් කරලා ලක්ෂ 37ක් හම්බකරන්න ඔබට කොයිතරම් විතර කාලයක් යයිද..?හිතාගන්න අමාරුයි නේද.? මෙහෙම ගියොත් සමහරුන්ට කාර් එකක කියලා යන්න වෙන්නෙ හර්ස් එකක විතරයි.

රසවත්ම දේ ඕක නෙමෙයි.වැගන් ආර් නිපදවන සුසුකි සමාගම එක කාර් එකකින් උපයන ලාභය කොපමනද කියන එකයි.ජපානයෙදි කාර් එක
ලක්ෂ 20යිනෙ.අපි හිතමු ආයතනය උපයන ලාභය එයින් භාගයක් ඒකියන්නෙ ලක්ෂ 10ක් කියල.අපේ ආණ්ඩුව ඒකට ගහන බද්ද ලක්ෂ 15යි.

කාර් හදන සමාගමට වැඩිය ලංකාවෙ රජයට කාර් එකකින් ලාබයි.. 😲

ටොයොටා ප්‍රීමියෝ එකක් ජපානයේ ලක්ෂ 40යි.එකකින් සමාගම ලබන ලාභය ලක්ෂ 20ක් කියමු.අපේ ආණ්ඩුව ප්‍රීමියෝ එකකට ගහන බද්ද ලක්ෂ 56යි.රජයේ ලාභය සමාගමේ ලාභය වගේ තුන්ගුණයකින් වැඩියි.😲😲
මුදල් ඇමතිවරයෙකුට එතකොට කාර් එකක් පේන්නෙ කටට කෙළ උණන උණු මස් කෑල්ලක් වගේ වෙන්න ඕන.. 😅

සුසුකි සමාගම, ටොයොටා සමාගම සේවකයන් දස දහස් ගණනකට රැකියා සපයා දී පවුල් දහස් ගණනක් ජීවත් කරවා, කාර් වලට ආස කරන පාරිභෝගිකයන්ට අලුත් සුව පහසු මෝටර් රථ නිර්මාණය කර දී මිනිසුන්ගේ අභිලාෂයන් සපුරාලන විට ලංකාවේ රජය මිනිසුන්ගේ ඔලුවලට බදු නැමති පොල්ලකින් තඩි බා සිහි නැතිකර ඇමතිවරුන්ගේ අභිලාෂයන් සපුරාගෙන අධි සුඛෝපභෝගී මෝටර් රථවලින් ඉගිල යනව..

දේශපාලන විද්‍යාව උගන්වන මගේ මිත්‍ර ජානකගෙන් මම ඇහුවා ජනතා නියෝජිතයකුගෙ කාර්‍යභාරය මොකක්ද කියල..ඔහු කියන විදියට නම්, එය, ජනතා අභිලාෂයන් නියෝජනය වන ආකාරයටත්, ඒවා සම්පූර්ණ වන ආකාරයටත් රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන එකයි. ඔහුගේ අදහසට අනුව රටේ සියලු දෙනාට ප්‍රතිපත්ති හදන්න දායක වෙන්න බැහැ.ඒක ප්‍රායෝගික නැහැනෙ.ඒ නිසා තමයි ලක්ෂ 215ක ජනතාව අතරින් නියෝජිතයන් 225ක් තෝරාගන්නෙ.ඒ 225දෙනාට පුලුවන් ජනතා හැඟීම් නියෝජනය කරමින් ප්‍රතිපත්ති හදලා ජනතා අභිලාෂයන් සම්පූර්ණ කරන්න...

හැබැයි මගේ අදහස මේකයි,

"ලක්ෂ 215කට කාර් අරන්දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා කාර් අරන් දෙනවා."

"ලක්ෂ 215ටම නිවාස දෙන්න බැරි නිසා අපි 225ක් තෝරලා සුඛෝපභෝගී නිවාස ලබාදෙනව."

ලක්ෂ 215කටම විදේශ සංචාර දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා විදේශ සංචාර දෙනවා."

"ලක්ෂ 215ම ධනවතුන් කරන්න බැරිනිසා අපි 225ක් තෝරලා ඔවුන් ධනවතුන් කරනවා."

🤣🤣🤣🤣

පව් නේද මිනිස්සු..😢
- උපුටා ගැනීමකි

මීට සුළු මොහොතකට පෙර මාතලේදි, ලොරියකට අධිබලැති විදුලි රැහැන් සමඟ ගසක් කඩා වැටී විදුලිසැර වැදීම හේතුවෙන් දෙදෙනෙක් එම ස්තා...
06/06/2020

මීට සුළු මොහොතකට පෙර මාතලේදි, ලොරියකට අධිබලැති විදුලි රැහැන් සමඟ ගසක් කඩා වැටී විදුලිසැර වැදීම හේතුවෙන් දෙදෙනෙක් එම ස්තානයේම මිය ගොස් ඇත.

20/01/2020

රජයේ රැකියා ලක්ෂයේ වැඩසටහන
සඳහා බදවා ගැනීමට අයදුම්පත් කැදවයි
=================================

රට හදන සෞභාග්‍යයේ දැක්ම ඔබට රටක්-රටට හෙටක් තේමා කරගනිමින් බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුර සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැදවයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව "දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීම ප්‍රධාන සංකල්පය කරගනිමින් මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.ඒ සඳහා වන එක් තිරසාර ප්‍රධාන උපාය මාර්ගයක් වශයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල සිටින,අවම අධ්‍යාපන සුදුසුකම් සහිත සාමාජිකයන්ට,විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දීමෙන් පසුව රජයේ රැකියා ලබා දීම⁣ට ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමුව තිබේ.මෙම රැකියා ලබා දීමෙන් ඔවුන් ස්ථීර ආදායම් ලබන්නන් බවට පත් කර එම පවුල් දිළිඳුබවින් මුදවා ගැනීම සහ ශ්‍රම බලකායේ නිපුණතා තුළින් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමේ කාර්යයට සඵලදායී ලෙස දායක කර ගැනීම සඳහා රැකියා ලක්ෂයක් ලබා දීම පිණිස බදවා ගැනීමේ කටයුතු අද (20) දින සිට ආරම්භ කෙරේ.

මේ සඳහා පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්තමේන්තුව මගින් විධිමත් ක්‍රමවේදයකට හඳුනාගන්නා රැකියා ලාභින්ට මාස හයක(06) ක පුහුණුවක් ලබාදේ.

1.සුදුසුකම්

අ.අ⁣.පො.ස (සා/පෙළ) සමත්වීමේ මට්ටසට වඩා පහළ මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් සහිතවීම(අධ්‍යාපන සුදුසුකම් අවම අයදුම්කරුවන්ට ප්‍රමුඛතා දෙනු ලැබේ)

ආ.අයදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා 40ට නොවැඩිවීම(වයස අවුරුදු 35ට අඩු අයදුම්කරුවන්ට ඉහළ ප්‍රමුඛතාව ලැබෙන අතර වයස අවුරුදු 30-40 අතර අයදුම්කරුවන්ට ඊළඟ ප්‍රමුඛතාවය හිමිවේ)

ඇ.සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා විරහිත සාමාජිකයකුවීම හෝ

ඉ.වයස්ගත,රෝගාතුර දෙමව්පියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියාවක් නොමැති සාමාජිකයකුවීම

ඊ.අයදුම්කරන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වීම

2.පුහුණුව සඳහා තෝරා ගැනීම

2.1 එක් පවුලකින් ඉහත අංක 1හි සුදුසුකම් සපුරා ඇති ඉල්ලුම්කරුවකු ගැන පමණක් සලකා බලනු ලැබේ

2.2 අයදුම්කරුවන් පදිංචි ගම ආශ්‍රිත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයදුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත්‍ර සියල්ලම සැලකිල්ලට ගෙන අදාල වෘත්තීය පුහුණුව සිදුකරනු ලැබේ.

2.3තමා පදිංචි ප්‍රදේශය තුළ හෝ ආසන්න ප්‍රදේශවල පුහුණු මධ්‍යස්ථානවල දී මෙම පුහුණුව සිදුකරනු ලැබේ

2.4.සාර්ථක පුහුණුවකින් පසු ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශවල රැකියාවල නිරත කරනු ලැබේ

වැටුප් හා දීමනා

මාස 06 ක අඛණ්ඩ පුහුණු කාලය තුළ මසකට රුපියල් 22500 ක දීමනාවක් ගෙවනු ලැබේ.සාර්ථකව පුහුණුව නිම කිරීමෙන් පසු තමා පුහුණුව ලැබූ ක්ෂේත්‍රයට අදාලව තමාගේ ස්ථිර පදිංචි ප්‍රදේශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නෙවෙන (PL 1) වැටුප් සහ දීමනා හිමි රජයේ ස්ථීර තනතුරකට පත්වීමට පුහුණුලාභින්ට අවස්ථාව ලැබේ.වසර 10ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසු රජයේ විශ්‍රාම වැටුපට හිමිකම් ලැබේ.

4.පුහුණුව සඳහා අදාල ක්ෂේත්‍ර

1.කෘෂි නිශ්පාදන සහයක
2.සාත්තු සේවා,පවිත්‍රතා සේවා සහයක
3.ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සහයක
4.ආපදා කළමනාකරණ සහයක
5.පරිසර කළමනාකරණ සහයක
6.අළෙවි සේවා සහයක
7.ප්‍රවාහන කටයුතු සහයක
8.පරිගනක,තොරතුරු තාක්ෂණ,දුරකථන ක්‍රියාකරු හා සන්නිවේදන සහයක
9.මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සහායක
10.අරක්කැමි,භෝජනාගාර සේවක හා බොජුන්හල සහයක
11.තරු පංතියේ සංචාරක හෝටල් බංගලා සහයක සහ උද්‍යාන අලංකරණ සහයක
12.ක්‍රීඩා ආයතන කායවර්ධන මධ්‍යස්ථාන සහයක,ක්‍රිඩාංගන,පිහිටුම් තටාක සහයක සහ ජීවිතාරක්ෂක සහයක
13.වඩු කාර්මික හා වඩු සහයක
14.ඇඳුම් මැසීම
15.පෙදරේරු හා පෙදරේරු සහයක
16.රූපලාවණ්‍ය මධ්‍යස්ථාන සහයක
17.විදුලි කාර්මික හා විදුලි කාර්මික සහයක සේවා
18.රියදුරු සහ රියදුරු සහයක
19.සත්ත්ව පාලනය හා ධීවර කටයුතු සහයක
20.ඉන්ධන පිරවුම්හල් හා රථවාහන පිරිසිදු කිරීමේ සහයක
21.දැල් හා ධීවර ආම්පන්න අලුත්වැඩියා සහායක
22.අවි රහිත ආරක්ෂක නියාමක
23.පූර්ව ළමා විය සංවර්ධන සහායක
24.වෑද්දුම්කරු සහයක සහ ජල නල කාර්මික
25.ගෘහ පාලන,සුභසාධන සහ නඩත්තු

අයදුම්පත්
මෙම දැන්වීමේ සඳහන් අයදුම්පත් ආකෘතියට අනුව සකස් කරන ලද අයදුම්පත් ඔබට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත හැක.සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2020.02.15⁣ට පෙර ඔබ පදිංචි වසමේ ග්‍රාම නිලධාරි වෙත භාර දිය යුතුය.

උ.ගැ.

11/01/2020
මහාවංශයේ දැක්වෙන පරිදි, ක්‍රි. ව. 459 – 477 කාලයේ රජ කල ධාතුසේන රජතුමා විසින් අවුකන ප්‍රතිමාව නිමවා තිබේ.  ධාතුසේන රජතුම...
30/10/2019

මහාවංශයේ දැක්වෙන පරිදි, ක්‍රි. ව. 459 – 477 කාලයේ රජ කල ධාතුසේන රජතුමා විසින් අවුකන ප්‍රතිමාව නිමවා තිබේ. ධාතුසේන රජතුමාගේ විශිෂ්ඨතම නිර්මාණයක් වූ කළා වැවට බටහිරින් අවුකන ප්‍රතිමාව පිහිටා ඇත. මෙය නිමවූ ගල්වඩුවා “බරණ” නැමැත්තෙකු බවත්, ඔවුනට ගල්වඩු ශිල්පය ඉගැන්වීමට අවකන් දේශයෙන් ශිල්පියෙකු පැමිණි බවත්, එහෙයින් මෙම ප්‍රතිමාව “අවුකන” ලෙස ප්‍රසිද්ධ වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. බරණගේ දක්ෂතාවය ගැන පැහැදුණු ධාතුසේන රජතුමා, ඔහුට ගම්වරයක් තෑගි දී තිබෙන අතර එය “ ගල්වඩුවාගම ” නමින් අදත් දක්නට ඇත. අවුකන පිළිම වහන්සේ නෙළීම සම්බන්ධයෙන් නොයෙකුත් පුරාවෘත ඉතිහාසයේ සඳහන් වෙන අතර, ඉන් වඩාත් ප්‍රචලිත වන්නේ, ගුරු – ගෝල තරඟයක ප්‍රතිඵලයක් ලෙස “අවුකන” නිර්මාණය වූ බවයි.

සුවිශේෂී විස්තර
ලොව සුපතල අවුකන පිළිමය පිහිටි කළු ගලක නිර්මාණය කරන ලද හිටි පිළිමයකි. මෙම ප්‍රතිම වහන්සේ උසින් අඩි 38 අඟල් 10 කි. සිරස් පත සමඟ උස අඩි 42 අඟල් 6 කි. පිළිමය පාමුල අලංකාර පද්මාසනයක් අති අතර, පද්මාසනයේ සිට සිරස් පතට ඇති මුළු උස අඩි 46 අඟල් 4 ක් ලෙස ගණන් බලා ඇත. මේ සුවිසල් ප්‍රතිමාවේ ඇති සුවිශේෂ ලක්ෂණයක් නම්, එහි සිරසට වැටෙන ජලය නාසය දිගේ ගලාගෙන විත් පහළ සිරිපතුල් දෙක අතර මැද ඇති සළකුණක් මතට වැටීමයි. මෙයින් පෙනී යන්නේ, මේසා විශාල ශෛලමය ප්‍රතිමාවක් වුවද එය ලම්බකව, සමබරව, සෘජු ලෙස නෙලීමට තරම් බරණ ගල් වඩුවා සමත් වී ඇති බවයි. එය, හෙළ කලා කරුවාගේ විශ්මිත කලා කුශලතාවය මැනවින් ලොවට කියාපාන කදිම සාධකයකි.

කිසියම් කලා නිර්මාණයක් ජනතාවගේ වින්දනයට නොගැලපේ නම්, එය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇත. එනිසා ඒ සඳහා යොදා ගන්නා අංගෝපාංග නියමාකාරයෙන්ම යෙදිය යුතුය. මේ හේතුව නිසා පුරාණයේ සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් බුද්ධ ප්‍රතිමාව උසස් තැනක් ගන්නා ලදී. එහිදී පුජනීයත්වය මෙන්ම සුන්දරත්වයද එකට කැටි කර ඇති අයුරු අවුකන ප්‍රතිමා වහන්සේ තුළින් විද්‍යාමාන වේ.

දෙතිස්මහාපුරුෂ ලක්ෂණ
ප්‍රතිමාවක් තුළින් එම පුද්ගලයාගේ බාහිර ස්වරුපය පමණක් නොව ආධ්‍යාත්මික ස්වරුපයද නිරුපනය කල යුතුය. සාමාන්‍ය මනුෂ්‍යයකු නොවන බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණ කෙසේනම් ප්‍රතිමාවක නිරුපනය කරන්නද? මෙහිදී බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණ සංකේතවත් කරන දෙතිස්මහා පුරුෂ ලක්ෂණ විදහා දැක්විය යුතුය. මෙයින්, බාහිරව දැකිය හැකි මහා පුරුෂ ලක්ෂණ පහළොවක් පමණ අවුකන ප්‍රතිමාව තුළ දැකිය හැකිය.

ඒවා නම්, සුපුහුටි පාද, දික් විලුඹ, දික් ඇඟිලි, දැල් කවුළුවක් බඳු අත්-පා, මත්තෙහි ගොප් ඇටය, ඕලු මුවන්ගේ බඳු කෙණ්ඩා, සෘජුව තිබෙන්නාවූ ගාත්‍රා, පිරි තිබෙන්නාවූ දෙඅතුල් / දෙපතුල් / දෙඅස්න්කූඨ පිටිකර ඇති බව / සිංහයෙකුට බඳු වූ ඌර්වකාය / පිට රන් ඔරුවක් වැනි අන්තාරාංගයක් ඇති බව / රන් බෙරයක් සේ සමව වටවූ ග්‍රීවා ඇති බව / සිංහයකු සේ සමව වටව සිටිනාවූ හනුභාග ඇති බව / ඌර්ණ රෝම ධාතුව / උණහිස්සිස ලක්ෂණ සහ දීර්ඝ වූ අත් ඇති බව වේ.

මිට අමතරව තවත් වැදගත් ලක්ෂණ කිහිපයක් අවුකන ප්‍රතිමා වහන්සේගේ දක්නට ලැබේ. සිරුරේ බර දෙපා වලට සමසේ බෙදී යනසේ අවුකන පිළිමය සමංගභාග ක්‍රමයට ඉඳි කර ඇත. වම හස්තය උරහිස මට්ටමට ඔසවාගෙන සිටින අයුරින් නිර්මාණය කර අති මුද්‍රාව “ කටක”මුද්‍රාව වන අතර, අකුණු හිතන් “අභය” මුද්‍රාව නිරූපනය වේ.

බුදු පිළිම නෙලීම කවදා කොතන දී ආරම්භ වුයේදැයි නිශ්චිතව කිව නොහැක. බෞද්ධ සහිත්‍යය හා පුරා විද්‍යාව ට අනුව ක්‍රි.පූ. පළමු හෝ දෙවන සියවස් වලදී බුද්ධ ප්‍රතිමා නෙලීම ආරම්භ වී ඇත. එහෙත් මේ කාලයේ ප්‍රතිමා නෙලූ ශිල්පින් බුදුන් වහන්සේ සියසින් දැක තිබුනා විය නොහැක. එසේනම් මොවුන් බුද්ධ ප්‍රතිමා නෙළුවේ බුදුගුණ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදිය සිහිපත් කරගෙන විය යුතුය. කරුණු එසේ වී නම්, හෙළ කලා කරුවාගේ පරිකල්පනයේ අපුර්වත්වය පෙන්වන කදිම නිදසුනක් ලෙස අවුකන සහ රැස් වෙහෙර බුද්ධ ප්‍රතිමා දැක්විය හැකිය.

පිළිම ඉතිහාසය පිලිබඳ කතා

රැස් වෙහෙර ප්‍රතිමාව, සැස්සේරුව නමින්ද හඳුන්වන අතර අවුකන ප්‍රතිමාවට කිලෝමීටර 16 දුරින් පිහිටා ඇත. මේ පිළිම දෙක නිර්මාණය වීම සම්බන්ධයෙන් අපූර්ව කතාන්දර රැසක් ජනප්‍රවාදයේ ඇත. මේවා අතරින් වඩාත් ප්‍රචලිත එකක් වන්නේ, මෙකී පිලිම යුගලෙහි නිර්මාණකරුවන් දෙදෙනා ගුරා සහ ගෝලයා බවත්, ගුරා ‍රැස් වෙහෙර පිලිමයත්, ගෝලයා අවුකන පිලිමයත් නෙලීම ආරම්භ කර ඇති බවත් වේ. පලමුව පිලිමය නිමවන තැනැත්තා, “හූවක්” තැබීම මගින් අනෙකාට ඒ බව සැලකල යුතුවිය. කෙසේ උවත් ‍රැස් වෙහෙර පිලිමය නෙලමින් සිටි ගුරාට තම ගෝලයාගේ “හූ” හඩ ඇසීමෙන් තමා පරාජයට පත්වූ බව හැගී, එම සිත් තැවුලෙන්ම පිලිමය නෙලමින් සිටි පර්වතයෙන්ම පැන සියදිවි නසා ගත් බවත්ය.

ඒ කෙසේ වෙතත්, අවුකන ප්‍රතිමාවට වඩා බෙහෙවින් ප්‍රාථමික ලක්ෂණ රැස් වෙහෙර ප්‍රතිමාවේ දක්නට ලැබේ. අනෙක් අතට රැස් වෙහෙර හෙවත් සැස්සේරුව ප්‍රතිමාව වැඩ අවසන් කර නොමැත. එය අදත් දක්නට හැක්කේ ඒ අයුරින්මය.

අවුකන පිළිමය, පිහිටි ගල මතුකරමින් නිර්මාණය කර අති අතර, රැස් වෙහෙර පිළිමය, පිහිටි ගල හාරා ඒ තුළ නෙලා ඇත. රැස් වෙහෙර ප්‍රතිමාවේ බොහෝ ලක්ෂණ බාමියන් බුද්ධ ප්‍රතිමාවන්ට සමාන වේ. මේ නිසා රැස් වෙහෙර නිර්මාණය කල ගල් වඩුවා, එදා අවකන් දේශය නමින් හැඳින්වුණු බාමියන් රට හෙවත් ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි කෙනෙකු විය හැකි බව ඉතිහාඥයෝ පවසති.

එසේ වුවත් මේ පිළිම දෙකම අපේ රටේ ඉතා වැදගත් ප්‍රතිමා දෙකක් ලෙස බොදු ජනතාවගේ වන්දනා මනයටත්, බුහුමනටත් නිතැතින්ම පාත්‍ර වේ. ඔබත් මේ පිළිමවහන්සේලා දෙඇසින්ම දැකගෙන තියෙනවාද? නැතිනම් හැකි වෙලාවක ගිහින් බලාගන්න, ලංකාවේ ආදී කාලයේ සිටි අනර්ඝ ශිල්පීන්ගේ වැඩ දැන් මුළු ලොවම පුදුමයට පත්කරද්දී ලංකාවේ අපිටත් පොඩි ආඩම්බරයක් දැනෙන එක ගැන නම් පුදුම වෙන්න දෙයක් නෑ නේද?

තොරතුරු : අවුකන බුදු පිළිමය සග එහි නොදුටු පැත්ත. – අබේරත්න අතුකෝරල, සිංහල මහා වංශය,

#උපුටාගැනීමකි.

Address

Kings Street
Matale Town
21000

Website

Alerts

Be the first to know and let us send you an email when Mathale.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share